32 කොලඹ නාලන්දා විද්‍යාලීය බාලදක්‍ෂයන් ලෙස අප ඉතා විනෝදජනකව ක්‍රියා කලෙමු. අනිල් ද සිල්වා, උදිත පලිහේන, සත්‍යජිත් , සත්‍යවාන් , ජගත් ලීලාරත්න, අනින්ද සමරසේන , තිස්ස ප්‍රනාන්දු , උදය ඉඳුනිල් , එදිරිසිංහ , සජිත්, දන්ත ආරියරත්න , ලාල් රූපතුංග , හිරන්‍ය හේමනාත , සුනිල් රංජිත්, වජිර , කාවන්තිස්ස , ලසිත ප්‍රනාන්දු , කෙවින් කුරේ , සේරම් ,බුද්ධික නානායක්කාර , බෙල්සන් පද්මසිරි , සජිත් යනාදී බාලදක්‍ෂයන් ගේ සමාගම අතිශයින් ප්‍රියජනක වූයේය.
අප වාර්ශික කඳවුරු මෙන්ම විශේෂ කඳවුරු වලටද ගියෙමු. එසේම විවිධ සමාජ මෙහෙවර , ශ්‍රමදාන ,Guard of Honor හෙවත් ආරාධිත අමුත්තන්ට දෙන උත්තමාචාර (මෙයට කොල්ලන් කීවේ ගාඩෆෝනර් කියාය). වලටද සහභාගී වූයෙමු.
අපගේ බාලදක්‍ෂ නායකයා වූයේ මිලින් ද පීරිස් ය. ඔහු ජනාධිපති බාලදක්‍ෂයෙකි. එසේම හොඳ නායකයෙකු වූයේය.
අපගේ මුල්ම කඳවුර වූ අතුරුගිරිය කඳවුරේදී නවකයන්ට සුළු නවක වදයක් ලෙස රාත්‍රියේ මුහුණු වල ටූත්පේස්ට් ගාන ලදි . මෙය කරන ලද්දේ ලාල් සහ ජගත් විසිනි. උදේ නැගිටින විට අපගේ මුහුණු වල ටූත්පේස්ට් සහ සපත්තු පොලිෂ් තිබූ අතර මාතෘ වන්දනාවකින් අණතුරුව දිනය ආරම්භ කරන ලදි.
අතුරුගිරිය කඳවුරේදී අපට භාජන නොමැතිව ඉවීමට කියා දෙන ලදි. තවද අප කැලෑවල ඇවිදීම , රාත්‍රී ගමන් යාම ගැන පුහුණුවක් ලැබුනි. එසේම ගිනිමැළ සංදර්ශනය විනෝදජනක විය. එහිදී මමත් චින්තකත් බෝනිඑම්ලා ගේ රස්පුටින් ගීතය ගැයුවෙමු. එම ගීතය බාලදක්‍ෂ නායක මිලින් ද පීරිස් ගේ ප්‍රියතම ගීතයක් වූයෙන් ඉන් පසුව නොයෙකුත් අවස්ථා වල එම ගීතය ගයන ලෙසට අපට ඉල්ලීම් ආවේය.
වරක් පාසලේ තිබූ කඳවුරකදී අනිල් , දන්ත සහ අනින්ද මැල්ලුම් වලට තණකොලද මිශ්‍ර කොට ඉව්වෝය. එදා බත් , පරිප්පු සහ තණකොල මැල්ලුම් අපි කෑවෙමු. මේ කඳවුරේදී විශාල ගස් දෙකක් අතර අඩි විස්සක පමණ උසින් කඹයක් බැඳ කඹයේ යාම උගන්වන ලදි. එසේම එදිරිසිංග විශාල මාර ගසක් උඩ ලී ගෙයක් තැනුවේය. අප කඹ යොදා සෑදූ ඉනිමගකින් ගස උඩ තැනූ නිවෙසට ගියෙමු.
උදය ඉඳුනිල් , වජිර, කාවන්තිස්ස , එදිරි යන බාලදක්‍ෂයන් කොලඹ දඹුල්ල ගාල්ල යන නගර ආවරණය කරමින් දීර්ඝ බයිසිකල් චාරිකාවක යෙදුනෝය. දින ගනනාවක් ගිය මෙම චාරිකාව පිලිබඳව ලිපියක් වජිර පසුව බාලදක්‍ෂ සමරුවකට ලියා තිබුනේය.
වරක් විහාරමහදේවි උද්‍යානයේ පැවති වාර්ශික කඳවුරකට අවශ්‍ය පොල් අතු ගෙන එන ලද්දේ කෙවින් සහ එදිරි විසිනි. අත් කරත්තයක දමා තල්ලු කරගෙන ගෙන එන ලද මෙම පොල් අතු කඳවුර භූමියට ලඟා වූයේ මධ්‍යම රාත්‍රියේය. පොල් අතු ගෙනැවිත් ඒවා යළි බාන ලද කෙවින් සහ එදිරි මහත් සේ වෙහෙසට පත්ව සිටියහ. එම නිසා ඔවුන් මධ්‍යම රාත්‍රියේ වලං වල ඉතිරිව තිබූ බත් සහ ව්‍යාංජන බෙදාගෙන කා පොල් අතු උඩ නිදාගත්හ.
උදේ එළි වන විට දෙදෙනාම රබර් බෝනික්කන් දෙදෙනෙකු සේ උඩ පනින්නට වූහ. බලන විට පොල් අතු වල සිටි දහස් ගනන් කූඹීන් මොවුන් දෙදෙනාගේ ශරීර වලට ගොඩවී තිබුණි. පසුව දෙදෙනාම භූමිතෙල් යොදා ශරීර පිරිසිදු කර ගත්හ.
එදින රාත්‍රියේ මමත් තවත් බාලදක්‍ෂයෙකු වූ කේ.පී ශාන්තත් අමුතු හඞකින් " එදිරී මට බඩගිනියි " කියා කෑගසා එදිරිසිංහව ඇවිස්සුවෙමු. මෙසේ කීපවරක් අප කෑගැසූ අතර අවසානයේදී එදිරිසිංහ කෑගසන ලද එක් අයෙකු (කේ.පී ශාන්තව) අල්ලාගෙන වතුර බාල්දියකින් මහ රෑ මැද ඔහුව නෑවීය. ඉන් පසු රාත්‍රිය ශාන්තව ගෙවී ගියේය.
මෙම කඳවුරේදී මට මහළු බාලදක්‍ෂ නායකයෙකු මුණ ගැසුනු අතර ඔහු බාලදක්‍ෂ වියාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයා සියැසින් දැක තිබුනේය. මේ මහතාගේ නම සමරසිංහ කියා මම සිතමි. ඔහු අද ජීවතුන් අතර නැත.
මිලින්ද පීරිස් යුද හමුදාවට ගිය විට බාලදක්‍ෂ නායකයා ලෙස කෙවින් කුරේ ගේ වැඩිමහල් සොහොයුරු සමන් කුරේ ආවේය. ඔහු ජර්මනියේ වසරක් ගත කොට තිබුනි. සමන් කුරේ විනෝදකාමී අයෙකු වූ අතර අපද සමන් සමග විහිළු කලෙමු.
අපගේ බාලදක්‍ෂ කණ්ඩායම් ගෝන, මුව , සිංහ යනාදී වශයෙන් උප කාණ්ඩ වලට බෙදා තිබුනේය. මේ උප කාණ්ඩ වලට නියමිත භූමි තිබූ අතර ඒවා පිරිසුදු කොට තබා ගත යුතුය. මේවා පරීක්‍ෂා කිරීමට බාලදක්‍ෂ නායක සමන් කුරේ එයි. ඒ ඇවිත් ලකුණු දෙයි.
මම සිටියේ ගෝන කාණ්ඩයේය. එදින කණ්ඩායම් නායකයා නොපැමිනි නිසා මම කාණ්ඩ නායක ලෙස අපගේ භූමිය ශුද්ද පවිත්‍ර කරන ලෙසට සෙසු බාලදක්‍ෂයන්ට උපදෙස් දුන්නෙමි. අපගේ කාණ්ඩයේ සිටි උදිත පලිසේන අපි සමන් අයියාට බොරු වලක් කපමුද කියා ඇසුවේය. අප එක සිතින් එකඟතාව පළ කොට භූමිය ශුද්ද කිරීම පසෙක ලා ගෝන කන්ඩායම් භූමියේ දොරකඩ අඩි හතරක පමණ වලක් කපා ඊට උඩින් ඉරටු රොඩු බොඩු දමා බොරු වළ සකස් කලෙමු. ඉන් පසු කාණ්ඩ පරික්‍ෂාවට සූදානම් වී සමන් කුරේ එන තෙක් සීරුවෙන් සිටියෙමු.
කාණ්ඩ පරික්‍ෂාවට ආ සමන් කුරේ සීරුවෙන් මාච් කරමින් ආවේය. මම කණ්ඩායම සීරුවේන් සිටින් කියා විධාන දුන්නෙමි. මෙසේ ඉදිරියට ආ සමන් කුරේ අපගේ බොරු වලේ වැටුනේය. අප බඩවල් අල්ලාගෙන සිනාසුනෙමු. උදය ඉඳුනිල් සමන්ට අතදී ඔහුව බොරු වලින් ගොඩ ගත් අතර පරීක්‍ෂණයේදී බාලදක්‍ෂ නායකයා බොරු වලක වැට්ටවීම නිසා අපගේ ලකුණු කපා දමන ලදි.
ඉන්පසු එළැඹුන සතියේදී මම කවටකමක් ලෙසට තිස්ස ප්‍රනාන්දුගේ බෑගයට දෙල් ගෙඩියක් දැමුවෙමි. තිස්ස ගෙදර ගොස් බෑගය අරින විට පත දෙල් ගෙඩියකි. මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලද නිසා මට විරුද්ධව බාලදක්‍ෂ ගෞරව සභාවේදී නඩු අසන ලදි. බොරු වළ කේස් එකද තිබූ නිසා මගේ තත්වය තවත් නරක් විය.
බාලදක්‍ෂ ගෞරව සභාවේදී මට තිබූ චෝදනා විමසන ලද බව එම සභාවට සාමාජිකයෙකු ලෙස සහභාගි වූ සත්‍යවාන් මට උපහාසාත්මක ලෙසින් කීවේය. මම ඒ ගැන උප නායක උදය ඉඳුනිල් ගෙන් ඇසුවෙමි. එයට ඉඳුනිල් උරණ විය. ඉඳුනිල් උරණ වූයේ මා සමග නොව රහස්‍ය බාලදක්‍ෂ ගෞරව සභාවේ තොරතුරු චූදිතට හෙළි කල සත්‍යවාන් සමගය. මේ නිසා චෝදනා වෙන දිශාවකට යොමුව මට විරුද්ධව තිබූ පැමිනිල්ල හමස් පෙට්ටියට ගියේය. එසේම එම වසරේදී අන්තර් බාලදක්‍ෂ පිහිනුම් තරඟාවලියේදී සහතිකයක් දිනන ලද එකම නාලන්ද විද්‍යාලීය බාලදක්‍ෂයා මා වූ හෙයින් මට අනියම් සමාවක් ලැබුනේය. එසේම ගාල්ල කඳවුරේදී උප නායකයා ලෙස ක්‍රියා කරමින් මම උදය ඉඳුනිල් ගේ ඇගයුමටද ලක් වූයෙමි.
1983 අනුරාධපුරයේ ලෝක ජම්බෝරිය රස ගුලාවක් වූයේ මට තකට තක ලෙස ගැලපුනු ආනන්ද විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් හමු වීමෙනි. අප දෙදෙනා එකතුව බොහෝ විනෝද වැඩ කලෙමු. එසේම කවට නාට්‍ය අප ගිනිමැළ සංදර්ශන වලදී ඉදිරිපත් කොට පිරිස කුල්මත් කලෙමු. වෙනත් දිස්ත්‍රික්වල බාලදක්‍ෂයන් ද අපගේ නාට්‍ය බැලීමට ආවෝය. කුසල් වර්තමානයේ බැංකු නිලධාරියෙකි. ඔහු මෑතකදී සම්පත් බැංකුවේ නාට්‍යකද රඟපාන ලදි.
උසස් පෙළට ගිය විට මම බාලදක්‍ෂ ජීවිතයෙන් සමු ගත්තෙමි. එහෙත් බාලදක්‍ෂ අනුස්මරණයන් එමටය. එදා අප සමග සිටි බාලදක්‍ෂයන් විසිරී ගොසිනි.
උදය ඉඳුනිල් සහ කෙවින් කුරේ කණගාටුදායක ලෙස අකාලයේ මිය යන ලදි.හමුදා නිලධාරියෙකු වූ මිලින්ද පීරිස් මෑතක්දී විශ්‍රාම ගියේය. සමන් කුරේ අයර්ලන්තයේ සිටින අතර ඔහු දැන් රෝගාතුරය. සුනිල් රංජිත් වෛද්‍යවරයෙකි. අනින්ද සමරසේන එක්සත් ජනපදයේ ජීවත් වෙයි. තිස්ස ප්‍රනාන්දු ජීවත් වන්නේ කුරුවිටය. අප මුහුණු පොතෙන් සංවාදයේ යෙදෙන්නෙමු. දෙල් ගෙඩියේ කේස් එකට ඔහු මට සමාව දී තිබේ.
අප පරමාදර්ශී බාලදක්‍ෂයන් නොවූ බව සැබෑය. කොළුකමට කරන විකාර බොහෝ සෙයින් තිබුන මුත් අප ළමා ගති ඉක්මවා යන දේවල් නොකලෙමු. මෙය කියන්නේ වර්තමාන බාලදක්‍ෂයන්ට ධනාත්මක පණිවිඩයක් දීම සඳහාය.
අප බාලදක්‍ෂ ලෝකයෙන් බොහෝ සාරාර්ථ ජීවිත වලට ලබා ගත්තෙමු.
මුංව තියන්න වටින්නෑනෙ.
ReplyDeleteWhen his drinking and...
...the demands to do something about this outrageous man
became LOUDER AND LOUDER
Oh,those Russians!
මේ කෑලිත් කිව්වද?
නැතුව නැතුව
Deleteඅදයි දැනගත්තෙ මෙ "ජම්බෝරිය" කියන වචනෙ මුල් වචනෙ Camporee
ReplyDeleteJamboree is the word I know. I have no idea what camporee is.
Deletecamporee is a district event, jamboree is national or international event
Deletecorrect
Deleteනේපාලයේ බාලදක්‍ෂ කර ඇති අය සුරාංගනීට මාළු ගෙනවා නම් සින්දුව කියන්න දන්නවා!
ReplyDelete‘සුරංගනී‘ සාර්ක් එකේ නිල සිංදුව
Deleteසුරාංගනීට හුරුල්ලෝ ගෙනාවා කියලත් කියනවා
Deleteඇත්තටම ඔය නම් ඔක්කොම මතකද ? මට ඒ ලෙවල් ක්ලාස් එකේ හිටිය පස් දෙනෙක්ගෙවත් නම් මතක නෑ...සමහර වෙලාවට හම්බුනාම මාර අපහසුතාවයකට පත් වෙන්නේ.. "මචං" කියලා එකක් නොතිබුනානම් කපෝති....
ReplyDeleteබාලදක්ෂයෙක් නොවුන එක ගැන කම්පා වෙනවා....
දුකයි
Deleteබාලදක්ෂ ජීවිතේ කියන්නේ ජීවිතේට ගොඩක් අත්දැකීම් ලබාදෙන කාලයක්. මමත් සාමාන්‍ය පෙල කරනකම් බාලදක්ෂයෙක්. ජාතික ජම්බෝරිය ඇතුලු ජම්බෝරි කිහිපයකට සහභාගී උනා. හරිම සුන්දර කාලයක්.
ReplyDeleteවරක් බාලදක්ෂයා සැමදා බාලදක්ෂයෙකි
Deleteජනාධිපති බාලදක්ෂ ජගත් ලීලරත්නත් දැන් අමෙරිකාවේ නේද?
ReplyDeleteඔහු ගැන තොරතුරක් නැත
Deleteබාලදක්ෂ ජීවිතේ තමා ගස්ලබ්බගෙත් පාසල් කාලෙ රසවත්ම අත්දැකීම් එකතු කරපු කාලෙ.
ReplyDeleteභාජන රහිතව පිසීම,ගිණිමැල තැනීම වගේ අත්දැකීම් පස්සෙ ජොබ කරපු කාලෙ හොඳට ප්‍රයෝජනවත් උනා.දුමෙන් ඇල්කොහොලින් තොරව ඒ කාලෙ අපි සෑහෙන විනෝදයක් ලැබුව බිව්වටත් වඩා.. හෙහ් හෙහ්
ජයවේවා..!!
වරක් බාලදක්ෂයා සැමදා බාලදක්ෂයෙකි
Deleteපාසලේදී ශිෂ්‍යභටයකු වුණා පමණයි. බාලදක්ෂයකු වෙන්නට බැරිවුණා. මේ අද්දැකීම් බොහොම රසවත් බව පෙනෙනවා.
ReplyDeleteමම මේ දෙකම කරා ;ශිෂ්‍යභට කරන කොට සීරුවෙන් හිටියේ බාලදක්‍ෂයෙකු වගේ
Deleteමං ඒකාලේ බාල යක්ෂයෙක්
ReplyDeleteතෝ නං දැනුත් බාල යක්ෂයෙක්
Deleteසුනිල් රංජිත් කිව්වෙ සුනිල් රංජිත් විජේසිංහද?
ReplyDeleteසුනිල් රංජිත් විජේසිංහද Dr venna one
Deleteහරි ම රසවත්. අප ද යළි පාසල් කාලයට ගිය සේ හැඟේ. එසේ ම ඔබ ගේ මතක ශක්තිය ගැන නම් ප්‍රශංසා කළ යුතු ම යි. අපට ඇති ගැටලුවත් බොහෝ විට නම් අමතක වීම යි.
ReplyDelete