මා විසින් ලියන ලද Auschwitz කවිය මාගේ බෙංගාලි මිතුරෙකු වන Sibtosh Banerjee විසින් බෙංගාලි බසට පරිවර්තනය කරන ලදි
මා විසින් ලියන ලද Auschwitz කවිය මාගේ බෙංගාලි මිතුරෙකු වන Sibtosh Banerjee විසින් බෙංගාලි බසට පරිවර්තනය කරන ලදි
කිරිබත්ගොඩ දෙකේ කණුව යනු 1970 දශකයේ කිරිබත්ගොඩ සිටි සුප්‍රකට පික් පොකට් ගැසීම ඉගැන්වූ ගුරුවරයෙකි. ඔහුගේ ගෝලයන් පොකට් ගැසූ විට ඉන් කොටසක් කිරිබත්ගොඩ දෙකේ කණුවට දිය යුතුය. සිරිපාල නොහොත් මරුසිරාද කිරිබත්ගොඩ දෙකේ කණුව යටතේ පොකට් ශිල්පය ඉගන ගත්තේය. වරක් සිරිපාල කිරිබත්ගොඩ දෙකේ කණුව ගේ පොකට් එකකටත් ගැසුවේය. ගුරාගේ පොකට් එකට විදීමෙන් පසුව සිරිපාල තම මිතුරා වූ ලයනල් සමග රජරටට පළා යන්නේය.
අපේ තාත්තා වැඩ කරන්නේ අදිවේගයේය. අදිවේගය කියන්නේ පාරකි. ඒ පාරේ යන අය සල්ලි ගෙවති. ඒ සල්ලි යන්නේ කොහේටද කියා අපේ තාත්තාවත් දන්නේ නැත. ලොකු මහත්තුරු අදිවේගයේ යන විට සල්ලි ගන්නේ තාත්තාය. තාත්තා සල්ලි ගන්න විට ඒ මහත්තුරුන්ට වඳිනවාය. තාත්තා අම්මාට කියන්නේ මම වැඩ කරලා එන්නේ බොසාටත් වැඳලා කියාය. දකින දකින ලොකු ලොක්කන්ට නිතරම වඳින නිසා තාත්තාගේ ඔලුවේ කොන්ඩය නැත. පන්සලේ හාමුදුරුවෝ මහත්තුරුන්ට වඳින ගාතාවක් තාත්තාට කියා දුන්නෙමි. ඒ ගාතාව තාත්තා උදේ සවස කියති. ඒ ගාතාව නම් ....
ජවිපෙ සාමාජිකයන් වර්ග කීපයකි
1) ග්‍රාමීය හරක් හොරු ජෙප්පෝ - මේ වර්ගයා නූගත් සහ අතිශයින්ම කෘර වෙති. ඔවුන් නිතරම සිටින්නේ ජවිපෙ විප්ලවයක් නොහොත් කැරැල්ලක් එන තෙක් ය. ඒ එන විට ඔවුන් තමන් ගේ ගමේ සිටින සුළු ධනපතියන් වන ගමේ මුදලාලි සහ ඉඩම් සතු වගාකරුවන් මරා දමා ඔවුන් ගේ ධනය පැහැර ගැනීමේ චේතනාවෙන් පෙලෙති.
2) ග්‍රාමීය මානුෂික ජෙප්පෝ - සාහිත්‍ය කියවා යම් ප්‍රමාණයක මානුෂික ගති පෙන්වන මේ වර්ගයා මිනී මැරීමට අකමැතිය. එහෙත් සමාජ පරිවර්තනයක් අපේක්‍ෂා කරති.
3) ග්‍රාමීය විශ්ව විද්‍යාල ජෙප්පෝ ; කළා උපාධියක් කරන හෝ නිම කල පුද්ගලයන් වෙති. ඉංග්‍රීසි දන්නේ නැත. සකල දැණුම ලබාගෙන ඇත්තේ සිංහල බස හරහාය. එහෙත් තමන් සියල්ල දත් අය බව සිතති. නවක වධකයෝ වෙති. අන්තරයේ බලහත්කාරය ප්‍රගුණ කොට සිටින මොවුන් මිනී මැරීමට හෝ වධකයන් ලෙසටද යොදා ගත හැකිය.
4) මෝඩ ජෙප්පෝ ; නායකයන් කියන දේ ශුද්ධ වාක්‍ය සේ පිලිගනිති. ඔවුන්ට අනුව කියුබාව යනු සුපිරි රටකි. තර්කානුකූල බුද්ධියක් නැත. මිනී මැරීමට අකමැති නමුදු වාදයකදී තර්ක හැකියාව නැති නිසා කුනුහරප භාවිතා කරති.
5) කපටි ජෙප්පෝ ; වැල යන අතට මැස්ස ගහන මොවුන් බලන්නේ ජවිපේ කැරලි හරහා හැකිතාක් මුදල් කොල්ලකා බටහිර රටකට පැන යාමටය. ආතල් එකේ සැප විඳිමින් තමන් ගේ ළමුන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවමින් මොවුන් විප්ලවය ගැන දේශනා කරමින් අනුන් ගේ ළමුන් බිලි බෝයිස්ලා කිරීමට මාන බලති.
6) හයිෆයි ජෙප්පෝ ; බටහිර පන්නයට හැදී වැඩී ඉංග්‍රීසි කතා කරන මොවුන් නිතරම පක්‍ෂයේ ඉහලින්ම වැජඹෙති. එහෙත් මොවුන් රිස්ක් ගන්නේ නැත. පක්‍ෂය කුජීත වන විට මාරු වෙති.
මාඕ සේතුංට මෙන් ගෝටාභයටද කාබනික වගා ලණුවක් අතුරලියේ රතන, අනුරුද්ධ පාදෙණිය, ප්‍රියන්ත යාපා යන පිරිස් විසින් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්‍ය උදිත ජයසිංහ මහතා සඳහන් කරයි. මේ නිසා අනාගතයේ සාගත තත්වයක් ඇති විය හැකි බවට මහාචාර්‍ය උදිත ජයසිංහ මහතා වැඩි දුරටත් අණතුරු අඟවයි.