Thursday, March 27, 2025

ප්‍රභාකරන් සහ විජේවීර

 





කැරලි නායකයන් වන ප්‍රභාකරන් සහ විජේවීර යන දෙදෙනා ගතහොත් ප්‍රභාකරන් පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේශන ගනනාවක් සිදු කෙරිලා තියනවා. නමුත් විජේවීර පිලිබඳ විශ්ලේශන අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුයි.

ප්‍රභාකරන් සිදු කලේ ජාතිවාදය යොදාගෙන කැරලිකරුවන් බිහි කිරීම . ඒක එතරම් අමාරු දෙයක් නොවෙයි. තමන් ගේ ජාතිය වෙනුවෙන් මැරෙන්න මිනිසුන් මානසිකව සූදානම් කිරීම අසීරු නෑ. නමුත් විජේවීර ප්‍රභාකරන්ට වඩා දක්‍ෂයෙක්. ඔහු සරළ ජාතිවාදය වෙනුවට පන්ති වයිරය සහ කුල පීඩනය භාවිතා කරලා කැරලිකරුවන් නිර්මාණය කරනවා.

ප්‍රභාකරන්ටත් පෙර ඔහු ළමා සොල්දාදුවන් (රතු ගැටව්) නිපදවනවා. ප්‍රභාකරන් වගේම තමන් ගේ දේශපාලන ඉල්ලක්කය වෙනුවෙන් ජීවිත පූජා කරන්න මිනිසුන් මෝටිවේට් කරනවා. ශ්‍රී ලංකා හමුදාවෙන් බිහිවූ සුපිරි ජෙනෙරල් කෙනක්ටවත් බැරි උනා කිසිම දිරිදීමනාවක් නොදී තමන් ගේ ජීවිතය දෙන ප්‍රහාරකයන් නිර්මානය කර ගන්න​. විජේවීර ඒ දේ කලා. ඔහු කියූ දේ දේවභාශිත වගේ පිලිගන්න මිනිස්සු නිර්මාණය කලා. ඇල්ල වැල්ලවාය පාර හදන්නේ ඇමරිකන් ප්ලේන් බාන්න , බෙන්තර හෝටලය ඇමරිකානු බේස් එකක් කිව්වම ඔහුගේ අනුගාමිකයෝ විශ්වාස කලා. මේ අය සාමාන්‍ය මිනිස්සු නොවෙයි උයන්ගොඩ, කීරවැල්ල , ගාමිනී සමරනායක වගේ මහාචාර්‍යවරු වගේම බෝපගේ , විජිත නානයක්කාර වගේ මිනිස්සුත් මේ විශ්වාසවන්තයන් අතර හිටියා. ඒ කියන්නේ ඔහුගේ කොමියුනිකේශන් ස්කිල් එක කෙතෙක් බලව්ත් ද ?

විජේවීර පිලිබඳ නිසි විශ්ලේශනයක් තවමත් හරි හැටි කෙරී නෑ.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook