Sunday, January 7, 2024

56 බමුණු කුලයේ බිඳ වැටීම




1956 බණ්ඩාරනායක ගේ විප්ලවය මගින් ලංකා රාජ්‍යයේ අන්තිවාරම දෙදරා ගියා. ජාතිවාදය , ආගම් වාදය , භාෂා වාදය සමග පංච මහා බලවේගය කර පින්නාගෙන බණ්ඩාරනායක ගැහුවේ බලය සඳහා ගැලරිය චූන් කිරීමක්. ඒ නිසා ලංකාවට කෙල වීමේ පදනම වැටුනා.


1)  වාර්ගික ආවේග ඇවිස්සීම නිසා 30 අවුරුදු යුද්ධයකට බීජ පැල කලා.

2)  කාර්‍යක්‍ෂම ද්වී භාෂා හැකියාව තිබූ සංස්කෘතිකගත බර්ගර් මැනේජර්ස්ලා රජයේ සේවයෙන් එලවීම ආරම්භ කරලා එතනට ඒක භාෂික වැඩක් බැරි උද්දච්ච  සෝමපාලලා  රජයේ සේවයට  ගෙනාවා.

3) සිලෝන් යුනිවසිටි කොලීජිය නිෂ්පාදනය කරපු අන්තර්ජාතික ප්‍රජාවගේ  ගරුත්වය පවා ලැබූ ගනනාථලා වෙනුවට 56  පස්සේ නිෂ්පාදනය කරන්න ගත්තේ අත්තනායක හේරත් ලා.
 
4) ලෝක ප්‍රකට කේ එන් ජයතිලක වගේ බුද්ධිමතුන් වෙනුවට හැදුනේ සූරිය ගුණසේකරලා.

5) වෛද්‍ය විද්‍යාවෙන්  ලෝකයේ ඕනම  දියුණු රටක කරට කර  හිටපු වෛද්‍ය දොන් මයිකල් ,වෛද්‍ය  ඇන්තනීස් , වෛද්‍ය ස්ටෙලා වගේ වෘත්තිකයන් වෙනුවට හැදුනේ පාදෙනියලා ජයසුමනලා.

6) අද පාර්ලිමේන්තුවේ ඉන්න මිරිස් කුඩු ප්‍රසන්නලා කප්පම් සරණලාට  පාලිමන්ට් එන්න පාර සකස් කලේ 56

7) ඉන්දියාව තම තාරුන්‍ය ඉංග්‍රීසි දැණුමෙන් සකස් කරලා සිලිකොන් වැලි යවන කොට අපේ ඒක භාෂික උපාධිධාරියෝ අමාත්‍යාංශ අස්සේ සංවර්ධන සහකාරලා උනේ 56 ට පින් සිදු වන්න.
 
8) ඉන්දියාව , පිලිපීනය තම හෙදියන් පුහුණු කරලා බටහිර රට වල සේවයට යවන කොට අපේ 56 හෙදියන් ගෙන් 99% IELTS ෆේල්.
 
9) 56 ට පෙර චෝසර් ගේ The Canterbury Tales ඔස්කා වයිල්ඩ් ගේ The Picture of Dorian Gray  ලෝරන්ස් ගේ Sons and Lovers කියවන්න නියමිතව සිටි පාඨකයෝ කියවන්න ගත්තේ ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි. සිංහල සාහිත්‍යයට මැදවච්චියෙන් එහා ලෝකයක් දකින්න බැරි උනා. 

10) අයිවර් ජෙනිංස්ලාගේ බලපෑම නිසා සංස්කෘතික වශයෙන්  Renaissance එකක් ලබමින් සිටි රට 56 පස්සේ සංස්කෘතික කාන්තාරයක් වෙන්න පටන් ගත්තා. 

මේ අනුව 56 උනේ බමුණු කුලයේ බිඳ වැටීමක් නොවෙයි සමස්ථ ලංකාවට කෙලවීමේ පදනම වැටුනේ එදා. ඒ මැතිවරණයෙන් බණ්ඩාරනායක වෙනුවට සර් ජෝන් දින්නා නම් ලංකාවේ ඉරණම වෙනස් වෙන්න තිබ්බා. 




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook