Saturday, September 12, 2015

මීට අවුරුදු විසිහයකට පෙර අප අතහැර ගිය සාගරිකා ගෝමස්

  

කුඩා කාලයේදී සාගරිකා සහ මම සෝමා කිරිඇල්ලමියගේ රන් කුකුළයි කථා දෙකයි ළමා නාට්‍යයේ රඟ පෑවෙමු . (එය 1972 හෝ 1973 වසර විය යුතුය). ඇය ප්‍රධාන චරිතය වන පුසාගේ චරිතය කල අතර මම කුකුල් පැටවෙකුගේ චරිතය රඟපෑවෙමි. මෙම නාට්‍යය ලුම්බිණි රඟහලේ පෙන්වන ලදී. යළිත් වරක් සාගරිකාව මට මුණ ගැසුනේ 1985  අපොස උසස් පෙළ විභාගය ලිවීමෙන් පසු තාවකාලික පදනම මත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස වැඩ කිරීමට ගිය අවස්ථාවේදීය​. ඒ සමයේ ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක රූපවාහිනී නිවේදිකාවක ලෙස ඇය ඉහල​ට මතු වෙමින් සිටියාය​. ගීත ගායනයට  ,නර්තනයට,   රඟපෑමට විශේෂ දක්‍ෂතාවක්‌ දැක්‌වූ සාගරිකා ගෝමස් 88 භීෂණ සමයේදී කුරිරු ලෙස මරා  දමන ලදි . සාගරිකා ගෝමස් වැනි අහිංසක කළාකාරිනියක්  ඝාතනය කිරීමෙන් ජනතාව ලබා ගත් විමුක්තිය කුමක් ද කියා මට අද පවා නොවැටහේ. 


වෛද්‍ය රුවන් එම්.ජයතුංග  




15 comments:

  1. ඝාතනය වූ කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් සියල්ලන්ගේම, මරණයේ අබිරහස්, කවදා හෙළිවෙයිද?

    https://www.youtube.com/watch?v=lhIAbv4YoDM

    ReplyDelete
    Replies
    1. කවදාවත් වෙන්නේ නැත​

      Delete
  2. " ඝාතනය කිරීමෙන් ජනතාව ලබා ගත් විමුක්තිය කුමක් ද "

    මෙක කියෙවුවහම හිතෙන්නෙ සාගරිකා මරල තියෙන්නෙ ජනතාව කියලනෙ.

    ජෙප්පො කවදාවත් ජනතාවට විමුක්තියක් ලබාදෙන්න වැඩකරල නෑ ජනතාව විනාශ කරන්න වැඩ කලා මිසක්.

    සාගරිකා දැන් ලප කුමාරයල කෙරුවාව දන්නවනං මුන් මරන්න කලින් සියදිවි හානිකරගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඝාතනය සිදු කරන්නේ ජනතාවට විමුක්තිය ලබා දීමට කියා නම් ඉන් ජනතාව ලැබූ විමුක්තිය කුමක්ද ?

      Delete
  3. මේ කලාකරුවන්ගේ ඝාතන සියල්ලම සිදුවූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සැලසුමකට අනුවය. සංස්කෘතික අංශයේ මහානාමගේ නිර්දේශයෙන් ඩී.එම්. ආනන්දගේ උපදෙස් අනුව සමන් පියසිරි නොහොත් කීර්ති විජේබාහුගේ නියෝගයෙන් බවට පත් විය. කොළඹ මිල්ටරි නායක පතී විසින් එය ක්‍රියාවට නැගුවේ කල්ප සහ රුවන් යන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ කේඩර්වරුන ගේ මෙහෙයවීමෙනි. අදාළ ස්ථානයන්හිදී ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන්ගේ, තොරතුරු සහ මඟ පෙන්වීම අනුව ඒවා ක්‍රියාවට නැගිණි. තර්ජන හමුවේ ආරක්ෂිත පියවර ගත් මාධ්‍යවේදීන් පමණක් සිය දිවි බේරා ගැනීමට සමත් විය.

    ReplyDelete
  4. 1989 බිනර පොහොයට පායන පුන්සඳ සොලොස් කලා සකසමින් අහසේ දීප්තිමත්ව බැබළිණ. පෝයට ඇත්තේ තවත් එක් දවසකි. පිපෙන්නට වෙර දරන ඒ පුන්සඳට යටින් තවත් අඳුරු යමක් සිදුවෙමින් තිබිණ. ඒ සාගරිකා ගෝමස් මරා දැමීමේ කුමන්ත්‍රණයයි. එදින 1989 සැප්තැම්බර් 13 වැනිදා සාගරිකා පදිංචිව සිටි දෙහිවල ගෙදර සිටියේ මව රූපා හා පවුලේ අනෙකුත් කීප දෙනා පමණි. සාගරිකාත් ඇගේ පියාත් ගෙදර හිටියේ නැත.

    හිරු අස්ථානගතවී ගෙවුණේ නිමේෂයකි. අනතුරක සේයාවක්වත් නොපෙන්වූ මොහොතක පස්දෙනෙකුගෙන් යුත් තරුණ නඩයක් අවි අමෝරාගෙන ඒ ගෙට පැන්නහ. ගෙයි සිටියවුන් බිය වද්දා ඒ ගෙයි දොරගුළු දැමිණ. විදුලිය ද ක්‍රියා විරහිත කෙරුණි.

    “ඇයි? දරුවනේ මේ.” සාගරිකාගේ මවට කිව හැකි වූයේ එපමණකි. සාගරිකාගේ සහෝදරයා දත් මිටි කෑවේ ඉවසා ගන්නට බැරිම තැනය. ඔහුගේ හිසට ආයුධයක් එල්ල විය. අඳුරේම පැමිණි සැම්සන් (සාගරිකාගේ පියා) ගෙට ගත් දාමරිකයෝ ඔහුව ද ගෙදර සියලු දෙනා මෙන්ම එක තැනකට රැඳවූහ.

    මෙසේ සියලු දෙනා ඒ ගෙදර ආලින්දයේ එක පොදියට එක්තැන් කළ දාමරිකයෝ අවි ගත්තෙක් එහි රඳවා ගෙදර පොත්පත් ලේඛන පෙරළ පෙරළා පරීක්ෂා කළහ. ඒ අතර තිබු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමන් හා සාගරිකා පෙනී සිටි සේයාරුවක් අතට ගත් එකෙක් මහ හඬින් විලිස්සමින් හිනැහුණේය.

    මේ ඉන්නෙ මේකි... මේකි විතරක් නොවෙයි මේකවත් මරන්ඩ ඕනෑ... ඔහු තම අත රැඳි කිනිස්සෙන් ඒ සේයාරුව කතිර හැඩයට කපා දැමුවේය. එහි කිනිසි තුඩින් ජේ. වී. පී. යන අකුරු ද සටහන් කළේය.

    ReplyDelete
    Replies
    1. //හිරු අස්ථානගතවී// ඉතින් හිරු ආපහු හම්බ වුනාද?

      Delete
    2. මෙන්න නිවැරදි වචනය

      අස්තංගත

      http://www.lankadictionary.com/dictionary.php?from=si&to=en&q=%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%AD

      Delete
    3. සක්කිලි ඈනෝලා ගොබෙල්ස් පන්නයේ බොරු කිව්වාට ඈත්ත බොරුවෙන් වහන්න බෑ.

      සාගරිකා ගෝමස් මරන්න දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට කිසිම උවමනාවාක් තිබ්බෙ නෑති බව ප්‍රසිද්ද කරුණක්.ඔවුන් අතින් වෙනත්වෑරදි සිද්ද උනත් ඔය කියන කලාකරුවන් සoහාරය නම් කොහොමටත් දේ.ජ.ව්‍යාපාරයේ වෑඩක් නෙවෙයි.

      ''කොල බලල්ලු'' දේ.ජ.ව්‍යාපාරයේ විදියට ගිහින් හමුදා පවුල් වල අය මරලා හමුදාව හා දේ.ජ.ව්‍යාපාරය අන්තපසමිතුරු කලා වගේම , ජනතාව සහ දේ.ජ්.ව්‍යාපාරය බිදවීමේ සහ සහ වෙන වෙන ඈරියස් කවර් කරගෑනීමේ උපක්‍රමයක් විදියට තමා රජයේ සන්නද්ද කණ්ඩායම් අතින් මේ ඝාතන සිද්ද උනේ.

      ඈත්තටම සාගරිකා ගෝමස් විතරක් නෙවෙයි, රටම ආදරය කරපු කලාකරුවන් වූ,

      1.විජය කුමාරතුoග - ගාමිණී ලොකුගේ ගේම තුවක්කුවෙන්,

      2.ප්‍රේමකීර්ති ද අල්විස් - ඵතුමාගේ බිරිදම සාක්ශි දෙන පරිදි හඩ්ඩා විසින්,

      3.නිහාල් සිල්වා - රජයේ හමුදා පුරපොලක් අසල දී හමුදාව විසින් ..........................................

      වශයෙන් පෑවති රජයේ අනුදෑනුම මත මරාදමා දේසප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගිනුමට දෑමූ ඝාතන.

      මේක ලිව්වේ 88න් පස්සේ ඉපදුනු පරම්පරාවේ දෑනගෑනීම පිනිසය.

      බොරු කියන ඈනෝඅට කියන්න තියෙන්නේ මෙච්චරයි.ඔයාලා බොරු වපුරන තරමටම අපිට ඈත්ත වෙනුවෙන් පෙනී ඉන්නත් පුලුවන්.........සoවාදයට සූදානම්.......

      Delete
  5. Sagarika Gomes-Lona Muni Rajage.

    You Tube : https://www.youtube.com/watch?v=lhIAbv4YoDM

    ReplyDelete
  6. ජනතාවට විමුක්තිය කොහොම වෙතත් අනිත්ලොකෙට යන් ගොඩකට විමුක්තිය ලැබුන.

    ReplyDelete
    Replies
    1. එහෙත් විමුක්තිය ලැබුනද කියල හිතෙනවා

      Delete
  7. @ AnonymousSeptember 12, 2015 at 1:26 PM

    @ AnonymousSeptember 12, 2015 at 5:20 PM

    සක්කිලි ඈනෝලා ගොබෙල්ස් පන්නයේ බොරු කිව්වාට ඈත්ත බොරුවෙන් වහන්න බෑ.

    සාගරිකා ගෝමස් මරන්න දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට කිසිම උවමනාවාක් තිබ්බෙ නෑති බව ප්‍රසිද්ද කරුණක්.ඔවුන් අතින් වෙනත්වෑරදි සිද්ද උනත් ඔය කියන කලාකරුවන් සoහාරය නම් කොහොමටත් දේ.ජ.ව්‍යාපාරයේ වෑඩක් නෙවෙයි.

    ''කොල බලල්ලු'' දේ.ජ.ව්‍යාපාරයේ විදියට ගිහින් හමුදා පවුල් වල අය මරලා හමුදාව හා දේ.ජ.ව්‍යාපාරය අන්තපසමිතුරු කලා වගේම , ජනතාව සහ දේ.ජ්.ව්‍යාපාරය බිදවීමේ සහ සහ වෙන වෙන ඈරියස් කවර් කරගෑනීමේ උපක්‍රමයක් විදියට තමා රජයේ සන්නද්ද කණ්ඩායම් අතින් මේ ඝාතන සිද්ද උනේ.

    ඈත්තටම සාගරිකා ගෝමස් විතරක් නෙවෙයි, රටම ආදරය කරපු කලාකරුවන් වූ,

    1.විජය කුමාරතුoග - ගාමිණී ලොකුගේ ගේම තුවක්කුවෙන්,

    2.ප්‍රේමකීර්ති ද අල්විස් - ඵතුමාගේ බිරිදම සාක්ශි දෙන පරිදි හඩ්ඩා විසින්,

    3.නිහාල් සිල්වා - රජයේ හමුදා පුරපොලක් අසල දී හමුදාව විසින් ..........................................

    වශයෙන් පෑවති රජයේ අනුදෑනුම මත මරාදමා දේසප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගිනුමට දෑමූ ඝාතන.

    මේක ලිව්වේ 88න් පස්සේ ඉපදුනු පරම්පරාවේ දෑනගෑනීම පිනිසය.

    බොරු කියන ඈනෝඅට කියන්න තියෙන්නේ මෙච්චරයි.ඔයාලා බොරු වපුරන තරමටම අපිට ඈත්ත වෙනුවෙන් පෙනී ඉන්නත් පුලුවන්.........සoවාදයට සූදානම්.......

    ReplyDelete
  8. සාගරිකා ගෝමස් ඈතුලු කළාකරුවන් මරාදෑමූ නූගත් මෝඩ ප්‍රමදාසයාගේ යූඈන්පී බල්ලන්ට හෙනම ගහපිය.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook