මම සොනාලි දැරනියගල ගේ Wave පොත කියෙව්වා. ඒක ශෝකාන්තයක්. 2004 සුනාමියේ දී ඇයගේ සැමියා සහ කුඩා දරුවන් දෙනෙනා මිය යනවා. ඉන් පසු ඇය තදබල විශාදයකට ලක් වෙනවා. නිදි පෙති සහ මත් පැන් වලින් ඇය ශෝකය අමතක කරන්න උත්සහ කරනවා. නමුත් ඒක සාර්ථක නැහැ. කිහිප වරක් දිවි නසා ගන්න යනවා. කෙසේ නමුත් ඇය ජීවිතයට මුහුණ දෙනවා.
සොනාලි 2018 වසරේ බ්‍රිතාන්‍ය නිලියක් වන ෆියෝනා ශෝ සමග විවහා වෙනවා. ක්‍ෂිතිමය අත්දැකීම් මිනිසුන්ව රූපාන්තරණය (transform ) කරවනවා. මගේ අදහස අනුව මුල් කාලයේ සමරිසි පුද්ගලයෙක් නොවූ ඇය සැමියා , දරුවන් දෙදෙනාගේ මරණයෙන් පසු රූපාන්තරණය වීම මත ඇයගේ ලිංගික දිශානතියත් වෙනස් වෙනවා. මම හිතන්නේ පිලිබඳව අප psychological trauma පිලිබඳව මෙතෙක් කල අධ්‍යනයන් ප්‍රමාණවත් මදි. ක්‍ෂිතිමය අත්දැකීම් මිනිසුන් ආධ්‍යත්මික පැත්තට ගෙන යනවා , සමහර විට ආත්ම විනාශය කරාද ගෙන යනවා. තවත් සමහර විට පරපීඩාකාමී පුද්ගලයෙකු බවට පත් කරනවා. ක්‍ෂිතිමය අත්දැකීම් මත ලිංගික දිශානතිය වෙනස් වීම මෙහිදී අපට දැක ගන්න පුලුවන්.
( සමරිසි බව මානසික රෝගයක් නොවේ එය මානව අයිතිවාසිකමකි)
+++++
ReplyDelete