ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන සිටින රටවල් තුන්වන ලෝකයේ පසුගාමී මෙන්ම සදා සොත්තී වූ රටවල් වෙති. එවැනි රට වල පොදු සාධක කීපයකි
1) සමාජය තුල නූගත්කම මෙන්ම දරිද්රතාව ඉහවහ ගොස් තිබේ
2) උගතුන් කියන මිනිසුන් තුල වූවද මිත්යා මත බොහෝ තිබේ. ඒවා හිස් මුදුනින් පිලි ගනිති
3)සමාජයේ උගතුන් කියා ගන්නා පුද්ගලයෝ ජන මාධ්ය ඉදිරියට පැමිණ මිත්යා මත ප්රවර්ධනය කරති. ඒවාට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන තරම් ය
4) මිනිසුන් තුල විචාර බුද්ධිය අඩුය ; ඔවුන්ව රැවටීම පහසුය
5) මිනිසුන් බොහෝ විට යහපත් දෙයක් කරන්නේ මානව භක්තියෙන් නොව මරණින් පසු පර ලෝකය සඳහා ඉන්වෙස්මන්ට් එකක් සඳහාය
6) සමහර විට සත පණහක් පිනට දී කෝටි ගනනක දිව්ය ලෝකයේ සැප බලාපොරොත්තු වෙති
7) ආගමික පූජකයෝ පරලොව පෙන්වා මෝඩ ජනතාවගේ තුට්ටු දෙකට විදිති
8) ආගමික පූජකයන් සුර සැප විඳිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතද පාලනය කිරීමට උත්සහ දරති
9) ආගමික පූජකයෝ මානව සාරාර්ථ වලටද අභියෝග කරති
10) මේ රට වල සාර්ථක දේශපාලකයෙකු වීමට නම් බොරුවට ආගමික භක්තිය පෙන්විය යුතුය
11) දේශපාලකයෝ සියළු මජර වැඩ කරන්නේ ආගමික පූජකයන් ගේ ආශිර්වාදය මැදය
12) දේශපාලකයන් ගේ ඕනෑම ජරා කුපාඩි වැඩකට සුදු හුණු ගෑමට ආගමික පූජකයන් ඉදිරිපත් වෙති
13) මේ රටවල මිත්යාව ආගම හරහා මෙන්ම ජනමාධ්ය හරහා ජනතාවට පොවති
14) බොහෝ මිනිසුන් කුසීතය. තම ස්වයං උත්සහයෙන් දියුණු වීම වෙනුවට වාලම්පූරි , විශ්ව ශක්ති මගින් දියුණු වීමට වෑයම් කරති.
15) තම ස්වයං උත්සහයෙන් දියුණු වීමට යන එකාට කෙල කිරීමට අනෙක් එවුන් නිරන්තර උත්සහයක යෙදෙති
16) දේශපාලකයෝ ජනතාවගේ මුදල් හොරකම් කරන අතර ඔවුන් දහම්ද දෙසති , ආගමික සිද්ධස්ථාන වෙත නිරන්තරයෙන්ම යති.
17) ආගම් අතර ආරවුල් වාද නිසා සුළු සිදුවීමකදී වූවද මරා ගනිති
18) ආගම යනු ශබ්ද විකාශන යන්ත්ර මගින් උදේ සවස ජනතාවට කාවැද්දිය යුතු දෙයක් බව සිතති. නිතරම ආගමේ නාමයෙන් ශබ්ද දූෂණය කරති
19) ආගමික සංකේත පාරවල් පුරා ඉදි කල යුතු බව විශ්වාස කරති. ඒවාට ගරු නොකරුවොත් කඩු පොලු උස්සාගෙන එති
20) මේ රට වල බීමත්කම , සියදිවි නසා ගැනීම් , කාන්තා හා ළමා හිංසනයන් ඉතා අධිකය
21) ආගමික කම නාමික වන අතර බොහෝ මිනිසුන් තුල ආධ්යාත්මික බවක් විනයක් නොමැත.
ඔක්කොම බිස්නස් තමා...
ReplyDeleteaniva
Delete1000% agree.+++++++++++++++++++++++++
ReplyDeleteSalute
Deleteඅනිත් රටවලත් එහෙමද?
ReplyDeletesamahara rataval
Delete👌
ReplyDeleteඅපේ පංසලේ හැම දේකටම එකම පිහිට බුදු දහමම පමණමයි කියලා බෝධිපූජාව තියල බණ කියන උන්නාන්සෙම තමා බණ කියල ඉවර වෙලා දේවාලෙට ගිහින් දෙයියන්ට පූජාවට්ටි තියන්නෙත්...
ReplyDeleteඒ දැං ඉන්න කෙනා...😂
කලින් ඉඳපු හාමුදුරුවො හොඳ අඩව්වක් අල්ලලා පංසලෙන් ගියා...අවුල ලඟින් තව පංසලක් දාපු එක...ඒ පංසලේ හාමුදුරුවන්ට හදපු නැති කතාවක් නෑ..අන්තිමට ඒ පංසල වහන්න කියලා උපවාසෙකුත් කරලා ගමේ මිනිස්සුත් තරහ කරගෙන පංසලෙන් ගියා..
ඒකාලෙම තව නමක් ඉඳියා පංසලේ..ආයෙ බෝධිපූජාව නෙවෙයි මොනව තිබ්බත් ගානට 7.30 වෙනකොට ඔක්කොම ඉවර කරලා කාමරේට ගිහින් දොරවහගෙන ඔක්කොම කතා ටික බලනව..හෙන ආතල් පිරිකර බිස්නස් එහෙකුත් කලා උන්නන්සෙ...😂😂
ඊටත් කලිං ඉඳපු ඩයල් එක ගෑනියෙක් තියං ඉඳලා මාට්ටු වෙලා හොඳට චාටර් වෙලා ගිහිල්ලා..(අපි ඉපදෙන්න කලිං)😝
ගෙවල් ලඟ තව ඩෑල් එකක් ඉන්නවා...නමට සිවුරු දාන් හාමුදුරුවො...ඉන්නෙ ගෙදරක හොඳ දේවාලෙකුත් හදාගෙන..යන්නෙ එන්නෙ ඇලියොන් එකෙ...තියන තරං ඔක්කොම බලු වැඩ කරනවා සල්ලි වලට...😒
++++++++++
Deleteනුඋගතුන් වැඩිපුර සිටිනා රටවල පුජකයෝ සහ දේසපාලුවෝ සුර සැප විඳිනවා , උන් මිනිසුන්ට අපාය පෙන්න පෙන්නා උන් දිවිය ලෝක සැප ගන්නවා .
ReplyDeleteAll are true but how can we Chang this????
ReplyDeleteමේ අර්ථ කථනය වැරදියි රුවන්.
ReplyDeleteආගම වැරදි විදියට භාවිතා කිරීමයි
වරදින්නට හේතුව.
හරියට භාවිතා කිරීම පහසු නෑ.
බුදු දහම හරියට භාවිතා කිරීම ගැන
ඔබටත් අවබෝධයක් නැහැනෙ.
ඔබ ආගම ඉහේ තියා ගත්තොත්
ඔබටත් ඒ විදියටම වරදිනවා.
වරද තියෙන්නෙ ඔබේ අතේ විනා
දහමෙ නොවෙයි.
හරියට භාවිතා කරන අයට
ප්‍රතිඵල තියනවා.
පන්සිල් රැකගෙන හිටියත්
ඔහු සමාජයට හිතකර කෙනෙක්.