නවක වද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැංවීමට පෙරමුණ ගත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ තෙවැනි වසරේ උගෙනුම ලබමින් සිටි ඕවිටිගල විතානගේ සමන්ත සිසුවා 2002 වසරේ නොවැම්බර් 07 දා නවක වදයට පක්‍ෂ සිසුන් 50 අධික පිරිසක් විසින් පහර දී මරා දමනු ලැබුවා. ඔහුට පහර දී පරිගණකයක් ද හිස මතට හෙලනවා. බරපතල තුවාල ලත් සමන්තව රෝහල් ගත කිරීමට නොදී මේ සිසුන් වාහනය බ්ලොක් කරගෙන සිටිනවා.
මේ ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා ලත් සිසුන් 22 නම් පහත දැක්වෙනවා. මේ ඝාතනයට සුජිත් කුරුවිට ගේ නමත් කියවුනා. නමුත් නඩුවේදී ඔහු පිලිබඳ සටහනක් නෑ. ඕවිටිගල විතානගේ සමන්ත ගේ ඝාතනයට වසර 8 ක සිර දඞුවමක් ලැබෙන්නේ දෙකටන ප්‍රදේශයේ ජයලත් පේඩිගේ සුරංග නලීන් දිල් රුක්‍ෂ නම් සිසුවාට. ඔහුගේ පියා ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවෙක්. වසර 3ක සිර දඞුවම් ලබන අම්දමුන ආරච්චි ගේ සමන් යන සිසුවා ළමා කාලයේ මහණවී සිට සිවුරු අරින ලද කෙනෙක්. දෙමාපිය රැකවරණය නොලද කෙනෙක්.
අධිචෝදනා 10 කට වරදකරුවන් කළ එම නඩුවේ පළමු, දෙවැනි, දාසයවැනි සහ විසිදෙවැනි යන විත්තිකරුවන් හතරදෙනාට වසර 05 කට අත්හිටුවූ මාස 06 බැගින්වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 38,000 බැගින් වූ දඩ ගෙවීමටත්, අධි චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ 11 වන චූදිතට වසර 05 කට අත්හිටුවූ වසරක සිරදඬුවම් හා රුපියල් 6000 ක දඩයක් ගෙවීමටත් විනිසුරුවරයා නියෝග කොට තිබෙනවා.
මේ චූදිතයන් ගේ සමාජ තත්වය සලකා බලන විට ඔවුන් බොහෝ දෙනෙකු එන්නේ පීඩිත පන්තියෙන් බව පේනවා. සමන්ත ශිෂ්‍යත්වයක් ලබා රාජකීය විද්‍යාලයට ගිය අයෙක්. එම නිසා ඔවුන් සමන්තට තවත් වෛර කරන්න ඇති. එසේම සමන්තට පහර දී බරපතල තුවාල කල අවස්ථාවේ විශ්ව විද්‍යාල සිසුවියන් පිරිසක් " මැරුවා මැරුවා " කියා සතුටින් අත් පොලොසන් දී තිබේ. ඕවිටිගල විතානගේ සමන්ත ගේ මරණය කියන්නේ අපේ පර පීඩක සමාජයේ හරස්කඩක්.
මම කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයට පය තැබූ මුල් දිනයේ සීනියස්ලා අපව පිලි ගත්තේ රසවත් ඩෝනට්ස් දීලා. ඔවුන් මුල් වසර පුරා කිසිදු යටි අරමුණකින් තොරව අපට උදව් කලා. වචනයකින් වත් අපගේ සිත් රිදවූයේ නෑ. මෙවැනි විශ්ව විද්‍යාල සමාජයක් ලංකාවේ කවදා ඇති වෙයිද ?
විමල් වීරවංශගේ දරුවාට විදේශ සරසවියක ආරක්‍ෂිතව ඉගන ගැනීමට හැකි නම් , සෝමවංශ අමරසිංහගේ පුතාට විදේශ සරසවියක ආරක්‍ෂිතව ඉගන ගැනීමට හැකි නම්, එස්. බී දිසානායක ගේ පුත්තුන්ට විදේශ සරසවියක ආරක්‍ෂිතව ඉගන ගැනීමට හැකි නම්, වාසුදේව නානයක්කාර ගේ පුතාට විදේශ සරසවියක ආරක්‍ෂිතව ඉගන ගැනීමට හැකි නම් විමලා පෙරේරා ගේ පුතාට ඒ අවස්ථාව අහිමි උනේ ඇයි කියා අපි ප්‍රශ්න කල යුතුයි.
Heard this while we were kids but never knew he was fellow royalist
ReplyDeleteසමන්ත ගේ ඝාතනය සාධාරණීකරනය කරන්න ඔහු පාතාලයන් සමග විවි සිසුන්ට පහර දුන්නා යන කතාව ඝාතකයෝ පතුරුවා හැරියා. ඔහුට පාතාල සබඳතා තිබුනා නම් ඔහුගේ ඝාතනයත් සමග පාතාල සාමාජිකයෝ අදාල සිසුන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. ඔහුගේ සොහොයුරාත් හිටියේ එම විශ්ව විද්‍යාලයේ. එහෙත් සමන්ත මරා දැමීමෙන් පසුව මේ දක්වා ඝාතකයන්ට නීතියෙන් මිස පරි බාහිරව රිටන් එකක් ලැබුනේ නෑ.
ReplyDeleteඔහුට පාතාල සබඳතා තිබුනේ නෑ, ඔහු විජෙරාම අවට චන්ඩි ටිකකගෙ (සරසවි යන්න නොහැකි නිසා තිබෙන ඇරියස් යොදාගනිමින්), සරසවියේ රැග් කරන, ගම්වලින් ආපු චන්ඩින්ට ගැහුවා. ඔහු සමග විජෙරාම අවට චන්ඩින්ට ලොකු තියා, කිසිම බැදීමක් තිබූනේ නෑ, විජෙරාම අවට මිනිස්සුන්ට තිබුනෙම සරසවි සිසුන් සමග ඇරියස් එකක් විතරයි. අද, දැන් වුනත්, ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා බලන්න, ඇරියස් එකේ ලෙවල් එක. උත්ප්‍රාසය සරසවි සිසුවෙක් වු සමන්තම එය කැපිටලයිස් කිරීම. සමන්ත කියන්නේ සරසවි යනතුරු කිසිම උනක් තිබ්බ කෙනෙක් නෙමේ. හැබැයි අවස්ථාව අනුව ඔහුගෙ යටින් තිබූ පොරත්වය මතු වෙන්න ඇති. ඔහුට ඔය විජෙරාම අවට චන්ඩින්ගේ කන්ටැක්ට්ස් හමුවුනේ රබර්වත්තේ (විජෙරාමේ පෙදෙසක්) ක්රිකට් ගැසීමට ගොස්. A/L වලින් පස්සේ. ඔහු සරසවි යාමට යොදාගත් වෑන් එක ( නමුත්, ඔහු සිටියේ පයින් යන දුරක) මිලට ගත්තෙත් මෙහිදී හමුවූ රබර්වත්තේ ඉන්දිකලාගෙන්. මට මතක හැටියට ඒක කොල පාට.
Delete