Tuesday, September 23, 2025

වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ නවතම කෘතිය " Revisiting Gananath Obeyesekere





වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ නවතම කෘතිය " Revisiting Gananath Obeyesekere " කාලීන වටිනාකමක් දරයි. මෙම කෘතිය මගින් ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිලිබඳ හිටපු මහාචාර්‍ය ගනනාථ ඔබේසේකරයන් ගේ කෘති සහ පරියේෂණ ලිපි පිලිබඳව විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් ඉදිරිපත් කරයි. මෙම විශ්ලේශණයන් අතර ඔබේසේකරයන් ගේ සිංහබාහු මිත්‍යාව සහ ඊඩිපස් සංකීර්ණය පිලිබඳ ලියැවුනු . The Work of Culture: Symbolic Transformation in Psychoanalysis and Anthropology දුටුගැමුණු රජු ගේ හෘධ සාක්‍ෂිය විමසන Dutthagamani and the Buddhist Conscience ඉතිහාසය විසින් කුරිරු රජෙක් බවට අර්ථකථනය කල The Doomed King: A Requiem for Sri Vikrama Rajasinha මෙඩුසාගේ හිස කෙස් සහ ආගමික- සමාජ සංකේත පිලිබඳ Medusa's Hair: An Essay on Personal Symbols and Religious Experience කර්මය සහ පුනරුප්පතිය සංකල්ප පිලිබඳ මානව විද්‍යාත්මක ඇසකින් බලන Karma and Rebirth: A Cross-Cultural Study යටත්විජිතවාදය සාධාරණීකරනය කිරීමට ගොතන ලද ප්‍රබන්ධය ;The Man-Eating Myth and Human Sacrifice in the South Seas සහ ශ්‍රී ලංකාවේ පත්තිනි ඇදහිල්ල පිලිබඳ පවසන The Cult of the Goddess Pattini වෙති. මෙම කෘතියට පෙරවදන සපයා ඇත්තේ ඇමරිකාවේ වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්‍ය Vamık Volkan විසිනි. තවද ගනනාථ ඔබේසේකරයන් ගේ ශාස්ත්‍රාලයීය මිතුරෙකු වන ප්‍රංශ ජාතික මනෝ වෛද්‍ය Eric Smadja විසින් ද සංඥාපනයක් ලබා දී තිබේ.


ආචාර්ය මනෝජ් ජිනදාස
අංශාධිපති ; සමාජ විද්‍යා පීඨය ( ජනසන්නිවේදන අධ්‍යයනාංශය)
කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook