Monday, February 9, 2015

මනෝ භ්‍රාන්තිය



වාල්මිකී මෙසේ කියනවා අප විසින් ලෞකික දෘෂ්ටියෙන් කරුණා අද්භූත රසයන් මුල්කොට කිසි රචනයක් කරන ලදීකාව්යු ගෞරව උපදවා එයට හිත යොමු කළ යුතුයඑසේනම් දොස්තර මහතාණෙනි හිත යොමු කල මැනවිඔබගේ මනස යනවා   දණ්ඩක ආරණ්යය දෙසටපේනවා නේද  නහයයි කන් දෙකයි  කපපු සුපර්ණිකාගෙ විලාපයලක්ෂමන  ගැහැණියකගේ රුව විකෘති කලේ මන්ද  ? ඇයගේ රුපය චිත්‍රයට නගන්නඔබට ශෝකාන්ත මුහුණක් දැක බලා ගන්න පුළුවන්.පිකාසෝ ගේ චිත‍්‍රවල පවා ශෝකාන්තයන් දකින්න පුළුවන්මම හිතන්නේ පිකාසෝගේ නංගි කොන්චිටා මිය ගියා කුඩා කාලයේදීම පිකාසෝට ඒක දරා ගන්න බැරි වුණාපිකාසෝගේ බොහෝ චිත‍්‍රවල ශෝකී මුහුණ දකින්න පුළුවන්කොන්චිටා ගේ මරණය නිසා දුක් වන මුහුණ තමයි පිකාසෝ වැඩියෙන්ම ඇන්දේපිකාසෝ මහළු කාලයේත් තුරුණු ගැහැනු ළමයින්ට කැමතිවුණාමේක කොන්චිටා ට ළඟාවීමක් වෙන්න බැරිදඑසේත් නැතිනම් මරණය වෙත ලඟා වීමක් වත්ද ඩෝරියන් ග්‍රේ  චිත්‍රය වගේ චිත්‍රයේ රුව ඇඳි පුද්ගලයා වියපත් වන අරුමයක් ද?  

ජීවිතය මළානික වෙලාමරණය සුන්දරයි කියලා හිතෙනවාළඟදී ගිය මළගමක් මතකයට ආවාමියගිය පුද්ගලයා එය  සංවිධානය කරලා තිබුණේ අවමඟුල් උත්සවයක් හැටියට නෙවෙයි අවසන් සමු ගැනීමේ උත්සවයක් ලෙසටයිඋදේ හිටන් නෑදෑ හිතවතුන් පිරිලාකෑම කනවාවිහිළු තහළු කරනවාමිය යන පුද්ගලයා ගැන සැමරුම් කථා බහරසවත් පැරණි කතන්දර එළියට එනවාමිය යන්නට නියම පුද්ගලයාත් මේ කථා අහගෙන හිනා වෙනවාප‍්‍රතිචාර දක්වනවාදහවල් ආහාරයත් ආවාඒක හොඳ සරුවට තිබුණාමඟුල් මේසයක් වගේඔක්කොම දිග මේසයේ වාඩිවෙලා කනවා බොනවාසවුදිය පුරනවාහවස් වෙනතෙක්ම්ම සාදය ගියාහවස් කළුවර වැටෙන කිට්ටුව සාදය නැවතුණාසාදයේ ප‍්‍රධාන නළුවා සෑම අයෙකුගෙන්ම හැගීම්බරව සමු ගත්තාසමහරු අඬනවාඅන්තිමට සමුගත්තේ පවුලේ උදවියගෙන්.එක  ඉතා දුක්බර සමු ගැනීමක්  සමුගැනීම නිම වෙච්ච ගමන් ඔහු පිරිස අමතා සුළු කතාවක් කරලා හැමෝගෙන්ම අන්තිම වතාවට සමුගත්තාඑහෙම සමුගෙන කාමරයක් ඇතුලට ගියාකාමරයේ තිබිච්ච ඇඳක ඔහු වැතිරුණාඑතකොට දොස්තර කෙනෙක් නහරයකට බෙහෙත් විද්දාඔහු තප්පර ගණනකදී වේදනාවකින් තොරව මිය ගියාමිය ගිය පුද්ගලයා මිනී පෙටිටියක බහා ඒ  වෙලාවේම ආදාහනාගාරයට ගෙනිච්චාඔහුගේ ශරීරය ආදාහනය කරනකොට මූඩි බ්ලුස් සංගීත කණ්ඩායමේ නයිට් ඉන් වයිට් සැටින් සින්දුව වාදනය උණා මිය ගිය පුද්ගලයා කලින් කල ඉල්ලීමකට අනුවඒ සින්දුව ඇහෙද්දී   මගේ හිත ගොළු උනා  වගේ දෙයක් මට දැනුනා .  

 Nights in white satin, never reaching the end,
Letters I've written, never meaning to send.,
 Beauty I'd always missed with these eyes before.,
Just what the truth is, I can't say anymore.

සින්දුවේ අවසානයත් සමගම එතනින් අවමඟුල හමාරයි.   ගීතය මගේ හිතේ තාමත් දෝංකාර දෙනවා.


ආමිෂ්වරුන්ගේ ජීවිතයට මම කැමතියිමිසුරිවල මම දැක්කා ආමිෂ් පවුලක්අශ්ව කරත්තයක නැගලා හිමින් ගමන් කරනවාපුරුෂයාභාර්යාවළමයි ඔක්කොම කළුපාට ඇඳුම් ඇඳලා කලබල ගතියක් නැතිව ගමන් කරන්නේඅපි ඒ  අය පසු  කරගෙන පැයට සැතපුම් 110 ක වේගයෙන් වෝල්වෝ එකේ ගියාඅපේ ගමන වේගවත්ඒත් අධ්‍යාත්මය එකතැන හිරවෙලා ආමිෂ් මිනිස්සු ගමන හිමින් උනත් ඔවුන්ගේ ආධ්‍යාත්මය  අපට වඩා ඉදිරියෙන් ගමන් කරනවා වෙන්න පුළුවන්ඒත් අපි හැමෝටම ආමිෂ්වරු වෙන්න බැහැඑහෙම අවශ්‍ය නැහැආදී වාසීන් වෙන්න  ඕනේ කාටද?   අපි යන්නේ නුතනත්වය කරාඅතීත කාමය සිහිනෙන්  ගෑ සුවඳක් පමණයි.   ලිලී මල් තුනේ අවන්හල මට මතක් වෙනවා.  අවන්හලේ සිට කවි කියපු අයුරු මගේ මතකයට නැගෙනවාඔබ මෙට්රෝපියා නාට්‍යය බලල තියෙනවද ?  මරිසාගේ නෙත්සැර මතකදමනෝ භ්‍රාන්තියක් වගේ ඇස් ඉදිරිපිට මැවෙනවා.

තණ්හා රතී  රඟා
මෙට්‍රෝපියා දිගහැරුම
තොල ගැටෙන බ්ලඩි මේරි  පානය
ශරීර රිද්මය සංගීතය සහ ස්පර්ශය

නියෝන් එළියෙන් ලොව දකිනා සත්‍යය
යමෙක් ආසක්ත වුයේද ඉන්ද්‍රියයන් පිනවීමට
වටහා ගත්තේද ස්පර්ශය සහ ගැටීමෙන්  පැන නගින දුහුළු යථාර්තය
රාත්‍රිය  දිගුය හිරු තවමත් පායා නැත
නොමැතිමුත් හිරු එලිය
පායා ඇත  නියෝන් චන්ද්‍රයා

සිහිනයත් යථාර්ථයත් අතර මායාව
නොමැත කඩඉමක් දකින්නට
අඳුරට මුවා වූ චංචල සිත
ග්‍රහණය කරයි මරිසාගේ නෙත්සැර

යථාර්ථයත් මනෝ භ්‍රාන්තියක් වගේ එකිනෙකට වෙලිලා.  මම ඉදිරියටම ගියාමම දැන් ඉන්නේ ලොවි ගස අසල.  නරුමයෙකු විසින් අතවර කොට ගෙල මිරිකා මරා දමපු කුඩා දැරිය මම දුටුවා සඳ  එළිය තුලින්දැරිය  දේව දුතිකාවක් වගේ ලස්සනයිඇය ඇඳ සිටියේ සුදු ගවුමක් ඒකේ ලේ පැල්ලම්ඇය තනියම ලොවි ගහ යට  සෙල්ලම් කරනවා.

කිරි කිරි බෝලේ
රැලි රැලි මාලේ
මේ ළමයා කොහෙන්දෝ
රෝස කැලෙන් ඇහින්දෝ.

ඇයගේ  කටහඬේ  තියෙන්නේ  අමනුෂ්‍ය හඬක්ඒ හඬ පැහැදිලි කරන්න බැහැහරියට සිප්පි කටුවක් ඉතා තදින් සිමෙන්ති පොලවේ අතුල්ලනකොට නැගෙන හඬ වගේඒක දෙකන් වලට යවුල් වලින් අනින සද්දයක්ඇය මිනිසුන් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැමිනිසුන් ඇයට දැන්  සහමුලින්ම එපා වෙලාමිනිසුන් කෙරෙහි විශ්වාසය නැතිවෙලාමිනිසුන් කෘර බව දැන් මේ දැරිවිය දන්නවාමිනිසෙකු ලඟින් ගියත් ඇය ඔලුව උස්සලාවත් බලන්නේ නැහැ.  ඇය දැන්  යහළු උලමා  ,කළු  දිවියා  , ගෝනුස්සා   සහ දිවි මකුළුවා  සමග පමණයිඒ ඇය තමයි දැන් ඇයගේ ලෝකයේ මිතුරෝදිගටම සෙල්ලම කළ දැරිවිය මහන්සියට දෝ ලොවි ගස යට නිදාගත්තාඋඩ අත්තේ  වසා සිටි උලමා ගේ යක් හඬ  මට ඇසුනාඋලමා ඒ හඬ කලේ මිනිසුන් බය කරන්නඑවිට මිනිසා නමැති නපුරු සත්වයා දැරිවිය ළඟටවත් එන්නේ නැහැකළු දිවියා දඩයම් කරපු මුව පැටියා ගේ අන්තිම කොටහත් කටට දෙකට ඉවර කළාඋගේ හොස්ස වටේ ලේකළු දිවියා දැරිය ළඟ වක ගැහිලා නිදගත්තා ළමයගේ ආරස්සාවටනමුත් ඌ  ඇස් පියාගත්තේ නැහැකන් කෙටි යොමා අවට පරිසරය සෝදිසි කළාලේ තැවරුණු හොස්ස උගේ රතු පැහැති දිවෙන් ලෙවකෑවා ලේ රහට ඌට තලු මැරුණාඋගේ කළු විශාල අණ්ඩ දිහා බලන්නත් බයයිසුදු පාට දිග  නියපොතු  මුවහත් කරපු දැලි පිහි වගේඒ ඉදිරි පාදය වැදුනොත් කුළු හරකෙකුගේ උනත් හිස් කබල දෙපලු වෙනවා.  ගෝනුස්සා පොලවේ  වටයක් කැරකී වල්ගා තුඩ අමෝර ගත්තා මිනිසා නමැති කුරිරු සතා  ආවොත් මරණිය පහරක් එල්ල කරන්නදිවි මකුළුවා වියුවා දැලක් ළමයා වටේ හුළඟට පමණක් ආ හැකි.  යහළුවන්ගේ ආරක්ෂාව මැද කුඩා දැරිය නිදියනවාසඳ එලියට ඇයගේ කුඩා මුව මට පෙනෙනවාකොපමණ මනරම් ළමයෙක්ද දැරිය සිහිනෙන් සිනාසෙනවාගීතය මුමුණනවා.

මේ ළමයා කොහෙන්දෝ
රෝස කැලෙන් ඇහින්දෝ

ඇත්තටම ඇයගේ  ප්‍රාණය  නිරුද්ධ මළකඳ සොයා ගත්තේ රෝස කැලේ පස් යට තිබිලාඇය පනිමින් සිටි ස්කිපින් රෝප් එක මෘත ශරීරය අසල තිබුනාරෝස කැලෙන් ඇහිඳ ළමයා ලොවි ගස යට   සන්සුන්ව නිදිඇයගේ යහළුවන් ඇයව මුර කරනවා


 සඳ බැස ගියා ඉර  පෑයුවාලොවි ගස නොපෙනී ගියාමම සිටියේ විශාල තිරිඟු කුඹුරකමගේ නාභියටත් වඩා උස්ව ගිය සරුවට වැවුණු රන් පැහැති තිරිඟු ක්ෂිතිජය දැක්කා පැතිරෙනවාරන්වන් කරල් බිමට බර වෙලාකිසිම මිනිස් ප්‍රාණියෙකු  මම දැක්කේ නැහැමම නියර  දිගේ ඇවිදගෙන ගියාතිරිඟු කපන යෝධ කොම්බයින් යන්ත්‍රයක යකඩ රෝද මගේ කන අසලින් ගියාරෝදයක් මම වගේ දෙගුණයක් උසයිඒ වගේ විශාල කොම්බයින් යන්ත්‍රයක් මම උපන්තේකට දැකලා නැහැකපන තිරිඟු එක ඇටයක්වත් බිම නොහලා විශාල බටයකට පොම්ප වෙනවාබටයේ අග්ගිස්ස පෙන්නේ නැහැ ඒක බටහිර දක්වා දිගටම විහිදිලාසෑම තිරිඟු ඇටයක්ම බටයට ඇදිලා යනවාහරියට දඟර සුළි සුළඟට අසු වූ වැලි ඇට වගේයන්ත්‍රය තිරිඟු කපමින් ඉදිරියට යනවාඑක ඇටයක් බිමට වැටෙන්නේ නැහැ

නියර ළඟ එක දිගට ගෙවල් පේලියක්මම ගෙවල් ලඟට ගියාමට ඇසුනා මිනිසුන් හුස්ම ගන්න හඬඔවුන් හුස්ම ගත්තේ අමාරුවෙන්.  ගෙවල් වල මිනිසුන් හාමතින් අඩපණ වී තැනින් තැන වැටිලා ඉන්නවාඔවුන්ට කථා කරගන්නවත් පණක් නැහැඇටසැකිලි වගේහිස කබල ඇතුලට ගිලා බැස්ස ඇස් ඉල ඇට පෙනෙන පපු කුහර පෙන්නුම් කලේ සුමාන දෙකකින්වත් යමක්  බඩට නොවැටුණු මිනිසුන්.  හාමතයට ලක් වූ කුඩා ළමුන් සමහරු මිය ගිහිල්ලාඔවුන් වියලුනු දර ඉපල් වගේ නිසලව බිම වැතිරිලා ඉන්නවාමෙතරම් සරුවට වැඩුණු විශාල තිරිඟු කුඹුරක අද්දර සිටින මිනිසුන් හාමතේ මියයාම මට තේරුම්ගන්න බැරි උණාහරියට දේව සාපයක් වගේ මෙහෙම විනාසයක් උනේ කොහොමද?


මම ක්ෂිතිජය පැත්තට ඇවිදගෙන ගියාමට ඇසුනා අනාගත වක්තෘ නොස්ට්‍රඩාමුස් ගේ හඬ දෝංකාර ස්වරයෙන්.

Beasts wild with hunger shall cross the rivers
Most of the fighting shall be close by the Hister 
It shall result in the great one being dragged in an iron cage,
While the German shall be watching over the infant Rhine

මැදිවියේ පුරුෂයෙක් ඩැනියුබ් ගංගාව තරණය කරගෙන මෙගොඩට එනවාඔහු ඇඳගෙන සිටියේ අළුපාට දිග කබායක්ඔහුගේ වම් අතේ රතු පැහැති පටියක්එහි සුදු පැහැති රවුම් පසුබිමක ආදී ආර්යන්ගේ සංකේතය වූ ස්වස්තිකයනමුත් මේ ස්වස්තිකය දක්ෂිනාවෘතව ඇද වෙලාඑහි සිව් කොන් මම දුටුවේ දුම් බට වගේඒ බට වලින් කළු පැහැති දුමාරයක්  පිට  උණායුදෙව්වන් ,අහිකුන්ටිකයන් ඇතුළු  අනෙකුත් ජන වර්ග ශ්‍රේෂ්ට ජර්මානු  ආර්යන් ගේ ලේ  ධාතුවට එකතු වීමට පෙර  ඔවුන්ව ධුලි අළු බවට පත් කරනවාඔවුන්ගේ ශරීර පුළුස්සන විට මතුවන ධුමරයෙන් අවට පරිසරය පිරී ගිහිල්ලාහුස්ම ගැනිමටත් අපහසුයිඋගුරේ කාරමක් බැඳිලා වගේ.  මළකුණු  පිළිස්සෙන ගඳ පැතිරෙනවාරන්වන් හිසකේ ඇති උස මහතට වැඩුණු නිරෝගී එස් එස් භටයන් ඒ දුමාරය ඉතා ආශාවෙන් ආග්‍රහණය  කරනවා.  ඔවුන්ගේ නිල් පැහැති ඇස් වල සතුට අභිමානය පිරිලාඔවුන් එකවරම මහා හඬින් කියනවා  “Meine Ehre Heisst Treue “  මගේ උදාරභාවය පක්ෂපාතිකමයි.

ඔවුන් රණ ගී හඬට අභිමානවත් ලෙස පා තබමින් නැගෙනහිර බලා යනවාඔවුන් ගේ බුට්ස් පොලවේ වදින විට දුහුවිල්ල ඇවිස්සෙනවාපොලව කම්පනය වනවා.  ඒ එක්කම අහස දෙදරාගෙන ගගන යානා සියක් දහසක් නැගෙනහිර ඉසව්වට පියාසර  කළාමම අහස දෙස බැලුවාමම දැක්කේ ගුවන් යානා නොවේ සොහොන් කොත් ආකෘතියට තැනු සුදු පැහැති කුරුසමුළු අහසම සුදු පැහැති කුරුස වලින් පිරිලාහරියට අහසේ මැවුණු සුසාන භුමියක් වගේහිරු අවරට ගිහිල්ලාආකාසය මළානික පාටයිසොල්දාදුවන්ගේ පා හඬගුවන් යානා වල දෙදරුම්කන එන්ජින් හඬ සියල්ලම ක්‍රමක් ක්‍රමයෙන් මැකී යනවාමම ඉදිරියටම ගමන් කළායලිත් රාත්‍රිය එළඹුනා.

රාත්‍රී ආකාසේ   මම දැක්කා ඔරායන් හෙවත් දඩයක්කාරයා  තාරකා මණ්ඩලය.  දඩයක්කරුගේ බඳ පටියේ දකුණු කෙලවරින් පහළට එල්ලෙන  ඔහුගේ කඩුව තියුනුයිදඩයක්කාරයා ගේ බඳ පටිය විදහා දැක්වෙන්නේ තරු තුනකින්.  මින්ටාකා ඇල්නිලාම්සහ ඇල්නිටාක් යන එම තරු තුනේ දීප්තියට මගේ ඇස් නිලංකාර උණා.උපමාවකින් කියනවනම් ආලෝකය පතුරුවාගෙන ජේතවනාරාමයට ආපු දෙවිකෙනෙක් වගේඅතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන්ඨ වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා කියලයි ධර්මයේ සඳහන් වෙන්නේමම සිටියේ විශාල කන්දක් මුදුනේඑතන චුම්භක ශ්‍රාවය ශුන්‍යයයිමේ තැන දිශාව සටහන් වන්නේ නැහැකිසිම මාලිමාවකින් දිශාව හොයන්නත්  බැහැමාලිම කටුව නිකම් ඔහේ විවිධ දිශා වලට කැරකෙනවා උතුර පෙන්වන්නේ  නැහැඑතනට තමයි විශ්වයේ  සිට පණිවිඩ ගලාගෙන එන්නේඔරායන් තාරක මණ්ඩලයේ රිජෙල් තාරකාවෙන් නොකඩවා තරංග පෘතුවියට එව්වාතරු මණ්ඩලයේ සිට පෘතුවියට ඇසිපිය හෙලන මොහොතකදී පරභාවුමිකයන්ට එන්න පුළුවන්ඔවුන් අපගේ ශිෂ්ටාචාරයේ විවිධ යුග වලදී ආවාඑසකියෙල්ඩැනියෙල් අනාගත වක්තෘවරුන් දුටු පියාඹන අශ්ව රථ වලින් මහපොළවට පැමිණි දේවදුතයන් මොවුන්සොඩාම් ගොමෝරා නගර  න්‍යෂ්ටික අවි වලින් විනාශ කලේ මොවුන්නැස්කා නගරයේ පැරණි  ගුවන්යානා ධාවන පථ ගොඩ නැගුවේ මොවුන්අවසන් වරට ඔවුන් පෘතුවියට පැමිණියේ ජෝජ්  ඇඩම්ස්කි මුණගැසීමටතරු දරුවන් මා පිරිවරාගත්තාඔවුන් මට ආරාධනා කළා ඔවුන්ගේ මවු යානාවට එන ලෙසටඑම  අවස්ථාවේ තමයි මම දුටුවේ දියමන්තියක හැඩය ගත දිලිසෙන   සුදු පැහැති පිටසක්වල යානාව.

  මම ඒ යානාව තුලට ඇදී ගියේ කොහොමද කියන්න මතක නැහැ. හරියට මගේ ශරීරයේ පදාර්ථ ශක්තිය බවට පරිවර්තනය වෙලා මම කිරණයක්  වගේ යනවා තුලට ඇදී යන්න ඇති. යානය තුලදී යලිත් ශක්තිය පදාර්ථය බවට පත් වෙනවා.  මම මගේ මුල් ස්වභාවයට පරිවර්තනය උනා. මා ඉදිරියේ පිටසක්වල ජීවියෙක්. ඔහු තමන්ගේ දකුණු අතේ පළවන ඇඟිල්ල මා දෙසට දිගු කළා. මමත් මගේ දකුණු අතේ පළමු ඇඟිල්ල ඔහු දෙසට දිගු කළා. අපගේ ඇඟිලිතුඩු එකිනෙක ස්පර්ශ උණා. එය හරියට මයිකල්  ඈන්ජලෝගේ   Sistine Chapel. හි ඇඳි The Creation of Adam චිත්‍රය   වගේ. ඔහුගේ ස්පර්ශයත් සමග මගේ  මස්තිෂ්ක බාහිකය අභ්‍යන්තර පරිවර්තනයකට  ලක් උණා. ස්නායු   සම්ප්රේෂක , ස්නායු සන්ධානයන් ගුණාකාර ක්‍රමයට මොලය තුල වැඩි උණා. ඔවුන්ගේ පරිපථ මගේ මොලය තුලට ඇතුල් කළා. ඒ පරිපථ සිහින්   වැලි කැටයකටත්  වඩා කුඩයි. ඔවුන්ගේ විධානයන් මගේ මනස පුරා රැව් පිළිරැව් දුන්නා. මම දැන් ඔවුන්ගේ විධානයට යටත් සේවකයෙක්., මට චිත්ත  විධානයක් ආවා වහාම යුරේකා මිටියාවතට යනු කියලා.  මොහොතකදී  මගේ  ද්‍රව්‍යමය ශරීරය පරිවහන උණා කැලිෆෝනියානු යුරේකා මිටියාවතට . මම දුටුවා ධුලි සහිත කඳු, හිරමණ තළ වගේ තීක්ෂ්ණාග්‍ර ගල් පර්වත. කිසිම මිනිස් ජීවියෙකු දකින්නට සිටියේ නැහැ. 

මිනිසුන්ගෙන් නිදහස ලත් පරිගණක  ප්‍රකෝටි ගණනක් මිටියාවත දිගේ ඇවිදගෙන අවා.  උපමාවකින් කියනවනම්   Judgement Day  වගේ. සියලුම   සයිබර් යුනිට්ස් වලට පණ ඇවිල්ලා. මේවා මගේ හිතේ මතු වන මනස් ඍෂ්ටියන් නොවෙයි. මම සැබවින්ම  දැක්කා සක්‍රිය වූ පරිගණක රොබෝවරු.  මට හිතුනා මේ මැෂින්වලට පණ  ඇවිල්ලා ඔවුන්  අපව යටත් කරගනීවිද කියලා. ඒක ඉතාම  භයානක තත්වයක්. සිහිනයක් නොවෙයි  සැබැවින්ම  සිදුවන   දෙයක්. . සක්‍රිය වූ රොබෝලා මළමිනී  එක්ක ඇවිදිනවා. පුෂ්කින්ගේ, බෙල්කින්ගේ කතන්දරවල එන  මිනීපෙට්ටි සාදන්නා දැක්ක හීනය වගේ බියකරුයි. කුණු වෙච්චි මස් වැදලි, එල්ලෙන ඇට සැකිලි, ගෙබස්කඩ වෙලා ගිය මිනී ඇඳුම්, එක ඇටසැකිල්ලක් බූට්ස් දාගෙන ගාටනවා. මළ මිනිස්සුන්ගේ ආත්මය මේ සයිබර් යුනිට්ස්වලට ඇතුල් වෙලා ඒවා සක්‍රිය  වුණා වගෙයි.  නමුත් ජයග්‍රහණය තීරණය වී ඉවරයි. හරියට රෙස්ලිං වගේ. අපගේ  ජීවිතයත් හරියට රෙස්ලිං වගේ, හැම දෙයක්ම තීරණය වෙලා ඉවරයි ජයග්‍රාහකයා  කවුද පරාජිතයා කවුද කියලා. පරා භෞමිකයන්ට එහෙමත් නැත්තං  Extra Terrestrial  වර්ගයාට මිනිස් ශරීරය තුළට, මොළයට කා වැදිලා විධානා දෙන්න පුළුවන්.  මට හිතෙන දේ කියන කියන දේ කරන දේ තීරණය කරන්නේ ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් ඉන්න පාරා භෞමිකයෙක්.  


  වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි 



10 comments:

  1. ලිපිය කියෙව්වම හීනෙන් ඇවිද්දා වගේ. මේ සිදුවීම් හැම එකකටම වගේ ආසන්න මතකක් කොහෙදි හරි තියෙනවා තියෙනවා වගේ. අපූරුයි මානසික ව්‍යාකූලතා පෙළගැස්ම.

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර භින්නෝන්මාද රෝගීන් මනෝ භ්‍රාන්තින් දකිනවා ඔවුන් ලෝකය දකින ආකාරය තවම නියම වශයෙන් හෙලි කරලා නැහැ

      Delete
  2. මුල ඉන්දන් කියවගෙන ගිය හරිම අමුතුඉ
    බ්ලොග් වලින් උබ ලියන බ්ලොග් එක තමඉ කැමතිම බ්ලොග් එක

    ReplyDelete
  3. What'a tha භින්නෝන්මාද andමනෝ භ්රාන්තිය?

    ReplyDelete
    Replies
    1. @ දේව ශාපය භින්නෝන්මාද -Schizophrenia , මනෝ භ්‍රාන්තිය - Hallucination

      Delete
  4. මා අසා තිබෙනවා දක්ෂ කලාකරුවන් භින්නෝන්මාද ( Schizophrenia ) රෝගීන් සහ ද්විද්‍රැව ( Bipolar Disorder )රෝගීන් බව. හොඳ කලානිර්මාන කිරීමට යම් නුහුගුණ ගතියක් තිබීම හොඳ බව ගමේ ගොඩෙත් කියනවා.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා ඔබගේ අදහස යම් ප්‍රමාණයකට හරි. වින්සන්ට් වැන්ගෝ , (විශාදය​) චාල්ස් ලෑම්බ් (විශාදය​) ජර්මානු කිවි ගර්ට්ට(ගතේ) , අයට මානසික අව පීඩනය තිබ්බා. ඔබ කියවන්න මා Daily News එකට දුන් ඉන්ටර්විව් එක එහි මේ කාරනාව සවිස්තරව තියනවා ( Creativity, insanity's landscape http://transyl2014.blogspot.ca/2014/12/creativity-insanitys-landscape_12.html

      Delete
    2. මේ මානසික රෝග වලට හේතුව මොලයේ සන්නිවේදනයේ ව්‍යාකුලතාවයක් නේද. මම දැකපු සමහර භින්නෝන්මාද රෝගීන් එක්ක කතා කරනකොට එගොල්ලන්ටද , නැත්නම් අපටද අසනීප කියල හිතාගන්න බෑ .

      Delete
    3. @ නව ලොව දැනුම ඔවුන් ගේ මොලයේ රසායණික වෙනසක් විවූහාත්මක වෙනසක් ඇති වෙනවා. ඒ නිසා ඔවුන් ලෝකය ග්‍රහනය කර ගන්නේ වෙනස් ආකාරයකට

      Delete
  5. Do Schizophrenia patients have problems with dopamine or other neurotransmitters?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook