1987-88 කාලයේ ජවිපේ ස්ලෝගන් එකක් ගේනවා " ජේ.ආර් මරමු" ඒ එක්කම ජේ ආර් දෙසට පාර්ලිමේන්තුවේදී ග්‍රනේඩ් එකක් විසි කරනවා ඔවුන් ගේ සාමාජිකයෙක්. මේ ස්ලෝගන් එක සයි ඔප් එකක් ලෙසටත් ජේ ආර් ට එදිරිව භාවිතා කලා. අන්තිම කාලය වන විට ජේ ආර් පවා මේ ස්ලෝගන් එකෙන් බිදෙන්න පටන් ගත්තා. ප්‍රේමදාසගේ තර්ජනත් එක්ක ප්‍රේමදාසට පුටුව දීලා අයින් උනා.
ජේ ආර් සහ ජවිපෙ අතර සම්බන්ධය ගැඹුරුයි. විජේවීර 1960 දශකයේ අග භාගයේ පටන් විශ්වාස කලේ ජේ ආර් භයානක මිනිහෙක් කියලා. ඔහු නිරන්තරයෙන් කිව්වේ 1970 මැතිවරණයෙන් පසු ජේ ආර් ඇමරිකානු හමුදාවේ සහායෙන් ඒකාධිපති ආණ්ඩුවක් පිහිටවනවා, ඇමරිකානු නාවික බල ඇණිය තිරිකුනාමලයට එනවා කියලා. 71 කැරැල්ලේදී පවා ඔහු ජේ ආර් බිල්ලෙකු කලා. මේකට විජේවීර ගේ පැරනොයිඩ් චින්තනයත් පිදුරු දැම්මා.
ජේ ආර්ට විජේවීර ගැන අවබෝධයක් තිබ්බේ නෑ. ජේ ආර් හිතුවේ විජේවීරට නිදහස දීලා ඔහුව සිරිමාට පහර දෙන උපකරණයක් කර ගන්න. ඒ එක්කම විදේශ විනිමය චෝදනා ලත් ඔහුගේ හිතවතුන් වන තහා, මුක්තාර් , හයිඩ්‍රාමනිලාත් බේර ගන්න ඔහු CJC කොමිසම අහෝසි කලා. ඔහු හිතුවේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බා ගත්තා කියලා.
විජේවීර මුල් කාලයේ ජේ ආර් ගේ උපදෙස් මත ගමනක අවසානය - සිරිමාට පහර පිට පහර දුන්නා. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් ජේ ආර් ට තේරුනා විජේවීර පීලි පයිනවා කියලා. විජේවීර කවදත් හිටියේ ජේ ආර් පිලිබඳ සැකයෙන්. ඒ නිසා ජේ ආර්ව විජේවීර කවදාවත් විශ්වාස කලේ නෑ. මේ නිසා තමයි ජවිපෙ තහනමින් පසු ආයුධ අරගෙන මිනී මරන්න සහ ජේ ආර් මරමු ස්ලෝගන් එක එලියට දැම්මේ.
මෙම ආර් මරමු ස්ලෝගන් එක මැටෆොරිකලි ගත්තත් කියවෙන්නේ ජේ ආර් ගේ අර්ථ ක්‍රමය පරාජය කරමු කියලා. ඒත් වර්තමානයේ විජේවීර ගේ දරුවන්ටත් යන්න වෙලා තියෙන්නේ ජේ .ආර් කපපු පාරේ. ජේ ආර් තාම ජීවතුන් අතර.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments