මම ලංකාවේ 1994 සිට 2009 දක්වා වෛද්‍යවරයෙකු ලෙස සේවය කලා. මට දැන් හිතෙන්නේ ආණ්ඩුව අපේ ශ්‍රමය හූරාකාගෙන අපිට කිසිම පහසුකමක් නොදී අපෙන් උපරිමය ගත්තා කියලා. 1994-95 ඉන්ටන්ශිප් පීරියඩ් එකේ මාතලේ මූලික රෝහලේ පුරා වසරක් පැය 24 ම ඔන් කෝල් නිවාඩු තිබ්බේ දවස් 7 වගේ. ඉන්පසු මම ගියා ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස, නිල නිවාසයක් නෑ. අතින් කුලී ගෙවාගෙන නිවසක හිටියේ. තිබ්බේ අවම පහසුකම්. ඉන් පසු මිනිපේ MOH ලෙස වැඩ කෙරුවා. මුළු මිනිපේ ඒරියා එකේ වැඩ කලා. ප්‍රවාහන ගාස්තු , බටා මොකුත් නෑ. ඉන් පසු SHO Gyn and Obs ලෙස මීගමුව රෝහලේ වසර ගනනක් වැඩ කලා සතියට එක දවසයි නිවාඩු. දවස් 6 ඔන් ඔන් කෝල් දිවා රාත්‍රී වැඩ. සීසර් 723 කලා එක මාතෘ මරණයක්වත් නැතිව. නිල නිවස පොඩි කාමරයක්, වැස්සට තෙමනවා. ඉන් පසු නිර්වින්දන වෛද්‍යවරයෙක් ලෙස රාගම රෝහලේ / හලාවත රෝහලේ සේවය කලා. රාත්‍රී 7-8 වෙනකම් සර්ජිකල් ලිස්ට් ඇද්දා. පස්සේ යුද හමුදාවේ වසර 5 ආසන්න කාලයක් වැඩ කලා සතයක් වත් ඕටී ක්ලේම් කලේ නෑ. පලාලි ගියා, හදිසියේ මිසයිල් එකක් හෝ ගුවන් අණතුරක් වෙලා මලා නම් කිසිම වන්දියක් නෑ. පසුව පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය නිලධාරී ලෙස සේවය කලා දිස්ත්‍රික්කය පුරා ගියා බටා මොකුත් නෑ. පුද්ගලික අංශයේ / බැංකු වල ජූනියර් එක්සෙකටිව් ලාගේ නිල කාමර බලන්න. තරු 5 හෝටල් කාමර වගේ. අපිට තිබ්බේ ගරා වැටිච්ච නිල නිවාස / නිල කාමර , අබලන් වැසිකිලි. ඉන්ටන් කාලේ නිල කාමරය තෙමන නිසා POP අලවගෙන හිටියේ.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments