Monday, November 27, 2023

ගැටමාන්න මිස්




හලාවත රෝහලේ එක නර්ස් කෙනෙක් හිටියා 10 වසරේ ඉස්කෝලේ කෙල්ලෙක් වගේ පොඩියි. මමයි රිස්නියි (දැන් උගුර කණ නාසය විශේසඥ වෛද්ය රිස්නි සකාෆ්) ඒ මිස්ට දාලා තිබ්බ නම ගැටමාන්න මිස්.

ඔපරේශන් එකක් කරන ගමන් හදිසියේ යමක් ඕන උනොත් අපි ' අනේ ගැටමාන්න මිස් ගෝස් කෑල්ලක් දෙන්න " වගේ දෙයක් කිව්වම ගැටමාන්න මිස් ටක් ගාලා ගෙනත් දෙනවා. මේ ගැටමාන්න කතාව කිව්වේ අපි විතරයි. කොහොම හරි මේක තියටර් එකේ පබ්ලික් උනා.

වරක් ශල්ය වෛද්ය විශේසඥ බී.ජී.එන් රත්නසේන ඔපරේෂන් එකක් කරන ගමන් " මේ ගැටමාන්න මට කටිං නීඩ්ල් එකක් දෙන්න කිව්වා. රත්නසේන සර් හිතුවේ මේ නර්ස් ගේ ඇත්ත නම ගැටමාන්න කියලා. රත්නසේන සර් එහෙම කිව්ව ගමන් ඔපරේෂන් එක ඇසිස්ට් කරමින් සිටි රිස්නිටයි ඇනස්තීසියා දීගෙන හිටපු මටයි බුග් ගාලා හිනා ගියා.

එතකොට ගැටමාන්න මිස් රත්නසේන සර් දිහා බලලා කිව්වා " සර් මගේ නම xxxx කියලා.

තියටර් එකේ තව හිටියා කටුවපිටිය මිස් කියලා මමයි රිස්නියි නම් දාපු කෙට්ටු මිස් කෙනෙක්. කටුවපිටිය මිස් ගැන කතාව පස්සේ කියන්නම්. තව මම ඇට්රොපීන් වයල් එකක් කඩන කොට ඇට්රොපීන් බිංදුවක් විසිවෙලා ශල්ය වෛද්ය විශේසඥ බී.ජී.එන් රත්නසේන සර් ගේ ඇහැට වැටිලා සර් ගේ ඇස් දෙක දෙවිදියකට ෆෝකස් වෙන්න ගත්තා. පස්සේ ඔක්කොම මේජර් ඔපරේෂන් කල් දාලා සර් රිස්නිට යි සිඩ්නිටයි පොඩි කේසස් පටන් ගන්න කිව්වා. ගැටමාන්න මිස් ඒ අයට ඇසිස්ට් කරන්න පටන් ගත්තා.

කැනඩාවට ආවම පස්සේ තමයි අපි කරපු වැඩ වල බරපතලකම තේරුනේ . අපි කරලා තිබ්බේ Body shaming. ඒක හොඳ දෙයක් නොවෙයි

4 comments:

  1. "Body shaming" වචනේ ඉගෙන ගත්තේ අදයි. ඔය වගේම වැඩක් දැනට වසර 60 කට විතර ඉහතදී අපටත් වී තිබෙනවා. මේ කාලයේ ශ්‍රී ලංකාවට තිබුණේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයය (University of Ceylon) පමණයි. පේරාදෙණියේ තිබුණු විශ්ව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයයේ, Science Faculty ය තිබුණේ කොළඹ. අපේ batch එකේ සිටියේ 40 දෙනෙක් පමණ. ඉතා ප්‍රිය මනාප කරුණානායක නම් ශිෂ්යාවක්ද අප සමග සිටියා. සිත් ගන්නා ආකාරයේ පෙනුමකින් යුක්ත ඇය හරිම මහතයි. අප විහිලුවට ඇයට කිව්වේ ගජනායක කියා. ඊළඟ අවුරුද්දේ ඇයගේ ඥාති සහෝදරියක්ද විශ්ව විද්‍යාලයයට ආවා. ඇය ඉතාමත් කෙට්ටු කෙනෙක්. ඉක්මණින්ම ඇයට නම වැටුනා කටුනායක කියා. මේ අන්වර් ථ නාමය ඉක්මණටම ප්‍රචාරය වෙලා ගොස් අපගේ Zoology lecturer ටත් ආරංචි වෙලා. එක දිනක් අප කිහිප දෙනෙක් තම කාමරයට කැඳවූ ඔහු ඇයට කටුනායක නම පටබැඳීම ගැන දොස් කියා කෙනෙකුට එසේ සිදුවන්නේ මන්ද යන්න Genetics අනුව පැහැදිලි කර දුන්නා. ඒ උනත් "Body shaming" ගැන නම් කිව්වේ නැහැ.

    ReplyDelete
  2. මා මෙයට ලියූ කොමෙන්ටුවක් පළවී නැහැ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook