Saturday, September 24, 2016

ඩිට්‍රොයිට් හි සැඳෑවක්



මාර්ගය පාළුය​. මග දෙපස විශාල කඩ සාප්පු වසා තිබේ. බොහෝ සාප්පු හිස් ය​. සමහර විශාල සාප්පු වල බදු දීමට තිබේ කියා බෝඩ් ගසා තිබේ. එහෙත් ඒවා බදු ගෙන ව්‍යාපාර පවත්වාගෙන යාමට කෙනෙකු නැත​. මුදල් නොමැති නගරයක  ව්‍යාපාර කරගෙන යන්නෝ කවරහුද ? 

පදිංචියට යෝග්‍ය  ප්‍රදේශ වල නිවාස වල තත්වය දුක්ඛිතය​. බොහෝ ගෙවල් පාළුවට ගොසිනි. නිවාස ණය  ගෙවා ගැනීමට නොහැකිව මිනිසුන් බොහෝ දෙනෙකු නිවාස වලින් ඉවත් කොට තිබේ. අතරින් පතර නිවාස වල මිනිසුන් ස්වල්ප දෙනෙකු සිටිති. ඔවුන් ගේ දෙනෙත් දීප්තියෙන් තොරය​. ඇතැම් විට තව නොබෝ කාලයකින් ඔවුන් ද හෝම්ලස් හෙවත් නිවාස රහිත මිනිසුන් ගේ ගොඩට වැටෙනු ඇත​. 

මහා අර්ථික අවපාත සුනාමියට අසුවූ මිචිගන් ප්‍රාන්තය හෙම්බත්ව ඇත​.  වාහන නිෂ්පාදනය මගින් රැකියා උත්පාදනය කල කර්මාන්තය බිඳ වැටෙමින් තිබේ. බොහෝ කර්මාන්තශාලා වෙනත් ජනපද වලට හෝ වෙනත් රටවලට ගෙන ගොස් ඇත​. මිනිසුන් තුල බලාපොරොත්තුවේ සේයාවන් පවා දැකීම අසීරුය​. ඇමරිකානු සිහිනය බිඳ වැටී තිබේ. 

කළු ජාතිකයන් බහුතරය ජීවත් වන ප්‍රදේශ වල අනාගතය පිලිබඳ අවිනිශ්චිතතාව සමාජ හව්හරණක් නොමැතිකම යනාදී තත්වයන් නිසා පීඩාවට පත් මුහුණු දක්නට තිබේ. සමහරු විස්කි හෝ ක්‍රැක් කොකේන් මතින් අසහනකාරී පරිසරයෙන් මිදී තාවකාලික සිහින ලෝක වල සැරිසරති. ඔවුන් බාහිර ලෝකය පිලිබඳව විමසිලිමත් නොවේ. අඩවන් වූ දෙනෙත් විඩාබර අකලට මහළු වී ගිය මුහුණු , දිරාපත් වූ ශරීර මම දකිමි.  

ඩිට්‍රොයිට් හි සමහරක් ප්‍රදේශ වලට කුලී රථ රියැදුරන් යාමට සූදානම් නැත​. මේවා මුදා නොගත් ප්‍රදේශ වැනිය​. එම ප්‍රදේශ වල මිනිස් දිවියක වටිනාකම් නැත​. තවත් ඩොලර් කීපයක් සඳහා වෙඩි උණ්ඩයක් හෝ පිහි පාරක් මගින් ජීවිතය කවර මොහොතක වූ ඩැහැගැනීමට ඉඩ තිබේ. 

සමහර ස්ථාන වල කළු තරුණයන් එක් රැස්ව බාස්කට් බෝල් ගසති. ඔවුන් ගේ ඇඳුම් අපිළිවෙලය​. සුළු වචන හුවමාරුවක් ගැන්සි යුද්දයක් දක්වා පරිවර්තනය වීමේ ඉඩකඩ තිබේ. ඔවුන් ගේ බැගී කොට කලිසම් සහ බැගී කමිස තුල ගිනි අවි සඟවාගෙන තිබෙන නමුදු ඒවා නිතර පත්තු වේ. සෙල්ලම් කරන ඔවුන් අමුත්තෙකු වූ මා දෙස බලති. මම ඔවුන් ගේ දර්ශන පථයෙන් ඇදී යමි. තැනින් තැන නැවැත්වූ පැරණි ෆෝඩ් , Chevrolet වාහන මම දකිමි. සමහර වාහන වල රෝද පවා නැත​. ඉදිරි මාර්ගය භූත නගරයක ලකුණු පෙන්වයි. 

පසුගිය හැට වසර තුල ඩිට්‍රොයිට් හි ජනගහනය 63 % කින් අඩුවී තිබෙන බවට වාර්තා වේ. වීථි ලාම්පු වලින් 40 % අක්‍රිය ය​. නිවාස හැත්තෑ අට දහසක් පමණ නිවැසියන් ගෙන් තොර අතර ඩොලර් 500 කට වූවද නිවසක් මිලට ගත හැකිය​. ළමා ජනගහනයෙන් 60 % දරිද්‍රතාවයෙන් පෙලේ.  විරැකියාව , දුගී බව , අපරාධ ඉහලයාම් යනාදී සමාජ ගැටළු වලින් ඩිට්‍රොයිට්වාසීන් පීඩා විඳිති . එහෙත් ඩිට්‍රොයිට් රිවර් ෆ්‍රන්ට් වැනි ප්‍රදේශ වල ධනවතුන් ජීවිතය වින්දනය කරති. ආදායම් විශමතාවන් පැහැදිලිව පෙනේ. ආර්ථික අවපාතය මාරුතය ඔවුන් වෙත ලඟාවී නොමැති හැඩය​. අලංකාර නිවාස , අලංකාර මාවත් , සැඳෑ සාද දක්නට තිබේ. දුගී ඩිට්‍රොයිට් සහ ධනවත් ඩිට්‍රොයිට් වෙන් කරන අදිසි බර්ලින් තාප්පයක් තිබේ කියා මට සිතේ. 

ධනවාදයේ සියළු අයහපත් ලක්‍ෂණ මම ඩිට්‍රොයිට් හිදී දුටුවෙමි. මයිකල් මුවර් පැවසූ අනාවැකි ක්‍රමක් ක්‍රමයෙන් තත්‍ය වෙමින් පවතියි. එය භයානකය. සැබවින්ම එය භයානකය.
ප්‍රජා පීඩක සමාජවාදය නිසා මස් රාත්තලක්, සීනි කිලෝවක් ගැනීමට පෝලිම් වල පැය ගනන් සිටි මිනිසුන් මගේ මතකයට නැගේ. හිමෙන් පිරි පාරවල් වල ඔවුන් පෝලිම් ගැසී සිටින්නේ අතෘප්තිමත්වය​. පර්තින්නය හෙවත් පක්‍ෂ සාමාජිකයන් පෝලිම් වල නැත​. ඔවුන් ගේ නිවෙස් වල අත්‍යාවශ්‍ය භාණ්ඩ තිබේ. පීඩාවට පත් වී සිටින්නෝ සාමාන්‍ය ජනතාවය​.   

ජීවිතයේ එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ හිඟ වන විට මිනිසුන් නොසන්සුන් වෙති. ඔවුන් ලෙනින්ට , ස්ටාලින්ට , කෘශෙව්ට , බ්‍රෙෂ්නෙව්ට , ගර්බශෝව්ට බනිති. සාප කරති. ඒ අතරවාරයේ පෝලිම පනින්නෙකු ආ විට සියළුදෙනාගේම කෝපය ඔහු හෝ ඇය වෙත යොමු කෙරේ. මෙසේ පැය තුන හතරක්  පෝලිමේ සිට පාරිභෝගික භාණ්ඩයක් මිලට ගත් විට මිනිසුන් මොහොතකට ජීවිතයේ ඒකායන සතුට විඳිති. එහෙත් ඊලඟට එලැඹෙන මොහොතේදී එම සතුට අතුරුදහන් වේ. හෙටත් පෝලිමේ සිටිය යුතුය​. 

සමාජවාදය යටතේත් ධනවාදය යටතේත් මිනිසුන් විඳවනවා මම දිටිමි. මෙම සමාජ ආර්ථික විඳවීම් අවසන් කරන තෙවැනි මානුශිකවාදී ක්‍රමයකට අප යා යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

23 comments:

  1. ඔබ ආතර් හේලි ගේ වීල්ස් කියවා තිබේ නම් (නවකතාවක් වුණත්!) වසර පනහකට කලින් ද, ඔය තත්වයේ වැඩි වෙබසක් තිබී නෑ නේද?

    මගේ මිතුරෙකු සිටිනවා ඔහායෝවලින් පීඑච්ඩී ලබා ෆෝඩ් එකේ වැඩ කරන. ඔහු සිටින්නේ ඩීට්‍රොයිට්වල අදිසි බර්ලින් තාප්පයෙන් ධනවත් පැත්තේ විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. Your friend lives in Canton. Only a 15 minutes drive from Detroit

      Delete
    2. රුවන්ගේ මේ රිප්ලයි එකේ ..."බොහෝ විට"..... කියන වචන දෙකට මම හරි ආසයි. ඒ උඩ තියෙන කමෙන්ට්ස් දෙකටම ගැලපෙන උත්තරයක්. රුවන් මට ස්මයිලි ෆේසස් දාන්න තේරෙන්නේ නැහැ. රුවන් වදන් භාවිතාවේදි, කීබෝඩ් එක විතරක් නෙමේ, බුද්ධියත් පාවිච්චි කරනවා. මම ඒකට ගරු කරනවා.

      Delete
  2. ඇමෙරිකාවෙත් එහෙනම් එහෙමයි එතකොට....

    ReplyDelete
  3. Dr Ruwan,,,,,
    the downfall of Detroit is a planned one. Majority of the car plants employed colored people with less wages in early 1960s. The wages were enough to sustain life for the workers but less than the national average salary. When the unions of these workers started demanding more from the car companies, to avoid losses they slowly started shifting their manufacturing plants to other states. Workers started to loose jobs and comes the economic downfall to the city. City stated loosing population due to relocation and eventually the city stated loosing taxes from people. Then came the drug lords. they noticed that they have an opportunity in Detroit city with the dwindling number of police force due to reduction in staff. They started their business their and the city never responds to the needs of it's remaining residents since the city has no money to curb the increase of drug related activities. Eventually the residents started leaving the city and now Detroit is run by drug kings. Those abandoned houses you see in the city of Detroit is only upto the 8th mile road only. Beyond that in, suburbs people live happily and its very safe to live in suburbs.

    ReplyDelete
  4. මම එක සැරයක් අම්බානක් ගුටි කෑවා කළු සෙට් එකකින්. එකෙකුට නිග්ගා කියල බැන්නම උන් මට අල්ලන් තඩි බෑවා.

    ReplyDelete
    Replies
    1. N word එක කිව්වොත් අබ්බානක පෝරියල්

      Delete
  5. රුසියන් නවකතාවක කොටසක් කියෙව්වා වගේ දැනුනා. මෝටර් රථ කර්මාන්තයට නම් කොහෙත් නරක කාලයක් ලබලා තියෙන්නේ. හේතුව ශ්‍රමය ලබා දීමට අඩු මුදලකට ලබා දිය හැකි ආසියාතික රටවල් බිහිව තිබීමයි.

    කලු ජාතිකයන් ඔය හිතන විදියට ලේසියෙන් පන්නන්න පුලුවන් වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. * අඩු මුදලකට ශ්‍රමය ලබා දිය හැකි ආසියාතික රටවල් බිහිව තිබීමයි.

      Delete
  6. උතුරු කොරියාව වගේනේ.පක්ෂ සාමාජිකයින්ට ඇති වෙන්න තියෙනවා,නැති උන්ට ලෙව කන්නවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. Have you been visited North Korea? I had a short visit but found that the life in North Korea is not that bad as media says. They have simpler life as opposed to the South Koreans, quite old fashioned but as I see, they live much happier than the media reports. I visited the Sinuiju area through Yalu river bridge.

      https://en.wikipedia.org/wiki/Sinuiju

      However, North Korean tour guides said all the country is the same but not sure about other areas. But it seems all over the country having same culture.

      Delete
  7. රුවන්..... Requiem for Detroit කියන ඩොකියුමෙන්ට්‍රි එක ලැබුනොත් බලන්න.

    ReplyDelete
  8. කොහෙ වත් සැනසීමක් නෑ වගේ නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
  9. මේ අවුරැද්දෙ (2018) ආපු Ranam කියන ෆිල්ම් එකේ මේ වචන ටික ඒ විදියටම තියෙනව

    ReplyDelete
  10. මේ අවුරැද්දෙ (2018) ආපු Ranam කියන ෆිල්ම් එකේ මේ වචන ටික ඒ විදියටම තියෙනව

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook