Monday, September 29, 2025

ලංකාවේ අයගේ IQ එක .



ලංකාවාසීන් ගෙන් 10 % ඉන්නවා ඔවුන් තුල විශ්ලේෂණාත්මක බුද්ධිය , මල්ටි ලිංගුවල් හැකියාව , ලෝක දත්ත කියවීම , යම් දෙයක් තුලනාත්මක හිතීමේ හැකියාව තියනවා. ඔවුන රවට්ටන්න අපහසුයි.

තව 60% ඉන්නවා  විශ්ලේෂණාත්මක බුද්ධිය අඩු , තර්කන හැකියාව අඩු. මොවුන්ව රවටන්න ලේසියි. මේ කොටස් තමයි බාස් ගේ පැණියට , කැළනියේ විශාල ශබ්දයක් එක්ක නයෙක් ධාතු ගෙනාවා කියූ විට , පිලිම වලින් කඳුලු එනවා කියූ විට , සිවුරක් ලෝගුවක් පොරවා ගත් කෙනෙක් කියන ඕනම අතාර්කික දේකට රැවටී යන්නේ.

තව 20 % ඉන්නවා ; වැට උඩ. ඔවුන් මුලින්ම රැවටී යනවා. නමුත් තාර්කිකව කරුණු පෙන්වා දීම තුලින් දත්ත වටහා ගැනීමේ හැකියාවක් තියනවා.

තව 5% ඉන්නවා උන්ට තාර්කිකව යමක් පෙන්වා දෙන්න ගිය විට තමන් විශ්වාස කරන විශ්වාස පද්ධතිය අභියෝග ලක් කරන විට ආවේගශීලී වෙලා කුනුහර්ප කීම / අවලාද කීම සහ කිසිදු ආකාරයේ අදාල නොවන කතා හෝ ෆ්ලැට් න්‍යාය භාවිත කරලා සත්‍ය යටපත් කිරීම . මොවුන් ගේ බුද්ධියේ පරිමාව අඩුයි. ඒ නිසා මොවුන් සමග වාද කිරීම නිශ්ඵලයි. මොවුන් උපන් ගෙයි මැට්ටන්. මෝඩ ආකල්ප සහ අදහස් මොවුන් ගේ මොලේ පරිපථ වල ඝන වෙලා තියෙන්නෙ 

ඉතුරු 5% සමාජයේ වෙන ඕකම දෙයක් පිලිබඳ අසංවේදියි. ඔවුන්ට එදා වේල ප්‍රශ්න . ඒ නිසා කිසිවක් ඔවුන්ට අදාල වෙන්නේ නෑ

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook