Tuesday, April 4, 2023

1971 කැරැල්ලේ විජේවීර ගේ දායකත්ව




1971 කැරැල්ලේ විජේවීර ගේ දායකත්වයද විවාදාත්මක වෙයි. කැරැල්ලක් ආරම්භ කිරීම සඳහා ඔහු උපස්තරය සැකසුවේය. එහෙත් 1971 කැරැල්ල සිදු වන අවස්ථාවේදී ඔහු සිටියේ බන්ධනාගාරයේය. 71 ප්‍රහාරය සඳහා සංඝාරාමයේදී ගත් තීරණයට ඔහුගේ දායකත්වයක් නොතිබුණි. 71 කැරැල්ලේදී අවි සමග කෙලින්ම ආරක්‍ෂක අංශ සමග ගැටුණු නායකයන් වූයේ ලොකු අතුල ( සටන් පැවති අවස්ථාවේදී ලොකු අතුලගේ ධෛර්‍යය හීනවී ඔහු දෙවන පෙළ සාමාජිකයෙකු මට්ටමට වැටී බෝල සමරේ , කාගම උපසේන වැනි උප නායකයන් ඉදිරියට ආවෝය), සරත් විජේසිංහ  (කැරැල්ලේදී අත් වැරදීමකින් වැදුනු වෙඩිල්ලක් වැදී මිය ගියේය) ,  මිල්ටන් (කඩවත පොලිසියට එල්ල කල ප්‍රහාරයේදී මිය ගියේය) , සනත් බොරළුකැටිය ( කැරැල්ල පසු බසින විට උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මරා දමන ලදි) , බර්ටි රංජිත් (විජේවීර බේරා ගැනීම සඳහා යාපනය සිර ගෙදරට කල පහර දීමේදී අත් අඩංගුවට පත් විය) වැන්නවුන්‍ ය.    අප්‍රේල් මහ නඩුවේදී 1971 කැරැල්ල තමන් ගේ ක්‍රියාවක් නොව ලොකු අතුලගේ කුමන්ත්‍රණයක් මත සිදුවූ දෙයක් බව විජේවීර කීවේය. තවද විජේවීර විසින් සිර භාරයේ සිට තම අනුගාමිකයන් අමතා කීවේ මේ කතාවමය. 71 ට තමන් ගේ දායකත්වය ඔහු ප්‍රතික්ශේප කලේය. පසු   කාලීනව හිරෙන් නිදහස්වී ජවිපෙ යලි ගොඩ නගන විට නව අනුගාමිකයන්ටද විජේවීර කිව්වේ 1971 කැරැල්ල තමන් ගේ දරුවෙකු නොවන බවයි. එහෙත් කාලයත් සමග 1971 කැරැල්ලට ගරුත්වයක් ලැබෙන විටදී ඔහු තමන් කියූ දේ වෙනස් කලේය. පසුකාලීනව ඔහු 71 කැරැල්ලට උරුමකම් කීවේය.

Monday, April 3, 2023

Female Ejaculation


Female ejaculation remains poorly understood scientifically. The secretion of fluids during arousal and stimulation is normal. Women may produce different volumes of different fluids depending on circumstance and stimulus.  

The existence of female ejaculation and the female prostate is controversial. But it's a known factor that women expel fluids of various quantities and compositions from the urethra during sexual arousal and orgasm. Some women report gushing of fluid during orgasm.  Surveys suggest that 40–54% of women have experienced an expulsion of fluid at orgasm. 

Emission of fluid at the acme of orgasm and/or sexual pleasure in females was considered as a description of female ejaculation.  Some experts are of the view that female orgasm is not associated with ejaculation.   

Ancient Indian texts in sexology (kamaśastra) from the 11th century onwards prove that their authors knew about female ejaculation. Despite various studies, views about female ejaculation remain controversial and inconsistent, with no clear conclusion as to its function.  

Female ejaculation and squirting are different phenomena. Anatomical studies have shown that ejaculation originates in the paraurethral (Skene's) glands.  Female ejaculate differs from urine in its creatinine and urea concentrations. The fluid also contains prostate-specific antigen (PSA) and could have antibacterial properties that serve to protect the urethra. Female ejaculate contains the enzymes prostate-specific antigen and prostatic acid phosphatase.  Ejaculate comes from the Skene’s glands, or “the female prostate.”

Research shows that 10 to 54 percent of women ejaculate. The amount of ejaculate released can range from approximately 0.3ml to more than 150ml.  Women have glandular tissue below the bladder and surrounding the urethra that appears to be homologous to the male prostate. 



Saturday, April 1, 2023

යුද පෙරමුණට ගිය පැතුම් කොරනෙල්




පැතුම් කොරනෙල්  යුද්ධයේ අන්තිම කාලයේ යුධ බිමේ මාස දෙක තුනක් ඉදලා  පොතක් ලියනවා. ඒකට කමක් නෑ.  ඒක ඔහුගේ අයිතිය​. නමුත් යුධ භූමියේ වසර ගනනාවක් ආටි මෝටාර් වරුසා වැටෙන කොට මරුවාටත් අභියෝග කරමින් සෙබළුන්ට ප්‍රතිකාර කල කර්නල් හිල්මන් ද සිල්වා, ජෙනරාල් සංජීව මුණසිංහ​, කර්නල් සුනිල් සෝමවීර, කර්නල් රංජන සෙනෙවිරත්න වගේ චරිත ගැන නව පරපුර අහලවත් නෑ. ඔවුන් විසින් කල ඒ උදාර මෙහෙය කාලයට යටපත් වෙලා යයි. ඔවුන් පිලිබඳව තව අවුරුදු 10 - 15 පසු කිසිවෙකු මතක් කරන එකකුත් නෑ. අවසානයේදී පිළිම නෙලා නැති විරුවන් යට යද්දී පැතුම්ලා ඊලාම් යුද්ධයේ වීරයන්  වෙයි. 

Tuesday, March 28, 2023

සෝවියට් සාහිත්‍යයේ නිර්මාතෘ මැක්සිම් ගෝර්කි

 





වෛද්‍ය රුවන් එම් ජයතුංග 

රුසියානු සහ සෝවියට් ලේඛකයෙකු වන මැක්සිම් ගෝර්කි  සමාජවාදී යථාර්ථවාදී සාහිත්‍ය ක්‍රමයේ නිර්මාතෘවරයෙකි.  ගෝර්කි  සමාජ යථාර්ථවාදයේ නවකතා ලිවීමට යොමු විය. සෝවියට් සාහිත්‍යයේ ක්‍රියාකාරී මානවවාදය  විප්ලවීය දෘෂ්ටිකෝණයකින් පිළිබිඹු කිරීමට ඔහු උත්සහ ගත්තේය. සෝවියට් ලේඛකයින්ගේ ප්‍රධාන කර්තව්‍යය නව සමාජවාදී මිනිසෙකු ඇති දැඩි කිරීම ලෙස ඔහු සැලකීය. නිර්ධන පංතියේ ලේඛකයෙකු වන ඔහු සෝවියට් සාහිත්‍යයේ පතාකයෙකි. ඔහුගේ කෘති  සෝවියට් සාහිත්‍යයට මෙන්ම ලෝක සාහිත්‍යයට ද විශාල බලපෑමක් ඇති කළේය

මැක්සිම් ගෝර්කි (ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව්) 1868 මාර්තු 16 වන දින නිශ්නි නොව්ගොරොඩ් හි දුප්පත් රුසියානු පවුලක උපත ලැබීය. පස් හැවිරිදි වියේදී ඔහුගේ පියා  කොලරාව නිසා මිය ගියේය. ඔහුගේ මරණයෙන් පසු ගෝර්කිගේ මව වර්වරා වාසිලීව්නා පෙෂ්කෝවා, ඇලෙක්සි (මැක්සිම් ගෝර්කි)  සහ ඔහුගේ ළදරු සොහොයුරා සමඟ ඇස්ට්‍රාකාන් සිට නිශ්නි නොව්ගොරොඩ් බලා පිටත්ව ගියේ ඇගේ පවුල සමඟ නැවත එක්වීමටය. ළදරු සොහොයුරා යන අතරමගදී මිය ගියේය. ගෝර්කිගේ මව වර්වරා කෂිරිනා පවුල හෝ සම්බන්ධතා නොමැතිව නගරයට ආගන්තුක වූ මැක්සිම් සැවාටෙවිච් පෙෂ්කොව් සමඟ පැන යාම ගෝර්කිගේ සියා කෂිරින් ප්‍රකෝප කලේය.  ඔහුගේ දියණිය පැමිණෙන විට කෂිරින්  මහල්ලාගේ ආර්ථික තත්වය වේගයෙන් පිරිහී තිබුණි. 

වයස අවුරුදු 9 දී ඔහුගේ මව මිය ගිය අතර ඔහුව හදා වඩා ගන්නා ලද්දේ ඔහුගේ මිත්තනිය වූ අකුලිනා ඉවානොව්නා කෂිරිනා විසිනි.  ඔහුගේ සීයා ඔහුට දරුණු ලෙස සලකනු ලැබූ අතර ඔහුට ආදරය සෙනෙහස ලැබුනේ තම මිත්තනිය ගෙනි. කුඩා කාලයේ දී  මිත්තනිය ඔහුට ජන කතා කියා දුන්නාය. මිත්තනිය ගේ කතන්දර නිසා ඔහු සියලු මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආදරය හා බලාපොරොත්තුව ඇති කර ගත්තේය. එසේම එම අද්භූත හා ආකර්ශනීය සුරංගනා කතා ඔහුගේ පරිකල්පන ලෝකය අවදි කලේය. පසුකාලීනව ගෝර්කි  ඇයව විස්තර කළේ ඔහුගේ ජීවිත කාලය තුළ ඔහුට හමු වූ වඩාත්ම ආදරණීය හා සැලකිලිමත් මනුෂ්‍යයා ලෙසය.

වයස අවුරුදු හයේදී ගෝර්කි පැරණි පල්ලියේ ස්ලාවොනික් භාෂාවෙන් කියවීමට හා ලිවීමට ඉගෙන ගත්තේය. ඇලෙක්සෙයිගේ විධිමත් අධ්‍යාපනය වයස අවුරුදු දහයේදී හදිසියේම අවසන් විය. දරිද්‍රතාවය නිසා වැඩිදුරටත් ගෝර්කිට විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි විය. අවුරුදු 12 දී නිවසින් පිටව ගිය ඔහු ළමා මෙහෙකරුවෙකු ලෙස වැඩ කලේය. පසුව අයිකන පින්තාරු සාප්පුවකත් වැඩ කළේය. යෞවන කාලය තුළ ගෝර්කි පහළ පංතියේ ජීවිතයේ කටුක, මෙන්ම කුරිරු අංගයන් දුටුවේය.  වයස අවුරුදු 19 දී ඔහු සියදිවි නසා ගැනීමේ උත්සාහයකින් දිවි ගලවා ගත්තේය. ගෝර්කි මධ්‍යම රුසියාව පුරා වසර 5 ක් පයින් ගමන් කළේය. ඔහු  ක්‍රිමියාව සහ ටිබිලිසි වෙත ගියේය. ඔහුට බොහෝ මිනිසුන්, බොහෝ විට තමා වැනි ආගන්තුකයන් හා යාචකයින් හමු විය. රුසියාවේ රැකියා විරහිත, නිවාස නොමැති සහ ආන්තික මිනිසුන්ගෙන් ඔහු බොහෝ දේවල් ඉගෙන ගත්තේය. පසුකාලීනව මේ අත්දැකීම් ඔහුගේ ලිවීම් හරහා පරාවර්තනය විය. 

ගෝර්කි,  නිකොලායි චර්නිෂෙව්ස්කි, පීටර් ලැව්රොව් , ඇලෙක්සැන්ඩර් හර්සන්, කාල් මාක්ස් සහ  ප්ලෙකනොව්ගේ කෘති කියවීය. ඔහු නීට්ෂේ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීය එසේම ෂොපෙන්හෝවර් වැනි දාර්ශනිකයන් ගේ පොත් කියවීය. ගෝර්කිගේ එකම විශ්ව විද්‍යාලය ජීවිතය වූ අතර කසාන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ඔහු තුළ තිබූ ආශාව ව්‍යර්ථ විය.  1892 දී ගෝර්කි ලිවීම ආරම්භ කළේය. 1898 දී ගෝර්කි සිය පළමු කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් කළේය.  ගොර්කිගේ කෙටිකතා  සමාජ ප්‍රතිසංස්කරණ කෙරෙහි ඔහු දක්වන උනන්දුව පෙන්නුම් කළේය. 1893 සිට 1895 දක්වා ගෝර්කිගේ කෙටිකතා බොහෝ විට වොල්ගා කලාපයේ පුවත්පත්වල පළ විය. 1895 දී ගෝර්කි  ශාන්ත පීටර්ස්බර්ග්හි සාහිත්‍ය සඟරාවක ඔහුගේ ‘චෙල්කාෂ්’ කෙටිකතාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ප්‍රසිද්ධියට පත් විය. එම කෙටිකතාව ජාවාරම් කටයුතුවල නියැලී සිටින දැඩි ලෙස මත්පැන් පානය කරන ග්‍රිගරි චෙල්කාෂ් නම් සොරෙකු පිලිබඳවය. 

ඔහුගේ 1892 කෙටිකතා සංග්‍රහය වන  මකාර් චුද්‍ර  නිදහස සහ ගෞරවය ආරක්‍ෂා කිරීමට මිනිසාගේ අධිෂ්ඨානය සහ වීරත්වය හා ධෛර්‍යය පිළිබඳ කතාවකි. කතාව ආරම්භ වන්නේ මාකාර් නම් වයස්ගත ජිප්සිවරයා සමග කතුවරයා ආරම්භ කරන සංවාදයෙනි. මාකාර්ගේ මතය අනුව මිනිසුන් උපදින්නේ ගමනේ යාමටය. මිනිසුන් ඉපදෙති , ඉන් පසුව ඔවුන් නොනවත්වාම ගමන් කරති. ගමනාන්තය වන්නේ මරණයයි.

ෆෝමා ගෝර්ඩියෙව් (1899) ගෝර්කි ප්‍රධාන නවකතාකරුවෙකු ලෙස ස්ථාපිත කළේය. ෆෝමා ගෝර්ඩෙව් රුසියානු ධනේශ්වරය තුළ පරම්පරා ගැටුම් නිරූපණය කරයි. එය පරිසරයට පටහැනි තරුණයෙකුගේ චරිතාපදානය විස්තර කරන නවකතාවකි. කතුවරයා ෆෝමා ගෝර්ඩියෙව් ක්‍රියාව සාධාරණීකරණය කරන්නේ  ඔහුගේ පැවැත්මේ කොන්දේසි මත නොව, ඔහුගේ චරිතයේ පෞද්ගලිකත්වය සහ ඔහුගේ පෞරුෂයේ ස්වභාවය අනුවය. ෆෝමා ගෝර්ඩීව්ට හැඟෙන්නේ ඔහු ඉපදුණු වෙළඳ පංතියෙන් ඉවත් වී ඇති බවයි. ඔහු තම පවුලට සහ පන්තියට විරුද්ධව කැරලි ගසන නමුත් ඔහුට සදාචාරාත්මක තන්තු නොමැති අතර අවසානයේ සම්ප්‍රදායේ බලවේග ඔහුව පරාජය කර විනාශ කරයි.

 අනියම් කම්කරුවන්, යාචකයින්, සොරුන් සහ පාදඩයන් ගේ නාගරික පාතාලයෙන් බිහිවූ සැබෑ ගුණාත්මක ලේඛකයා ගෝර්කි විය.  ගෝර්කි මතු වන්නේ 1890 ගණන්වල අගභාගයේදී රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේදීය. ලේඛකයෙකු ලෙස ගෝර්කිගේ සාර්ථකත්වය ක්‍ෂණිකව ලැබෙන්නේ  ඔහුගේ තේමාවන්හි නව්‍යතාවය, ඔහුගේ ස්වරය සහ භාවාර්ථ  නිසාය.  1898 සිට 1904 දක්වා කාලය ගෝර්කිගේ විශිෂ්ට ජයග්‍රහණය සනිටුහන් කළේය. මක්නිසාද යත් ඔහු රුසියාවේ වැඩිපුරම කියවන ලද ලේඛකයෙකු පමණක් නොව ඔහු බොහෝ බටහිර යුරෝපීය පාඨකයන් ද  දැන සිටි බැවිනි.   

ඇන්ටන් චෙකොව්, ගෝර්කිව නාට්‍ය නිෂ්පාදකයින්ට හඳුන්වා දුන් අතර  නාට්‍ය ලිවීමට ඔහුට ආරාධනා කළේය. 1902 දීගෝර්කි ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නාට්‍යය වන Lower Depths නිර්මාණය කළේය. එය රුසියානු සමාජයේ පතුලේ සිටින මිනිසුන්ගේ ජීවිතවල අවාසනාවන්ත හා බලාපොරොත්තු රහිත බව පෙන්නුම් කරයි.  සැනසිලිදායක බොරුවට එදිරිව කටුක සත්‍යය යන තේමාව නාට්‍යයේ ආරම්භයේ සිට අවසානය දක්වා විහිදේ. එය වොල්ගා අසල නවාතැන්පලක වාසය වාසය කරන දුප්පතුන් ගේ කතාවකි. ඔවුන් බලාපොරොත්තු රහිත අවාසනාව  සහ දරිද්‍රතාව කර පින්නාගෙන ජීවත් වෙති. මෙම නාට්‍යය රුසියානු සමාජ යථාර්ථවාදයේ ලකුණක් විය. ගෝර්කි ලිවීමට පටන් ගත් කාල පරිච්ඡේදය රුසියාවේ දීර්ඝ කාලීන මර්දනයේ හා නොසන්සුන්තාවයේ  යුගයක් විය. එම යුගයේදී මිහිපිට සිටින අවාසනාවන්ත මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ව පවත්වා ගෙන යන මිත්‍යාවන් විමසා බලති.

මැක්සිම් ගෝර්කි  පහත් පෙළේ සහ සමාජයේ මායිම්වල සිටින මිනිසුන්ගේ ජීවිත විස්තර කරමින් ඔවුන්ගේ දුෂ්කරතා, නින්දාව සහ ම්ලේච්ඡත්වය හෙළි කළ අතර ඔවුන්ගේ මනුෂ්‍යත්වයේ අභ්‍යන්තර උනුසුමද හෙළි කළේය. ඔහු මානව සමාජය සමඟ දැඩි ලෙස සම්බන්ධ වූ කුසගින්න, සමාජ අගතිය සහ අසමානතාවය ගැන ලිවීය. ඔහු බොහෝ විට මනුෂ්‍යත්වයේ සහ පුද්ගල අභිමානයේ ප්‍රබල අංගයන් සොයා ගත්තේ මෙම “පහත් හා පිටත” සිටින  අතිශය කුරිරු හා අධෛර්යයට පත්වූවන් තුළය. සමාජයේ පහලම ස්ථරයේ දුප්පතුන් කෙරෙහි කෙරෙහි ඔහු දැක්වූ අනුකම්පාව නිසා ඔහු නූගත් නිර්ධන ජනතාවගේ ප්‍රබල ප්‍රකාශකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය. රුසියානු සාහිත්‍යයට ඔහු දැක්වූ දායකත්වය වූයේ රුසියානු සමාජයේ පහළම ස්ථරයේ ජීවිතය යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීමයි. 
 
ගෝර්කි නැගී එන මාක්ස්වාදී කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ ක්‍රියාකාරී විය. ඔහු සාර්වාදී තන්ත්‍රයට ප්‍රසිද්ධියේ විරුද්ධ වූ අතර බොහෝ වාරයක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු තම රටේ කැලඹිලි සහිත විප්ලවවාදී කාල පරිච්ඡේදය පිළිබඳව සංවේදී විය. 1901 දී ගෝර්කි විප්ලවවාදී වැඩ සඳහා සක්‍රීයව සම්බන්ධ වීම ආරම්භ විය. ගෝර්කි බොහෝ විප්ලවවාදීන් සමඟ මිතුරු වූ අතර 1902 දී ව්ලැඩිමීර් ලෙනින් හමු වීමෙන් පසු ඔවුන්  පෞද්ගලික මිතුරෙකු බවට වූහ. ලෙනින් මැක්සිම් ගෝර්කිගේ කෘති  බෙහෙවින් අගය කළේය. ගෝර්කි සිය ආදායමෙන් වැඩි ප්‍රමාණයක් විප්ලවවාදී ව්‍යාපාරයට පරිත්‍යාග කළේය.  ගෝර්කි විප්ලවය දුටුවේ නිදහස, සහෝදරත්වය සහ අධ්‍යාත්මික දියුණුව සඳහා වූ මිනිස් ආත්මයේ දැවැන්ත අරගලයක් ලෙසටය. ගෝර්කි බොල්ෂෙවිකයන්ට ඔවුන්ගේ පක්ෂ පුවත් පත වන  ඉස්ක්‍රා හි කතුවැකි හරහා මඟ පෙන්වීම ලබා දීමට සහාය විය. එහෙත් ගෝර්කි කිසි විටෙකත් විධිමත් ලෙස ලෙනින්ගේ පක්ෂයේ සාමාජිකයෙකු බවට පත් නොවීය. “මම කිසිම පක්ෂයකට අයත් නොවන අතර ඒ ගැන සතුටු වෙමි” යනුවෙන් ඔහු වරක් චිත්‍ර ශිල්පී රෙපින්ට පැවසීය.  

 ගෝර්කි සාම්ප්‍රදායික මාක්ස්වාදියෙකු නොවූවත් මාක්ස්වාදය කෙරෙහි ඔහුගේ නිෂේධාත්මක ආකල්පය ජය ගෙන තිබුණි. ගෝර්කිගේ සමාජවාදය අවබෝධ කර ගැනීම සඳහා යමෙකුට කරුණු තුනක් පමණක් වටහා ගත යුතුව තිබුණි: සත්‍යය පෘථිවිය මත පැවතිය යුතුය, මිනිසා තම සෙසු මිනිසා පාලනය නොකළ යුතුය, ධනේශ්වරයට එරෙහි අරගලයට මෙම විශ්වාසයන් දෙක හේතු වේ.     

1905 ජනවාරි 9 වන දින රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී, රුසියානු ඕතඩොක්ස් පූජකයෙකු වන ජෝර්ජි  ගැපොන්  පියතුමාගේ නායකත්වයෙන්  නිරායුධ පෙලපාලිකරුවන් සාර් රජුට ප්‍රතිසංස්කරණ සඳහා පෙත්සමක් භාර දීමට ගියෝය. අධිරාජ්‍ය ආරක්ෂක බළකායේ සෙබළුන් විසින් වින්ටර් මාළිගාව දෙසට ගමන් කරමින් සිටි පෙලපාලිකරුවන්ට වෙඩි තබන ලදි.  වෙඩි තැබීම නිසා සිය ගනනක් මිය ගියහ. ලේවැකි ඉරිදා"සිදුවීම ගෝර්කිව සසල කලේය.

ගෝර්කිගේ රුසියානු විප්ලවවාදී ව්‍යාපාරය වෙනුවෙන් කැප වූ සමාජවාදී යථාර්ථවාදී නවකතාව " අම්මා" රුසියාවේ පූර්ව විප්ලව නිර්ධන පංතිය ගැන වන අතර 1905 විප්ලවය ආසන්නයේ රුසියානු කම්කරු පන්තියේ අරගලය තුළ කාන්තාවන් ඉටු කළ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කරයි. කාල් මාක්ස් විසින් පැවසූ "අධ්‍යාපනය හා ප්‍රචාරණය මගින් කම්කරුවන්ට ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා කොතැනදැයි බැලීමට හැකි වනු ඇත " යන වැකිය ගෝර්කි විශ්වාස කලේය. නවකතාව සත්‍ය සිදුවීම් මත පදනම් වේ - 1902 දී සොර්මෝවෝ හි කම්කරුවන්ගේ මැයි දින නිරූපණය සහ එහි සාමාජිකයින්ගේ නඩු විභාගය නවකතාවට පදනම සපයා දුන්නේය.  

නවකතාවේ ප්‍රධාන කාන්තා චරිතය  වන පෙලෙගියා නිලොව්නා නවකතාවේ වීරයා වන පවෙල් ව්ලසොව්ගේ මවය.  නිලොව්නා නවකතාවේ සියලු සහෝදරවරුන්ගේ මව ලෙස පෙනී සිටින්නීය. ඇය පුරාඅවුරුදු විස්සක් ගෘහස්ථ හිංසනයේ යෙදෙන බේබදු ස්වාමිපුරුෂයා වන මිහායිල් ව්ලැසොව් සමඟ දුක්ඛිත ජීවිතයක් ගත කළාය.  අවසානයේදී ඇයට තම ජීවිතයේ මෙහෙවර අවබෝධ වූවාය. ඇය විප්ලවයේ මරියතුමිය ය. පියාගේ අභාවයෙන් පසු, නව යොවුන් වියේ පසුවන පාවෙල් කර්මාන්ත ශාලාවට බැඳෙන අතර එහිදී ඔහු නිර්ධන පංතියේ සාමූහික බලය ඉගෙන ගනී. සමාජයේ වෙනසෙහි සැබෑ නියෝජිතයා කම්කරු පන්තිය බව ඔහු සොයා ගනී. නිර්ධන පංතිය යනු ධනාත්මක වෙනසක් සඳහා වන සදාචාරාත්මක බලයයි.

මැක්සිම් ගෝර්කිගේ අමරණීය සම්භාව්‍ය නවකතාව වන අම්මා කම්කරුවන්ගේ ව්‍යාපාරය පිළිබඳ හොඳම නවකතාව ලෙස සැලකේ.  ‘අම්මා’ රුසියානු සාහිත්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. එය නූගත් කාන්තාවකගේ රැඩිකලීකරනය පිළිබඳ කතාවකි. එය විප්ලවවාදී ආත්මය පිළිබඳ කතාවකි. ගෘහණියන්ගේ ක්‍රියාකාරී සහයෝගය නොමැතිව කිසිදු විප්ලවයක් සාර්ථක නොවන බව නවකතාව මගින් හෙළි කරයි. මවට අමතරව ගෝර්කි විසින් නටාෂා, සාෂා, ලුඩ්මිලා සහ සොෆියා වැනි නවකතාවේ තවත් බොහෝ ධෛර්ය සම්පන්න සහ නිර්භීත කාන්තා චරිත පිළිබඳ විස්තර ලබා දී ඇත. නටාෂා සහ සාෂා ඔවුන්ගේ සාමකාමී ජීවිතයෙන් සමුගෙන සමාජවාදී සමාජයක් පිහිටුවීම සඳහා වූ විප්ලවවාදී අරගලයට එක් වෙති. මෙම කාන්තා පෞරුෂයන් රුසියානු සමාජ සැකැස්මේ විවිධ සමාජ පංතිවලට අයත් වන නමුත් ඔවුන්ගේ පෞරුෂත්වයන්හි විශ්වීයත්වයක් ඔවුන් සතුව ඇත.

 ලෙනින් ගෝර්කිගේ " අම්මා " නවකතාව අගය කලේය. බොල්ෂෙවික්වරු නවකතාව සමාජවාදී පරමාදර්ශයන්ට අනුග්‍රහයක් ලෙස ප්‍රශංසා කළ නමුත් එහි පණිවිඩය හුදෙක් පන්ති අරගලයකට වඩා වැඩි ය. එය බයිබලානුකුල අදහස් වලින් පිරී ඇත: විප්ලවවාදීන් සාන්තුවරයන් ලෙස නිරූපනය කරනු ලැබේ.  එසේම  ගෝර්කි යනු ශුභවාදී නවකතාකරුවෙකි, ඔහු ගැටලුව පෙන්වා දීම නතර නොකර ධනාත්මක විසඳුම පෙන්වයි. මෙම නවකතාව සමග ගෝර්කිගේ කෘති නොසලකා හැරිය නොහැකි නව සාහිත්‍ය බලවේගයක් බවට පත් විය.  

සම්ප්‍රදායික මාක්ස්වාදීන් මෙන් ගෝර්කි පූර්ණ ලෙස භෞතිකවාදය කරපින්නා නොගත්තේය. ඔහුට ආධ්‍යාත්මික මානයක් තිබුණි. කුඩා කාලයේදී ඔහු පල්ලිගේ සුවඳ දුම් සහ අලංකාරයෙන් වශී විය. ඔහුගේ මිත්තනිය වූ අකුලිනා ඉවානොව්නාගේ දෙවියන් කරුණාවන්ත, දයානුකම්පිත සහ සමාව දුන් අයෙකි. ඔහුගේ සීයා වූ කෂිරින් භීතියෙන් හා භීතියෙන් දෙවියන් වෙත ළඟා විය; ඔහුගේ දෙවියන් සර්වබලධාරී, දැඩි හා පළිගන්නා කෙනෙකි. සංවේදී ගෝර්කි තම ආච්චිගේ දෙවියන් සමඟ වැඩි ඇල්මක් දැක්වූවාට පුදුමයක් නැත. කාලයාගේ ඇවෑමෙන්, ගෝර්කි විශ්වාස කළේ තමා ජීවත් වූ පීඩාකාරී පරිසරයෙන් මිදීමට මාර්ගය ආගම හරහා නොවන බවයි.   ඔහු ආගමික හැඟීම නිර්වචනය කළේ මිනිසා විශ්වයට සම්බන්ධ වන සුසංයෝගී සම්බන්ධයක් පිළිබඳ අවබෝධයක් ලෙසත්, සෑම පුද්ගලයෙකුටම ආවේණික වූ සංශ්ලේෂණය සඳහා වූ අභිලාෂයක් ලෙසටය.  
 
ගෝර්කිට සාහිත්‍යය ආගමක් විය. ගෝර්කි සාහිත්‍යය සැලකුවේ ලෝකය වෙනස් කළ හැකි සදාචාරාත්මක හා දේශපාලන ක්‍රියාවක් ලෙසටය. සාහිත්‍යයේ පරමාර්ථය වන්නේ මිනිසාට තමා ගැන අවබෝධයක් ලබා ගැනීමට උපකාර කිරීම, තමා කෙරෙහි ඇති විශ්වාසය ශක්තිමත් කර ගැනීම සහ සත්‍යය කරා යන උත්සාහය තුළ වර්ධනය කිරීම මෙන්ම නපුරුකමට එරෙහිව සටන් කිරීම බව ගෝර්කි ලිවීය. 

ඔහු සිය ස්වයං චරිතාපදානයේ කොටස් වන " My Childhood (ළමා විය) ඔහුගේ දරිද්‍රතාවයෙන් පිරුණු ලෝකය ගැන පවසයි. ඔහුගේ දරිද්‍රතාවයෙන් පිරුණු ලෝකය ගැන පවසයි. පියාගේ මරණින් පසු ළමා ඇලෙක්සි (ගෝර්කි) මවගේ දෙමාපියන් සහ සහෝදරයන් සමඟ ජීවත් වීමට පැමිණේ. ඇලෙක්සිගේ මවගේ සොහොයුරන් වන මිහායිල් සහ යාකොව් සීයාගේ ඇඳුම් සායම් කරන කුඩා ව්‍යාපාරය තමන් සතු කර ගන්නට රණ්ඩු වෙති.  ඔහුට දයාව පෙන්වන්නේ අකුලිනා ආච්චී සහ ජිප්සී කොළුවා වන ට්සිගනොක් පමණි. ඔහු තම සීයාගේ දුර්වලකම හා කෑදරකම ගැන පිළිකුලට පත්වන අතර ඔහුගේ ආච්චිගේ සෙනෙහස සහ ආදරය ශක්තියක් කර ගනී. සීයා නිතරම පහර දෙන  ධ්‍රැවීය මුහුණැති ඒකාධිපතියෙකු වන අතර ඔහුගේ ආච්චි  ආදරය සපිරි මෘදු කන්දකි. ළමා මෙහෙකරුවෙක් ලෙස වයස අවුරුදු 12 දී නිවසින් පිටව යන තරුණ ගෝර්කි ස්වයං විශ්වාසය රඳා පවතින අතර කියවීමෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පටන් ගනී. ගෝර්කිගේ ස්වයං චරිතාපදාන ත්‍රිත්වයේ පළමු වෙළුම වන අපූරු හා වේදනාකාරී මතක සටහන් වලින් සමන්විත වෙයි.

My Apprenticeship (සිංහල පරිවර්තනය මිනිසුන් අතර - දැදිගම වී රුද්‍රිගු )  ඔහුගේ නව යොවුන් විය පිළිබඳ නිශ්චිත විස්තරයක් සපයයි. ඔහුගේ මවගේ අභාවයෙන් පසු, දහහතර හැවිරිදි ඇලෙක්සි පෙෂ්කොව් (ගෝර්කි)  ජීවත් වීමට විවිධ රැකියා කරයි. පළමුව ඔහු සපත්තු සාප්පුවක වැඩ කරයි; ඉන්පසුව, වොල්ගා ගංගාවේ වාෂ්ප බෝට්ටුවක පිඟන් සෝදන සේවකයෙක් සහ අයිකන පින්තාරු කරන චිත්‍රාගාරයක ආවතේවකරුවෙක් ලෙස සේවය කරයි. ගෝර්කිගේ නව යොවුන් වියේ මතකයේ පළල සහ මෙම හැඟීම්වල විචිත්‍රවත් බව විශ්මය ජනක ය. මෙම පොතේ ඔහුගේ යෞවනයේ හැඟීම්වලින් පිරී තිබේ. My Apprenticeship පෞද්ගලික දුක් වේදනා මෙන්ම කම්කරු පන්තිය, සුලු ධනේශ්වරය සහ එකල ගොවි සංස්කෘතිය නිරූපණය කිරීමට එරෙහිව සමතුලිත අරගලයන් පිළිබඳ විස්තර වලින් පොහොසත් ය.  ඔහුගේ ජීවිතයේ   දුප්පත්කම මධ්‍යයේ දෝලනය වූ අවුල්සහගත තත්වයන් අතර පවා, යම් ආත්මීය හැඟීමක් තබා ගැනීමට ඔහු සමත් වේ. සමාජය ගවේෂණය කිරීමට සහ එහි සැඟවුණු යථාර්ථයන් සොයා ගැනීම සඳහා ඔහුට කුතුහලයක් තිබුණි. ඔහු බෝහෝ සමාජයේ චරිත ආශ්‍රයකරයි. නමුත් ගෝර්කි ඔවුන්ව විනිශ්චය කරන්නේ නැත. ඔහුගේ සාහිත්‍ය චරිත බොහෝ දුරට පදනම් වී ඇත්තේ ගෝර්කි සිය සංචාරයේදී මුණගැසුණු එළිදරව් කිරීම් මත ය. මෙම චරිත අතර ස්මූරි - කාරුණික නාවිකයෙක්, මැට්‍රියෝනා - දුෂ්ට මහලු කාන්තාවක්, නටාලියා කස්ලෝවා - ගණිකාවක්, නිකිපරිච් - පොලිස් ඔත්තුකරුවෙකු, ගොගාලෙව් - මත්පැන් ලෝලී මහල්ලෙක්  , ගුරි ප්ලෙට්නිකොව් - තරුණ විප්ලවවාදියෙකු යනාදීන් වෙති. 

පොත් කියවීම හරහා ගෝර්කි අන්ධකාරයෙන් මිදීමට උත්සහ කලේය. එමගින් ඔහුට බුද්ධිමය මරණයකින් බේරීමට හැකි විය. ගෝර්කි රුසියානු සම්භාව්‍ය පොත් කියවීමට පටන් ගත්තේය: පුෂ්කින්, ලෙර්මතෝව් , තුර්ගේනිව් සහ දොස්තයෙව්ස්කි ඔහුගේ ප්‍රියතම කතුවරයන් වූහ.  සාහිත්‍යය ඔහුගේ ජීවිතය විය. ඔහු සාහිත්‍යය මිනිස් ආත්මයට අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස සැලකීය.
 
ගෝර්කිගේ විශිෂ්ට ස්වයං චරිතාපදාන ත්‍රෛභාෂාවේ අවසාන කොටස වන මගේ සරසවි  (My Universities) ඔහුගේ ජීවන අරගලයේ කතාවකි. මැක්සිම් ගෝර්කි කසාන් විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට උත්සාහ කළද එය අසාර්ථක වෙයි.  ජීවිතය  සහ මිනිසා පිළිබඳ සත්‍යය සෙවීම සඳහා ඔහුට “ජීවන විශ්ව විද්‍යාලට" ඇතුළු වීම හැර වෙනත් විකල්පයක් නැත. ඔහු ලෝකය ගැන සහ ඔහුගේ ජීවිතය ගැන මංමුලා සහගත විය. සියදිවි නසා ගැනීමට උත්සාහ කළ ඔහුව ගොවියෙකු විසින් බේරා ගනු ලැබීය. ගෝර්කි  ජීවිතයේ සත්‍යය සොයා ගැනීමට උත්සාහ කළ අතර විශ්වය ක්‍රියා කරන ආකාරය වඩා හොඳින් තේරුම් ගැනීමට උත්සාහ කළේය. අවසානයේදී මැක්සිම් ගෝර්කි තමාගේම සත්‍යය සොයා ගත්තේය. මැක්සිම් ගෝර්කි “මගේ විශ්ව විද්‍යාල” ගැන මෙසේ ලිවීය: “... මම කතා කරන්නේ මා ගැන නොව, රුසියානු මිනිසෙකු ජීවත් වූ භයානක හැඟීම්වලින් පිරුණු එම සමීප කවය ගැන ය". 

ගෝර්කි යනු ඔහුගේ ජීවිතය ඔහුගේ සමාජයේ චිත්‍රයක් ලෙස සිහිපත් කළ හැකි විශ්මය ජනක ලේඛකයෙකි. ජීවත් වීමට ඔහු දැරූ අරගලය සුවිසල් නවකතාවකි.  ලේඛකයෙකු ලෙස ගෝර්කි නව නිර්මාණාත්මක ක්‍රම සොයා ගැනීමට උත්සාහ කළේය. ඔහු පැරණි යථාර්ථවාදයේ සීමිත සීමාවන්ට විරුද්ධ විය. ඔහු පැවසූ පරිදි සාහිත්‍යයේ ප්‍රධාන කර්තව්‍යය වූයේ ජීවිතය පිළිබඳ පක්‍ෂග්‍රාහී ඉදිරිපත් කිරීමකි, එනම් නව මිනිසාගේ රූපය කලාත්මකව කැටයම් කිරීමයි. ගෝර්කි සමාජවාදී මිනිසාගේ වටිනාම අංගයන්ගේ කලාත්මක ස්වරූපයන් වර්ධනය කළේය. ගෝර්කිගේ වීර චරිත මානුෂීය පරමාදර්ශයන්ගෙන් පිරී ඇති අතර, සියලු මනුෂ්‍ය වර්ගයාගේ සතුට හා විමුක්තිය සඳහා සටන් කිරීමට ඇති කැමැත්ත පෙන්වයි. ඔහු පූර්ව විප්ලවවාදී රුසියාව පිළිබඳ සංකීර්ණ සදාචාරාත්මක ඉදිරි දර්ශනයක් ලිවීය.

1906 දී ගෝර්කි යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සංචාරය කළේය. ගෝර්කි විප්ලවවාදීන් සඳහා අරමුදල් රැස් කිරීම සඳහා ඇමරිකාවට ගොස් අවුරුද්දේ වැඩි කාලයක් එහි ගත කළ අතර එහිදී ඔහු "අම්මා"  නවකතාව ලිවීය. විප්ලවවාදියෙකු ලෙස ඔහුගේ කීර්තියේ හා පෞරුෂයේ ශක්තිය මත ඩොලර් මිලියනයක් රැස් කිරීමට පක්ෂයට බලාපොරොත්තුවක් තිබුණි. ඇමරිකාවේදී ඔහුට ලේඛක මාර්ක් ට්වේන්ව හමු විය. හඩ්සන් ගඟ දුටු ඔහු එය වොල්ගාවට සමාන කලේය.  ඇමරිකාව  මිනිස් ශක්තියේ ගිනි කන්දක් ලෙස ඔහු හැඳින්වීය. ඇමරිකාවේදී ධනවාදී ක්‍රමය යටතේ පවතින ආර්ථික අසමානතාවයන් සමීපව නිරීක්‍ෂණය කිරීමට ඔහුට හැකි විය. ගෝර්කි ඇමරිකානු සමාජයේ බරපතල අසමානතාවයන් විවේචනය කළේය. “කඩිමුඩියේ සමාජවාදියෙකු වීමට අවශ්‍ය නම් ඔහු එක්සත් ජනපදයට පැමිණිය යුතු” බව  ඔහු කීවේය. 

එක්සත් ජනපදයේ සිටියදී ගෝර්කි හට ඔහුගේ එකම දියණිය වන එක්තරීනා ( කාත්‍යා ) මියගිය පුවත ලැබුණි. මිය යන විට ඇයට වයස අවුරුදු හයකි. පෞද්ගලික ශෝකය ඔහු මුහුණ දුන් දුෂ්කරතාවන්ට තවත් වැඩි කලේය. රුසියාවට ආපසු යාමට නොහැකි වූ ගෝර්කි 1906 සිට 1913 දක්වා කාලය ගත කළ කැප්‍රි දූපතේ පදිංචි විය. කැප්‍රි යුගය ගෝර්කිගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් විය.  

රුසියාවේ යුදෙව් ප්‍රජාවට හිංසා පීඩා කිරීමට එරෙහිව ගෝර්කි විවෘතව විරෝධය දැක්වීය. පළමුවන ලෝක සංග්‍රාමයට ඔහු තදින්ම විරුද්ධ වූ අතර දේශප්‍රේමී නොවන බවට ජාතිකවාදීන්ගේ දැඩි විවේචනයට මුහුණ දීමට ඔහුට සිදුවිය. නමුත් ගෝර්කි මානව නිදහස සහ මානව අභිවෘද්ධිය කෙරෙහි විශ්වාසය තැබූ අතර එය ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුකූල විය.
 
විප්ලවය පිලිබඳ උසස් බලාපොරොත්තු තබා සිටියද 1917 රුසියානු විප්ලවයෙන් පසුව ගෝර්කි බොල්‍ෂවික්වරුන් ගේ ක්‍රියාකලාපය දැක කළකිරීමට පත් විය. රුසියාවේ පශ්චාත්-විප්ලවීය ජීවිතය ගැන ඔහු සිටියේ අසතුටිනි. ලෙනින් සහ ට්‍රොට්ස්කි විප්ලවයෙන් පසු භීෂණ පැතිර්‍රිම, මිනිසුන් අත් අඩංගුවට ගැනීම සහ ඝාතනය කිරීම ඔහු අනුමත කලේ නැත. ස්ටාලින් “විප්ලවය අනුකම්පා කරන්නේවත්, මියගිය අය භූමදාන කරන්නේවත් නැත” යනුවෙන් ලිවීය. සාර් තන්ත්‍රයේ ඔක්‍රානා සංවිධානයට වඩා ලෙනින් ගේ චෙකා සංවිධානය නිර්දය ලෙස ක්‍රියා කරන බව ඔහු දුටුවේය. මිනිසුන් අත් අඩංගුවට ගැනීම සහ වෙඩි තබා මරා දැමීමට එරෙහිව ඔහු  ට්‍රොට්ස්කිට යැවූ ලිපි  කෙරෙහි  ට්‍රොට්ස්කි කිසිදු තැකීමක් නොකලේය. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් සති දෙකකට පසු ඔහු මෙසේ ලිවීය: "ලෙනින් සහ ට්‍රොට්ස්කි හට නිදහස හෝ මානව හිමිකම් ගැන කිසිම අදහසක් නැත. ඔවුන් දැනටමත් බලයේ අපිරිසිදු විෂ නිසා දූෂිත වී ඇත. ඔහු රුසියාවේ සමාජ ව්‍යාපාරය ගැන විශ්වාස කළේය. එහෙත් ඔහු විශ්වාස කළ සමාජ ව්‍යාපාරය තවත් භීෂණ මෙවලමක් බවට පත් වූ විට ඔහු අතිශයින් කලකිරීමට පත් විය. රුසියානු ජනතාව පිළිබඳ ලේවැකි අත්හදා බැලීම් ඔහු පිළිකෙව් කලේය. මේ නිසා ඔහු 1921 දී සෝවියට් සංගමය හැර ගිය අතර යළි පැමිනියේ ලෙනින් ගේ මරණින් පසුවය.    

ගෝර්කි 1921 සිට 1928 දක්වා බටහිර රටවල රැඳී සිටියේය. වැඩි කාලයක්  ඉතාලියේ  ගත කරන ලදී.  මැක්සිම් ගෝර්කි ගේ හැටවන උපන්දිනය සහ ඔහුගේ සාහිත්‍ය ජීවිතයේ තිස් පස්වන සංවත්සරය සැමරීම සඳහා ගෝර්කිගේ ස්වයං පිටුවහල් කිරීම අවසන් කිරීමට ජෝසප් ස්ටාලින් උත්සාහ කළේය. නැවත සෝවියට් දේශයට එන ලෙසට ස්ටාලින් ඔහුට ආරාධනා කලේය. ගෝර්කි එම ආරාධනය පිළිගෙන 1928 මැයි 20 වන දින ආපසු පැමිණියේය. ගෝර්කිව ලෙනින්ගේ නොසැලෙන මිතුරෙකු ලෙසටත්, පසුව ස්ටාලින්ගේ විශ්වාසවන්ත අනුගාමිකයා ලෙසටත් හඳුන්වා දෙන ලදි.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා  ගෝර්කිව පස් වතාවක් නම් කරන ලද නමුදු ඔහුට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබුනේ නැත.  ගෝර්කි ස්ටාලින් සමඟ සමීපව සිටීම ගෝර්කිට සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය නොලැබීමට එක් හේතුවකි.  1931 දී නොබෙල් ත්‍යාගය සඳහා මැක්සිම් ගෝර්කි ගේ නම යෝජනා වූවද එය ඔහුට නොදී එතරම් ප්‍රසිද්ධියක් නොතිබුණු  රුසියානු සංක්‍රමණික  ලේඛක අයිවන් ඒ. බුනින්ට පිරිනමන ලදි. එහෙත් ගෝර්කි  කිසි විටෙකත් ස්ටැලින්වාදියෙකු නොවීය. එය ෆ්‍රාන්ස් ෆ්‍රෙඩ්‍රික් ලුඩ්විග් නිග්ගේ ද අනුමත කරයි. ස්ටාලින්ට අවශ්‍ය වූයේ කීර්තිමත් ලේඛක ගෝර්කි මගින් ඔහුගේ චරිතාපදානය ලියවා ගැනීමටය. එහෙත් ගෝර්කි එම අදහසට එකඟ නොවීය. මේ නිසා ගෝර්කි ස්ටාලින් ගේ උදහසට ලක් විය. 

ගොර්කිගේ ජීවිතයේ අවසාන වසර දෙක වඩාත් දුෂ්කර හා ඛේදනීය විය. එක් අතකින්, ප්‍රචාරක මාධ්‍යයන් හරහා ඔහු නිරූපකයෙකු බවට පත්විය. සංචාරය කරන විදේශීය සම්භාවනීය අමුත්තන් සහ බටහිර බුද්ධිමය ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයින් හමුවීමට ස්ටාලින් විසින් ඔහුව යොදා ගන්නා ලදී. 1934 දෙසැම්බරයේ සර්ජි කිරොව්ගේ මරණයෙන් පසු, ගෝර්කිව ඔහුගේ මොස්කව් නිවසෙහි අනපේක්‍ෂිත නිවාස අඩස්සියේ තබන ලදි.  ගෝර්කි ස්ටැලින්වාදී තන්ත්‍රයේ අනියම්  සිරකරුවෙකු බවට පත් විය. මැක්සිම් ගෝර්කි 1936 ජුනි 18 වන දින හෘදයාබාධයකින් මිය ගියේය.  මාටින් සේමූර්-ස්මිත් ලියන පරිදි, “... ඔහු මිය ගියේ අද්භූත තත්වයන් යටතේය.  ස්ටාලින්ගේ නියෝග මත ගෝර්කි මරණයට පත් කරන ලද බව බොහෝ දෙනෙකු විශ්වාස කරති. ගෝර්කිගේ ජීවිතය සියවස් දෙකක් පුරා විහිදී ගියේය. ඔහු උපත ලැබුවේ දෙවන ඇලෙක්සැන්ඩර්ගේ පාලන සමයේදීය.  ඔහු ස්ටාලින් ගේ ඒකාධිපති රාජ්‍යයේ මිය ගියේය.  ස්ටාලින් යටතේ දිග හැරුණු භීෂණය දැකීමට ගෝර්කි ජීවතුන් අතර නොසිටි අතර, 1936-38 විමෝචන (Purge) වලදී පමණක් මිලියන 1.5 ක ජනතාවක් මිය යන ලදි.

ගෝර්කි සිය ජීවිත කාලය පුරාම ලේඛකයෙකු,, මාධ්‍යවේදියෙකු, ප්‍රකාශකයෙකු, සංස්කාරකවරයකු සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළේය. ඔහු රුසියානු ජනතාවගේ පරිකල්පනය ස්පර්ශ කළ කතන්දර, නාට්‍ය, මතක සටහන් සහ නවකතා රචනා කලේය. රුසියාවේ ගමන් මග වෙනස් කිරීමේදී මැක්සිම් ගෝර්කි සැලකිය යුතු කාර්‍යභාරයක් ඉටු කල අතර  ගෝර්කි රුසියාවේ සමාජවාදී ව්‍යාපාරයේ සංකේතයක් ලෙස පුළුල් ලෙස පිළිගැනේ. මහා ක්‍රියාවන් කිරීමට මිනිසාට ඇති අසීමිත හැකියාව පිළිබඳ විශ්වාසය තුළින් ගෝර්කි රුසියානු ජනතාවගේ ආත්මය පිබිදීමට දායක විය.ගෝර්කිට ජාත්‍යන්තර කීර්තියක් තිබූ අතර ඔහු ජෝර්ජ් බර්නාඩ් ෂෝ, ගයිඩ්, එච්. ජී. වෙල්ස් සහ ස්ටෙෆාන් ස්වීග් ඇතුළු සාහිත්‍ය ලෝකයේ ප්‍රබල පුද්ගලයින් ගේ ගෞරවයට පත් විය.  ජර්මානු ලේඛක ෆ්‍රාන්ස් ෆ්‍රෙඩ්‍රික් ලුඩ්විග් නිග්ගේ පැවසූ පරිදි මැක්සිම් ගෝර්කි යනු තෝමස් මෑන් හා සැසඳිය හැකි මට්ටමක මානවවාදියෙකු මෙන්ම බුද්ධිමතෙකි. 
  

 Works Cited   
 
Gourfinkel, N. (1975). Gorky. Westport, Conn.: Greenwood Press.  
Scherr, B.P.(1988). Maxim Gorky. Boston.

Una Paloma Blanca

 




This is the story
That was never been told
Indeed it was about a poor man
A poor South American farmer
Who works hard all-day
day and night
until the sun goes down
One day after heavy work
He was having a small rest
Under the log-wood tree
He dreams of being a white bird
Like the pure white dove
Or the Una Paloma Blanca
That can fly high in the sky
Then I would be free he said
For sure I would be free at last

Find Us On Facebook