Tuesday, March 22, 2022

ලවුස්කීපර ආගම්

 


තිලකසිරි නයිට් ඩියුටි කරලා ගෙදර ආවා නිදාගන්න​. කොල්ලා විභාගයට පාඩම් කරනවා. වයිෆ් මේ දවස්වල අසනීපයෙන් නිසා විවේකයෙන් ඉන්නවා. තිලකසිරි නිදාගන්න ගියා. ඇහැ පියවීගෙන එන කොටම මුස්ලිම් පල්ලියේ යාඥාව යකඩ කටින් පටන් ගත්තා. ඒ එක්කම පන්සලේ පිරිත් යකඩ කටින් ඇහෙනවා. මේ අව්වස්සේ පල්ලියේ යාතිකාවකුත් ෆුල් වොලියුම් දාලා. 

දැන් ඇහෙන සද්ද මේ වගේ ; ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති..... අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා, සුබ්හානල්ලාහි රබ්බිල්... මා මව්නී අති ප්‍රේමනීය මේ ලෝකේ මගේ ආධාර ශෝකේ මා නීති සන්තෝසය... ආරති විරති පාපා - මජ්ජපානා ච සඤ්ඤමෝ අප්පමාදෝ ච ධම්මේසු...  බිස්මිල්ලා හිර්‍රහ්මා නිර්‍රහිම්; ලා ඉලාහ ඉල්ලල්ලාහු... අන්ධවූඅප ආලෝකය දුර්වල අප ආධාර පාපිවූ අපගේ පිහිට...  ගාරවෝ ච නිවාතෝ ච - සන්තුට්ඨි ච කතඤ්ඤතා කාලේන ධම්ම සවණං ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයීන් කදීර්.......  . ඵුට්ඨස්ස ලෝකධම්මේහි - චිත්තං යස්ස න කම්පති ....ඊර්‍ෂ්‍යාදී නෙක පව් දෝසෙනි මා සිත් දුස්විය හැක්කේ වේ ඒවායින් ගැලවෙන්ට මව්නි...  සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ. 

තිලකසිරිට මළ පැන්නා. යකෝ මේක පුදුම වදයක් නේ. මිනිහෙක්ට නිදා ගන්න බෑ, ළමයෙක්ට පාඩම් කරන්න නෑ, රෝගියෙකුට විවේකයෙන් ඉන්න නෑ. මුන් ඔක්කොම ශබ්ද දූෂණයේ.  

මොනා කරන්නද තිලකසිරිය තමන් ගේ සෙටප් එකේ ෆුල් වොලියුම් දාලා ගමටම ඇහෙන්න දැම්මා සිංදුවක් ... මම දුන්නේ කිස් එකයි කිස් එකායි ... දැන් ආගමික ස්තෝත්‍ර එක්ක මික්ස් වෙලා මම දුන්නේ කිස් එකයි කිස් එකායි.. ඇහෙනවා 



1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook