Friday, April 18, 2025

මාරයා සහ සාතන්








මාරයා,  මාර පුත්‍රයා , මෘත දිව්‍ය රාජයා මේ යනාදී වශයෙන් හඳුන්වන්නේ කවුද​? මාරයා යනු පුද්ගලයෙක් ද ? ක්‍රිස්තියානි ආගමේ එන සාතන් යනු මාරයාද ? මාරයා බුදුන් වසඟයට පත් කිරීමට තැත් කලේය​.  මාරයා දුෂ්කරක්‍රියා කල සමයේද , බුදු වන අවස්ථාවේද , පිරිනිවන් කාලය ආසන්නයේද පැමිනියේය.  වරක් මාරයා බමුණු වේශයක් මවාගෙන භික්‍ෂූන් රැවටීමට තැත් කලේය​. ගෝධික තෙරුන්ගේ ගෙළ සිඳගත් මළ සිරුරට  ඉහළින් දුම් වලාවක් හා අඳුරු වළාවක් බඳු දෙයක් පාවී ගිය අතර බුදුන් ඒ මාරයා බව සඳහන් කරන ලදි 

සාතන් යේසුස්ව වසඟයට පත් කිරීමට තැත් කලේය. කාන්තාරයේ දින 40 ක් සහ රාත්‍රී නිරාහාරව සිටීමෙන් පසු යක්‍ෂයා විසින් යේසුස්ව පරීක්‍ෂාවට ලක් කරන ලද බව බයිබලයේ සඳහන් වෙයි. අවසාන රාත්‍රී භෝජනයට පෙර රාත්‍රියේ යේසුස්ව පාවා දීමට යක්‍ෂයා යූදස් ඉස්කාරියොත්ව පොළඹවා ගත් බව යොහාන් ගේ ලේඛන පවසයි. 

මාරයා පිළිබඳ අදහස බුදුදහමේ පමණක් නොව ඍග් වෛදික ආගමික පොත් පත් වල සඳහන් වෙයි.  වසවත්ති නම් දෙව්ලොව දේවපුත්‍රයකු ද මාරයා ලෙස දක්වා තිබෙනවා. ඔහු කාම ලෝක තම වසඟයෙහි තබා ගන්නා වූ අධිපතියා ය.  සාතන්  ආබ්‍රහම් ආගම්වල මිනිසුන්ව පාපයට (හෝ අසත්‍යයට) පොළඹවන යක්‍ෂයාය. ඉස්ලාමයේ, ඔහු සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේට එරෙහිව කැරලි ගැසූ වැටුණු දේවදූතයෙකු හෝ ජින්වරයෙකු ලෙස සැලකේ. කුරානයේ, යක්‍ෂයින්ගේ (ෂයාතියන්) නායකයා වන ඉබ්ලිස් (ෂෙයිතාන්) ගින්නෙන් සාදන ලද අතර, ඔහු අලුතින් නිර්මාණය කරන ලද ආදම් ඉදිරියේ වැඳ වැටීම ප්‍රතික්‍ෂේප කළ නිසා ස්වර්ගයෙන් නෙරපා හරින ලදි.  ඊජිප්තු මිථ්‍යා කථා වල මරණයේ සහ නපුරේ නපුරු යක්‍ෂයා වන ටයිෆොන් ලෙස ග්‍රීකයන් හැඳින්වූ චරිතයක් පිලිබඳ සඳහන් වෙයි. මෙසපොතේමියානු ආගම් වලද ලමාෂ්ටු නම් නපුරේ දෙවියෙකු පිලිබඳව සඳහන් වෙයි.මේ අනුව පෙනී යන්නේ සෑම ආගමකම හොඳ සහ නපුර අතර බෙදීමක් තිබෙන බවත් නපුර  ප්‍රවර්ධනය සඳහා පුද්ගලයෙකු හෝ ආයතනයක් තිබෙන බවත් ය​. 

 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook