Saturday, August 20, 2016

වය මෙෂ් එක




උසස් පෙළ පන්ති වලදී අපට රසායණ විද්‍යාව ඉගැන්වූයේ ප්‍රියභානි ටීචය​. ප්‍රියභානි ටීච ඉතා හොඳ දක්‍ෂ රසායණ විද්‍යා ගුරුවරියකි. නමුත් ඇය උගන්වන විට අපේ කොල්ලෝ සමහර විට රහසින් කෝලං කරති.  

වරක් ආනන්ද ගුණවර්ධනත් සුමුදු හේවාවසමුත් එක්වී මම පාඩමට සවන් දෙමින් සිටියදී හිමීට මගේ කලිසමේ පසුපස සාක්කුවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට කීපයක් දැමුවෝය​. එදා ප්‍රියභානි ටීච උගන්වමින් සිටියේ එන්තැල්පියයි. පාඩමට සිත යොමු කරගෙන සිටි මට පස්ස රත් වන බවක් දැනුනේය​. මම පස්ස අතගා බලන විට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට කීපයක් සාක්කුවේ තිබී අසු විය​. ආනන්ද ගුණවර්ධනත් සුමුදු හේවාවසමුත් මා දෙස බලා හිකි හිකි ගා සිනාසුනෝය​. 

වරක් ප්‍රියභානි ටීච සුමුදු හේවාවසම් අමතා ලැබ් එකේ එහා කාමරයෙන් වය මෙෂ් එක ගෙන්න යැයි කීවේය​. සුමුදු බන්සන් දාහකය ගෙනාවෙය​. " ඕක නෙවෙයි ළමයෝ වය මෙෂ් එක ගෙන්න ප්‍රියභානි ජයකොඩි මෙනෙවිය තදින් කීවාය​. මෙවර සුමුදු පරීක්‍ෂණ නල රඳවනයක් ගෙනාවේ‍ය​. ඉන් මවිතයට පත් වූ ප්‍රියභානි ටීච " කෝ ඔය වය මෙෂ් එකද ? කියා ප්‍රශ්න කලේය​. වික්‍ෂිප්ත්ත තත්වයට පත්වූ සුමුදු " අනේ ටීචම ගිහින් ඒක ගේන්න "  කියා අසරණ හඞකින් කීවේය​. 

උසස් පෙලින් පසු ආනන්ද ගුණවර්ධන පොලිසියට බැඳුනි.   ඔහු සේවය කලේ නැගෙනහිර ප්‍රදේශයේය​. කොටින් විසින් 1990 ජුනි 11 දින පොලිස් නිලධාරීන් 850 දෙනකු පමණ අත්ඩංගුවට ගත් අතර එයින් 600 කට ආසන්න පිරිසක් ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ වෙඩි තබා මරාදමා පසුව මෘත ශරීරද පුළුස්සා දමන ලදි.  මේ නිලධාරීන් අතර ආනන්ද ගුණවර්ධනද සිටි අතර දෙමාපියන්ට ඔහුගේ මෘත ශරීරයවත් දකින්නට ලැබුනේ නැත. 

සුමුදු හේවාවසම් උසස් පෙලින් පසු රුහුණ වෛද්‍ය පීඨයට තේරුනේය​. මට 1999 දී පමණ ප්‍රියභානි ජයකොඩි ටීච කොල්ලුපිටියේදී හමු විය​. ඒ වන විට ඇය විශ්‍රාම ලබා සිටියාය​. 

14 comments:

  1. http://www.nalandaretiredteachers.org/
    නාලන්දේ හිටපු ගුරුවරුන් පිහි‍ටුවාගෙන තියන සංගමය මේ.
    See gallery for many photos.

    ReplyDelete
  2. දුක්බර අතීතයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම දේවල් ගොඩක් තියනවා

      Delete
  3. දැන් ඔය අතුරුදන් මන්ඩලෙන් ඔය පොලිස් කාන්ඩේ ගැනත් හොයනවාය කියනවා නේ..

    ReplyDelete
    Replies
    1. හොයලා මොනා කරන්නද මාතෙ

      Delete
  4. "මගේ කලිසමේ පසුපස සාක්කුවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට කීපයක් දැමුවෝය​. "

    හම ගියේ නැතිද?


    "600 කට ආසන්න පිරිසක් ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ වෙඩි තබා මරාදමා පසුව මෘත ශරීරද පුළුස්සා දමන ලදි."
    මා නැගනහිරවාසියෙක්ගෙන් අසා ඇති තරමට මේ වාක්‍ය පහත සඳහන් ආකාරයට නිවැරදි විය යුතුයි.


    "600 කට ආසන්න පිරිසක් ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ පුළුස්සා මරාදමා දමන ලදි."

    ReplyDelete
  5. හම ගියේ නැතිද?
    අපේ එවුන් ටිකක් බොටනි ලැබ් එකෙන් ක්ලෝරෆෝම් උස්සන්න ප්ලෑන් කරා, එකෙක් පංතිය අතරේ මයික්‍රස්කෝප් ලෙන්ස් එන ලස්සන ප්ලාස්ටික් ඩප්පි දෙකකට ක්ලෝරෆෝම් පුරවල ලේන්සුවෙන් ඔතලා ඉනේ ගහගෙන, ටික වෙලාවකින් මූණ අමුතුකරගෙන නැඟිටිනවා වාඩිවෙනවා, දෙතුන් වතාවක් එහෙමකරලා හිටිගමන් කෑගහගෙන ටෝයිලට් එකට දිව්වා, හය්යෝ ක්ලෝරෆේම්වලට ප්ලාස්ටික් දියවෙලා පැත්තපලාතම පිච්චිලා හමගිහින්.

    ReplyDelete
  6. ලැබ් එකට ගිය මුල් කාලෙම සෝඩියම් කෑල්ලක් සින්ක් එකට දාල ලැබ් එක තහනම් කලාපයක් උනා නෙව...
    ජයවේවා..!!

    ReplyDelete
  7. මට ප්‍රියභානි ටිචර්ගෙන් ඉගෙනගන්න බැරි වුන. ඇය අපේ පන්තියට ඉගැන්නුවේ නැහැ. නමුත් ඇය අප සැමගේ ගෞරවය සහ ආදරය දිනාගත් ඉතාම ප්‍රිය මනාප ගුරුවරියක් නේද?

    සෝඩියම් හයිඩ්‍රෝක්සයිඩ් සාක්කුවට දාන එක අපේ පන්තියේ එවුනුත් කළා . සමහරවිට සීනියර් අයියලාගෙන් ආපු සම්ප්‍රදායක් වෙන්න ඇති.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook