නිදහස් ශ්‍රී ලංකාවේ මුල්ම මහජන දේපල සහ මුදල් චෞර දේශපාලකයා ඔලිවර් ගුණතිලක වෙයි. ඔලිවර් ගුණතිලක විසින් සිදු කරන ලද වංචා තවමත් අපගේ සමාජයට නිරාවරණව වී නොමැත. ඔලිවර් ගුණතිලක අපේ රටේ සිටි පළමු වන ලාංකික අග්‍රාණ්ඩුකාරවරයා වූ අතර බදු ගෙවීමට සිදු වූ ධනවත් ව්‍යාපාරිකයන් ගේ කලු සල්ලි ඔහු භාරයේ තබා තිබුනේය. ඔහු ඇවිදින සුවිස් බැංකුවක් වූ අතර ඔහුගේ භාරයේ විදේශ මුදල් පවා තිබුනේය. මේ සඳහා වියාපාරිකයන් ඔලිවර් ගුණතිලකට මුදලක් ගෙවූ අතර සමහර ව්‍යාපාරිකයන් ගේ මුදල් ඔහු යලි නොදුන්නේය. මෙලෙස ඔලිවර් ගුණතිලක ලඟ මුදල් තැනපත් කල ව්‍යාපාරිකයෙක් හදිසියේ මිය ගිය අතර ඔලිවර් ඒ මුදල් යලි භාර නොදුන්නේය. මේ ධනවතා ගේ වියාපාර බංකොලොත් වී ඔහුගේ පුතා ඔල්මාදයෙන් මෙන් බම්බලපිටිය වැල්ලවත්ත ප්‍රදේශ වල පාරවල් ගානේ ඇවිදීම දැක ගත හැකි විය.
ලොකු ධනයක් නැති සාමාන්‍ය පවුලක උපන් ඔහුගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකි. ඔහු ඉගන ගත්තේ ආර්ථික අපහසුකම් මැදය. කලක් ගුරු වෘත්තියේ ද, දුම්ම්රිය දෙපාර්තමේන්තුවේ ද සේවය කළ ඔලිවර් පසුව පරිපාලන සේවයට එක් විය. 1945 දී මෙරට ප්‍රථම මුදල් ලේකම් ද වූ ඔහු 1947 දී සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස ද පත් විය. ඔහු ඩී එස් සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙක්ද විය. ඔලිවර් පළමුවන ලාංකික අග්රාණ්ඩුකාරවරයාය. 1962 වසරේදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට ඔලිවර් ද හවුල් වීම නිසා ඔහුව අග්‍රාණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන ලදි. සිරිමා යුගයේදී ඔලිවර්ට සහ ඔහුගේ දියණියට විදේශ විනිමය වංචා චෝදනා එල්ල වූ අතර ඔලිවර් එංගලන්තයට පැන ගත් නමුත් ඔහුගේ දියණිය විදේශ විනිමය වංචා චෝදනා වලට වරදකාරිය වූවාය. මේ අනුව මහජන මුදල් දේපල හොරකම් කරන ලාංකික දේශපාලකයන් ගේ මුල් ගුරුවරයා සර් ඔලිවර් ගුණතිලකය.
Shameless fellow, he even betrayed his own daughter, no father could do that
ReplyDeleteඑයාට ශ්‍රීමත් කෑල්ලකුත් තියනවා නේද?
ReplyDelete