Tuesday, August 23, 2016

අයියා සහ මල්ලී

 


උසස් පෙළ කරන සමයේදී මම මිතුරෙකු සමග එකට පාඩම් කලෙමි. ඔහු ඉතා උත්සාහවන්ත මෙන්ම වෙහෙසී අධ්‍යන කටයුතු කල අයෙකි. එහෙත් ඔහුට වසරකින් පමණ බාලවූ ඔහුගේ සොහොයුරා  පාඩම් වලට උනන්දුවක් දැක්වූයේ නැත​. යන්තම් සාමාන්‍ය පෙළ සමත් වූ ඔහු උසස් පෙළ පන්ති කට් කොට රස්තියාදු විය​. 

මගේ මිතුරාගේ මව තම බාල පුතුගේ අනාගතය ගැන සිතා දුක් වූවාය​. අප සමග කතා කිරීමේදී පවා ඔහු ගැන සඳහන් කරමින් " ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නෑ අනාගතේ මොනා කර ගනීද දන්නේනෑ කියමින් විස්සෝප වූවාය​.  

උසස් පෙළ විභාගය එක් වරක් කොට සිටි මගේ මිතුරා දෙවන උත්සහයේදී දන්ත වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබුවේය​. එහෙත් ඔහුගේ බාල සොහොයුරා උසස් පෙළ සහමුලින්ම අසමත් විය​. වැඩිමහල් සොහොයුරා දන්ත වෛද්‍ය පීඨයට යන විට බාල සොහොයුරා හමුදා සේවයට ඉල්ලුම්පතක් දැම්මේය​. 

මේ 1988 වකවානුවයි. උතුරේ සහ දකුනේ නොසන්සුන්කම් නිසා තරුණයන් වැඩි වශයෙන් හමුදාවට බැඳුනේ නැත​. මේ නිසා සාමාන්‍ය පෙළ අධ්‍යාපන සුදුසුකම්  මගින් දෙවන ලුතිනන් තනතුර සඳහා ඔහුව හමුදාවට බඳව ගන්නා ලදි. 

මේ සිදුවීම් වලින් වසර විස්සකට පසුව ඔවුන් දෙදෙනාගේ ජීවන තත්වයන් දෙස මම බැලුවෙමි. වැඩිමහල් සහෝදරයා උසස් අධ්‍යාපනය  ලබා දන්ත වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.  සාමාන්‍ය පෙළ සමත් ඔහුගේ   බාල සහෝදරයා කර්නල්වරයෙකි. 

දන්ත වෛද්‍ය අයියාට වඩා  කර්නල් මල්ලීට තිබෙන සමාජ මට්ටම උසස්‍ ය​. ඔහුට යාන වාහන අතට පයට වැඩ කර දීමට බඩියන් සිටිති.  පොලිසියකට රජයේ ආයතනයකට ගිය විට අයියාට වඩා පිලිගැනීමක් තිබේ. මිනිසුන් ගෙන් අයියාට වඩා මල්ලීට ගරුත්වය ලැබේ. 

ප්‍රභාකරන් අපගේ සමාජයේ ස්ථරයන් ව්‍යාකූල කල බව මට සිතේ.   ප්‍රභාකරන් ඇරඹි යුද්දය නිසා සමාජයේ ඉහල තැන ලැබුවේ උගතුන් නොව රණවිරුවන් ලෙස පිදුම් ලැබූ වෘත්තීය සොල්දාදුවන්ය​. එය යුද්දයකට නතු වන සෑම සමාජයක් තුලම සිදුවේ. 

ඊලාම් යුද්දය නොතිබුනේ නම් එස් එස් සී පමණක් ඇති බාල සහෝදරයාට සිදු විය හැක්කේ කුමක්ද ?  ඔහුට කාර්‍යාල කාර්‍ය සහායක තනතුරක් හෝ ලබා ගත හැකි වනු ඇත්තේ  තියුණු තරඟයකට මුහුණ දීමෙනි. එහෙත් ප්‍රභාකරන් ඔහුගේ දෛවය වෙනස් කලේය​. මේ අනුව ප්‍රභාකරන් දෙමල සමාජය පමණක් නොව සිංහල සමාජයද උඩු   යටිකුරු කල බව පෙනී යයි. 


52 comments:

  1. ප්‍රභා කියන්නේ නියම පොරක් කියලා ඝෝඨාත් කිව්වේ... ප්‍රභා නැත්නම් මහින්ද කරපු දෙකුත් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. ප්‍රභා සමාජය වෙනස් කලා

      Delete
  2. එහෙම කියන්න එපා අපේ සාරසට තියෙන තැන බලන්ඩකො....

    ReplyDelete
  3. මොනව උනත් ඒ අයිය මලෝ දෙන්නගෙ අම්මගෙ හිතට සතුටු ඇති...

    ReplyDelete
    Replies
    1. අම්මට සතුටුයි මල්ලී ගොඩ ගිය එක​ට

      Delete
  4. මම දන්නා දෙදෙනෙක් ගේ කථාව. හොඳ මිතුරන් දෙදෙනෙක්. එකෙකු පන්තියේ පළමුවෙනියා. අනෙකා දෙවෙනියා. දෙදෙනාගේම අරමුණ වෛද්‍ය වෘත්තිය. පළමුවෙනියා වෛද්‍ය පීඨයට තේරුණා. අනෙකාට නොහැකිවුණා. දෙමව්පියන්ට වියදම් කල හැකි වූ නිසා ඔහු ගණකාධිකරණයට යොමුවුණා. ගණකාධිකාරී වරුන් හිඟ වූ ඒ යුගයේ අවුරුදු 22 දී ඔහු සුදුසුකම් ලැබුවා. වෛද්‍ය පීඨයට ගිය කෙනා 88/89 වි.වි අර්බුදයට පින්සිද්ද වෙන්න අවුරුදු 29 දී පමණයි සුදුසුකම් ලැබුවේ. පොල් කැඩීමට වඩා තම වගකීම ඉටුකිරීමට උත්සුක වීම නිසා විසේසඥ වෛද්‍ය වරයෙකු වුණත් ඔහු තාම තරමක් අඩු ආර්ථික තත්ත්වයක. පෞද්ගලික අංශයේ සිටි දෙවෙනියා දැන් ඉහල තත්ත්වයක. ඔවුන් තාම මිතුරන්. එමනිසා ප්‍රභාකරන්ට අමතරව විජේවීර, සහ අනිකුත් හේතුත් මෙම වෙනස ඇතිකරනවා.

    ReplyDelete
    Replies
    1. විජේවීරත් සමාජ ස්ථර වෙනස් කලා

      Delete
  5. ඔයවගේ චරිත කීපයක්ම මටත් හමුවෙලා තියෙනවා. සාමාන්‍ය පෙළවත් සමත් නැති සමහරු අද හොද තැන්වල ඉන්නවා. ඒ චරිත දැක්කාමත් සතුටුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මයිත්‍රීපාල ගැන හිතලා නේද ඒක කිවුවේ?

      Delete
    2. ඔව් ඔව්. අපේ හන්දියේ කඩේ පිලටවෙලා දාං අදින මයිත්‍රීපාල තමයි. හිකිස්.

      ජයවේවා!!!

      Delete
    3. මෙතන මම කතා කලේ උස් පහත් බේධයක් ගැන නොවේ. ප්‍රභාකරන් නිසා සමජ ස්ථර වෙනස් වූ අන්දම

      Delete
  6. ඒ දන්ත වෛද්ය තුමා නාලන්දේ ඉගෙනගත්තු කෙනෙක් නම් වෙන්න බැහැ...

    86 AL වලින් දන්ත වෛද්ය පීටයට ආවේ එක නාලන්දීය ශිශ්යයයි. එයා තමා ඒ අවුරුද්දේ ජීව විද්යා අන්සෙන් නාලන්දේ වැඩිම ලකුනු (ප්‍රතම උත්සාහයෙන් ) ගත්තු හාදයා.....

    ඒ කියන්නේ කවුරුත් 86 AL වලින් නාලන්දෙන් ප්‍රතම උත්සාහයෙන් සිරි ලන්කාවේ වෛද්ය පීට ගියේ නැත.

    ReplyDelete
    Replies
    1. ඒ ගොං හාදයා මම වෙමි.
      -මීට සාරස

      Delete
    2. උඹ කියන්නේ 'ධනයා' ගැනද? ඌ 86 A / L නේද?

      Delete
    3. //උඹ කියන්නේ 'ධනයා' ගැනද? ඌ 86 A / L නේද?//
      Yes!
      Chandhima went to Colombo Med Faculty, but it was his 2nd attempt!

      Delete
    4. ඒ දන්ත වෛද්ය තුමා නාලන්දේ ඉගෙනගත්තු කෙනෙක් නොවේ

      Delete
  7. ඔය රණවිරුවෝ බහුතරයක් යුද්ධෙ නොමැතිනම් I R C තමයි. ඒ අතින් ප්‍රභා ජාතික මෙහෙවරක් කරලා තියෙනවා. I R C කාරයන්ට jobs නිර්මාණය කළා.

    ReplyDelete
    Replies
    1. ඒක ජාතික මෙහෙවරක්ය කියන එකට එකඟ වෙන්න බෑ, මදාවියෝ හමුදාවෙදිත් ඊට පස්සෙත් මදාවියෝම තමයි. හොරෙන් පොල් කඩන එවුන් නැති වුනා කියා සන්තේෂ වෙන්න බෑ, දැන් කුලියට වත් පොල් කඩන වුන් නැති නිසා.

      Delete
    2. ඔය කතාව වඩාත් ශිෂ්ඨ ලෙස වෛද්‍ය දයා සෝමසුන්දරම් ලියලා තියනවා

      Delete
  8. ඕනෑම නරක දෙයක හොඳ පැත්තකුත් තියෙනවා කියන්නේ.

    ReplyDelete
  9. එහෙම ප්‍රභා, අබා කතා කියලා මේවා තේරුම් ගන්න අමාරුයි.

    මේ දෙන්න ගේ කේන්දර දෙක සංසන්දනය කරළා බලන්න ඕනෑ නේද?

    දන්තනාරායනට ඇති ඒරාෂ්ඨකයක්!
    සේනාධිපතිට ඇති රාජ යෝගයක්!

    ReplyDelete
  10. ප්‍රභාකරන් නොහිටියානම් මල්ලී පුංචි පොලිටික්කෙක් (හෙන්චයියෙක්) වෙන්න තිබ්බා, එහෙම නම් අද වෙනකොට ඇමති කෙනෙක්.

    ReplyDelete
  11. කර්නල් රිටයර්වුනාට පස්සෙ අයියට වඩා තැනක් නෑ නේද? දත් දොස්තරලා ලේසියෙන් රිටයර්වෙන්නේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ehemada ?මෙතන මම කතා කලේ උස් පහත් බේධයක් ගැන නොවේ. ප්‍රභාකරන් නිසා සමජ ස්ථර වෙනස් වූ අන්දම

      Delete
  12. ///ප්‍රභාකරන් අපගේ සමාජයේ ස්ථරයන් ව්‍යාකූල කල බව මට සිතේ. ප්‍රභාකරන් ඇරඹි යුද්දය නිසා සමාජයේ ඉහල තැන ලැබුවේ උගතුන් නොව රණවිරුවන් ලෙස පිදුම් ලැබූ වෘත්තීය සොල්දාදුවන්ය​.////
    ///ඊලාම් යුද්දය නොතිබුනේ නම් එස් එස් සී පමණක් ඇති බාල සහෝදරයාට සිදු විය හැක්කේ කුමක්ද ? ඔහුට කාර්‍යාල කාර්‍ය සහායක තනතුරක් හෝ ලබා ගත හැකි වනු ඇත්තේ තියුණු තරඟයකට මුහුණ දීමෙනි. එහෙත් ප්‍රභාකරන් ඔහුගේ දෛවය වෙනස් කලේය​.///

    මේ කතාවට මම 100%ක්ම එකඟයි. මම ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ වසර 5ක කාලය තුල මේ කතාව තවදුරටත් ප්‍රත්‍යක්ෂ වුනා. හැබැයි මේ අය මොන වැරැද්ද කළත් ඔවුන්ව නිර්දෝශි කරන්නයි, ඉහල සිවිල් නිලධාරීන්ටත් නොමැති අධීක්ෂණ බලතල, සාපේක්ෂව පහළ ( කපිතාන් මේජර් වැනි) නිළයන් දරණ දෙන්නයි කටයුතු කිරීමෙන් ප්‍රභාටත් එහා පිස්සුවක් කෙළීයෙ ගෝඨා...

    ReplyDelete
    Replies
    1. යුද්ධ මාරුතයට ලක් වූ සමජයක ඕවා වෙනවා

      Delete
  13. Nitpicking only...:)

    / ඊලාම් යුද්දය නොතිබුනේ නම් එස් එස් සී පමණක් ඇති බාල සහෝදරයාට සිදු විය හැක්කේ කුමක්ද ? /

    S.S.C. ?

    ReplyDelete
  14. ගල් කටස් ප්‍රොමෝෂන් හා ප්‍රබාකරන් ප්‍රොමෝෂන්
    ප්‍රබාකරන් නොමැති නම් රනිල් දොන් ජුවන් වෙන්නේද නැත

    ReplyDelete
    Replies
    1. ගල් කටස් ප්‍රොමෝෂන් හා ප්‍රබාකරන් ප්‍රොමෝෂන්

      Delete
  15. බොහොම හොඳ සංවාදයක ඇරඹුමක්. වසර 30 කට ආසන්න හමුදා අත්දැකීමෙන් තමයි මේ ටික ලියන්නේ. මම උසස්පෙළ සමතෙක්. විශ්ව විද්‍යාලයට යන්නට ලකුණු දෙකක් මදිවුණා. මගේ තියන අහංකාරකමට, බාහිර උපාධියක් සඳහාවත් නැවත උත්සාහ කරන්න අකමැති වුණා. විවෘත විශ්ව විද්‍යාලයෙන් වෘත්තීය ඉංග්‍රීසි සහතිකය ලබාගත්තා. ඒ සුදුසුකම් වලින් හමුදාවට බැඳුනා. විවිධ තනතුරු සහ වරප්‍රසාද ලැබුවා. ගෙදරට එක වාහනයක්, කාර්යාලයට වාහන දෙකක්, ඒවාට රියදුරන්, ආරක්ෂක සෙබළුන් ලැබුනා. හමුදාව විසින් මා නඩත්තු කරන්න වැයකළ වියදමට, ඒ සොල්දාදුවන්ගේ වැටුප සහ අර වාහන වල ඉන්ධන හා නඩත්තු වියදම්, කාර්යාල උපකරණ, නිවසේ සහ කාර්යාලයේ දුරකථන බිල්පත් ආදියද, ඇතුලත් කල යුතුයි.

    අද, රජයේ කනිෂ්ඨ විධායක සේවිකාවක් ලෙස සේවය කරන මගේ වැඩිමල් දියණිය ගන්නේ, මගේ විශ්‍රාම වැටුපටත් වඩා අඩු වැටුපක්. නමුත් ඇයට උපාධියක්, සහ ඩිප්ලෝමා සහතිකයක් තිබෙනවා.

    ඇත්තෙන්ම මෙතන අසාධාරණයක් තිබෙනවා. සාමාන්‍ය පෙළ සමත්ව හමුදාවට බැඳුන නිලධාරීන්, 1988 -89 කාලයේදී, පරිපාලන සේවයේ කාන්තාවන්ව විවාහ කරගත්තා. මගේ යාලුවෙක් මහේස්ත්‍රාත් වරියක්ව විවාහ කරගත්තා. 9 වැනි ශ්‍රේණිය සමත්ව හමුදාවට බැඳී, කෝප්‍රල් නිලයට පැමිණි අය, උපාධිධාරී ගුරුවරියන් විවාහ කරගත්තා.

    මේ තත්වය වහාම වෙනස් කිරීමේ පියවරක් වශයෙන්, නිලධාරි පුහුණුව පිළිබඳ ක්‍රමවේදය, මුලින්ම වෙනස් කළා 1990 දශකයේදී. ඒ අනුව අද බඳවා ගැනීමේ පිළිවෙත Enrollment criteria වෙනස් කොට, ඉහල මට්ටමකට ගෙන තිබෙන අතර, සෑම නිලධාරි පුහුණු පාසලක්ම, විශ්ව විද්‍යාලයකට අනුබද්ධ පීඨයක තත්වයට පත්කොට උපාධිධාරී නිලධාරීන් පමණයි අද හමුදාවට ඇතුලත් කරන්නේ.

    සෙබළුන්ගේ මට්ටම දියුණු කිරීම සිදුවන්නේ ඉතා සෙමෙන්. එය වහාම ප්‍රතිසංවිධානය කලයුතුයි. ඔවුන්ටද, විවෘත විශ්ව විද්‍යාල මට්ටමෙන් උපාධි ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අද බලලත් නිලධාරි 1 ශ්‍රේණියේ විශ්‍රාමිකයකු ලබාගන්නා විශ්‍රාම වැටුප, ඊට වඩා අධ්‍යාපන සුදුසුකම් ඇති රජයේ විශ්‍රාමිකයන් ලබාගන්නේ නැහැ.

    පොඩී..................ලොකු.......................රහසක් කියන්නද? ගොඩක් ඉගෙනගත්ත, දිගට දිගට හිතන, හැම දේටම තර්ක කරන, හමුදාවේ අණ පිලිපැදීම වෙනුවට ඒවා විවේචනය කරන අය,හමුදාවට හරියන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් බහුතරය මා............ර බයගුල්ලෝ. වෙඩිල්ලක් කන ළඟින් ගියාම චූ යනවා. අද්දුටුවයි සත්තයි.

    යන්තම් අට පාස්වෙලා හමුදාවට බැඳුනු කෝප්‍රල් ගාමිණී කුලරත්න, සාමාන්‍ය පෙළ සමත් කපිතන් අලදෙණිය, වගේ උන් නිසා තමයි යුද්දේ දිනුවේ.

    යුද්දකාලේ හිටිය හමුදාපති වරුන්ගේ සිට, නිතර මාධ්‍ය ඔස්සේ අපි දැකපු වීර ජෙනරල් වරුන් බොහොමයක්, උසස්පෙළ දක්වා උගත් අය පමණයි.

    ReplyDelete
    Replies
    1. යුද්ධය මෝඩයන්ගේ(? පහත් මනසක් ඇති) කාරියක්, මෝඩයෝ වැඩේ වල් කරගත්තාම උගතුන්ටත් පැටලෙන්න වෙනවා. යුද්ධ හමුදාවක් නඩත්තු කරන්න වැය කරන මුදල වගේ දහ ගුණයක්වත් යුද්ධ ඇති වීමේ හේතු නැති කරන්න යොදවන්න ඕන, යුද්ධ හමුදා නඩත්තු කිරීම රිකරන්ට් වියදමක්, එය නැවැත්විය හැක්කේ උසස් මනසක් ඇති මිනිසුන් බිහි කිරීමෙන්.

      දෙවනලොක යුද්ධයේදී ජර්මනිය ඩෙන්මාර්කය ආක්‍රමණය කළා, ඩෙන්මාර්ක් කාරයෝ ගහ ගන්න ගියේ නෑ, විරෝධතා නෑ, කවුරුත් මැරුනේ නෑ, මොකුත් විනාශ වුනේ නෑ, ඩෙනිස් හාදයෝ ජර්මන් හමුදාවට බඩු විකුනලා ආදායමක් උපය ගත්තා (ජර්මන්කාරයන්ගේ ටැක්ස් සල්ලි), යුද්දේ ඉවර වුනාම උන් අකුලගෙන ගියා. ඔන්න ඔය වීරවංශලා හැමදාම කියනවා වගේ ඇමරිකන් කාරයෝ හරි, ඉන්දියන් කාරයෝ හරි, චීන්නු හරි අපාව අල්ල ගත්තොත් අපිටත් කරන්න තියෙන්නේ එච්චරයි.

      Delete
    2. //දිගට දිගට හිතන, හැම දේටම තර්ක කරන, හමුදාවේ අණ පිලිපැදීම වෙනුවට ඒවා විවේචනය කරන අය,හමුදාවට හරියන්නේ නැහැ //

      යුද්ධ නෙමේ සෑර්.. අඩුගානෙ ශ්‍රමදානයක් වත් හරියට කරගන්න බෑ ඔහොම පොරවල් එක්ක:D හැම රෙද්දටම ලෙඩේ අදිනවා.ඕ යේස්

      Delete
    3. විචාතුමා වැනි ඕවරෝල් උගතුන් හමුදවේ අඩුයි. ඔබට ගුරුවරයෙකුගේ ස්කිල්ස් පවා තියනවා. නමුත් යුද්දේ තද කාලේ සාමාන්‍ය පෙළ මට්ටමෙන් හමුදාවට ගිය වර්තමානයේ උසස් නිල දරන අය තුල යම් නූගත්කමක් තියනවා. මම එය නිරීක්‍ෂණය කලා . එය කාලයත් සමග වෙනස් වේවි

      Delete
    4. විචාරක තුමා බ්‍රිගේඩියර් මහත්තැන් කෙනෙක් නේද?

      Delete
    5. @ අණයා.

      ඇත්තෙන්ම ඔව්. යුද්ධය මෝඩයන්ගේ කාරියක්. මොකද යුද්ධ පටන් ගන්නේ, දේශපාලකයන් මිස, හමුදාව නෙවෙයි. රාජ්‍ය පාලකයන් යුද්ධයක් ප්‍රකාශයට පත්කලාම, හමුදාවට සිද්ධ වෙනවා, උන්ගේ මෝඩ ප්‍රතිපත්ති අනුව යුද්ධ කරන්න. නමුත්, මූලෝපාය න්‍යාය අතින් විශිෂ්ඨ දැනුමක් ඇති, මහ සෙනෙවියන්ට සිදුවෙනවා, අර මෝඩ දේශපාලකයන්වත් සමග රට ගොඩගන්න. ඉතිහාසයේ එදත් අදත් සිදුවුනෙත්, අනාගතයේ සිදුවන්නේත් එකයි.

      උසස් මනසක් ඇති මිනිසුන් බිහිකිරීම අපි හිතන තරම් ලේසි නැහැ. උපාධි සහතික තියන මිනිසුන් කෝටි ගගනක් රටක ඉන්න පුළුවන්, නමුත් බුද්ධිය සහ මිනිස්කම අතින් ඉහල මිනිස්සු විරලයි. එවැනි විරල මිනිස්සු සියලුදෙනාම සහතික ලත් උගතුන් නෙවෙයි. ඔන්න ඔතනයි රහස තියෙන්නේ.

      පුදුමේ කියන්නේ යුද්ධ හමුදාවානවෂ්‍ය දෙයක් කියා, එය නඩත්තු කිරීම ඵලක් නැති දෙයක් කියා, හමුදාව විසුරුවා හැරි රටක්, මේ ලෝකේ තවම නොවීමයි. උන් ඔක්කොම මෝඩයෝ වෙන්න ඇති නේද?

      දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය ඩෙන්මාර්කය පාවිච්චි කලේ Ground of tactical importance නමැති යුද න්‍යාය අනුවයි. ඒ නිසයි ඩෙන්මාර්කයට හානියක් නොවුනේ. එය තේරුම් ගැනීමට හමුදා දැනුම අවශ්‍යයි. දේසපාලන අදහස් නොවේ.

      වීරවංශ වැනි දේශපාලන පඩත්තලයින් ගේ ගොන් කතා මට අදාළ නැත.

      @ පත්තරේ. එකෙන්ම එකඟයි.

      මම උඹ ගැන බයවුනා භූමිකම්පාව ගැන අහලා. දැන්නම් සතුටුයි ඒ වුනාට අර ලව් පූසා නම් සාදු සාදු කියන්න ඇති.

      @ Trans Sylvania

      නොපමාව හමුදාව ඉහල සිය පහලට ප්‍රතිසංවිධානය කලයුතුයි. එහිදී වෘත්තීය මට්ටම ඉහල නැංවීමට ප්‍රමුඛත්වය දියයුතු අතර, අන්තර්ජාතික ප්‍රමිතියේ හමුදාවක් නිර්මාණය කලයුතුයි.

      @ Sa rasa

      අනේ නැහැ සාරසතුමෝ. මම පාබල බලඇණියක අණදෙන නිලධාරි වරයෙක්.

      Delete
    6. පත්තරයට බඩු බනිස් කියල දැනගෙන මම පාටියකුත් දැම්මා. අපරාදෙ සල්ලි

      Delete
  16. ලිපියත් කොමෙන්ටුත් කියෙව්වාහම තේරුනේ ලිපිය කියන කරුනු වලත් දෙපැත්තක් තිබෙනවා. සමාජ තත්වය කියන දේ ගත්තාම ඒකත් මූනිච්චාවට කරන දේ සහ බොක්කෙන් කරන දේ කියලා දෙවිදියක් තියෙනවා කියලා මට හිතෙනවා.

    මන්ත්‍රීලට ත්‍රිවිධ හමුදාවේ අයට තියෙන සමාජ තත්වය මූනිච්චාවට කරන දෙයක් ලෙසත් වෛද්‍යවරුන්ට තියෙන සැලකිල්ල බොක්කෙන් එන එකක් ලෙසත් මම නම් හිතනවා.

    හැමෝම කරන රැකියාව, ලබන පඩිය, ජීවත්වෙන ගෘහයේ ප්‍රමානය, පාවිච්චි කරන වාහනයේ වර්ගය ආදිය ගැන හිතලා නෙමෙයි මනුෂයෝ විදිහට මනුෂ්‍යත්වය සලකලා ගෞරව කරන දවස කවදා උදාවේද කියලා මම නම් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. දුකා මෙතන මම කතා කලේ උස් පහත් බේධයක් ගැන නොවේ. ප්‍රභාකරන් නිසා සමජ ස්ථර වෙනස් වූ අන්දම

      Delete
    2. අහ් ඒක ඇත්ත සමහර කොමෙන්ට් කියෙව්වාහ පෝස්ට් එකේ හරය අමතක වෙලා කොමෙන්ට් වල කරුනු ඉස්මතු වෙන වෙලාවල් තියෙනවා.
      ඇත්තෙන්ම යුද්ධේ පැවතෙන්නත් කලින් ඉඳන්ම තිවිධ හමුදාව ට සමාජයේ වැඩි ඉහල පිලිගැනීමක් තිබුනා නෙමේද?

      Delete
  17. වෛද්‍ය රුවන් මෙතන කතා කරන්නේ ප්‍රභාකරන් නිසා සමාජ ස්තර වෙනස් වීම ගැන පමණක් යයි කිව්වද; //ප්‍රභාකරන් අපගේ සමාජයේ ස්ථරයන් ව්‍යාකූල කල බව මට සිතේ.ප්‍රභාකරන් ඇරඹි යුද්දය නිසා සමාජයේ ඉහල තැන ලැබුවේ උගතුන් නොව රණවිරුවන් ලෙස පිදුම් ලැබූ වෘත්තීය සොල්දාදුවන්ය​.// යනුවෙන්ද ලියවිල්ලේ ලියා තිබේ. එය කියවන විට බැලු බැල්මට මට පෙනෙන්නේ වෛද්‍ය රුවන් මේ වෙනස්වී ඇති සමාජ ස්තර ගැන එකඟ නොවෙන බවයි. මම නිවැරදි නම් නම් මට කියන්නට තිබෙන්නේ,

    පවතින වටපිටාව යටතේ එම සමාජතත්වය ඔවුන් විසින් වෙහෙස වී සාධාරණව උපයා ගන්න ලද එකක් නම් එය ව්‍යාකුලවීමක් ලෙස මම නොදකින බවයි.

    ..................................................................................................................
    සියළුදෙනාම මිනිසුන් බැවින් සාමාජ ස්තර අතර වෙනස අපේ රටේ දැන් පවතිනවාට වඩා අඩු විය යුතු නමුත්, සමාජ ස්තර පැවතිය යුතු බව මගේත් මතයයි. එසේ නොවේ නම් කිසිවෙකු වසර ගණන් වෙහෙසවී තරුණ විය කැපකර උසස් අද්‍යාපනය හදාරන්නේ නැතිව සුළු සැවොම සේවකයන් වේවි. එවිට මේ සමාජයට අත්යවශ සේවාවන් නැතිවී යාවි, එහෙම නැති නම් සමහර දියුණු රටවල් කරනවා වගේ වෙනත් රටවලින් ගෙන්වා ගන්න වේවි. මේ දෙකේ සමතුලිතය අපේ රටේ සමාජයේ නැති බව තමයි පෙනෙන්නේ. මේ ලිපියේ කෙලින්ම කියවී නැති නමුත්, ඉහල සමාජ ස්තර වල සිටිය යුත්තේ උගතුනුත් ආගමික පුජකයනුත් පමණක් යන අදහසට ඍජුව හෝ වක්‍රව මම එකඟ වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉහල සමාජ ස්තර වල සිටිය යුත්තේ උගතුනුත් ආගමික පුජකයනුත් පමණක් යන අදහසට ඍජුව හෝ වක්‍රව මම එකඟ වෙන්නේ නෑ.///// මමත් එකඟ නොවෙමි

      Delete
  18. සමාජයේ මානසික තත්වයන් උඩුයටිකුරු වුනා. මේ කතාවේ එන මල්ලීට මේ පිලිගැනීම දෙන්නෙ සමාජයෙන්. සමාජයේ අනික් පුද්ගලයන් කැමැත්තෙන්ම ඒ තත්වය ලබා දුන්නා. එහෙම ලබාදෙන තැනට සමාජයේ මනස සකස් කෙරුනා. අද ඒ සමාජ අවශ්‍යතාවය ඉවරයි. ඒ නිසා දැං සමාජය ඒ පිලිගැනීම ප්‍රශ්න කරනවා. එහෙම බැලුවම හැමදෙනාම අඩුවැඩි වශයෙන් කුහකයින්.

    1. තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය හදාගන්න ඕන
    2. කාරිය කෙරෙනෙ තුරු කාගෙත් රැවටිල්ල

    ReplyDelete
  19. උඩ ඉයන් කියල තියන කතාව තමයි ඇත්ත. ඒත් මේ තරම් විශාල වරප්‍රසාද ලබාදී විශාල හමුදාවක් පවත්වා ගැනීම යුද්ධයක් නැති ලංකාව වගෙ රටකට ගැලපෙනවද කියන දේ සිතා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සොරි වැරදුනා ඉයන් නෙමෙයි ඉවාන් පවුලූෂා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook