Thursday, March 6, 2025

උඩරට අය සුද්දට රට පාවා දුන්නාද ?






උඩරට අය  සුද්දට රට පාවා දුන්නා කියල  කිව්වට   ඒක වැරදි කතාවක්. සුද්දාට පෙර ආ පෘතුගීසි , ලන්දේසි ආදී ආක්‍රමනිකයන්ට ඉඳුම් හිටුම් දීලා ඔවුන්ට බලකොටු හදලා දීලා ඔවුන් ගේ හමුදා වල ලස්කිරිඤ හේවායෝ උනේ උඩරට පිරිස් නොවෙයි. පෘතුගීසි , ලන්දේසි ඉංග්‍රීසී හමුදා පහසුවෙන් ලංකාවේ වෙනත් ප්‍රදේශ අල්ල ගත්තා එහි හිටපු ස්වදේශිකයන් ගේත් උපකාරයෙන්. නමුත් උඩරට ආක්‍රමණයට ගිය පෘතුගීසි , ලන්දේසි  ඉංග්‍රීසී හමුදා උඩරට පිරිස්  සමූලඝාතනය කලා. ඒ කාලේ ලෝකේ සුපර් පවර්ස් වලටත් උඩරට ආක්‍රමණය කරන්න බෑ. නමුත් 1815 වන විට රටේ පහත කොටස් යටත් වෙලා / පාවා දීලා. සමහරු තමන් ගේ ආගමත් පාවා දීලා ආක්‍රමණිකයන් ගේ ආගමුත් වැලඳ ගෙන​. මේ නිසා උඩරට හමුදා වලට තව දුරටත් සටන් කරන්න අමාරුයි. ශ්‍රී වික්‍රම රාජසිංහත් පිස්සු කෙලිනවා. නිලමේ වරු රජු එක්ක තරහයි. මේ හේතු නිසා ඇහැලෙපොල ප්ලෑනක් ගහනවා ඉංග්‍රීසින් ගේ මාර්ගයෙන් වඩිග රජු එලවලා, ඉන් පසු ඉංග්‍රීසින්ට පහර දීලා තමන් රජු වෙන්න (හරියට මාවෝ  Chiang Kai-shek එක්ක එකතු වෙලා ජපන් හමුදා වලට ගහලා පසුව Chiang Kai-shek ට ගේම දුන්නා වගේ) . 1815 රට ගිවිසුමකින් දීලා 1817- 18 කැරැල්ල ගැහුවේ ඒකට. නමුත් කැරැල්ල පැරදුනා. කැරැල්ල යට හිටපු ඇහැලෙපොල පිටුවහල් උනා. උඩරට සුද්දා අල්ල ගත්තේ යුද්දයකින්  නොවෙයි. ගිවිසුමකින්. හරියට නවසීලන්තය Māori ජාතිකයන් ගෙන් අල්ල ගත්තෙත් මේ වගේ ගිවිසුමකින්. මොකද සුද්දා දැන ගත්තා උඩරට ජනතාව කවදාවත් යුද්දයකින් පරාජය කරන්න බැරි බව. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook