Thursday, September 20, 2018

සොඳුරු මිනිසෙකු වූ එරාජ් ප්‍රනාන්දු

 
එරාජ් ප්‍රනාන්දු (පිස්තෝල නගරාධිපති) ඒ කාලයේ (1982-83) අප සමග කෙඩෙටිං කල අතර ජොලි පොරක් විය. ඇත්ත වශයෙන්ම එරාජ් එල කිරි කොල්ලෙකි.   එරාජ් , මම , රණසිංහ (වර්තමානයේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකි ) ෆොන්සේකා ( ලුතිනන්වරයෙකුව සිටියදී වඩමාරච්චි ක්‍රියාන්විතයේදී ජීවිතක්‍ෂයට පත් විය ) රුවන් කුලතුංග ( වර්තමානයේ ජෙනරාල්වරයෙකි) , නානයක්කාර (ක්‍රියාන්විතයේදී තුවාල ලබා හමුදාවෙන් විශ්‍රාම ගියේය) , සුබසිංහ නොහොත් ගල් සුබේ ( විශ්‍රාමික හමුදා නිලධාරියෙකි) ජයානන්ද හෙවත් මාළු කටා  ( වර්තමානයේ බන්ධනාගාර ජේලර්වරයෙකි) අසංග ලංකාතිලක හෙවත්  මුචලින්ද  ( ජෙනරාල් කොබ්බෑකඩුව සමග අරාලි තුඩුවේදී ජීවිතක්‍ෂයට පත් විය)  වීරේ (වර්තමානයේ මාදම්පේ ප්‍රදේශයේ පෙට්‍රල් ශෙඩ් හිමි ව්‍යාපාරිකයෙකි) යනාදීන් සමග ප්ලැටූන් එකේ ගත් ආතල් නිමක් නැත.  වරක් අපගේ කෙඩෙටිං ගුරු කරුණාරත්න සර් අපට ග්‍රවුන්ඩ් එක වටා රවුම් 15 දුවන්නට කීවේය. මේ රවුම් 15 දුවන විට අවසානයට එන පස් දෙනාට තවත් රවුම් 5 ලැබෙයි. එදින කොල්ලෝ මා පසු කරගෙන වේගයෙන් දිව්වෝය. මේ නිසා එක්ස්ට්‍රා රවුම් 5 ක් මට ලැබෙන බව නියත ලෙස පෙනෙන්නට තිබුනේය. මේ නිසා මම රවුම් 14 අවසානයේ බොරුවට කකුලේ ක්‍රෑම්ප් එකක් ආවා කියා ග්‍රවුන්ඩ් එක අයිනේ වාඩිවී සිටියෙමි. මට අසාධ්‍ය යැයි සිතූ එරාජ් තම වට 15 මුලින්ම අවසන් කොට මගේ සහාය සඳහා මවෙත ආවේය. ඔහු ස්වභාවයෙන්ම උනුසුම් පුද්ගලයෙකු විය.  මේ සොඳුරු මිනිසා දේශපාලනය නිසා විනාශවී යන අයුරු දැකීම කණගාටුවකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

3 comments:

  1. මල්ලි මමත් අසංග ලංකාතිලක සමග එකට කදෙටින්ග් කළා. අපි 1981 දියතලාවේ චාම්ප් ගිය. අප්‍රේල් 1 වෙනිදා ලනුවක් කල අපල ගේන්න ආගිය ලොකු බකට් එකක අරන් අසංග ලංකාතිලක..මමත් එක්ක ශාමමී කුමාරරත්න හිටිය..ඔහු අද හමුදාවේ ලුතිනන් කල් නල වරයෙකි. නානායක්කාර තමයි සාජන්ට්.

    ReplyDelete
    Replies
    1. අපේ කාලෙත් නානා හිටියා, නානා දැන් මොනාද කරන්නේ

      Delete
  2. selection camp එකෙන් අපිට පළමුවෙනි තැනට එන්න පුළුවන් වුනා. එනිසා හැමදාම practice ඉවරවෙලා කිරිබෝතලයක් ලැබුණා. හැමදාම බෝතල් 25 ලැබෙනවා. නමුත් සමහරදාට එන්නේ 24 ක් විතර. ඉතිරිවන බෝතලය දිනයේ දක්ෂයට ලැබෙනවා. එදාට අසංග ලංකාතිලක දක්ෂය වෙන්න උපරිම උත්සහ දරනවා කිරි බෝතලය ගන්න. මීටර් 100 දුවන්න ඔහු දක්ෂයි ඒ උසනිසා. නමුත් 200 දුවනකොට මීටර් 160 විතරවෙනකොට ඔහුට හතිය. එවිට මම ඔහු පසුකරනවා. එනිසා ඔහු 24ක් ඉන්න දාට කියන්නේ "අද මීටර් 100 විතරක් ඇති සාජන්" කියලයි.අසංග සුන්දර නිහතමානී මිනිසෙකි. ඔහුට හොද හදවතක් තිබුන. අපි එකට දහම් පාසලේ ඉගෙනගත්ත කුප්පියාවත්තේ පන්සලේ.නමුත් ඔහු යුධහමුදවේදී ජෙනරාල් කොබ්බැකඩුව සමග අවසන් ගමන් ගිය. ඔහුට නිවන් සුව.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook