Monday, January 15, 2024

ඩඩ්ලි සිරිසේන සහ සරසවි සිසුන්

 



ඩඩ්ලි සිරිසේන ගේ පියා සිලෝන් යුද හමුදාවේ බැට්මන් ඒ කියන්නේ සොල්දාදුවන් ගේ ආවතේවකාරයෙක්. පස්සේ පොලොන්නරුවේ නොමිලේ ඉඩම් ලැබිලා එහෙ පදිංචියට යන්වා. ඩඩ්ලි සිරිසේන මුලදී විවිධ කම්කරු රැකියා කරලා ඊට පස්සේ එයාෆෝස් එකේ භටයෙක් හැටියට බැඳිලා ඒක බාගෙට කරලා පසුව විවිධ රැකියා කරලා බිස්නස් වලට එනවා. බිස්නස් වලදී ගේම් ගහනවා. (ගේම් නොගහා ලංකාවේ බුලත් විට විකුනන්නවත් බෑ. එක ඕනම බිස්නස් කාරයෙක් කරනවා. ) පසුව හාල් බිස්නස් එකේ යෝධයෙක් වෙලා පිටරට තාක්‍ෂණය , සයිලෝ ගෙනත් හාල් කල් තබගෙන ජාලවත් විදිහට බෙදා හරිනවා. සිය ගනනකට රැකියා දෙනවා.

ඩඩ්ලි සිරිසේනට විශ්ව විද්‍යාලයේ බාධා කරපු සිසුවා බොහෝ විට කලා උපාධියකට ආපු කෙනෙක් විය යුතුයි. පියා අඩු ආදායම් රැකියාවක් කරන අමාරුවෙන් ජීවත් වන පවුලක කෙනෙක් වීමේ සම්භාවිතාව වැඩියි. මේ පිරිස තුල දුප්පත් පෝසත් භේධය , පන්ති වයිරය , සමාජ වයිරය , තමන් ජීවත් වන ග්‍රාමයේ තමන්ට රෙකග්නයිස් එකක් නොමැති වීම වගේ සාධක නිසා අභ්‍යන්තරයෙන් අධි පීඩනයක ඉන්නේ. මේ නිසා අන්තවාදී දේශපාලන න්‍යායක් ඔලුවට දාලා මේ අයව මැනිපුලේට් කර ගන්න බිලි බෝයිස්ලා කර ගන්න හරි ලේසියි.

මේ අවස්ථාවේ ඔවුන් දකිනවා ඩඩ්ලි සිරිසේන බී.එම් ඩබ් එකකින් එනවා. එතනදී වයිරය මතු වෙන්නේ ඩඩ්ලි සිරිසේනට නොවෙයි අවිඥාණිකව අර තඩි බී.එම් ඩබ් එකට. ඔවුන්ට මේ ජීවිතයේ එවැනි රථයක් හිමි කර ගැනීම සිහිනයකටවත් ලඝු කර ගන්න බෑ. රට අරාජික නොමැති තත්වයක් තියන නිසා ඔවුන් බී.එම් ඩබ් එකට ගල් ගහලා කුඩු කරන්න ඒක ගිනි තියන්න බයයි. ඒ නිසා වාචික තර්ජනයක් කරනවා. ඔවුන් ඩඩ්ලි සිරිසේනව දකින්නේ ධනපතියෙක් සූරා කන්නෙක් හැටියට. මුදල් ඉපයීම ,ලාභය, වෙලඳ පොළ වගේ සංකල්ප මේ සිසුන්ට (ඔවුනුත් රැඩිකල් දේශපාලනයෙන් හෝ වෙනත් ගේම් මගින් මුදල් උපයා ජීවිතය වින්දනය කර ගන්න පටන් ගන්න තෙක්) ආනන්තරීය පාප කර්ම.

ඔවුන්ට ඩඩ්ලි සිරිසේන අරබයා ක්‍රම කීපයක් තිබුනා. අරාජික තත්වයකදී අර කාර් එක කුඩු කරලා ඩඩ්ලි සිරිසේනට පහර දෙන්න, කැරලි තත්වයකදී නම් ඩඩ්ලි සිරිසේනට ගල් කටස් එකකින් ඔලුවට තියලා මූ ද්‍රෝහියා හොරා කියලා දණහිසෙන් පහල අවමංගල චාරිත්‍ර නියෝග කරන එක​.

ඒත් මේ කාලේ හැටියට තමන්ට අනුන් ඉදිරියේ පොරක් වෙන්න කැපී පේන්න අධි රංගනයක නිරත වෙලා මිනිහට අනියම් ලෙසින් තර්ජන බාධා කලා.

අනිත් විකල්පය මොකක්ද ? ඩඩ්ලි සිරිසේන හොඳ මිනිහෙක් නෙවෙයි , අපිත් හොඳ මිනිස්සු නෙවෙයි ලංකාවේ හොඳයි කියන මිනිස්සු නෑ. නමුත් මේ මිනිහා තුල මොන යම් ව්‍යාපාරික දැණුමක් , මෝටිවේශන් තියනවා , ඒ දැණුම , ඒ කන්ටැක්ස් අනාගතයේ අපිට වැදගත් වෙන්න පුලුවන් . අපි දියව් දියව් මානසිකත්වයේ මහපොල අයදින මානසිකත්වයේ නොඉඳ පොඩ්ඩක් ධනාත්මක වෙන්න බලමු. මේ නිසා මිනිහගේ කතාව සිසුන්ට යම් ප්‍රයෝජනයක් ගෙන දෙයි. ඒක ගැන අපි දැණුවත් වෙමු. ඒ වගේම කතාව අවසානයේ සහල් මාෆියාව පිලිබඳ ප්‍රශ්න අහලා එයාව විවේචනය කරමු.

නමුත් ඒ වගේ ආස්ථානයකට අර සිසුන් ගියේ නෑ මොකද ඔවුන් ගේ සමාජ දැණුම එක්ස්පෝෂර් එක අවමයි තමන් ගේ ගමෙන් සරසවියෙන් එහාට ගිහිල්ලා නෑ, ගුරු ගීතය / වානේ පන්නරය ඇරුනම වෙන පොතක් පතක් කියවල නෑ. ඒ නිසා ඔවුන්ට ගැඹුරු සංවාදයක් කරන්න දැණුමක් නෑ. ඒ නිසා කලේ දන්න එක දෙයයි . පාර හරස් කරලා උඹ හොරා , සහල් මාෆියා කාරයා උඹලා කවුද මේ සරසවි අස්සට එන්න කියලා තර්ජනය කලා.

මේ කතාවෙන් පස්සේ අපිට අර පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහපු මැට්ටවත් සාධාරණීකරනය කරන්න වෙනවා. මෑන්ට ප්‍රජාතන්ත්‍රවාදය , වෙස්මිනිස්ටර් ක්‍රමය පාර්ලිමේන්තු සම්ප්‍රදා ගැන මෙලෝ දැණුමක් නෑ. ඌ දන්නේ එක දෙයයි , වලියක් යනවා මම ඒකට එන්ටර් වෙන්න ඕනේ. ඒ නිසා මම මිරිස් කුඩු ගෙදරින් ගෙනත් ගහනවා.

බලන් යන කොට මේ මිරිස් කුඩ්ඩාගේ බුද්ධිය දැණුම මානසිකත්වයයි අර සරසවි සිසුන් ගේ බුද්ධිය දැණුම මානසිකත්වයයි අතර ලොකු වෙනසක් නෑ වගේ .

පසු සටහන ; ඩඩ්ලි සිරිසේන කලේ මෝඩ වැඩක්. එයාගේ දේශනය ඔය සරසවිය තුල නොතියා සිනමන් ග්‍රෑන්ඬ් වගේ හෝටලයක තියලා, ටිකට් ගහලා නොමිලේ ඒක සරසවිය තුල බෙදලා , දේශනය අවසානයේ හොඳ ඩිනර් එකකුත් දෙනවා කියලා ප්‍රචාරය කරා නම් ඔය සිසුන් විශාල ප්‍රමානයක් ඇවිදින් කීකරුව ඔය දේශනය අහලා කෑමත් කාලා යනවා. මොකද මිනිහට එහෙම කරන්න සල්ලි නැති කමක් නෑනේ . හැබැයි ඔය සිසුන් ගෙන් තව කොටසක් කුලෑටි කම , ඔය වගේ තැන් වලට යන්න (සමාජ වාදය ගැන කතා කලාට) තියන සමාජ භීතිය නිසා ඕක වර්ජනය කරයි. ඒකට කමක් නෑ

2 comments:

  1. සරසවියක් තුල සිද්ධවෙන්නෙ ඕනේ මතවාද ප්‍රශ්ණ කිරීම.... ඩඩ්ලිට දේශණය කරන්න දීලා ඔහුව මතවාදීමය වශයෙන් පරද්දන්න තරම් ම් බුද්ධියක් මේ ශිෂ්‍යට නැතුව ඇති....ඒ වෙනුවට ඔහු බාහු බලය තමයි යොදා ගන්නේ..... මේ වගේ අයට බලය යෑම තමයි ඉතිහාසෙ ඉදන්ම ලංකාවට වෙච්චි වැරැද්ද..මොලේ වෙනුවට ඇගේ ශක්තිය ගැන විස්වාස කරන අයත් එක්කෙඅ රට හදන්න බෑ...

    ReplyDelete
  2. අමුවෙන්ම ඇත්ත පැහැදිලි කරලා තියනවා..මුන් ග්‍රෝත්තිකයි.. උන්ට ඕනා තමන්ට හිතෙන හිතෙන දේ, තමන්ට තර්ජනයක් වෙනදේ, තමන්ට වඩා විශාල දේ විනාශකරලා දාන්න අරගල වාතාවරණයක්. ඔය වගේ අය උපාදියක් කියලා එකක් එක්ක සමාජෙට ගියාම ඒක සමාජෙට තර්ජනයක්. උන් දන්නෙ නෑ ගේමක් ගහලා ඔළුව උස්ස්ගන්න. උන් හිතන් ඉන්නෙ ධනපතියො උන්ට හැමදේම නිකන් දෙන්න ඕනා කියලා. ගේමක් ගහලා ඔළුව උස්සන්න හදන මෝඩ තරිඳු එක්ක කපිලලා තරහා ඒකයි..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook