Friday, June 29, 2018

උසාවියට අපහාස කළ ගැහැණිය


මහියංගනයේ පොඩි කුමාරිහාමි  - සිදු කල වරද  ; තද පැහැති සායක් ඇඳගෙන උසාවියට පැමිනීම 

මහියංගණයේ මහේස්ත්‍රාත්වරිය, පොළේ වෙළෙඳාම් කරන ස්ත්‍රියක තද පැහැති සායක් ඇඳගෙන උසාවියට ඒමේ වරදට දින 14ක කාලයක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කළාය. ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේද නඩුවක් පවත්වාගෙන යයි. එම මහේස්ත්‍රාත්වරිය දෙන ලද නියෝගයක් අනුව එම උසාවියට පැමිණිය හැක්කේ සුදු ඇඳුමෙන් පමණය. (රාවය පුවත් පත​)   මේ කාන්තාව පීඩිත පන්තියෙන් පැමින අසීරුවෙන් කලා අංශයෙන් ඉගෙන ගෙන නීතීඥවරියක වී ඉන් පසුව මහේස්ත්‍රාත්වරියක වී තවත් පීඩිත පන්තියේ කාන්තාවක් පීඩනයට පත් කල අයුරුය​. 

මේ හා සමානව වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ සිද්ධිය නම් කල හැකිය​.   මරදන්කඩවල ප්‍රදේශයේ සිට නිදහස්‌ අධ්‍යාපනය ලබා වෛද්‍ය විද්‍යාලයට පැමිණ වෛද්‍ය උපාධිය ලබාගත් ඉන්දික සුදර්ශන බාලගේ ගේ පියා රියෑදුරෙකි. ඔහුද එන්නේ පීඩිත පන්තියෙනි. එසේ ඉහලට ආ ඔහු තමන් මෙන්ම පීඩිත පන්තියෙන් ආ ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර හයවැනි මහලෙන් බිමට තල්ලු කර කෲර ලෙස ඝාතනය කලේය​.   

පීඩිතයා තවත් පීඩිතයෙකු ගොදුරු කර ගන්නේ මන්ද ?

Thursday, June 28, 2018

ඔනරබල්‍ ,වෙනරබල් සහ වල්නරබල්



අපි ඔවුන්ට පඩි ගෙව්වෙමු  
නවීන වාහන අරන් දුන්නෙමු  
ඔවුන්ව නඩත්තු කලෙමු 
ඔවුන් ඔනරබල්‍ ය   

අපි තව සමහරක්ට කන්නට දුන්නෙමු  
ඔවුන්ට සැප පහසු ගෙවල් සදා දුන්නෙමු  
දිව්‍ය ලෝක සැප පතා තුට්ටු දෙක පූජා කලෙමු  
ඒ අය වෙනරබල් වෙති   

අප දිවා රැය කඹුරන්නෝ වෙමු 
තුන්වේල කන්නේ නැත ලෙවකන්නෙමු  
වවුලන් මෙන් එල්ලී බස් කෝච්චි වල යමු  
අප වල්නරබල්  වන්නෙමු 


Wednesday, June 27, 2018

අනගාරික ධර්මපාලතුමා සමරිසියෙක්වීද ?



මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතා විසින් මෑතකදී අනගාරික ධර්මපාලතුමා සමරිසියෙකු බවට උපකල්පනය කිරීමේ සාධක තිබෙන බවට හෙලි කරමින් පවත්වන ලද කතාවක් ශ්‍රවණය කිරීමෙන් පසුව මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි. 

නන්දන වීරරත්න මහතා පෙන්වා දෙන ආකාරයට අනගාරික ධර්මපාලතුමා ගේ ලිංගික ජීවිතය පිලිබඳ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය සතුව ලියකියවිලි පවතින අතර තවමත් ඒවා ප්‍රකාශයට පත් කොට නැත​. තවද අනගාරික ධර්මපාලතුමා සහ විමලානන්ද නම් ගිහි සිසුවෙකු අතර ( මේ මහාචාර්‍ය තෙන්නකෝන් විමලානන්ද බව වීරරත්න මහතා ව්‍යංගයෙන් පෙන්වා දෙයි ) සමරිසි ඇසුරක් පැවති බව උපකල්පනය කල හැකි බවද ඔහු පවසයි. 

මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතා විසින් පවසන මෙම අනුමානයන් සත්‍යද ? 

අනගාරික ධර්මපාලතුමා (ගිහි නාමය දොන් ඩේවිඩ් හේවාවිතාරණ ) උපත ලබන්නේ 1864 වසරේදීය​. උප්පත්තියේදීම ඩේවිඩ් හේවාවිතාරණ ගේ පාදයේ ආබාධයක් තිබීම නිසා ඔහු තමන් ශාරීරික වශයෙන් දුර්වලයෙකු බව සිතයි. මූලිකවම  තමන්ට දාව ශක්තිමත් පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව සිතීම නිසා  ඔහු බ‍්‍රහ්මචාරී වෘතයට අනුගත වෙයි. මේ පිලිබඳව අනගාරික ධර්මපාලතුමා තම දිනපොතේ ද සඳහන් කොට ඇත​. 

ඉන්දියාවේ වාසය කල සමයේදී උඩකැන්දවල ශ්‍රී සරණංකර  හිමියන් මෙන්ම අනෙකුත් භික්‍ෂූන් විසින් අනගාරික ධර්මපාලතුමා ගේ  ඇතැම් හැසිරීම් රටාවන් විවේචනයට බඳුන් කරන ලදි. සමහරෙකු විසින් ධර්මපාලතුමා විමලානන්ද නම් සිසුවාට  අනවශ්‍ය ලෙසින් නිදහස ලබා දුන් බවට චෝදනාද තිබේ. විමලානන්ද නම් සිසුවා කරන වැරදි වලදී ධර්මපාලතුමා නිසොල්මන්ව සිටි අවස්ථාද ඔවුන් සඳහන් කරති. එහෙත් අනගාරික ධර්මපාලතුමා ගේ දිනපොතක විමලානන්ද නම් සිසුවා මුරණ්ඩු අයෙකු බවටද සඳහනක් තිබේ. 

අනගාරික ධර්මපාලතුමාට  හිනිඳුම වත්තේ කොන්දොස්තර වූ ලුවිස් සමග ඉතා කිට්ටු සබඳතාවක් තිබ්බේය​. ලුවිස් විවාහකයෙකු වූ අතර ඔහුට දරු පවුල විශාල නොකරගන්නා ලෙසට ධර්මපාලතුමා අවවාද දෙයි. එසේම හොනලූලූ නගරයේ ෆෝස්ටර් මහත්මිය සහ ධර්මපාලතුමා අතර ඉතා ලඟ මිත්‍රත්වයක් තිබුනේය​. ෆෝස්ටර් මහත්මිය ධර්මපාලතුමා ගේ බුද්ධගයා ව්‍යාපාරයට මුදලින් ද ආධාර දුන්නාය​. ෆෝස්ටර් මහත්මිය තමන්ට මවක් මෙන් වූ බවට ධර්මපාලතුමා සඳහන් කරයි. මේ සබඳතා හුදු උණුසුම් මානවීය සබඳතා බව පෙනී යයි. 

ඉංග්‍රීසි යටත් විජිත පාලකයෝ අනගාරික ධර්මපාලතුමාට  කැමැත්තක් දැක්වූයේ නැත​. ඔවුන් විසින් නිරන්තරයෙන්ම එතුමාගේ වියාපාරයන්ට බාධා එල්ල කරන ලදි. තවද අමධ්‍යප සංගමයේ ක්‍රියාකාරකම් මෙන්ම  1915 සිංහල මුස්ලිම් කෝලාහලය නිසාද ඉංග්‍රීසී පාලකයන් සිංහල බෞද්ධ ප්‍රභූන් කෙරෙහි බැළුවේ සැක සහිතවය​. එසේම හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට යටත් විජිත පාලකයෝ ක්‍රියා කළහ​. 1915 සිංහල මුස්ලිම් කෝලාහල සමයේදී අනගාරික ධර්මපාලතුමාට ලංකාවට ඒම පවා තහනම් කරන ලදි. යම් ලෙසකින් නන්දන වීරරත්න මහතා පවසන අන්දමට අනගාරික ධර්මපාලතුමා ගේ  සමරිසි සබඳතාවන් පිලිබඳව බ්‍රිතාන්‍ය ඔත්තු සේවය දැන සිටියා නම් ඔවුන් එය අනගාරික ධර්මපාලතුමාට එරෙහිව භාවිතා නොකලේ මන්ද  යන සැකය මෙහිදී මතුවේ. මේ සමයේදී එංගලන්තයේ සමරිසි නීති ඉතා තද කාලයක් විය​. ඔස්කා වයිල්ඩ් වැනි පුද්ගලයෝ පවා වික්ටෝ‍රියානු ප්‍රති සමරිසි නීති හමුවේ සිරගත වූහ​. මේ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ධර්මපාලතුමා සම්බන්ධයෙන් ඔප්පු කල හැකි සාධක තිබුනේ නම් ඔවුන් ධර්මපාලතුමාට එදිරිව නීතිය ක්‍රියාත්මක කිරීමට දෙවරක් සිතන්නේ නැත​. එමගින් ඔවුන්ට ධර්මපාලතුමා සිරගත කිරීමට මෙන්ම ජනප්‍රිය නායකයෙකු ලෙස ඔහු සතුව තිබූ කීර්තියටද ඉන් පහර දීමටද හැකියාව තිබුණි. නමුත් අනගාරික ධර්මපාලතුමාට සමරිසි චෝදනා ගොනු වූයේ නැත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, June 26, 2018

Be the change




Challenge the  Hegemony  
Challenge the Status Quo 
Challenge the hierarchy    
Challenge the  authority  
Challenge the command 
Challenge the dominant culture  
Stand against commodification 
Demand depoliticization 
Be explicit ;Be the change 

Ruwan M Jayatunge 

Sunday, June 24, 2018

උඹලා සහ උන්

 

උඹලා අපි යන්නේ කොයි පාරේ
ත්‍රිමා වෙනුර ගිය පාරේ 
කිය කියා කෑගහගෙන යනකොට
උන්  මැගිල් , මොනෑෂ් පාරේ යනවා

උඹලා අනිවාර්‍යෙන් සෙරෙප්පු දාගෙන 
චීත්ත ගවුම් ඇඳගෙන 
එන්න ඕනේ කියලා නීති දානකොට
උන්  ලීවයිස් ඇඳගෙන යනවා  

උඹලා පුස්තකාල වලට 
යන එක තහනම් කරන කොට
උන්  බ්‍රිටිෂ් කවුන්සිල් යනවා 

උඹලා ඉංග්‍රීසියෙන් කතා කරන එක 
තහනම් කරන කොට
උන්  IELTS කරනවා 

උඹලා නවක වධ කරන කොට
උන් ආදරයෙන් බැඳී ප්‍රේම කරනවා 

උඹලා පෝස්ටර් ගහන කොට
උන් ITඉගන ගන්නවා 

උඹලා කැට හොල්ලන කොට
උන් මැනේජ්මන්ට් ඉගන ගන්නවා 

උඹලා පාරවල් බ්ලොක් කරන කොට
උන් විභාග කරනවා 

උඹලා රැකියා ඉල්ලා 
උද්ගෝෂණය කරන කොට
උන්ට ප්‍රයිවෙට් සෙක්ටර් එක 
එන්න කියලා අඞගහනවා 

උඹලා රටට බරක් වෙනකොට
උන්  ලැබෙන පඩියෙන් 
රටට බදුත් ගෙවනවා 

Thursday, June 21, 2018

ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ; මෙතෙක් නොකියවුනු කතාව

 
ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳව බොහෝ ලිපි පලවී තිබේ. මෙම ඛේදවාචකය ඇරඹෙන්නේ 1988 භීෂණ යුගයත් සමගය​. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් හමුදා අත් අඩංගුවට පත් වන අතර ඔවුන් පසුව අතුරුදහන් වෙති. මේ දක්වා අතුරුදහන් වූ සිසුන් 48 දෙනාගේ සිරුරු හමුවී නැත. ඔවුන් ගේ සිරුරු සූරියකන්දේ වළලා තිබෙන බවට මුලින් සැක කරන ලදි. එහෙත් එය නිවැරදි නොවීය​. පසුව කියවුනේ ඔවුන් ගේ සිරුරු තේක්ක කැලේ වලලා ඇති බවය​. එයද සාවද්‍ය විය​. මෙම සිසුන් ගේ මෘත ශරීර වලට සිදු වූයේ කුමක්ද ? 

ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳව මම බොහෝ කාලයක් පුරා අධ්‍යනය කලෙමි. වරක් මම තොරතුරු සෙවීම සඳහා ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයටද ගියෙමි. එසේම මේ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් සම්මුඛ සාකච්ඡා වලට ලක් කලෙමි. මෙම ලිපිය එකී තොරතුරු අනුසාරයෙනි. 

ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳ තිබෙන ජනප්‍රිය මතය වන්නේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වූ දයානන්ද ලොකුගලප්පත්ති ගේ පුතා එම පාසලේ ඉගෙනුම ලැබූ පවිත‍්‍රා රන්මලී සිසුවියට ලියූ ආදර හසුනක් මුල් කරගෙන ඇතිවූ සිද්ධියක් මත විදුහල්පති  දයානන්ද ලොකුගලප්පත්ති විසින් මෙම සිසුන් සෙවන කඳවුරේ සිටි හමුදා නිලධාරීන් මාර්ගයෙන් අතුරුදහන් කල බවයි. නමුත් සත්‍ය නම් මෙම ඛේදවාචකය එම සිදුවීමටත් එහා ගිය එකක් වීමයි. 

1988 භීෂණ කාලයට වසරකට පමණ පෙර බුද්ධික කුලතුංග නම් ගුරුවරයෙක් පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමක් ස්ථාපනය කිරීම සඳහා සිසුන් එකතු කරන්නට විය​. බුද්ධික කුලතුංග ජාතික ශිෂ්‍ය භට බළකායේ නිලධාරියෙකුද නොවීය​. ඔහුට තිබුනේ යටි අරමුණකි. බුද්ධික ජවිපෙ රහස් ක්‍රියාධරයෙකු විය​. ඔහුට පැවරී තිබුනේ  කැඩෙට් කණ්ඩායමක් ඇති කරන විලාශයෙන් පාසල් සිසුන්ට කොකු ගැසීමය​. ඉන් පසු තෝරාගත් සිසුන් හට පන්ති පහ පවත්වන ලදි. සමහක් සිසුන් හට ඔහුගේ මූලිකත්වයෙන් අවි පුහුණුවද ලබාදී තිබුනේය​. ඔහුට නියමිතව  තිබුනේ ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයක් ඇඹිලිපිටියේ ඇති කිරීම සහ එම පාසල් සිසුන් මගින් කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමය​. 

1988 භීෂණ කාලය ඇරඹෙත්ම ඇඹිලිපිටිය ගිනි ගත්තේය​. ජවිපෙ විසින් මොල ශෝධනයට ලක් කරන ලද පාසල් සිසුන් විසින් බස් රථ 15 - 20 අතර ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරන ලදි. එසේම කුට්ටිගල ග්‍රාම නිලධාරියාව මරා දැමීම මෙන්ම ඇඹිලිපිටිය මහේත්‍රාත් උසාවිය , ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව ගිනි තබා විනාශ වැනි ක්‍රියා සඳහා බුද්ධික කුලතුංග ගේ ව්‍යාජ කැඩෙට් ප්ලැටූනයේ සිසුන් විසින් සහභාගි වන ලදි. මෙම සිසුන් මෙහෙයවනු ලැබුවේ බුද්ධික කුලතුංග ඇතුළු ජවිපෙ නායකයන් විසිනි. 

ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ බව සැක කොට අත් අඩංගුවට ගත් සිසුන් රඳවා තිබුනේ සෙවන කඳවුරේය​. එම කඳවුරේදී  එම සිසුන්ට වස මුසු කල මී කිරි කන්නට දී ඔවුන් මරා දැමූ බව මා විසින්  සම්මුඛ සාකච්ඡා වට ලක් කරන ලද එක් නිලධාරියෙකු මට ප්‍රකාශ කලේය​. එහෙත් මම ඒ පිලිබඳව සැක පහළ කරමි. ඔවුන්ව වෙඩි තබා ඝාතනය කල බවට සිතීමේ සාධක තිබේ. සිසුන්ව මරා දැමූ පසු ඔවුන් ගේ මෘත ශරීර පුලුස්සා අළු බුත්තල කතරගම පාරේ (ගම් උදා පාර​) කිලෝ මීටර් 10 වපසරියක විසුරුවා හරින ලදි.  මේ නිසා ඇඹිලිපිටිය නඩුවේදී ඝාතනය කරන ලද සිසුන් ගේ ඇට කැබැල්ලක් වත් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොවීය​. එම නිසා විත්තිකරුවන්ට චෝදනා ගොනු කරන ලද්දේ  පැහැරගෙන යාම සම්බන්ධයෙනි. සිසුන් අත් අඩංගුවට පත් වීමත් සමගම බුද්ධික කුලතුංග අතුරුදහන් විය​. ඔහු වර්තමානයේ වෙනත් නමකින් එක්සත් රාජධානියේ ජීවත් වන බව  කියවේ.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, June 20, 2018

Auschwitz

 

My heart cried
When my feet touched Auschwitz
Although many years have passed
It seems like yesterday

I was brought here
Along with my family
We traveled three nights in a cattle train
 Fully packed and had no space to move

When my little sister asked for water
I gave my water bottle with a small loaf of bread
Then she slept on my lap
But I was awake all the time

When the train stopped
The Doors were opened
There were no welcome signs
The SS men came with guns and dogs
SS-Totenkopfverbände greeted no one

When I saw Sonder- Commanders
I could read their eyes
They moved like living dead
Gave no word or smile

It was winter and I felt cold
I took a deep breath
My inner mind whispered
You have come to the land of death

When the Commandant came
We were separated
Some went to the labor camp
And the others to the gas chamber

They gased my parents
Along with my little sister
Their ashes were scattered
All over Auschwitz

Countless nights
I lived with the memory of my family
I worked all day long
But we were under fed

Famine and cold
Fear and beatings
Humiliations and torture
Every single day
We experienced death

There was no hope
There was no salvation
Only option left was
The electrified fence 

After many years
We heard rumors
The War is going to end
And the Red Army is moving towards Berlin

In the final days of the War
The Nazis were frantic
Joshua said
They might terminate us all

On the 27th January 1945
The Red Army came to Auschwitz
Many of us were walking skeletons

They gave us food
And said soon the War will be over 
Many became astonished
But my feelings were numbed

On the day of the liberation
Auschwitz  survivors were parted
Many went to their homes
But I had no place to go
Because my family was no more
With Joshua I moved to Santa Barbara

Many years after the war
Again I came to Auschwitz
Not as a prisoner this time
But as a witness

This is the place they eliminated my entire family
I recalled my parents and little sister
They went through the gas chimney 
Without telling me good bye 

I tightly held Joshua’s hand
When I saw the remnants of the gas chamber
I felt despair
I had no tears to cry

I could hear many voices in this place
Million and half 
Men women and children
Who were murdered by the Nazis
Then I clearly heard my little sister saying
Sara thank you for coming to see me

I closed my eyes
I wanted to be alone

Why did they do this to us?
Why Why ?

If I could speak to the whole world
I would say a few words
Please do not let it happen
Never again
Never again


by Dr Ruwan M Jayatunge 

Tuesday, June 19, 2018

මහා ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් (Depression) පෙලුනේද?

 

ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු ලෙස ජී. බී.සේනානායක දක්වන ලද කුසලතාව තවමත් ඇගයීමකට ලක් නොවී ඇතැයි මා සිතමි. ඔහුගේ මේධා, චාරුමුඛවැනි නවකථා ද සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම වැනි කෙටි කථා සංග්‍රහයන් ද පෙන්වා දෙනුයේ අග්‍ර ගණ්‍යයේ ලේඛකයෙකුගේ ප්‍රතිභාවන්ය. ජී. බී.සේනානායක පවසන පරිදි ඔහුගේ රචනා වලින් හෙලි කරන්නේ චිත්ත තත්වයන්ය.

ඔහුගේ කෘතීන් වල ගැඹුරු හරයක් අන්තර්ගතය. ඔහු පෙන්වා දෙන පරිදි ඔහුගේ විධිමත් අධ්‍යාපනය නිම වූයේ හත් වැනි ශ්‍රේණියෙනි. ඉන් පසු ස්ව උත්සාහයෙන්ම ඔහු උපන්නේය. විශාල ප්‍රමාණයක් කෘති කියවා තමාගේ දියුණුවේ නිම් වළලු පුළුල් කර ගත් ඔහු බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන්නෙකි.

ජී. බී.සේනානායකයන්ගේ කෘතීන් වල ඔහු විසින් අත් විඳි මෙලන්කෝලියාව (Melancholia) දක්නට තිබේ. මේ ස්වභාවය ඔහු තම නිර්මාණයන්ට ද මුසු කල බව පැවසිය හැක. මෙලෙස තම නිර්මාණයන් තුලට තමන්ගේ ආවේදනිකයන් මුසු කල ලේඛකයන්, කවීන් විශාල ප්‍රමාණයක් සිටිති. සුප්‍රකට ජර්මානු කවි ගතේ තමන් අත්විඳි මෙලන්කෝලියා තත්වය සිය නිර්මාණයන්ට මුසු කලේය. එසේම ටෝල්ස්ටෝයි, නිකොලායි ගොගොල්, ඩිකන්ස්, එඩිගා ඇලන් ෆෝ වැන්නවුන් තමන්ගේ සෘණාත්මක චිත්තාවේගීය ප්‍රතික්‍රියා නිර්මාණයන් හරහා පෙන්වා දෙන ලදී.

මහා ගත්කරු ජී. බී.සේනානායකගේ කෘතීන් විමර්ශනය කරන විට ඔහු සාමාන්‍ය මෙලන්කෝලියාවෙන් හෝ ඊටත් එපිට වර්ධනය වූ විශාදයකින් පෙලුනේද යන්න පිළිබඳ සැක පහළ වෙයි.

විශාදය වූ කලී මානසික රෝග අතරින් බහුලවම දැකිය හැකි රෝගී තත්වයකි. ඇතැමි විට විශාදය මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාවවශයෙන්ද හැඳින්වෙන්නේ එය එතරම්ම සුලභව දක්නට ලැබෙන නිසාය.

විශාදය හෙවත් (Depression) ඇති වීම සදහා ජානමය සාධක, ජීවත් වන පරිසරයේ බලපෑම, මුහුන දෙන ක්ලෙමථකාරී තත්වයන්, ප්‍රජානන හේතූන් යනාදී කරුණු ගනනාවක් පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. එම නිසා ජී. බී.සේනානායකයන් තුල තිබූ ආවේදනික තත්වය කුමන හේතුවක් නිසා හට ගත්තේද යන්න එක එල්ලයේම පැවසීම අපහසුය.

විශාදය නිරන්තරයෙන්ම මනෝ භාවයන් සමග බැදී පවතියි. විශාදයේ මධ්‍යගත ලක්ෂණය වනාහී මනෝ භාවයන්ගේ සහ චිත්තාවේගයන්ගේ අදුරුසහගත අවපාතයයි. බොහෝ විට මිනිසුන් අත් විදින විශාදය නිසා ඔවුන්ගේ ප්‍රජානනය හීන වීම, නිර්මාණශීලීතාව අඩාල වීම දක්නට ලැබෙතත් ඇතැම් පුද්ගලයන් තමන් පෙලෙන විශාදය නිර්මාණකරණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. මේ සාධකය ජී. බී.සේනානායකගේ ස්වයං චරිතාපදානය, මම එදා සහ අද මෙන්ම ඔහුගේ අනෙකුත් කෘති ආශ්‍රයෙන්ද පැවසිය හැක. 

ගත්කරු ජී. බී.සේනානායක අතිශයින්ම සංවේදී පුද්ගලයෙකු විය. තම කෘති අරභයා කෙරුනු විචාරයන් බොහෝ විට ඔහු පෞද්ගලික පහර දීම් මට්ටමේ ලා සැලකීය. ඔහු වරෙක මෙලෙස පවසයි. “ලේඛකයන් බොහෝ කල් ජීවත් නොවිය යුතුය. ජීවත් වූවන්ගෙන් ඔවුනට වේදනා උපදවන අත්දැකීම් ලබන්නට සිදු වේ.” 

මේ හැර ඔහුට සතුරු වූ ලේඛක කල්ලි ජී. බී.සේනානායකට පහර දුන් බව නොරහසකි. මේ හේතුවෙන්ද ඔහු මානසිකව ඇද වැටුනි. මම එදා සහ අද කෘතියේ 60 වන පිටෙහි ඔහු මෙලෙස සඳහන් කරයි;

“මා සාහිත්‍යයෙන් දස්කම් පෑ තැනැත්තෙකු ලෙස මාගේ සාහිත්‍ය ජීවිතයේ මුල් කාලයේම ඊර්ෂියාකාර කල්ලිකාරයෝ මා නැති කරන්නට නොයෙකුත් උපක්‍රම යෙදූහ. මටත් මගෙන් ජීවත් වූ අම්මාටත් ඔවුහු කරදර ඇති කල නමුත් මා නැති කරන්නට අසමත් වූහ.”

ජී. බී.සේනානායක තුල ඇතැමි විට තමා පිළිබද හීන වූ චිත්‍රය සහ හීන වූ ආත්ම අභිමානය (Low self esteem) ආක්ෂෝහිත බව (Aggitation) ස්වයං අනුකම්පාව (Self pity) සහ ශුන්‍යවාදී අදහස් (Nihilistic ideas) දක්නට ලැබෙයි.

තමා මිනිසුන්ගේ සිත් නොගන්නා පෙනුමක් ඇති අයෙකු බව ඔහු තරයේ විශ්වාස කලේය. එක් ස්ථානයකදී ඔහු තමාව හැඳින්වනුයේ අගුටුමිටි පෙනුමකින් යුතු විරූපී පුද්ගලයෙකු ලෙසටය.

ස්වයං අනුකම්පාව නිසා ඔහු තමාගේ කෘති විවේචනය ඉදිරියේ අතිශයින්ම සැලුනේය. මා අන්ධව සහ කොරව සිටිය ද විචාරකයෝ මට පහර ගසති යන්න ඔහු ප්‍රකාශ කරන ලදී. එසේම ස්වයං හුදකලාභාවයකට (Alienation) ඔහු තමාව ලක් කොට සිටියේය. මම එදා සහ අද කෘතියේ 152 පිටුවේ ජී. බී.සේනානායක මෙසේ ලියයි. “මම ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීමි. මා පාරේ යන කල සිංහල ලේඛකයෙකු ඈත එනු දුටුවොත් පාරේ අනෙක් පැත්තට වී ගමන් කිරීමට මම පුරුදු වී සිටියෙමි.”

ස්වයං වරදකාරී ගැටලු ජී. බී.සේනානායක එලිපිට පවසයි. තමාගේ මව රෝගාතූර වූ අවස්ථාවේ ඈ මිය ගියේ නම් හොඳය යන අදහස නිසා ඔහු තුල පසුතැවිල්ලක් ඇති විය. එම සිතුවිල්ල ඔහු සම කරන්නේ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය නවකථාවේ තම මහලු පියාවූ බල්කෝන්ස්කි කුමරු මිය ගියේ නම් යෙහෙකි යන හැගීම නිසා පශ්චාත්තාපයට පත්වූ මරියා බල්කෝන්ස්කියා කුමරියගේ හැඟීම් වලටය. 

ඔහු තමා හා ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන් ෆෝ අතර සමානතාවයන් දකියි. එසේම ඔහු එඩ්ගා ඇලන් ගේ කෙටි කථා ශෛලිය අනුගමනය කල බව මාටින් වික්‍රමසිංහ පවසා ඇත. එඩ්ගා ඇලන් ෆෝ ද තමා අත්විඳි විශාදය නිසා කායිකව මෙන්ම මානසිකව පීඩා විඳි ලේඛකයෙකි. 

ජී. බී.සේනානායක කුඩා කාලයේ තමන්ට නිතරම ඇතිවූ හිසරදය සරස්වතී ආවේශයක් ලෙස හෝ තමන්ව ලියන්නට පොළඹවන බලවේගයක් ලෙසට සැලකීය. සත්‍ය වශයෙන්ම ඔහු මේ අත්විදින ලද්දේ මනෝ කායික (Psycho – Somatic) රෝගී තත්වයක් දැයි සැකයක් මතුවේ. ළමා කාලයේ අත්විදින මානසික පීඩනයන් බොහෝ විට මනෝ කායික රෝග ඇති කරන බව ළමා රෝග විශේෂඥයන් පෙන්වා දෙති. ආත්ම ඝාතනය හෝ ජීවිතාශාවෙන් තොර වීම බොහෝ විට විශාදය සමග බැඳී පවතියි. ජී. බී.සේනානායක තුල ද මෙවැනි ආත්මහරණයේ සේයාවල් දක්නට තිබුනි. එසේම ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු (පියා සහ වැඩිමල් සොහොයුරා) දිවි තොර කර ගත් බව ඔහු පවසයි. එසේම ජී. බී.සේනානායක ද ඇතැමි විට ජීවිතය කෙරෙහි උකටලී බවක් පෙන්වන ලදී. පහත දැක්වෙන්නේ ඔහු විසින් රචනා කරන ලද කවියකි. එහි කවියා තුල තිබූ මරනීය ආශයේ ( Death Instinct) සක්‍රීයතාව පෙනී යයි.

නයා 

නයෙකු නැගුනොත් මගේ ඇඳට
තුරුළු කර ගනිමි මම ඌ
සපන්න මිතුර මා
කරුණාවෙන්
යවන්න මා එහා ලෝකෙටයි කියා


මේ හැර ජී. බී.සේනානායකයන්ගේ ආත්ම ඝාතක සංකල්ප ඇතැමි විට ඔහුගේ කෘති වල එන චරිත හරහා ද නිරූපනය කරයි.

මනෝ විශේෂඥ ආරෝන් බෙක් විශාදය පිළිබදව තමාගේ ප්‍රජානන න්‍යාය මගින් ස්වයං අවතක්සේරුව, සෘණාත්මක දැක්ම මෙන්ම අර්ථකථනය සහ අනාගතය පිළිබදව අශුභවාදී දැක්ම හේතු වන බව පවසයි. ආරෝන් බෙක්ගේ පෙන්වා දීම් තුලින් සහ විශාදය පිළිබද බෙක්ගේ නිර්නායකයන්ට (Beck’s Scale)- අනුව මහා ගත් කරු ජී. බී.සේනානායක තුල විශාදයේ ලක්ෂන තිබූ බව කිව හැකිය. එසේම කෙලර් සහ ෂැෆීරෝ විසින් විශාදයට පත්වූ පුද්ගලයන් තුල මරනීය සාධකයන් ගොඩනැගීමේ ක්‍රියාවලිය පැහැදිලිවම පෙන්වා දෙන ලදී. මෙම පැහැදිලි කිරීම් අනුසාරයෙන් ජී. බී.සේනානායකයන්ගේ ජීවිතයේ අවසාන කාලයේ තිබූ මරනීය ආශයේ ප්‍රබලතාව පෙන්වා දිය හැක. එහෙත් ඔහු දිවි නසා ගැනීමට යොමු නොවීය.


අද්විතීය ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් පෙලුනේද යන්න තුළ සායනික මෙන්ම සාහිත්‍යමය වශයෙන්ද කාලීන බවක් තිබේ. ඒ මන්ද යත් ඔහුගේ නිර්මාණ තුළ මෙම විශාදයේ සේයාවන් ඇති නිසාවෙනි. එහෙත් එම නිසා ඔහුගේ නිර්මාණ වටිනාකමින් අඩු නොවේ. ඔහුගේ නිර්මාණ මිණි කැට වැනිය. එකී නිර්මාණ වල සාහිත්‍යමය මෙන්ම දාර්ශනික ගැඹුරක් තිබේ. චිත්ත තත්වයන් අරභයා ඔහු විසින් කරන ලද විවරණයන් සලකා බැලීමේදී ජී. බී.සේනානායක යනු ලාංකික දොස්තොයෙව්ස්කි ද යැයි සිතේ.


වෛද්‍ය රුවන් එම් ජයතුංග​

Monday, June 18, 2018

Rhythm of Life




Rhythm of Life (Poetry)  
by Dr Ruwan M Jayatunge  
Published by Godage International Publishers   


Foreword    


Dr Ruwan M Jayatunge has written many books. I have read one, wish I had read more. ‘71 Karella’ was class. Obviously he had done a great service to history in Sri Lanka by placing on record all those who stood up to change the tide in the ‘71 uprising. They deserved their stories to be archived in print. Three cheers to Ruwan for writing the truth.  Now he is onto poetry. ‘Rhythm of Life’ is simple. It has loneliness, love and people, all expressed in words that do not chase Whitman or Emily Dickinson. Nor is Ruwan a Rod McKuen. He is just Ruwan, medicine man, writer and a searcher for truth in a world of abstract values. I have never met him, know him only by his words. That is enough if one cares to read deep.  ‘Fiddler’ was great, ‘Monika Bay’ I love, ‘The Alien’ and ‘Street Walker’ tug at heart strings. Many poems are on a romantic platform; is he writing poetry or his own story? How would I know?  Ali Bumaye takes us to Kinshasa, Woody Allen fights Marciano and Stallone runs in Philadelphia. All this intermix with Lennon, Andy Gibb and the Gambler Rogers. This is poetry for melancholy moods to see some light. Maybe in some philosophical ways to understand life.  

Capt Elmo Jayawardena

Saturday, June 16, 2018

ඉරිසියාව මත මරා දැමූ වෛද්‍ය සිසුවා


1993 වසරේදී කටුගස්තොට ප්‍රදේශයේ සිසුවෙකු උසස් පෙළ සමත්වී වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබුවේය​. එහෙත් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම සතුට විඳ ගැනීමට වරම් නොවීය​. මෙම සිසුවා වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබූ නිසා ඉරිසියාවෙන් පෙළුණු අසල්වැසියන් මෙම සිසුවා ඝාතනය කොට මළ සිරුර ලිඳට දැමූහ​. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙය දිවි නසා ගැනීමක් කියා පෙන්වීමටය​. 

මෙම සිසුවාගේ පියා රියැදුරෙකු විය​. ඔහු අධ්‍යාපනය ලැබුවේ ඉතා අසීරුවෙනි. එහෙත් සියළු බාධක මැඞ ඔහු උසස් පෙළ සමත් විය​. පවුලේ සාමාජිකයෝ ඔහු කෙරෙහි මහත් බලාපොරොත්තු තබාගෙන සිටියහ​. එහෙත් ඔවුන් වෙත මහා විපත්තියක් එලැඹෙන බව කිසිවෙකු දැන සිටියේ නැත​. 
ඔහුව ඝාතනය කරන ලද පුද්ගලයන් පිටස්තරයන් නොවීය. ​ඔවුන් සහ මෙම සිසුවා අතර ඥාතී සබඳතාවන්ද තිබුනේය​. එහෙත් ග්‍රාමීය පළාත් වල තිබෙනෙ ඉරිසියාව සහ කුහක කම් ඉතා බලවත්‍ ය​. මෙකී සිසුවා සරසවියට ගොස් වෛද්‍යවරයෙකු වී පැමිනීම ඔවුනට දරා ගත නොහැකි වූහ​. මේ නිසා ඔවුන් කුමන්ත්‍රණය කොට ඔහුව මරා දමන ලදි.  මුලින්ම මෙම මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස තීන්දු වී දේහය භූමිදානය කරන ලදි. එහෙත් සැක මතු වීම නිසා අධිකරණ නියෝගයක් මගින් දේහය ගොඩ ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොලඹ ෆ්‍රැන්සිස් පාරේ වෛද්‍ය අධිකරණ අංශයට ගෙන එන ලදි. 

මෙම ඝාතනය සිදු වූ කාලයේ මා සිටියේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳව පුහුණුවක් ලබමිනි. මෙම සිසුවාගේ දේහය ගෙන එන ලද්දේ මිනී පෙට්ටිය සමගය​. එය පොලිතීන් වලින් ඔතා තිබුනේය​. පොලිතීන් වලින් ඔතන ලද පස් තැවරී තිබූ මිනී පෙට්ටිය කම්කරුවන් විසින්  විවෘත කරන ලදි. එම අවස්ථාවේදී මමද එතැන සිටියෙමි. මුලින්ම වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා මෘත ශරීරය බාහිරින් නිරීක්‍ෂණය කරන ලදි.  සිසුවාට අන්දවා තිබුනේ දුඹුරු පැහැති කෝට් එකකි. ඔහුගේ සුදු කමිසය අත්වැසුම් සහ දෙපා වලට දමා තිබූ සුදු මේස් මාගේ අවධානයට යොමු විය​. මෘත ශරීරයේ දකුණු පස කම්මුලේ සුදු පැහැති දිලීර  විශේෂයක් බැඳී තිබුණි. දේහය පොළව යට තිබූ නිසා මෘත ශරීරයේ දිලීර  බැඳෙන්නට ඇත​. දේහය ගොඩ ගන්නා ලද්දේ මිහිදන් කොට සති හයක් හෝ අටක් ගතවූ පසුව වූවද මිනිය කුණුවී තිබුනේ නැත​. එම්බාම් කිරීමේදී යෙදූ ෆෝමලීන් නිසා දේහය ආරක්‍ෂා වන්නට ඇත​. 

වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා පිටත රැඳී සිටි සිසුවාගේ ඥාතීන් දෙදෙනෙකුට එන්නට කියා පණිවිඩයක් යැවීය​. මුලින්ම ඥාතීන් විසින් වෛද්‍ය අධිකරණ අංශයට ගෙන එන ලද 
දේහය හඳුනා ගත යුතුය​. සිසුවාගේ මාමා කෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පැමිණ දේහය හඳුනා ගන්නා ලදි. මළ සිරුර දැක ඔවුන් හඞා වැළපේ කියා මා සිතුවද ඔවුන් කිසිදු චිත්තාවේගී ප්‍රතික්‍රියාවකින් තොරව මළ සිරුර දෙස මොහොතක් බලාගෙන සිට එය තම ඥාතියාගේ බව තහවුරු කළහ​. ඉන්පසු කම්කරුවෙකු විසින් ඔවුන් දෙදෙනාව මිනී කාමරයෙන් පිටතට ගෙන යන ලදි. ඔවුන් නික්ම යාමෙන් පසුව වෛද්‍ය අල්විස් දේහය මිනී පෙට්ටියෙන් ඉවතට ගෙන වෝභාර පරීක්‍ෂණය ආරම්භ කලේය. 

මෙම සිසුවා ගැන මතක් වන විට මට තවමත් සංවේගයක් දැනේ. මෙම විපත සිදු නොවූයේ නම් මේ වන විට වෛද්‍යවරයෙකු වී ඔහු රෝහලක සේවය කරනවා විය යුතුය​. එසේම ආර්ථික වශයෙන් තම පවුලට උපකාර කරනු නියතය​. එහෙත් සියළු සිහිනයන් බොඳ විය​. ඉරිසියාව පෙරදැරි කරගත් කුහකයින් විසින් ඔහුගේ තරුණ ජීවිතය සොරා ගන්නා ලදි. සිසුවා මරා දමා ඔහුගේ අනාගතය විනාශ කිරීමෙන් ඔවුන් තාවකාලික සතුටක් ලබන්නට ඇත​. නීතිය ඔවුනට එදිරිව ක්‍රියාත්මක වූවාද කියා මම නොදනිමි. එහෙත් අනිවාර්‍යෙන් ස්වභාව ධර්මයේ නීතිය ඔවුන් මත පතිත වන්නට ඇත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, June 14, 2018

ඥාණසාර නම් ප්‍රපංචය තේරුම් ගැනීම

ඥාණසාර යනු පුවත් මවන සමාජ රීති නොතකන භික්‍ෂුවක් යැයි කියා ගන්නා පුද්ගලයෙකි. ඥාණසාර වාහන බලපත්‍රයක් නොමැතිව බීමත්ව වාහනයක් පදවා ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අයෙකි. එම නිසා ඔහුගේ භික්‍ෂූත්වය ගැන කතා කිරීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඥාණසාර  නම් ප්‍රපංචය තේරුම් ගැනීමය​. 

සමාජ ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් ප්‍රගාමි සමාජයක ඥාණසාර වැනි පුද්ගලයෝ සිටින්නේ සිර ගෙදරක හෝ මානසික පුනරුත්ථාපන ආයතනයකය​. එහෙත් ජාති ආගම් වශයෙන් කුලල් කා ගන්නා ගෝත්‍රවාදී   මානසිකත්වයකින් යුක්තව ශක්තිමත්  සිවිල් නීති  පද්ධතියක් නොමැති පසුගාමී සමාජයක ඥාණසාර යනු ජාතික වීරයෙකි.  

ඥාණසාර  ප්‍රපංචය තේරුම් ගැනීමේදී  A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට මනෝ වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi විසින් කියන ලද ප්‍රකාශයක් සඳහන් කරනු  ව​ටී.  රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව Nassir Ghaemi  කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි.  

ඥාණසාර ගේ අතීත හැසිරීම් සලකා බලන විට ඔහු සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයේ (Antisocial personality disorder)  ලක්‍ෂණ   පෙන්වන බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ.  DSM හෙවත්  Diagnostic and Statistical Manual of Mental Disorders   සංග්‍රහය පෙන්වා දෙන අන්දමට සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතායෙන් පෙලෙන්නා  ඔවුන් හීනවූ සහකම්පනීය අවබෝධයකින් යුක්තය​. අන්‍යන් ගේ අයිතිවාසිකම් ගැන තැකීමක් නොකරති. නිරන්තරයෙන්ම සමාජ නීති රීතීන් උල්ලංඝනය කරති. ඔවුන් අතිශයින්ම මෑන්වීම් (manipulative ) සහිතය​. වගකීම් විරහිත හැසිරීම් රටාවන් පෙන්වති. දැඩි ආවේගීලී බවක් පෙන්වති. බොහෝ විට ප්‍රචණ්ඩ හැසිරීම් රටා වලින් යුක්තය​. 

ඥාණසාර පහල වන්නේ ඔපපාතිකව නොවේ. ඥාණසාරද මෙම සමාජ ක්‍රමයේ නිර්මාණයකි. ඥාණසාර යනු ළමා අපයෝජනයක වින්දිතයෙක්ද ? ඥාණසාර මහණ වන්නේ ළමා වියේදීය.  ළමයින් ලෙස මහණ කෙරෙන දරුවන්  බහුතරය එන්නේ ඉතා දැඩි සමාජ ආර්ථික ගැටළු වලට ලක්වූ පවුල් වලිනි. සමහරක් විට පියාගේ බීමත්කම , මව විදේශ ගත වීම වැනි කරුණු නිසා පිළිසරණක් නොමැති දරුවන් ද බොහෝ විට නවතින්නේ ළමා මහණුන් බවට පත් වීමෙනි. කුඩා කාලයේදීම මාතෘ දුරස්ථකරණය​ (maternal deprivation)  පීතෘ දුරස්ථකරණය මෙන්ම  විවිධ කාංසාමය තත්වයන්ට පත්වූ එම දරුවන් ළමා මහණුන් බවට පත්වී තව තව දුරටත් පන්සල් තුලදීද කායික මානසික සහ ලිංගික අපයෝජනයන් වලට මුහුණ දෙති. අවසානයේදී සමාජයට මුදා හැරන්නේ අසමබර චිතාවේග වලින් සහ පෞරුෂ අක්‍රමතාවයන් ගෙන් පෙලෙන පුද්ගලයෝ වෙති. හුදු ආවේගශීලීභාවය , වගකීම් විරහිත චර්‍යාව , එලැඹෙන ප්‍රතිවිපාක ගැන අවබෝධ රහිත වීම වැනි කරුණු නිසා මෙවැනි පුද්ගලයෝ විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉත්තන් ලෙස භාවිතා කරති.  ඔවුන් මෙකී දේශපාලන පක්‍ෂ සඳහා සම්පත් වෙති. එහෙත් අවසානයේදී දැහටි කූරු මෙන් අවශ්‍ය වැඩ කරගත් පසු මොවුන්ව ඉවත දමති.  ​

ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව සටන් කරන්නෙකු බවට සමාජයේ ජනප්‍රිය මතයක් තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාද හිස ඔසවන බව නොරහසකි. එය බහුතරය සාමයට ලැදි සාමකාමී මුස්ලිම් ජනතාවට මෙන්ම අනෙක් ජන කොටස් වලටද තර්ජනයකි. එහෙත් ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව පිලිතුරක් නොවේ. ඥාණසාරලා නිසා මුස්ලිම් අන්තවාද පැතිරීම මෙන්ම මුස්ලිම් අන්තවාද සාධාරණීකරනය වීම මෙන්ම අන්තර්ජාතිකව මෙම ප්‍රශ්නය උඩු දිවීමටද හේතු කාරක වෙයි. මේ නිසා අවසන් විග්‍රහයේදී ඥාණසාරලා සේවය කරන්නේ ඔවුන් ගේම ප්‍රති පාර්ශවය වන මුස්ලිම් අන්තවාදයටය​. 

 ඥාණසාර  ප්‍රපංචය යනු පහසුවෙන් අවලංගු කර දැමිය හැකි සාධයක්ද නොවේ. ශ්‍රී ලංකාව වැනි ප්‍රාක්තම සමාජ වලට ඥාණසාරලා අවශ්‍ය වෙති. සෑම අවස්ථාවකදීම ඥාණසාරලා සේවය කරන්නේ බලය තිබෙන පක්‍ෂයට හෝ පුද්ගලයාටය​. සමාජයේ පවත්නා තත්‍ය සමාජ ආර්ථික ගැටළු විසඳීම සඳහා ක්‍රමවේදයක් හෝ උපාය මාර්ගයක් නොමැති දේශපාලකයන්ට සමාජයේ පවතින් සැබෑ ගැටළු වලින් ජනතාවගේ අවධානය ඉවත් කර ගැන්වීම සඳහා  ඥාණසාරලා අවශ්‍ය වෙති. එසේම සමාජයක් බෙදා වෙන් කොට පාලනය කිරීම සඳහා  ඥාණසාරලා මෙන්ම ඔවුන් ගේ ප්‍රති පාර්ශවයන් දේශපාලකයන්ට අවශ්‍ය කෙරේ. ඥාණසාරට පසුගිය රජයෙන් ඩිෆෙන්ඩර් ලැබෙන්නේද වර්තමාන රජයෙන් ජාපාන චාරිකා ලැබෙන්නේ මේ සමීකරණයට අනුවය​. මේ හේතුවෙන් හිරේ විලංගුවේ දමා ඥාණසාර  ප්‍රපංචය යටපත් කල නොහැක​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook