Saturday, September 8, 2018

ලංකාවේ ක්‍ෂිතිමය පරම්පරාව නියෝජනය කල දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර  මහත්මියගේ සොහොයුරා වූ ‍දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා  වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත.  

වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු 71 කැරැල්ලේදී හා ඉන් පසුව දීර්ඝ වදබන්ධන වලට ලක් වූ වින්දිතයෙකි. 1971 වසරේ දිනක දිනක්‌ රාත්‍රියේදී පණ පිටින් පුළුස්‌සා මැරීම සඳහා ඔහුගේ සිරුරට පෙට්‍රල් වත් කරනු ලැබේ. එහෙත් රත්නපුර රෝහලේ ටෙනිස්‌ පිටියේදී ඔහු සමග ටෙනිස්‌ ගැසූ පැරණි මිතුරකු වූ සහකාර පොලිස්‌ අධිකාරි නීල් වීරසිංහ ඔහු හඳුනාගෙන ඔහුගේ සිරුරට ගිනි තැබීම වළක්‌වයි. 1989 දී   ගම්පහ රෝහලේ වෛද්‍යවරයකුට පහර දීම නිසා යළි පොලිස්‌ කූඩුවට දමනු ලැබේ. ඊට දින කිහිපයකට පසු ගම්පහ පිහිටි "වයිට්‌ හවුස්‌" නමැති ඔහුගේ නිවස ජ.වි.පෙ. සාමාජිකයෝ ගිනි තබති. මේ වන විට ඔහු හත් වතාවක්‌ හිරේ ගොස්‌ ඇත. සිය වතාවකට වඩා පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත. (කාලයෙන් කාලයට රට කළඹන  විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌)  

ඔහුගේ ක්ලමථකාරී හැසිරීම් රටාව මාධ්‍ය විසින් වාර්ථා කල තිබුණි. වරක් අධිකරණය ඉදිරිපිටදී කැත්තක් රැගෙන කළහකාරි ලෙස හැසිරුණු  වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනි. ඉන්පසු   කොළඹ අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අණතුරුව වෛද්‍ය සුභාෂ් පිළිබඳව මානසික තත්ව වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කිරීමෙන් පසුව ඔහුව   අංගොඩ මානසික රෝහලට යොමු කරන ලදි.  

වධ බන්ධනයට ලක් වීමත් හිසට සිදු කරන ලද පහර දීම් නිසාත් දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයෙන් මෙන්ම TBI (Traumatic Brain Injury) තත්වය නිසා හටගත් පෞරුෂ වෙනස් වීම් වලින් ද පෙලෙන බවට අනුමාන කිරීමේ සාධක  තිබේ. මේ පිලිබඳව මම වරක් ලිපියක්ද ලියූවෙමි.   වෛද්‍ය  ‍ සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මෙවැනි කුරිරු ලෙස තම ජීවිතය අවසන් කර ගැනීම සඳහා ඔහු ලද  ක්‍ෂිතිමය ජීවන අත්දැකීම්ද හේතු කාරකයන් වන්නට ඇත​.   සියදිවි නසා ගැනීම අනුමත නොකරන මුත් දිවි නසා ගැනීම සඳහා ඔහුට තම වෛද්‍ය දැණුම උපයෝගී කර ගෙන මාරක නමුදු සෞම්‍ය ක්‍රමවේදයක් උපයෝගී කර ගැනීමේ හැකියාව තිබුන නමුදු ඔහු තෝරා ගත්තේ ඉතා සාහසික මෙන්ම දරුණු ක්‍රමවේදයකි. මෙයද ඔහු පෙළූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාව හේතු කාරකයක් වන්නට ඇත​. දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු යනු 1971 / 1988-89 යුග වල අන්තවාදී ප්‍රචණ්ඩ දේශපාලනයේ මෙන්ම රාජ හිංසනයේ  කොටස්කරුවෙකු මෙන්ම ගොදුරකි. ඔහු නියෝජනය කලේ ලංකාවේ ක්‍ෂිතිමය පරම්පරාවය.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග

8 comments:

  1. Hi Dr. Ruwan I selected your story Multi cultural and sent to my producer for processing. It will be on web on Saturday Sep 15th at 4 p.m Canadian time in Sawana.ca Online radio . I attached herewith link for google drive if you have time please listen and if you feel any changes required please let me know before Tuesday 11th to my e-mail anuruddhawe@yahoo.com. I really appreciate your authorization to use your story.

    https://drive.google.com/open?id=1Hc68_nRL7LxfFfizNkc4_4FOsSVaIqDT Thanks Anuruddha

    ReplyDelete
  2. වෛද්‍යවරයෙකු උනත් එවැනි මොළයට සිදු වූ හානියකදි ඕනැම අයකු හැසිරෙන්නේ රෝගියෙකු ලෙසයි.

    ReplyDelete
  3. හරිම දුක හිතෙන සිද්දියක් මෙතුමා කර ගත්තේ.වෛදයවරයෙක් උනත් නිහතමි ගති ගුණ තිබුන පුද්ගලයෙක්.ඔයා වැඩිහිට නිවාසයේදී මම කිහිප වරක් මුණ ගැසී තියෙනව.එතන ඉඩපුඅනිත් අයවත් බලාගෙන හරි හොදින් හිටිය.අපිට උනත් සුළු දෙයකට උනත් එතුමා ප්‍රතිකාර කලා.මේ විදිහට ජීවිතෙන් සමු ගනී කියල නම් කීයටවත් හොතුවේ නැහැ.නිවන් සුව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවවා මිසක් ඊටව ද දෙයක් කරනන් මට නොහැකි.මේ සංසාරේ කවදා හරි අපි වෙනත් විදිහකින් මුනගසේවි.බොහොම හිතවත් යාලුවෙක් නතුවුනහම දනනෙන වේදනාව හැමදාටම තියේවි.

    ReplyDelete
  4. ඔබතුම කියන "ක්‍ෂිතිමය පරම්පරාව" කියන දෙය නම් පැහැදිලි කමක් නැහැ.එත් එකෙට අදාල english word දානවම සමහර විට මොකක්ද අදහස් කරන්නේ කියල පැහැදිලි වේවි.පුළුවන් කමක් තියෙනව නම් ඒ වචනය පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. Me too dont know the meaning Can someone please explain it...

      Delete
  5. සුවකල නොහැකි රෝගී තත්වය දැඩිව බලාපොරොත්තු සුන් කරන්නැති.බිරිඳ,දරුවෝ .... ?..?? ලංකාව වැනි මිනිස්සු ඉන්න රටක ඉතා දැඩි දේශපාලන මත සමග ගමන තමන්ටම නරකක් වියහැකිබවයි මගේ මතය.සමස්ථ ප්‍රජාව ගොඩක් හොඳයි වගේම බුද්ධිමත් කියා ඉතිහාසයම කියාපානවා.ලෝකෙන් උතුම් රටනේ ! එතුමා ගැන කණගාටුයි !

    ReplyDelete
  6. අළුත් background එක නිසා කියවන්න අපහසුයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook