Sunday, September 16, 2018

වෛද්‍ය එරික් ස්මඩ්ජා මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර සහ ලැකාන්


පසුගිය සතියේ පැරීසියේදී මට ප්‍රන්ස මනෝ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විශ්ලේෂකයෙකු වන වෛද්‍ය එරික් ස්මඩ්ජා හමු විය​. මනෝ වෛද්‍යවරයෙකු වීම සඳහා මනෝ විශ්ලේෂණය පිලිබඳ දැණුම අනිවාර්‍ය වෙයි. එහෙත් ලංකාවේ මනෝ වෛද්‍යවරු බහුතරයට මනෝ විශ්ලේෂණය පිලිබඳ දැණුමක් නැත​. දීප්ති කුමාර ගුණරත්න වරක් කීවේ ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ට මනෝ විශ්ලේෂණය පිලිබඳ තිබෙන්නේ මොන්ටිසෝරි දැණුමක් බවයි. එය වෙනම සාකච්ඡාකල යුතු බැරෑරුම් මාතෘකාවකි. 

කෙසේ නමුත් වෛද්‍ය එරික්  සමග සංවාදයේදී අප මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර ගැන කතා කලෙමු. ඔහුට ගනනාථ ඔබේසේකර ගේ නිර්මාණය ගැන දැණුමක් ඇත . මේ වන  විට මා ඔහුගේ සගයෙකු වන  ප්‍රන්ස මනෝ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විශ්ලේෂකයෙකු වන ලෝරන්ට් කරීලා සමග පරියේෂණ පත්‍රිකාවක් පළ කොට තිබේ. වෛද්‍ය එරික් ස්මඩ්ජා  මා සමග ඊඩිපස් සංකීර්ණය සහ සිංහබාහු පුරාණෝක්ති කතාව පිලිබඳ පරියේෂණ ලිපියක් ලිවීමට එකඟතාව පළ කලේය​.  

අපගේ සංවාදයේදී වෛද්‍ය එරික් ස්මඩ්ජා මට තවත් කරුණක් හෙලි කලේය​. එනම් සුප්‍රකට ප්‍රන්ස මනෝ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විශ්ලේෂකයෙකු වූ  ලැකාන් ගේ අඳුරු පාර්ශවය ගැන මා සමග කීවේය​. රෝගීන් සඳහා ප්‍රතිකාරයේදී ලැකාන් ඇතැම් විට අතිගාමීව ක්‍රියා කල බව වෛද්‍ය එරික් ස්මඩ්ජා පවසයි. සමහරක් විට රෝගීන් ගේ මානසික විඳවීමට ලැකාන්  ස්වපීඩාකාමී තත්වාරෝපණයක් දී තිබේ. තවද ලැකාන් ඉන්දියානු ගුරු කෙනෙකු මෙන් තමන්ව වන්දනා කරන ගුරු කුලයක් බිහි කල බව ඔහු පෙන්වා දෙයි. කෙසේ නමුත් ඉදිරි කාලයේ ලැකාන් පිලිබඳව විවේචනාත්මක කෘති කීපයක් පිටවීමට නියමිතය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Monday, September 10, 2018

අභිරූපිකාවගේ මන්දිරය

 






















අඳුරු වනාන්තරයේ සෙවනැලි අතරින් 
 පා සටහන් නොමැති පාළුව ගිය මාර්ගයේ
හති වැටෙන තෙක් ඇවිද ගෙන ගිය  විඩාපත් සෙබලෙකු
අවසානයේදී ගරා වැටුණු මන්දිරයක් දුටුවේය 

ද්වාරය වෙත අසීරුවෙන් ගිය ඔහු එහි සීනුව හැඞවීය
බොහෝ වේලාවක් සීනුව හැඞවූවද ද්වාරය විවෘත නොවීය 
එහෙත් අවසානයේදී ද්වාරය බොල් හඞක් නඟා විවෘත විය

විවෘත වූ දොර පළුවෙන් ඔහු දුටුවේ අභිරූපිකාවකි 
කළු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටි අභිරූපිකාව
අමුත්තාට මන්දිරය තුලට එන ලෙසට ආරාධනා කළාය 

වෙහෙස නිදිමත කුසගින්න මැඞලා 
අමුත්තාගේ සිතට නුහුරු බියක් ආවේය 
එහෙත් අඳුරු වනයේ ඇති එකම ක්‍ෂේමභූමිය
දැන් ඔහුගේ දෙනෙත් ඉදිරියේය 

කුමක් කරම් ද ? ඔහු මොහොතක් සිතුවේය 
එහෙත් දැන් විකල්ප කිසිවක් නොමැත 
අමුත්තා මන්දිරය තුලට පැමිණියේය 

ඔහු මන්දිරය  තුලට පිවිසි  විගස 
බොල් හඞක් නගමින් බරැති ලී ද්වාරය 
ඉතා තදින් වැසී ගියේ අපායේ දොරටුව මෙනි 

යුදයේ නිපුණු සෙබළා තැති ගත්තද 
ඔහු තම බිය අභිරූපිකාවට නොපෙන්වීය
ඔහු ඇයගේ උන්මාදනීය දෙනෙත් දෙස බලා සිටියේය 

මැය කවරෙක්ද ? මහ වනයේ ඇය කුමක් කරන්නේද ? 
ඇය දේව දූතිකාවක්ද ? ඝෝර යක්‍ෂණියක්ද ? 
කැළඹුණු සිතෙන් ඔහු තමන් ගෙන්ම ඇසුවේය 

ඔබට වෙහෙස මෙන්ම කුසගිනි ඇති
කිංකිණි ස්වරය පරදා අභිරූපිකාව කතා කලාය 
මගේ සේවිකාවන් සියල්ල මේ වේලාවේ නිදි 
නමුත් මා ඔබට කෑම මේසය පිලියෙල කරන්නම්   

නොබෝ වේලාවකින් ඇය මේසය පිලියෙල කළාය 
මස් මාංශ සහ එලතුරු වලින් පිරී ගිය මේසය මත 
තඹ පැහැති වයින් බෝතලයක්ද විය 

කුසගින්නේ සිටි සෙබළා මස් ගාතයක් අතින් ගෙන 
අනුභව කරමින් තඹ පැහැති වයින් පානය කලේය 
එහෙත් අභිරූපිකාව කිසිවක් අනුභව කලේ නැත 

ඔබ කවරෙක්ද ? මඳක් කුසගිනි නිවුනු පසු
කුකුස සන්සිඳනු වස් සෙබළා අභිරූපිකාවගෙන් ඇසීය 
ඇය අද්භූත සිනාවක් පෑ නමුදු පිළිතුරක් නොදුන්නාය  

ඔබ කවරෙක්ද ?  ඇය ඔහුගෙන් ඇසුවාය 
මම අතරමං වූ සොල්දාදුවෙක්මි ඔහු කීවේය 
එහෙත් තමා කවරෙක්ද යන වග ඇය තවමත් කීවේ නැත 

ආහාරයෙන්   සන්තර්පණය වීමෙන් පසු 
ඔහු මේසයෙන් නැගිට්ටේ ඇයට ස්තූති කිරීමෙනි
ඔහු තම දිගැති අසිපත අත පොවනා දුරින් තැබුවේය 

ඔබට සයනය කිරීමට මා ඇඳ පිලියෙල කරන්නම් 
ඇය සෙබළාට කියා සෙමෙන් ඉවත්ව ගියාය 
ඔහු අඳුරු මන්දිරය පුරා නෙතු යවා බැළුවේය  

ඉතා වටිනා පෞරාණික ගෘහ භාණ්ඩ
රනින් හා රිදීයෙන් නිම කල පිඟන් බඩු
මේ සිටුවරයෙකුගේ මාලිගාවක්ද ? ඔහු සිතුවේය 

දුහුල් ඇඳුමකින් සැරසුනු අභිරූපිකාව ඔහු ඉදිරියේය 
වීනස් දෙව්දුව වන් ඇය ඔහුට සයනය කිරීමට ආරාධනා කළාය 
ඔහු පුරා රාත්‍රිය ඇය සමග කාම ක්‍රීඩාවේ නිරත විය 
ඔහුට නින්ද ගියේ පාන්දර යාමයේය 

උදෑසන අවදි වූ හෙතෙම  හැඳ පැළඳ ගත්තේය
තම අසිපත සෙවූ නමුත් එය දකින්නට නොමැත
ඔහුට දැන් මන්දිරයෙන් පිටවී යාමට අවශ්‍ය ය
සෙබළා මන්දිරයේ ද්වාරය වෙත ගියේය​. 

ද්වාරය අසල මහළු එහෙත් ශක්තිමත් මිනිසෙකු විය
ඔහු සමුරායි කෙනෙකු මෙන් සන්නද්ධව සිටියේය
සෙබළා තමන්ට පිටවී යාමට අවශ්‍ය බව කීවේය​. 

සමුරායිවරයා නිරායුද සෙබළා දෙස තියුණු බැල්මක් හෙළුවේය
මේ මන්දිරයට පය තැබූ කිසිවෙකුට යළි පිටවී යාමට අවසර නොමැති බව
සමුරායිවරයා ස්ථිර හඞින් කීවේය 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග

Saturday, September 8, 2018

ලංකාවේ ක්‍ෂිතිමය පරම්පරාව නියෝජනය කල දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර  මහත්මියගේ සොහොයුරා වූ ‍දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා  වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත.  

වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු 71 කැරැල්ලේදී හා ඉන් පසුව දීර්ඝ වදබන්ධන වලට ලක් වූ වින්දිතයෙකි. 1971 වසරේ දිනක දිනක්‌ රාත්‍රියේදී පණ පිටින් පුළුස්‌සා මැරීම සඳහා ඔහුගේ සිරුරට පෙට්‍රල් වත් කරනු ලැබේ. එහෙත් රත්නපුර රෝහලේ ටෙනිස්‌ පිටියේදී ඔහු සමග ටෙනිස්‌ ගැසූ පැරණි මිතුරකු වූ සහකාර පොලිස්‌ අධිකාරි නීල් වීරසිංහ ඔහු හඳුනාගෙන ඔහුගේ සිරුරට ගිනි තැබීම වළක්‌වයි. 1989 දී   ගම්පහ රෝහලේ වෛද්‍යවරයකුට පහර දීම නිසා යළි පොලිස්‌ කූඩුවට දමනු ලැබේ. ඊට දින කිහිපයකට පසු ගම්පහ පිහිටි "වයිට්‌ හවුස්‌" නමැති ඔහුගේ නිවස ජ.වි.පෙ. සාමාජිකයෝ ගිනි තබති. මේ වන විට ඔහු හත් වතාවක්‌ හිරේ ගොස්‌ ඇත. සිය වතාවකට වඩා පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත. (කාලයෙන් කාලයට රට කළඹන  විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌)  

ඔහුගේ ක්ලමථකාරී හැසිරීම් රටාව මාධ්‍ය විසින් වාර්ථා කල තිබුණි. වරක් අධිකරණය ඉදිරිපිටදී කැත්තක් රැගෙන කළහකාරි ලෙස හැසිරුණු  වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනි. ඉන්පසු   කොළඹ අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අණතුරුව වෛද්‍ය සුභාෂ් පිළිබඳව මානසික තත්ව වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කිරීමෙන් පසුව ඔහුව   අංගොඩ මානසික රෝහලට යොමු කරන ලදි.  

වධ බන්ධනයට ලක් වීමත් හිසට සිදු කරන ලද පහර දීම් නිසාත් දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයෙන් මෙන්ම TBI (Traumatic Brain Injury) තත්වය නිසා හටගත් පෞරුෂ වෙනස් වීම් වලින් ද පෙලෙන බවට අනුමාන කිරීමේ සාධක  තිබේ. මේ පිලිබඳව මම වරක් ලිපියක්ද ලියූවෙමි.   වෛද්‍ය  ‍ සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මෙවැනි කුරිරු ලෙස තම ජීවිතය අවසන් කර ගැනීම සඳහා ඔහු ලද  ක්‍ෂිතිමය ජීවන අත්දැකීම්ද හේතු කාරකයන් වන්නට ඇත​.   සියදිවි නසා ගැනීම අනුමත නොකරන මුත් දිවි නසා ගැනීම සඳහා ඔහුට තම වෛද්‍ය දැණුම උපයෝගී කර ගෙන මාරක නමුදු සෞම්‍ය ක්‍රමවේදයක් උපයෝගී කර ගැනීමේ හැකියාව තිබුන නමුදු ඔහු තෝරා ගත්තේ ඉතා සාහසික මෙන්ම දරුණු ක්‍රමවේදයකි. මෙයද ඔහු පෙළූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාව හේතු කාරකයක් වන්නට ඇත​. දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු යනු 1971 / 1988-89 යුග වල අන්තවාදී ප්‍රචණ්ඩ දේශපාලනයේ මෙන්ම රාජ හිංසනයේ  කොටස්කරුවෙකු මෙන්ම ගොදුරකි. ඔහු නියෝජනය කලේ ලංකාවේ ක්‍ෂිතිමය පරම්පරාවය.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග

Friday, September 7, 2018

ගම්බැඳි හරකුන්

 
ශ්‍රී ලංකාව නම්  දේශයේ ජීවත් වන නුඹලා
පල් මෝඩයන්  මෙන්ම ගම්බැඳි  හරකුන්ය 
නුඹලාව  ජ්‍යොතිෂය වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව හක් ගෙඩි වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව ශෙන්ශුයි වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව වාලම්පුරි  වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව ආගමික ගංජා මගින් ඇඳින්දිය හැකිය

නුඹලාව දේශප්‍රේමය මගින් ඇඳින්දිය හැකිය 
 නුඹලාව ටකරමක් දී ඇඳින්දිය හැකිය 
නුඹලාව බත් පාර්සලයක්  දී ඇඳින්දිය හැකිය 
නුඹලාව කසිප්පු කාලක් දී ඇඳින්දිය හැකිය 
ඕනෑම හොරෙකුට නුඹලාව  ඇඳින්දිය හැකිය 
ඕනෑම හොරෙකුට රැවටෙන නුඹලා ගම්බැඳි  හරකුන්ය 

Wednesday, September 5, 2018

මේ කවුද ? මොනවද කරන්නෙ ?


මේ විමල් වීරවංසගේ ලෙමන් පෆ් උපවාසයේදී බොරුවට විමල්ට අසාධ්‍ය බව පෙන්වමින් රඟපෑ වෛද්‍යවරයෙකි. මේ ගොට්ට ඇල්ලීම වෙනුවෙන් ඔහුට රජරට විශ්ව විද්‍යාලයේ තනතුරක්ද ලැබුනි. මේ පුද්ගලයා 1988 - 89 කාලයේ මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය කිරීමට නියෝග දුන් එක් අයෙකු බවටද සඳහන් වෙයි. 

Find Us On Facebook