Thursday, September 24, 2015

මලිත් ජයතිලික, රෝ ඔත්තු සේවය සහ ක්සෙනොෆෝබියාව




 සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  මලිත්  ජයතිලික ඉන්දියා මහකොමසාරිස්  කාර්යාලය හා  රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධ බවට මහාචාර්ය නලින්ද සිල්වා  මහතා  පදනම්  විරහිත අසත්‍ය  තොරතුරු ප්‍රකාශ  කිරිම නිසා  තමාට  සිදුවු  අපකීර්තියට  වන්දි  ඉල්ලා  එන්තර වාසි   යැවු බව  මලිත්  ජයතිලික මහතා පවසයි . තමන් ඉන්දියාවේ අධ්‍යාපනය හැදෑරීම නිසා මේ අභූත චෝදනාව කරන බවට ඒ මහතා දන්වා සිටියි. 

xenophobia  යනු විදේශිකයන්ට සහ විදේශ වලට ඇති භීතිකාව වේ.  විදේශයක් සමග ගෑවුන කෙනෙකුට ක්සෙනොෆෝබියානු අපහාස උපහාස කිරීම බොහෝ කාලයක් පුරා පැවතුනු තත්වයකි. මීට හේතුව ලෙස ලිං මැඩි මානසිකත්වය ලෙසට උපකල්පනය කළ හැක. 

 1970 ගනන් වලදී සුසිල් සිරිවර්ධන ඇමරිකාවට ගොස් තිබීම නිසා ඔහු සී.අයි.ඒ කාරයෙකු ලෙස හඳුන්වන ලදි. ඇමරිකානු පුවත් පත් සහ පොත් වලින් කරුණු හුවා දක්වන නිසා එඩ්වින් ආරියදාස ද සී.අයි.ඒ බව ලිං මැඩි පිරිස් උපකල්පනය කළහ​. විජේවීර රුසියාවේ ඉගෙන ගෙන තිබීම නිසා ඔහු රුසියානු ඔත්තුකරුවෙකු බව සමහර වමේ පුවත්පත් ද වර්තා කලේය. මේ සියල්ලම පෙන්නුම් කලේ ක්සෙනොෆෝබියා තත්වයයි. 

11 comments:

  1. මානසික රෝගීන් දොඩවන දේවල් ගැන ප්‍රසිද්ධියක් දීම පිස්සු වැඩ වැඩියෙන් කිරීම උනන්දු කරවීමක් විය හැක.

    ReplyDelete
    Replies
    1. අයියා දොස්තර කෙනෙක් වෙන්න ඕනෑ.....කොහේද චැනල් කරන්නෙ ?

      Delete
  2. ප්‍රාමාණික බුද්ධිමතෙක් ලියපු එකක් හින්දා මේ ලිපිය ඇත්ත වෙන්නම ඕනෑ.

    රෝග නිධානය හරියටම නිර්ණය කරල නමත් ලියල තියෙන්නෙ.

    නලින්ද සිල්වා මොකෙක්ද නිකන් කබ්බෙක්නෙ....

    ReplyDelete
  3. නලින්ද සිල්වා වැනි වියතෙකුගේ අගේ උඹ වගේ උගතෙකුටත් වටහගන්නට බැරි කම තමා ලංකාවේ අවාසනව

    ReplyDelete
  4. නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ​. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය​.

    නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය​. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය​. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය​.

    තරුණ නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය​. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස් රෝගය වැඩිවී නිව්මෝනියාවට හැරුනේය​. මේ නිසා නලීන් ද සිල්වාගේ පියා ඔහුව බටහිර දොස්තර කෙනෙක් වෙත ගෙන ගියේය​.බටහිර දොස්තර නලීන් ද සිල්වාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව සොයාගෙන ඔහුට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නම් සුද්දා සොයාගත් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය දුන්නේය​. පෙනිසිලින් වලට පින් සිද්ද වන්න නලීන් ද සිල්වාගේ පණ බේරුනේය​.

    විශ්ව විද්‍යාලයට ගිය නලීන් ද සිල්වා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කලේය​. ඔහු බොහෝ විට ගමන් කලේ ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා සොයා ගත් දුම්රියේය​. මෙයට නලීන් ද සිල්වලා කිව්වේ රේල්ලුව කියාය​.

    විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නලීන් ද සිල්වා බටහිර තාක්‍ෂණය මගින් නිපදවූ ගුවන් යානයකින් එංලන්තයට ගියේ ආචාර්‍ය උපාධිය කිරීමටය​එඞලන්තයේ සිටි කාලයේ ඔහු පණ ගැට ගසා ගත්තේ දේශීය කොස් දෙල් කා නොව බටහිර කෑම මගිනි. ආචාර්‍ය උපාධිය කිරීමෙන් පසුව නලීන් ද සිල්වා ලංකාවට පැමිණි විගස ඔහුට රැකියාවක් ලැබුනි. ඒ එඞගලන්ත ආචාර්‍ය උපාධිය නිසාය​.

    මේ කාලයේ ඔහු පෙළවහක් කර ගත්තේය​. ඔහුට දරුවන් ලැබුණි. නලීන් ද සිල්වා ගේ දරුවා කුඩා කාලයේ පෝලියෝ රෝගය හිස ඔසවා ලමයින් බොහෝ දෙනෙකු අබ්බගාත කරන ලදී. නලීන් ද සිල්වා ගේ දරුවා කුරිරු පෝලියෝ රෝගයෙන් බේරෙන ලද්දේ සුද්දෙකු විසින් සොයාගත් පෝලියෝ එන්නතට පින්සුදු වන්නටය​. එසේම නලීන් ද සිල්වා ගේ දරුවා කාස රෝගය​, වසූරිය​, ගලපටලය , සරම්ප ,කක්කල් කැස්ස වැනි රෝග වලින් බේරා ගත්තේ සුද්දන් ගේ වෛද්‍ය තාක්‍ෂණයේ පිහිට මගිනි. මේ නිසා නිරෝගීව හැදුනු වැඩුනු දරුවා පසු කාලයක බටහිර රටක වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේය​.

    මධ්‍යම වයසේදී නලීන් ද සිල්වාට මැලේරියාව සෑදුනි. ගැට අන්නාසි , පැපොල් යුශ බෙහෙත් වශයෙන් ගත්තද මැලේරියාව සුව නොවීය​. අවසානයේදී මැලේරියාව සුව වන්නේ සුද්දෙකු විසින් සොයා ගත් ක්ලොරොක්වීන් නම් බෙහෙත නිසාය​. මෙලෙස බටහිර තාක්‍ෂණයේ බටහිර විද්‍යාවේ පිහිෙටන් පණනල ගැට ගහගත් නලීන් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවේය​. මෙයට චූන් ගිය ලංකාවේ මාධ්‍යකාරයෝ රූපාවාහිනී වැඩසටහනක් සඳහා නලීන් ද සිල්වාට දිනයක් සහ වෙලාවක් දුන්හ​.

    නියමිත දිනයේදී සුවිස් ඔරලෝසුවෙන් වෙලාව බලා වේලාපහින් නැගිට ගත් නලීන් ද සිල්වා සුද්දන් සොයා ගත් ක්ලෝරීන් මගින් විස නැසූ වතුර වලින් නාගෙන දේශීය අමුඩයක් වෙනුවට සුද්දන් නිපදවූ සස්පෙන්ඩරයක් යටට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම ඇඳලා බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් නිපදවන ලද මෝටර් රථයකින් ජාතික රූපාවාහිනියට ගියේය​. හෙතෙම ජාතික රූපාවාහිනියට ගොස් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවේය​. මේ සිංහ ගර්ජනාව ලංකාවේ සකල හුදී ජනයන්ට මහාචාර්‍ය නලීන් ද සිල්වා සූරීන් ගේ රූප කාය සමග​ ඒ මොහොතේම දැක බලා ගන්නට හැකි වූයේ ජෝන් ලොගී බෙයාඩ් නම් සුද්දා විසින් සොයාගත් රූපාවාහිනී තාක්‍ෂණයට පින්සිදු වන්නට .

    ReplyDelete
  5. Ano 652 p.m. Isn't it better if you quote this.

    ReplyDelete
  6. දැන් බැලුවම ප්‍රොෆෙසර් නලීන් ඩි සිල්වා ටත් නැති ලෙඩක් නෑ වගේ.. :) උඩ ඇනෝ ගේ කොමෙන්ට් එකත් පට්ට..

    ReplyDelete
  7. නලින් ද සිල්ව සමහර තැන්වල ඕවර් යනව තමයි. අනේ මන්ද එතුම කියන දේවල් වල අගය අඩුවෙනව ආවේගශීලී වීම නිසා.

    ReplyDelete
  8. මේ සුද්දොයි සුද්දෝ සුද්දියෝ බැඳපු එව්නුයි සුද්දන්ගේ රටවල ජිවත් වෙලා ඉන්න එවුනුයි තමයි ලංකාවට කෙලවන්න හදන්නේ. වහාම උන් හැමෝම සයිබීරියාවට පිටුවහල් කරන්න ඕනේ. සුද්දන්ගේ රටවල් වලින් එන හැම දෙයක්ම තහනම් කරලා චිනේ ඒවා විතරක් ගන්න ඕනේ. රුසියාවත් සුදු නිසා උන්ගේ ඩිප්ලෝමට් ලාටත් ගහල එලවන්න ඕනේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook