වැළිකඩ රැඳවියන් සඳහා උපදේශන වැඩසටහන් පවත්වන ලෙසට නීති ආධාර කොමිසමේ සභාපති එස් එස් විජේරත්න මහතා මගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සපුරාලනු වස් මම වැළිකඩ ස්ත්‍රී සහ පුරුෂ රැඳවියන් සඳහා උපදේශන වැඩ සටහන් සම්පාදනය කලෙමි. මේ සඳහා එවකට බන්ධනාගාර කොමසාරිස් වූ රූමි මර්ශුක් මහතාද නීති ආධාර කොමිසමේ නීතීඥවරියක වූ හේමමාලී අමරසිංහ මියද ඉතා අගනා සහයෝගයක් දුන්නෝය.
බන්ධනාගාර ගතවූවන් තුල බොහෝ මානසික රෝගී තත්වයන් දක්නට තිබේ. දැඩි ක්ලමථ තත්වය, විශාදිය , සමායෝගී ආබාධ මෙන්ම සමහර විට මනෝ ව්‍යාධික රෝග වූ භින්නෝන්මාද තත්වයන් ද මොවුන් කෙරෙන් දැකිය හැකිවේ. මේ හේතුවෙන් බොහෝ රැඳවියන් ප්‍රචණ්ඩ චර්‍යාවන් සහ මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වෙති. මොවුන් සඳහා ක්‍රමවත් මනෝ චිකිත්සනය , ඖෂධ ප්‍රතිකාර සහ මනෝ උපදේශනය අවශ්‍ය කෙරේ.
බන්ධනාගාර ගතවීම නිසා බොහෝ රැඳවියන් මානසිකව කඩා වැටී විශාද ලක්‍ෂණ පෙන්වූහ. අපි මෙවැනි කොටස් සඳහා උපදේශනයෙන් සහාය වූයෙමු. සමහරුන් තුල දිවි නසා ගැනීමේ යොමුවද සෙල්ෆ් හාම් හෙවත් තමාට ශාරීරික පීඩා එනම් සිරුර කපා ගැනීම , හිස බිත්ති වල තදින් ගැසීම වැනි චර්‍යා වල යෙදීමේ යොමුවද තිබෙන බව මම නිරීක්‍ෂණය කලෙමි.
පොලිස් නිලධාරියෙකු විසින් බොරුවට මත්ද්‍රව්‍ය නඩුවක් ගොනු කර සිරගත කොට සිටි යුවලකට මම උපදේශනයෙන් සහාය වූයෙමි. දෙමාපියන් නොමැතිව ඥාතිවරයෙකුගේ සෙවනේ සිටින ඔවුන් ගේ කුඩා දරුවන් දෙදෙනා ගැන සිතා ඔවුන් කම්පා වූහ. එසේම මිනී මැරුමක් නිසා ජීවිතාන්තය දක්වා දඞුවම් ලබා සිටි කාන්තාවක් තුල තිබූ තදබල විශාද තත්වයද මම නිරීක්‍ෂණය කලෙමි. පසුව මෙම කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන් දු මහතාට යොමු කරවීමට අප විසින් පියවර ගත්තෙමු.
බන්ධනාගාර කොමසාරිස් රූමි මර්ශුක් මහතා මාරු වී යාමෙන් පසුව එම තනතුරට පත් වූ ජෙනරාල් වජිර විජේගුණවර්ධන මහතාද මෙම උපදේශන වැඩසටහන් සඳහා අපට උපකාර කල බව මෙහිදී කිව යුතුය.
සිරකරුවෝද ඔබ මම මෙන් මිනිසුන් වෙති. අප හා ඔවුන් අතර විශාල වෙනසක් නැත.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
සිරකරුවාද අප වැනි පුද්ගලයෙක්ය. සිරගත ජීවිතයෙදී ඔවුනට මානසිකව නොවැටී සිටීමට ගන්නා කැපවීම අගය කළ යුතුමය. ඔවුන්ගේ හැකියාවන්ට ඉඩ දිය යුතුය. සුපර් ස්ටාර් 7 හි අවසන් වටයකත් (අවසන් 40 විය යුතුයි) එක් රැඳවියෙක් සිටියා මතකයි.
ReplyDeleteජයවේවා!!!
/* පොලිස් නිලධාරියෙකු විසින් බොරුවට මත්ද්‍රව්‍ය නඩුවක් ගොනු කර සිරගත කොට සිටි යුවලකට....*/
ReplyDeleteරිමාන්ඩ් ද, හිරේ ද?
හිරේ යන්නේ විනිසුරු විසින් වරදකරු කර තීන්දුවක් දුන්නායින් පසුව නේද?
තීන්දුව දෙන වෙලාවලුත් තියනව. අපේ පැත්තෙ හිටිය මත්‍ද්‍රව්‍ය විකුණපු හාදයෙක්. ඊට පස්සෙ මෑන් ඒක නැවැත්තුව. නමුත් මොකක්දෝ කේස් එකකට පොලිසියත් එක්ක පැටලිලා බුවාට ගංජා වගයක් දාල ඇතුලට දැම්ම. මතක විදියට (නඩු කියන්න බැරි කමට) බුවා වරද පිලිගත්ත. දඬුවම් වින්ද.
Deleteරසිකගෙ රටේ එහෙම නොවුනට මෙහේ එහෙම වෙනව.
මේකනෙ රාජ්, කොළඹ ලොකු සල්ලිකාරයෙක්ට දාව ඉපදිලා, ආනන්දෙ පොඩි කාලෙ ඉඳන් ඉස්කෝලෙ ගිහින් , ඩැඩීගෙ සල්ලිවලින් ඔසී ගිහින් වැඩිදුර ඉගෙන ගත්ත බුවාලට, ලංකාවෙ තත්වෙ තේරෙන්නෙ නෑ. උන් හිතන්නෙ ඔසීවල මෙහෙම නම්, ලංකාවෙත් මෙහෙම වෙන්න ඇති කියල. හැබැයි වැඩේ කියන්නෙ ගමේ ඉස්කෝලෙක ඉගෙනගෙන, අන්තිම කාලෙ ආනන්දෙට රිංගලා, නිදහස් අධ්‍යාපනයෙ පිහිටෙන් පේරා ගිහින්, අනුන් කාල ඉතුරු කරපු පිඟන් උස්සන් ගිහින් අඩු ඉල්ලන් කාල, ඔසී පැන ගත්ත පොන්සි ඩයල්වලටත් පේන්නෙ ඒ විධියටමනෙ.
Deleteඔවුන් හිටියේ බොරු නඩුවට හිරේ
Deleteමේ තියෙන්නෙ ගස්ලබ්බගෙ අත්දැකීම්.. නූලෙන් බේරුණේ
Deleteammo
Deleteඉතිං නීතිය වැඩක් නෑනේ.. පොලෝසිය බොරුවට පටටලා හිරේ දාලා නං..
ReplyDeleteඑතකොට හිරේ ඉන්නෙ නෑනෙ, එතකොට ලෙඩ වෙනවනෙ
Deleteමේ ලංකාව
Deleteඔය පින්තූරයේ පෙනෙන 'සිරකරුවෝද මනුෂ්‍යයෝය' කියන දේ අපිට පෙනෙන්න නොවෙයි, ඔකේ ජේලර්ලාට පෙනෙන විදිහට ඒ ගොල්ලන්ගේ කන්තෝරුව ඇතුලෙන් ලිව්වානම් තමයි සුදුසු. ජේලර්ලාගේ කෙරුවාව ලියන්න එක පෝස්ටුවකින් බැහැ. පොතක්ම ලියන්න ඕනෑ.
ReplyDeleteජේලර්ලාගේ කෙරුවාව ha ha ha
Deleteරුවන්.....ක්ලමථ තත්වය සහ සමායෝගී ආබාධ කියන්නේ මොකක්ද? රුවන් අමනාප නැත්නම් ලියනකොට වරහන් ඇතුලේ ඉංග්‍රීසි වචනෙත් දාන්න. අපිට සර්ච් එකක් දාලා හරි වටහාගන්න පහසුවෙනවා.
ReplyDeleteවිකියෙන්
Deleteක්ලමථය
මං ඕක කියන්න හැදුවේ. ඒත් නොකියම ගියා යන්න.. අරූ..
DeleteThanks Raj!!!!
Deleteදේශා....මහ රෑම මොකො යන්න ගියේ මා හැරදාලා...
@ Dawn,King & Lecturer,
Deleteක්ලමථ සමායෝගී = Clement the Skin Hermit
ක්ලමථ - stress / සමායෝගී ආබාධ - adjustment disorder
Deleteඅරුණ ලියන්නේ නැත්තේ ඇයි FB ඉන්නවද ?
Deleteනැහැ රුවන් මම ෆේස්බුක් නැහැ.
Deleteසිර කඳවුරු වල විතරක් නෙමේ එළියේ අපි අවට පරිසරයෙත් නොයෙකුත් හේතු නිසා මෙවැනි උපදේශන ලැබිය යුත්තන් ඉන්නව ගොඩක්. සිර කඳවුරු වල නම් ඔබ වැනි අය ගිහින් හරි අඳුරගෙන යොමු කරනවා ඒත් එළියේ ඉන්නා අයව අඳුරගන්නත් යොමු කරන්නත් කෙනෙක් නැහැ..
ReplyDeleteathha
Deleteමම 1997 වැලිකඩ අවුරුදු පහකට හිරේ ගියා. ස්ත්‍රී දුෂණයකට. පස්සේ 2004 ආයේ ගියා බෝගම්බර. ඒ අවුරුදු එකහමාරකට . ඒ පොඩි හොරකමක් කරලා. ඊට පස්සේ මහර බන්දනගාරේ හිටියා 2012 ඉඳලා 2014 වෙනකම් කුඩු ඩිල් එකක් ගැස්සිලා.
ReplyDeleteදැන් නම් ඔය ඔකොම නවත්වලා ඩ්‍රයිවින් රස්සාවක් කොරන් ඉන්නවා.
බීලා වාහනේට මිනිස්සු යටකරන්න එපා. උඹට ආපහු ලගින්න වෙයි.
Deletemeeta Mathalan.
Delete@AnonymousSeptember 21, 2016 at 5:37 AM
Deleteප්‍රාදේසිය සබා චන්දෙටවත් ඉල්ලන්න
ප්‍රාදේශීය සභාවට සුදුසුකම් වැඩියි. පොලිසියේ ඉහල තනතුරකට හරි, පාර්ලිමේන්තුවට යන්න ...හොඳට සුදුසුකම් තියෙනවා.
Deleteමම 1997 වැලිකඩ අවුරුදු පහකට හිරේ ගියා. ස්ත්‍රී දුෂණයකට. පස්සේ 2004 ආයේ ගියා බෝගම්බර. ඒ අවුරුදු එකහමාරකට . ඒ පොඩි හොරකමක් කරලා. ඊට පස්සේ මහර බන්දනගාරේ හිටියා 2012 ඉඳලා 2014 වෙනකම් කුඩු ඩිල් එකක් ගැස්සිලා.
Deleteදැන් නම් ඔය ඔකොම නවත්වලා ඩ්‍රයිවින් රස්සාවක් කොරන් ඉන්නවා./////// මේ කතාව ඇත්තක් නම් යලිත් හොඳ මාර්ගයට ආ ඔබ මගේ ලෝකයේ වීරයෙකි
1988 දී බෝගම්බර බන්ධනාගාරය තුලට යන්නට සිදුවුනා, එක්තරා සිරකරුවකු විසින්, එකල පැවති භීෂණයට අදාලව, මිනීමරුම් කීපයක් කර ඇද්ද යන්න තහවුරු කරගැනීමට. මේ සඳහා, විශේෂ අවසරයක් ගන්න පවා සිදුවුණා. බන්ධනාගාරයට ඇතුළුවීමට පෙර, මගෙත්, මගේ ආරක්ෂක සෙබලුන්ගේත් අවි ආයුධ, පිටත තබා යන්න සිදුවුනා. බන්ධනාගාර නිලධාරීන් කිව්වා, සිරකරුවන් මොනවා කිව්වත්, ගණන් නොගෙන, කෙලින් බලාගෙන, ඔවුන් සමග එන්න කියා. එදා ඒ සිරකරුවන් කෑ ගැසූ ආකාරය අනුව, ආරක්ෂක අංශ සමග ඔවුන් කොපමණ තදබල වෛරයකින් ඉන්නවාද යන්න පැහැදිලි වුණා. අපිව අහුවුනා නම් කෑලි කරනවා ඔවුන්.
ReplyDeleteමගේ උත්සාහය සාර්ථක වුණා. සාක්ෂි සහිතව ඔප්පු වුණා, ඒ පුද්ගලයා මිනීමරුවකු බව. ඔහු, වෙනත් නඩුවකකට අදාලව, ඒ කාලේ සිරගතව සිටියේ.
70-77 සමගි පෙරමුණු රජයෙන් හඳුන්වා දී එක්වරක්වත් නොපවත්වා අවලංගුකල H.N.C.E. විභාගයේ විෂය නිර්දේශයට ව්‍යාපෘති වැඩ යනුවෙන් විෂයයක්ද ඇතුලත්විය. ඒ සඳහා අපිට නියම වූයේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා සාකච්ඡාකොට ඔවුන්ගේ පවුල්වල් සුභ සාධනය උදෙසා යම් වැඩ පිළිවෙලක් සැකසීමය. ඒ සඳහා දෙවරක් හෝ තෙවරක් වැලිකඩ බන්ධනාගාරයට ගියෙමි.
ReplyDeleteඑහෙත් 77 ජූලි මස බලයට පැමිණි එ.ජා.ප. රජය නැවත පැරණිඅ.පො.ස. උසස් පෙළ විභාගය හඳුන්වාදුන් හෙයින් එම ව්‍යාපෘතිය ඇණහිටියේය.
මනුෂ්‍යයෝද සිරකරුවෝය - කපිල කුමාර කාලිංග - " සැප්තැම්බරයේ දිග දවසක්"
සෝඩා බෝතල් ව්‍යාපෘති
Delete