Wednesday, July 15, 2026

නීල් ක්වින්ටස් ඩයස් - අනාගතය දුටු රාජ්‍ය නිලධාරියා



නීල් ක්වින්ටස් ඩයස් (එන්.කිව්. ඩයස් ) යනු 1960 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි බලගතුම රාජ්‍ය නිලධාරියෙකි. ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය සමයේ රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා ලෙස කටයුතු කළේය.  එන්.කිව්. ඩයස්    ශ්‍රී ලංකා සිවිල් සේවයේ (CCS) ප්‍රබලයෙකු  විය.  නිදහසින් පසු ලංකාවේ සිටි අනාගතය දැකිය හැකි කාර්‍යක්‍ෂම නිලධාරියා මෙන්ම උපදේශකවරයා ඔහු විය හැක​.  දෙමල බෙදුම්වාදීන් විසින් යුද්ධයක් දියත් කරන බවට 1961 වැනි කාලයකදී අනාගතය දැකීමේ දූරදර්ශී භාවයක් නීල් ක්වින්ටස් ඩයස්ට තිබුනේය​. මී ළඟ වසර 25 තුළදී දෙමල කැරැළිකාරිත්වය සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය විය හැකි බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් විය. එයට මුහුණ දීම සඳහා රජය දැන් සිටම සුදානම් විය යුතු යැයි ඔහුගේ අදහස විය. ( මූලාශ්‍රය ; නෙවිල් ජයවීර​) ඩයස්ගේ උපායමාර්ගික සැලසුමේ කේඳ්‍රිය කොටස වූයේ අනාගත දෙමළ විප්ලවය මැඩ පැවැත්වීම සඳහා උතුරු ප්‍රදේශය වටලා එනම් මන්නාරම් දිස්ත්‍රික්කයේ අරිප්පු, මරිච්චිකට්ටි, පලෙයි සහ තල්වාපඩු යන ප්‍රදේශ වල ද යාපනය දිස්ත්‍රික්කයේ පුනරීන් හරහා කරෙයිනගර්, පලාලි, පේදුරු තුඩුව සහ අලිමංකඩ ද, වවුනියා දිස්ත්‍රික්කයේ මුලතිවු වලදනැගෙනහිර ත්‍රිකුණාමලයේ ද හමුදා කඳවුරු වළල්ලක් ඇති කිරීමය. මන්නාරමේ පලෙයි සහ යාපනයේ පලාලිවල හමුදා කඳවුරු /  කරෙයිනගර්හි නාවික  කඳවුර  ගුණාත්මකව සහ සංඛ්‍යාත්මකව වර්ධනය කිරීම ඔහුගේ අරමුණ විය. ''යම් දිනෙක ඉන්දියාව විසින් දෙමළ නැගිටීමකට ඉන්ධන සපයනු ඇති බවත් කැරැලිකරුවන්ගේ නීතිවිරෝධී අවි ජාවාරමේ ප්‍රභවය වනු ඇත්තේ තමිල්නාඩුව වන බවත්  විශ්වාස කළේය. ඔහු නාවික හමුදාවට  PT බෝට්ටු  අවශ්‍ය බව කීවේය​.  ඔහු 1962 හමුදා කුමන්ත්‍රණය වැළැක්වීමට කටයුතු කලේය​. සිංහ රෙජිමේන්තුව  සහ "ගැමුණු හේවා බලකාය"  පිහිටුවීමට මූලිකත්වය ගත්තේය.  

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook