Thursday, August 18, 2016

මිනිස් බෝම්බයක් වීමට උත්සහ කල සොල්දාදුවා

 





දුස්සාධ්‍ය විශාදයෙන් පෙළුණු එක් සොල්දාදුවෙකු මා වෙත පැමිණ ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වී සතුරා නැසීමට අවශ්‍යයි කියා ඒ සඳහා ඔහුව හමුදාපතිවරයාට යොමු කරන ලෙස ඉල්ලීමක් කලේය​. 

ශ්‍රී ලංකා යුද හමුදාව අන්තර් ජාතික යුද නීති වලට අනුව ක්‍රියා කිරීමට බැඳී තිබෙන නිසා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම හමුදාව විසින් නොකරන බව කියා මම ඔහුට පිළිතුරු දුන්නෙමි. එහෙත් මෙම සොල්දාදුවා මට පෙරැත්ත කරමින් ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීමට අවශ්‍ය බව කීවේය​. 

මෙවැනි චිත්තයක් ඔහු තුල පහළ වූයේ දේශප්‍රේමය නිසාද නැතහොත් වෙනත් හේතුව නිසාද කියා බැලීම සඳහා මම එකී සොල්දාදුවා සමග කතා බහ කොට ඔහුගේ තොරතුරු විමසුවෙමි. 

මෙම පුද්ගලයා උපත ලබන්නේ ඉතා දිලිඳු පවුලකය​. පියා මධුලෝලියෙකි. පියා නිතරම ළමුන් ඉදිරියේ ඉතා බරපතල ලෙසින් බිරිඳට පහර දෙයි. මේ නිසා කුඩා කාලයේ සිට දරිද්‍රතාවයෙන් සහ අනාරක්‍ෂිත බවින් ඔහු පීඩා වින්දේය​. සමහර විට නිවසේ කෑමට දෙයක් පවා නොවීය​. මේ නිසා වයස නවය වන විට ඔහුගේ   මව ඔහුව පන්සලට භාර දෙන්නේ කෑම ටික හෝ ලැබෙනු ඇතැයි සිතාගෙනය​. 

ලාබාල වයසේ මහණ වූ මෙම පුද්ගලයා පන්සලේදී වැඩිහිටි භික්‍ෂූන් අතින් ලිංගික අපයෝජනයට ලක්වෙයි. ඔහු පැවසූ පරිදි සමහර රාත්‍රී වල  වැඩිහිටි භික්‍ෂූන් අට දෙනෙකු පමණ ඔහුව වරින් වර ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ. මෙසේ ලිංගික අපයෝජනයන්ට  මුහුණ දෙමින් වසර ගනනාවක් ඔහු පන්සලේ කාලය ගත කරයි. වසර දහ අට වන විට මෙම   පුද්ගලයා උපැවිදිව හමුදාවට බැඳේ. 

හමුදාවේදී ඔහු අන්‍ය සොල්දාදුවන් සමලිංගික ක්‍රියා සඳහා යොමු කරවා ගැනීමට උත්සහ දරයි. මේ නිසා ඔහුට රාජකාරිමය වශයෙන් ආතති තත්වයක් ඇතිවේ. මෙසේ වසර කීපයක් ක්‍රියාන්විත ප්‍රදේශ වල රාජකාරී කරන විට යුද ආතතිය නිසාද ළමා කාලයේ අත් දුටු ක්‍ෂිතිමය අත්දැකීම් නිසාද  ඔහු තුල විශාදය හට ගනියි. එහෙත් ඒ සඳහා ඔහුට ප්‍රතිකාර නොලැබේ. 

විශාද තත්වය යටතේ ඔහු ක්‍රියාන්විත රාජකාරී කරයි. මේ හේතුවෙන් වරක් බංකරයකදී තම අවියෙන් ඔහු වෙඩි තබා ගැනීමට උත්සහ දරයි. නමුත් වෙනත් සොල්දාදුවෙකුගේ මැදිහත් වීමෙන් එය වැලකේ. අණතුරුව මෙම පුද්ගලයා යුද හමුදා  රෝහලේ මානසික රෝග වාට්ටුව වෙත යොමු කරනු ලබයි. 

මෙම පුද්ගලයාගේ ජීවිත කතාව ඇසීමෙන් පසුව බුද්ධාගම බේරා ගැනීම පිණිස කියා බුදු මගට නොගැලපෙන ලෙසින් ඉතා ප්‍රචණ්ඩ අයුරින් මිනිසුන්ට පහර දීමට යන , කුණුහරප කියන , ගිනි තබාගෙන මිය යන බවට වහසි බස් කියන කසාවත් හැඳියන් ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මොවුන් ළමා කාලයේ මහණව ලිංගික අපයෝජන වල වින්දිතයන්ව තම ක්‍ෂිතිමය අත්දැකීම් සමාජයට ප්‍රක්‍ෂේපණය කරන්නන් බව මගේ සිත කියයි. එම චිත්තය බොදු විරෝධී චිත්තයක් නොවන බව මම දනිමි. එහෙත් ළමා මහණ කිරීම් විසින් උද්ගත කරන සමාජ ශාසන විලෝපනය ගැන බොදුනුවන් විසින් මහත් ගැඹුරින් සලකා බැලිය යුතු බව මම පවසමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

34 comments:

  1. වෛද්‍ය තුමනි, ඔබ මේ කථා කරන කාරනය බෞද්ධ සමාජය තුල ප්‍රභල කතිකාවකට ලක් විය යුතු කාරනයක්. ඒත් බ්ලොගයක මෙය පල වූ විට අන්‍යාගමිකයින් හා බෞද්ධ විරෝධීන් බොහෝ අමන්දානන්දයට පත් වී මේ ඔස්සේ අසභ්‍ය වදන් පවා යොදා ගනිමින් දහමටත් මහා සංඝ රත්නයටත් අපහාස උපහාස කිරීමට පෙළඹේවී. ඔබේ බ්ලොගය තුලත් මෙය ම සිදු වේවි.
    එහෙත් ඇත්තෙන්ම මේ සමාජ විකෘති තත්වය බොහෝ සමාජ හැදෑරීම් අනුව බොහෝමයක් ආගමික සංස්ථාවලට පොදු වූ තත්වයක්. කන්‍යාරාම වලට හා පල්ලිවලටත්. ඒත් බොදු සසුන් සංස්ථාව තුල තත්වය සෝචනීය වන්නේ ඔබ කියන අයුරින්ම ළමුන් පැවිදි කිරීමේ සම්ප්‍රධාය නිසායි. මේක ඇත්තෙන්ම බරපතල ප්‍රශ්නයක්.
    මේවාට පිළිතුරු හා විසඳාගන්නා ආකාරය ප්‍රාතිමෝක්ශය තුල (විනය ) ඉතා පැහැදිලිව කියා තිබෙනවා.

    ඒත් බටහිරයන්ගේ පාලන තන්ත්‍රය තුළ භික්ෂුවකට සිදුව ඇති විනාශය නිසා (මේක වෙනම දීර්ගව පැහැදිලි කල යුතු කාරණයක් ) එනම් භික්ෂූත්වයට නොගැලපෙන උන්මත්තකයින්ට භික්ෂූන් ලෙස පෙනී සිටීමෙහි වරම ලැබී ඇති නිසා මේ තත්වය වලක්වාලිය නොහැකි තරමට ප්‍රශ්ණයක් වෙලා.

    මේක ඉතා දීර්ගව සාකච්චා විය යුතු තත්වයක්.

    ReplyDelete
    Replies
    1. මමනම් කම්මලේ බල්ලා වගේ. :)

      http://anthoniyo-bahijata.blogspot.com/2016/02/blog-post_18.html

      Delete
    2. මෙම ලිපියෙන් මොනම හෝ අයුරකිනත් බෞද්ධ ධර්මයට හානියක් සිදු නොවේ. ඔබ මෙතැනදී අන්‍යාගමිකයින් යනුවෙන් සඳහන් කර තිබීමෙන් අදහස්වන්නේ ඔබෙත් වර්ගවාදී ලක්ෂණයක් ඇතියි කියාය.

      ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමකට අපහාසා කල හැක. නමුත් එමගින් ආගමට ධර්මයට කිසිසේත්ම හානියක් සිදු නොවේ.

      මම දැක්ක එකතරා සුදුජතික බෞද්ධ බික්ෂුන් වහන්සේ කෙනෙකුගෙන් යමෙක් මෙසේ අසනවා. ඔබ වහන්සේ ළඟ තිබෙන බෞද්ධ ධර්මය පිලිබඳ ලියවුනු පොතක් වෙනත් අන්‍යාගමික පුද්ගලයෙක් වැසිකිලි වලකට දැම්මොත් ඔබ වහන්සේ කුමක් ද කරන්නේද යයි කියා. ඒවාට සුදු ජාතික බික්ෂුන්වහන්සේ මද සිහවකින් මෙසේ පිළිතුරු දෙනවා. " යමෙක් මා සතුව ඇති බෞද්ද ධර්මය පිලිබඳ ලියවුනු පොතක් එසේ වැසිකිලි වලකට දැමුවහොත් මා කරන්නේ තව පොත මිලදී ගැනීමයි. "

      ඕක ඉතින් අපේ බල සේනාවල ඉන්න කෙනෙකුගේ ඇහුවොත් ඉතින් දෙන උත්තර දන්නවනේ. දැන් අඳුරගන්න පුළුවන් කවුද සිල්වත් බික්ෂුන්වහන්සේ නැත්නම් කවුද නාමික බෞද්ධ බික්ෂුව කියා. මේ වගේ දේවල් වලින් යම් කෙනෙක් බෞද්ධ ධර්මයට හිනා උනත් එමගින් නිර්මල බුදු දහම විනාශ කරන්න බැහැ. බුදු දහම යනු සත්‍ය වේ. ඒ පිළිබඳව ඔබ බියක් ඇති නොකරගන්න.


      Delete
    3. නයනේ අන්‍යාගම්කයන් අමන්දානන්දයට පත්වෙනවා කියා හැමදාම මේව සගවාගෙන සිටිමුද . අවුරුදු හතේ අටේ පොඩි දරුවෙක් දැවැන්ත මඤ්ඤොක්ක අල වැනි පින්කදවල් හත අටක් එක රැයට බස්සන කොට කොහොම ඉවසන්නද.පස්සෙන්ද ඒ ලමය වැසිකිලි යන්නෙ කොහොමද . පු* ට පත්තු බදින්න වෙනව නේද . පත්තු බදින වියදමත් දායක සමිතියට වැය බරක් නේද
      අඩුගානෙ මේකලට විනය නීතියක්වත් නැද්ද එක ලමයෙකුට එක සැරයයි කියල.අර එක ගමකට එක වැඩක් වගෙ.
      පොඩි උන්ගෙ අන්තහ් පුර තියාගෙන ඉන්න මුන්ගෙ ගුබ්බෑයම්වල ට ලමයි බාරදෙන දෙමවුපියන්ට මඩු වලිගෙන් ගහන්න ඕන.

      Delete
    4. පල්ලිය තුලත් ළමයින් ලිංගික අපයෝජනයට ලක් වෙනවා, කෝවිල් වලත් මේවා වෙනවා. අප එලිපිට ආගමික නායකයන් කරන අපයෝජනයන් හෙලිකල යුතුයි. සඟවාගෙන සිටීමෙන් වන්නේ ප්‍රශ්නය තීව්‍ර වීමයි

      Delete
    5. I totally diagree with your conclusion given at the end in this article, i'm afraid. While agreeing with that there are plenty of areas that lapses in terms of discipline at temples, on obvious grounds, it doesn't mean that it is not a the right thing for the young children to become monks at such a young age as 5-10 years old.
      This is a common misunderstand in the minds of due to lack of Buddhadhama in real meaning. It is a sad situation indeed. Criticism is a very good thing. But It is always best to that knowing the subject one is criticing about first. By publishing articles like this is like a direct involment in insulting the Lord Buddha and his noble doctrine. I am sorry doctor, I have to be clear in my message. I respect your profession but I have to stand by the truth

      Delete
    6. I am Senaka De Zoysa Siriwardena ( Don't know why my comment was shown as from 'unknown'

      Delete
    7. යමපල්ලා, ඔබ ප්‍රශ්නය එක් කොනකින් ගෙන මා විවේචනය කිරීමට පෙර සැබෑ තත්වය දකින්න. මා අන්‍යාගමිකයන් යන පදය යොදන්නේ අද බටහිරයන්ගේ නීති පද්ධති හා අධ්‍යාපන රටාව මගින් බුදු දහම තවත් එක ආගමක් බවටත් ඒ ඔස්සේ උප්පැන්න සහතික බෞද්ධයනුත් බිහි කොට ඇති පසුබිමකයි.
      තව දුරටත් මා ගිහියෙකු ලෙස යම් වර්ග වාදී චින්තනයන් සහිත බවත් ඇත්තයි. මා කිසි සේත්ම මාගේ සිංහල කම හෝ තෙරුවන් සරණ ගිය බව පාවා දෙන්නේ නැහැ.

      බුදු දහමට කෙනෙකු කරන අපහාස ගනන් ගත යුතු නැති බව මාද හොඳින්ම දනිමි එහෙත් දහමට එරෙහි කුමන්ත්‍රන, අපහාස කලාට දහමට හානියක් නැත කියා ඉවසා වැදෑරීමනම් මාගේ පිළිවෙත නොවෙයි.
      බල සේනා වල උදවිය ගැන ඔබ මාහට කීම ඵලක් නැහැ මන්ද මා ඔවුන් බෞද්ධ භික්ෂූන් ලෙස පිළිගන්නේ නැති නිසා.

      මධ්‍යස්ත, ඔබ සැම විටම මෙවැනි මාතෘකා යොදාගෙන ඉතා නිර්දය ලෙස සසුනට පහර දෙන බවක් මා දකිනවා. එහෙත් ඔබ මා මේ කියන දෙය කියවාවියැයි මා බලාපොරොත්තු වෙනවා.
      ඔබ කියන්නේ කුමක්ද, එක ළමයෙකුට එක සැරයයි කියලවත් විනය නීතියක් නැද්ද? මේ හරහා ඔබ කියන්නට තැත් දරන්නේ මේ දුස්සීල භික්ෂු ප්‍රථිරූපකයන් බුදුන්ගේ විනය පිළිපදින බවක්ද? එසේ නැතිනම් මේවන් අකටයුතු විනයෙන් ඉඩ හල දේවල් බව කියා පෑමටද?
      ඔබ ව්‍යංගයෙන් ඉතා හානිකර මත දහම ගැන නොදන්නා උන්වෙත බෙදා හරින බවක් මා දකිනවා. මෙය ඉතාමත් නරක කූට උත්සහයක්.
      කරුනාකර දන්නේ නැති අය දැන ගන්න,
      කිසියම්ම වූ භික්ෂුවක් තවත් පුද්ගලයෙකු සමග අභ්‍යන්තර ලිංගික ආශ්වාදය ලැබුවාද ඔහු නිසැකවම පාරාජීකා ඇවැතට පත් වේ. එනම් තව දුරටත් භික්ෂූත්වය දරන්නෙකු නොවන අතර සිවුර දැරීමට අයිතියක් නැත්තෙකි. (මෙවන්නෙකුට උපැවිදි වී නැවත සසුන්ගත වීමකටවත් ඉඩක් නැත )
      එහෙත් වත්මන් නීති පද්ධතිය තුළ එවැන්නෙකු පවා සසුනින් බැහැර කිරීමට මහා නායක හිමිවරුන් හෝ අන් කිසිදු සැබෑ භික්ෂුවකට බලයක් හෝ අධිකාරියක් නොමැත.
      එම නිසා මෙවැනි දුස්ෂීලයන් ඉදිරියේ මුනිවත රැකීමට සැබෑ සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාට සිදුව ඇත.

      බුදු දහමට වෛර කරන්නන් හට වුවමනා තත්වය රටේ බිහිවී ඇත.

      Delete
  2. ඒ සෙඹලගෙ කතාව නම් හරිම සෝචනීයයි..

    සමාජයේ අය පැවති කෙනෙක් උපැවදි උනාම ඒකට බනිනවා... ඒත් පැවදි වෙලාද පැවදි කරලද කවුරුත් දන්නෙ නැ.. ඒ වගේම උපැවදි වෙන්නේ ඇයි කියලා හේතු හොයන්නේ එකම කෝනෙකින් විතරයි...

    කතා නොකරන කතා කළ යුතු මාතෘකාවක් වෛද්‍යතුමණි...

    ReplyDelete
    Replies
    1. මේවා අප ප්‍රශ්න කල යුතුයි

      Delete
  3. රුවන්ගේ අර ආබෲ ළිපිය මම බුකියේ ෂෙයා කලා..

    නියම බුද්ධාගම දන්න පැවදි පිරිස බොහෝම අල්පයි.. අති බහුතරය මාන්සිකව ලෙඩ උන රොබෝ සෙට් එකක්. වෙන කවුරුත් නෙමෙයි ඒ දේවල් කියන්නේ පැවිද්දන්මයි....

    ReplyDelete
    Replies
    1. නියම බුද්ධාගම දන්න පැවදි පිරිස බොහෝම අල්පයි//// +++++ බටහිර රටවල සුදු මිනිසුන් මට හමුවෙලා තියනවා බුදු දහම ගැඹුරින් දත්. ලංකාවේ බොහෝ භික්‍ෂූන් බුදු දහම දන්නේ නෑ

      Delete
  4. නොතේරෙන වයසේදී මහණ කිරීමම අපයෝජනයකි

    ReplyDelete
  5. බැරිවෙලාවත් රුවන් මේ ලිපිය ෆේස්බුක් එකේ එහෙම පලකලොත් දේශප්‍රේමී අන්තවාදී නාමික බෞද්ධ පිරිස පැමිණෙන්නේ කඩු පොලු කිනිසි තුවක්කු අරගෙනය. ( හැබැයි වර්චුවල් ය )

    1 : පන්සල් ,හෝ පල්ලි වේවා මහන දිවියට ඇතුලුවෙන කුඩා දරුවන් අනාරක්ෂිතය. බොහෝවිට ඔවුන් මහන කරන්නේ දුගී නුගත් දෙමවුපියන්ය. එබැවින් ඔවුනට තම දරුවන්ගේ ආරක්‍ෂිතභාවය විමසා බලන්නට තරම් බුද්දිමත් නුවනක් නොමැත. මේ පිළිබඳව මුලිකවම මැදිහත්විය යුත්තේ බුද්ධ සාසන අමාත්‍යංශය වේ. පල්ලි සම්බන්දව ඒ ඒ අමාත්‍යංශය වගකීම් දැරිය යුතු වේ.

    අද මහන වෙන බහුතරය සංසාරයේ අනිත්‍ය දැක මහන දම් පුරන අය නොවන බව අප වටහාගත යුතුය. මා අසා ඇති ආකාරයට අතීතයේදීත් බුදුරජාණන් වහන්සේ තරුණ බික්ෂුන්ට යම් නිතියක් පනවල තිබ්බ වැඩිහිටි බික්ශුන්න් සමග එකම කාමර වල රාත්‍රිය ගත නොකරන ලෙස. ( මගේ මතකයේ ඇති අයුරින් ) අපි පොඩි කාලේ පවා සමාජය ළමයකුගේ ආරක්‍ෂිත තත්වය මැන බැලුවේ ගැහැණු දරුවකු නම් පමණකි. පිරිමි දරුවන් නොසලකා හරින ලදී.

    ( ම මෙතනින් අදහස් කරන්නේ සියලුම පන්සල් වල හෝ පල්ලි වල ළමා අපචාර සිදුවන බවට නොවේ. )

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමී අන්තවාදී නාමික බෞද්ධ පිරිස පැමිණෙන්නේ කඩු පොලු කිනිසි තුවක්කු අරගෙනය ++++

      Delete
  6. /හමුදාවේදී ඔහු අන්‍ය සොල්දාදුවන් සමලිංගික ක්‍රියා සඳහා යොමු කරවා ගැනීමට උත්සහ දරයි./
    පන්සල් වලට තරුණ වයසේ කොල්ලෝ යවන්නත් බෑ අතපත ගානවා, කුණුහරුප උගන්නවා. කෙල්ලෝ යවන්න බෑ දෙබිඩි කතා කියනවා, නිවන් යවන්නේ ලැබෙන්නේ උපාසිකාවන්වයි, ත්‍රීවීල් මල්ලිලාවයි විතරයි.

    ReplyDelete
  7. කිසිම ආගමක මේ තරම් කුඩා වයසින් ලමුන් පැවිදි කරන්නේදැයි නොදනිමි. කාක්කෙක් එලවගන්න පුලුවන් තරමෙ ලමයෙක් මහන කිරීම සුදුසුයැයි බුදුන් කීවානම් මම ඒ බුදු වදනද හෙලා දකිමි. මේ ළමුන් වැඩිහිටි පැවිද්දන්ගේ මෙහෙකරුවන් වන අතර 90% ක් පමනම බරපතල ලිංගික අපයෝජනයන්ට ලක් වෙති.

    කහ සිවුරක් දුටු විට මට නම් ඇත්තටම ඇති වෙන්නේ පිලිකුලකි. මේ මහා ලිංගික අපචාරකාරයෙක් නේදැයි කියා අහක බලා ගන්නට සිතේ.භික්ෂූන් හත් අට දෙනා එක රැයකට අතවර කරන විට සාමනේර නමකට කොහොම ඔරොත්තු දෙයිද.සර්ව රාත්‍රික පිරිත් දවස්වලට අවට පන්සල්වලිනුත් බේරිල්ලක් නෑ එහෙම දවස්වලට නිදාගන්න ලැබෙන්නෙම නෑ කියා ආඩපාලි කියා උපැවිදි වූ භික්ෂුවක් ගැන මා කොමෙන්ට් එකක දුටුවෙමි.

    අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට කාන්තා ඇසුර ගැන විවිධ චෝදනා ඇත. මටනම් ඔහු පින් කදකි. මන්ද ඔහු කුඩා දරුවන් අස්වාභාවික ලිංගික ක්‍රියාවලට පොළබවානොගෙන ස්වාභාවික බ්‍රහ්මාස්වාදයෙහි යෙදෙන බැවිනි.

    අල්ලපු ගමේ පිරිවෙනකි. පිරිවෙනේ තත්වය ඛේදනීයය. දැන් එම කහකඩයා වයසකය. පන්සලේ නවත්වා සිටි අනාථ දරුවන් දෙදෙනෙකු ඉතා අස්වාභාවික දෙයකට පොළබවන සිද්ධිය එම දරුවන් ඔවුන්ගේ මව සමග කියා ඇත.මව ඔවුන් බලන්නට ආවේ මසකට සැරයකි. මෙම දරුවන් මොන දුකක් එම රාත්‍රීන් වල විදින්නට ඇද්ද. අම්මා දරුවන් පන්සලෙන් පමනක් නොව පාසලෙන්ද ඉවත් කරගෙන ගියේ මෙය විදුහල්පතිට පැමිනිලි කල්පසුය.
    මේ කුපාඩිකම් නොලියන්නේ මට ඇති ලැජ්ජාව නිසාය. මෙම අඩවියේම මේ ගැන ලියා පසුව ඩිලීට් කලෙමි.( කුඩා ලමයෙක් පන්සලේ නවත්වා එන විට අම්මා දැක අඩන වීඩියෝව තිබූ ලිපියේ ).එහෙත් උපාසකම්මලා මේ අපරාධකාරයා දුටු විට සාදු සාදු සා කියා වැද වැටෙති.
    අප කවදා මේ ආත්ම වංචාවෙන් මිදෙමුද

    පන්සලේ සෙල්ලම නම් වූ මෙම අපචාරය අනාදිමත් කාලයක් මුලුල්ලේ අප රටේ පැවතුනකි. මෙය අප සමාජය එහෙමට ගනන් නොගත් බව ද සමහර විද්වත්තු කියති.කුඩා පිරිමි ලමුන් සමග කරන මෙම ක්‍රියා සමාජ සම්මත චාරීත්‍රයක් තරම් වීලු. එහි කේන්දස්තානය ගමේ පන්සලයි.
    පන්සල දෙස බලා බත් කන්න බල්ලෙකුටවත් පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. අප කවදා මේ ආත්ම වංචාවෙන් මිදෙමුද ??? ///// so sad

      Delete
    2. ආත්ම වන්චාව කරන්නේ අප නොවෙයි,
      එවන් වූ දුස්සීල භික්ෂු වේශධාරීන්.
      ඔවුන් වැනියන් ඉන් මුදවා ගැනීම අසීරුයි.
      මෙහි ඊලඟ පියවර දරුවන් සසුන් ගත කිරීම කෙරෙහි වැඩිහිටියන් උකටලී වීමයි. (එසේ වීම අසාධාරනයැයි කිසිවෙකුට අද කීමට බැහැ )
      අනතුරුව ක්‍රමයෙන් භික්ෂූ පරපුර හීන වී යාමයි.

      එහෙත් ඒ තුළින් දහම වටහාගත් තරුණ පුද්ගලයින් අවබෝධයෙන්ම සසුන් ගත වීමට ඇති ඉඩ වර්ධනය විය හැකියි.

      Delete
  8. { කාක්කෙක් එලවගන්න පුලුවන් තරමෙ ලමයෙක් මහන කිරීම සුදුසුයැයි බුදුන් කීවානම් මම ඒ බුදු වදනද හෙලා දකිමි. )

    බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය පසු කාලීනව මිනිස්සුන්ගේ වාසියට වෙනස් කරගෙන තියනවා. නමුත් වර්තමාන සමාජයත් එක්ක බලපුවම මේ වෙනුවෙන් නීති පද්දතියක් හැදෙන්න ඕනේ.

    වර්තමාන සමාජ පසුබිම එක්ක අද යමක් කමක් මිල මුදල් තියන කෙනෙක් දරුවකු මහන කරනු දක්නට ලැබෙන්නේ නැහැ. බොහෝවිට අන්ත දුගී දුප්පත් මිනිස්සුන්ගේ දරුවන් තමයි මහන කරන්නේ. අර රුවන් කිවුවා වගේ බේබදු පියා , දර්ද්‍රතාවය මත කුඩා දරුවන් මහන කරනවා. නමුත් හැම පන්සලකම ළමා අපචාර සිද්ද වෙන්නෙත් නැහැ.

    සමහරු කියනවා ළමයාගේ ළමා කාලය විනාශ වෙනවා කියලා. ළමා කාලයක් නැති වෙනවා කියලා. නමුත් එමගින් ළමයාගේ වැඩිහිටියෙක් බවට පත්වීමේදී අධ්‍යාපනයක් එක්ක හොඳ පුරවසිය්ක් විදිහට සමාජ ගත වෙනවා. ළමයකුගේ ළමා කාලය අහිමිඋනත් අනාගය අහිමි වෙන්නේ නැහැ. අදික දරිද්‍රතාවයෙන් පෙලන පවුලක ජිවත් වේවි ළමා කාලයත් වැඩිහිටි කාලයත් විනාශ වනවාට වඩා සසුන් ගතවීම යහපත්ය. ( නමුත් ගොඩක් පොඩි සාමනේරවරු සම වයසේ දරුවන් එක්ක සෙල්ලම් කරනු මම අනන්තව දැක තියනවා. ලොකු හාමුදුරුවොත් කවදාවත් ඒවාට එරහිවෙන්නේත් නැහැ. )

    මම දන්නා ඕනෙතරම් පවුල් තියනවා . එදා දරුවන් පස් හය දෙනෙකු සමග දුගී දුප්පත් කමින් පෙළුණු පවුලක එක ළමයෙක් මහන කළා. පසුව තරුණ වියට පැමිණෙත්ම ඔහු සිවුරු හැර ගියා. නමුත් අද ඔහු රජයේ පාසලක හොඳ ගුරුවරයෙක්. ඔහුගේ සහෝදරයන් ගමේ කරන්න පුළුවන් හැම නොසන්න්ඩාල වැඩක්ම කරනවා. හොරකම් කරනවා. නමුත් අර දරුවා සසුන්ගත උණු බැවින් ඔහු හොඳ අධ්‍යාපනයක් හිමි කරගත්ත, යහපත් පුරුදු ඇති උනා. ඔහු සසුන් ගත නොවුයේ නම් ඔහුත් මෙලහකට තම පවුලේ සහෝදරයින්ගේ අඩි පාරේ යන්න ඉඩ තිබ්බා. ඔය එක උදාහරණයක් විතරයි.

    කුඩා දරුවන් සසුන්ගත කිරීමේදී මවු උණුසුම නැති වෙනවා. එකනම් සෝචනීයයි. නමුත් විකල්පයක් නැත.

    මම නැවතත් කියන්නේ මේ ළමා අපචාර නවතිවිමට බුද්ධ සාසන අමාත්‍යංශය පියවරක් ගත යුතුමයි. අපි නොදන්නවට කොපමණ ඔයවගේ අපචාර සිද්ද වෙනාවා ඇති ද.


    ReplyDelete
    Replies
    1. කාක්කෙක් එලවගන්න පුලුවන් තරමෙ ලමයෙක් මහන කිරීම සුදුසුයැයි බුදුන් කීවා //////
      බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය පසු කාලීනව මිනිස්සුන්ගේ වාසියට වෙනස් කරගෙන තියනවා.++++++++ මෙය බුදු වදනක් නොවේ කියා මම සිතනවා

      Delete
  9. බුද්ධිමත් සහ ගැඹුරු කතිකාවක් ඇති විය යුතු මාතෘකා. මොකද මේ වගේ මාතෘකා සාකච්ඡා වෙනකොට තමුන්ගෙ ඇරියස් කවර් කරන්න එන මඩ කරි සම්පූර්ණ සාකච්ඡාවම විනාසකරන්න ඉඩ තියන නිසා.ඔබ බොහොම කල්පනාවෙන් සංයමයෙන් ලියල තියන බව පේනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  10. මෙවැනි සොල්දාදුවන් මට හමුදාවේදී මුණගැසී තිබෙනවා. ඔවුන් අසනවා සර්, මම මැරුණට කමක් නෑ. මම ක්ලේමෝ එකක් බඩේ බැඳගෙන උන් ලඟට යන්නම් කියලා කියන.

    කලක් මහණවී සිටි පුද්ගලයකු නිලධාරියකු ලෙස හමුදාවට බැඳුනා. ඔහු හමුදා ජීවිතයේදී කල කී යම් යම් දේ පිලිබඳ සැකයක් මතුවී, පෞද්ගලිකව කරුණු විමසුවාම පිළිගත්තා, පන්සලේ වැඩිහිටි භික්ෂූන්ගේ ලිංගික අතවර නිසා ඉන් ඉවත්ව, ගෙදර පැමිණ අපොස උසස් පෙළ දක්වා නැවත පාසල් ගොස්, හමුදාවට බැඳුන බව.

    සමලිංගික ඇසුර සෙබල සෙබලියන් දෙගොල්ලන්ගේම තියනවා. එය සෙබලියන් අතර සෙමෙන් වර්ධනය වන අතර සෙබළුන් අතර වේගයෙන් වර්ධනය වනවා.

    මරාගෙන මැරෙන චින්තනය සහිත සියලුම සෙබළුන් පාහේ යම් මානසික කඩාවැටීමකට ලක්වූ අයයි.

    ReplyDelete
  11. වැදගත් කරුනක් මට මග හැරී ගියා.
    අද අප දකින ප්‍රචන්ඩකාරී තරුණ භික්ෂූන්ගේ පසුබිම ගැන වෛද්‍ය තුමා මතුකරන සැකය බොහෝම වැදගත්. ඇත්තෙන්ම මෙයට වැඩිහිටි භික්ෂූන්ම වගකිව යුතුයි.

    ReplyDelete
  12. කතෝලික ආගමේ ෆාදර්ස් ලා ලෝකය පුරාම සිදුකල මෙවන් දේවල් ගැන විශාල ප්‍රමාණයක් වාර්ථා වෙල තියෙනවා. මේක එක ආගමක විත්‍රක් වෙන දෙයක් නෙවෙයි. වෙන රටවල ඔවුන්ට මානසික ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ තිබෙන නිසා හෝ එම රටවල නීති නිසා කලහකාරී හැසිරීම් දකින්න නැතිව ඇති හෝ අඩු ඇති. බාල වයසින් මහන කිරීම වලක්වා ගැනීමට හෝ අඩුකර ගැනීමට ඇති හැකියාවත් වැඩිහිටි අය වැඩි පුර මහණ කමට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවත් දෙකම එකට සිදුවුණොත් ලොකු දෙයක් වෙයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook