Friday, June 17, 2016

අලිමංකඩ පසුබෑම


2000 වසරේදී  අලිමංකඩට, එල්ටීටීඊය විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදි. අලිමංකඩ හමුදා කඳවුර මුළුමනින්ම බිඳ දැමීමට  මුලින්ම එල්.ටී.ටී.ඊ. ය  අලිමංකඩ කඳවුරු භුමියේ ජල සැපයුම කපා  දැමීය​. මේ නිසා අලිමංකඩ කඳවුර අත් හැර දැමීමට ඉහල හමුදා නායකත්වය තීරණය කලහ. 
අසර්ථක නායකත්වය හා අකාර්යක්‍ෂම ක‍්‍රමෝපාය සැලැස්ම නිසා  අලිමංකඩ පසුබැසිම හේතු කොට ගෙන ජිවිත රැුසක් විනාශ විය. අලිමංකඩ කඳවුරෙන් පසුබැසිම උපායශිලි වුවද එය සිදු කරන ලද්දේ උණුසුම් දහවල් කාලයකය. බොහෝ සෙබලූන් විජලනය හා දැඩි උෂ්ණය නිසා හටගත් ආඝාතයෙන් මරණයට පත් විය. අලිමංකඩ පරාජයේදී හමුදා සෙබලූන් 359 දෙනෙකු මිය ගියේය. 349 ක් අතුරුදන්ව ඇති බවට සටහන් විය. 2500 ක් පමණ සංඛ්‍යාවක් අනතුරට භාජනය විය. 2000 වසරේ අපේ‍්‍රල් 21 සිට 2000 අපේ‍්‍රල් මස 22 දක්වා සිදුවු සිදුවීම් කෝපරල් NB7 පහත දැක්වෙන් අන්දමට විස්තර කළේය.
( කෝපරල් NB7 මනෝ ප්‍රතිකාරයන් සඳහා මා වෙත යොමු කලේ කර්නල් වෛද්‍ය ටී. ඒ දයාරත්න මහතා විසිනි )
2000 අපේ‍්‍රල් මස 21 වන දින මා සිටියේ අලිමංකඩ කඳවුරේ ඉදිරි ආරක්‍ෂක පෙරමුණේය. කොයි මොහොතකදි හෝ එම ස්ථානයෙන් ඉවත්වීමේ ආඥාව ලැබෙනු ඇතැයි අපට දැනුම් දෙන ලදී. පසුදින උදේ 10.30 ට පමණ සතුරා බර අවිවලින් කඳවුරට පහර දුන්නේය. සතුරා පහරදෙන විට අපගේ සෙබලූන් කිලාලි කලපුව දෙසට පසු බැස්සහ. එහිදී අපට නිර්භීත නිලධාරියෙකු වූ බි‍්‍රගේඩියර් පර්සි ප‍්‍රනාන්දු මුණගැසුනු අතර ඔහු අප කණ්ඩායම ප‍්‍රතිසංවිධානය කොට, පහරදීමක් දියත් කොට ආරක්‍ෂාකාරී පසුබැසීමට යාමට උත්සාහ කලේය. අප සතුරාට පහරදී පලෙයි බලා ගියෙමු. ඛඔඔෑය අපට මෝටාර් වලින් පහර දුන් අතර, ඔවුන්ගේ ස්නයිපර්වරු අපගේ නිලධාරින් හා සංඥා බලකායේ සෙබලූන් වෙත ඉලක්ක ගත්හ. බි‍්‍රගේඩියර් පර්සි ප‍්‍රනාන්දු වෙඩි පහරකින් අනතුරු ලැබීය. එය ආපදා සම්පන්න මොහොතක් විය. බි‍්‍රගේඩියර් පර්සි අපට අත්නොහැර ගිය නිර්භීත නිලධාරියෙකු විය. සමහර බියගුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඔහුගේ ජීවිත බේරාගෙන අප සතුරාට ගොදුරු වීමට ඉඩ තබා පලා ගියහ. එහෙත් බි‍්‍රගේඩියර් පර්සි ප‍්‍රනාන්දු අප සමගම හිඳ අවසානය දක්වාම අපට නායකත්වය ලබාදුනි. ඔහු බිම ඇදවැටුනු පසුව අප විනාශයට නියමවුනු බව මම දැනගත්තෙමි.
අප ඉතා වෙහෙසට හා දැඩි විඩාවට පත්ව සිටියේය. අපගේ බොහෝ සෙබලූන්ට දෙපයින් ගමන් කළ නොහැකි විය. දැඩි හිරුරශ්මිය හා වියලි සුලඟ අපගේ ශක්තිය උරා ගත්තේය. මට දැඩි පිපාසයක් දැනුනද මගේ වතුර බෝතලය හිස්ව තිබුනි. අප අතරෙන් බොහෝ දෙනෙකුට ප‍්‍රමාණවත් ජලය නොතිබුනි. අප උණුසුම වැල්ලේ පණනැතිවූ මළමිනී මෙන් අපි ඇවිද ගියෙමු. සමහරු කලපුවේ ලූණුදිය පාලනය කළහ. තමන්ගේ මනස අවුල්වත්ම සමහරු ගී ගැයීමට පටන් ගත්හ. සමහරුන් දැඩි විඩාවෙන්ම බිම ඇද වැටි නැවත කිසිදා නොනැගිට්ටේය.

අප ඉදිරියට යත්ම සතුරා මෝටාර් වලින් අපට පහර දුන්නේය. බොහෝ සෙබලූන් වතුර හිඟකමින් මිය යමින්, සතුරාගේ පහරදීම් වලට මුහුණදෙමින් සිටියේය. සතුරන්ගේ වෙඩි තැබීම වැලැක්වීමට අපට ඉක්මනින් ඇවිදයාමට සිදුවිය. එහෙත් අපට ආවරණයක් නොවීය. මගේ දෑස් ඉදිරිපිට සමහරු ක්ලාන්තව වැටුනාහ. ඔවුන් කිසිදිනෙක නැවත නොපැමිණෙන බැව් මම දැන ගතිමි. එක් සෙබලෙක් සිහි විකල් තත්ත්වයට පත්විය. ඔහු ගී ගයමින් නටමින් තේ කෝප්පයක් ඉල්ලා සිටියේය. තුවාල ලත් සෙබලූන් ඔවුන් ඔසවාගෙන යන ලෙස අපට කිය. එහෙත් අප සියලූදෙනාම දැඩි වෙහෙසකට පත්ව තවත් සෙබල සගයෙකු ඔසවාගෙන යාමට තරම් ශක්තිමත් නොවීය. අප තනි තනිවම එකම මිනිසෙකු තමාම වෙනුවෙන් කි‍්‍රයා කළ යුතු විය. එය මගේ ජිවිතයේ අවසන් දිනය වනතෙක් අමතක කල නොහැකි ආත්මාර්ථකාමී මොහොතක් විය.
මගේ ශක්තිය හීනවෙමින් පැවතින. මට මගේ ආයුධ කට්ටලය රැුගෙන යා නොහැකි විය. මට අයිති දෑ ඉවතට විසි කිරීමට මට සිදුවිය. අවසානයේදී දිගු කාලයක් මගේ ගැලවුම්කාරයාව සිටි මගේ ආයුධය විසි කිරීමට මට සිදුවිය. අනෙකුත් සෙබලූන් සමග මම දැඩි හිරු රශ්මිය මැද ඇවිද ගියෙමි. මට අවශ්‍ය වූයේ වතුර පමණි. මගේ හිස කැරකෙන්නට වූ අතර මා බිම ඇද වැටුනි. මම උණුසුම් හිරු දුටුවෙමි. අහසේ වලාකුලකින් තොර විය. සෙබලූන් කිහිප දෙනෙකු මා පසුකර ගියද කිසිවෙකු මට උපකාර නොකළේය. මා එහි සිටියහොත් වැඩි වේලාවක් නොගොස් මියැදෙන බව මම දැන සිටියෙමි. මා නැවතත් ශක්තිය ගෙන සතුරු ප‍්‍රහාර වලින් වැලකෙමින් බඩගාගෙන යන්නට පටන් ගති. බියගත් සෙබලූන් මා පාගා දමමින් පලෙයි දෙසට දුවන්නට පටන් ගත්තේය. අතරමගදී මම මළසිරුරු කිහිපයක්ම දුටුවෙමි.
එක් සෙබලෙකු මගේ බූට් සපත්තු දෙක අල්ලා ගත්තේය. ඔහු තුවාල ලැබ ලේ ගලමින් සිටියේය. ඔහු මට ආයාචනා කළ අතර ඔහුගේ එම වචන දැනුදු මගේ දෙසවනේ රැුව්දේ. තමා මිය යන බැවින් ඔබ මා ඔසවාගෙන යා යුතු නැතැයි ඔහු කීය. පසුව ඔහු ඔහුගේ නම හා ලිපිනය මට දී ඔහු මියගිය බව දෙමව්පියන්ට පවසන ලෙස දැක්විය. මේ සිද්ධිය මට තවමත් අමතක කළ නොහැකිය. ඔහු කවුරුන්දැයි මා නොදැන සිටි අතර පලෙයි වලට එනවිට මට සිහසුන්ව Heat Stroke සැදී තිබුනි.ඔහුගේ නම හා ලිපිනය මට අමතකය. මේ වනතෙක් ම ඔහුගේ පණිවුඩය ඔහුගේ නෑදෑයිනට දීමට මට නොහැකි විය. එහෙත් දැඩි බලාපොරොත්තු රහිත වූ ඔහුගේ මුහුණ මට තාමත් මතකය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, June 16, 2016

ගංජා ප්‍රේරිත සයිකෝසියාව හෙවත් Cannabis Induced Psychosis



විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මනෝ ප්‍රතිකාරයන් සඳහා මා වෙත යොමු කරන ලද සිසුවා ගංජා ප්‍රේරිත සයිකෝසීය තත්වයන් හෙවත් Cannabis Induced Psychosis සලකුණු පෙන්වීය​. 

ඔහු කොලඹ ප්‍රදේශයේ පාසලකින් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට ගියේය​. එහිදී ඔහුට ජැමෙයිකානු සිසුන් පිරිසක් හමු වෙයි. ඔවුනද එම විශ්ව විද්‍යාලයේ  සිසුන් වෙති. ලාංකික සිසුවා ජැමෙයිකානු මිතුරන් සමග විශ්ව විද්‍යාලය ආසන්නයේ නිවසක් කුලියට ගෙන ජීවත් වේ. නිතරම කායා හෙවත් ගංජා පානය කරන ජැමෙයිකානු මිතුරන් ගේ ආශ්‍රයට වැටෙන එකී සිසුවා වරක් ගංජා අත්හදා බලයි. මේ අත්දැකීමෙන් පසු ලාංකික සිසුවා ගංජා  පානයට පුරුදු වෙයි. ඔහු දිනපතා ගංජා  පානය කරයි. 

මෙසේ වසරක් දෙකක් පමණ ගත වන විට ලාංකික සිසුවා තුල ස්මෘතියේ දෝෂ , අඩු අභිප්‍රේරණය​,  නෑමේ සහ ශරීරය පිරිසුදු කර ගැනීමේ අඩු අවශ්‍යතාව , සියල්ල එපාවූ ස්වභාවය , අධ්‍යාපනික ගැටළු මතුවේ. ඔහු දෙවන වාර්ශික පරීක්‍ෂණයේදී අසමත් වේ. තම පුතා විභාගයෙන් අසමත් වීම නිසා කළබල වන දෙමාපියන් ඔහුව නිවාඩුවකට ලංකාවට ගෙන්වා ගනිති. ඔහු තුල යම් යම් වෙනස්කම් දෙමාපියන් ද නිරීක්‍ෂණය කරති. පෙරදා විනෝදයෙන් දෙමාපිය සොහොයුරු සොහොයුරියන් සමග කාලය ගත කල ඔහු නිතරම තම කාමරයට වී නිදාගත්තේය​. විනෝදාශ්වාද කෙරෙහි ඔහු උකටලී විය​. එසේම නිරන්තරයෙන්ම ඔහු තුල කිපුණු ස්වභාවයක් ද මානසික අවපාතනයක් ද නිරීක්‍ෂණය විය​. 

බලෙන්ම මෙන් දෙමාපියන් ඔහුව වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලද අතර වෛද්‍යවරයා මෙම සිසුවා තුල විශාදයේ ලක්‍ෂණ දැක විශාදයට ප්‍රතිකාර කලේය​. නමුත් ඔහු ඖෂධ ගත්තේ කඩින් කඩය​. දෙමාපියන් ගේ බලපෑම මතය​. මේ හැර ඔහු ජීවත් වූ වීථියේ ත්‍රීවීල් රියැදුරෙක් මිත්‍ර කරවාගෙන ඔහුගෙන් ගංජා මිලට ගෙන   දිනපතාම රහසින් පානය කලේය​. 

මෙසේ මාස හයක් පමණ ගත විය​. දෙමාපියන් උපාධිය නිම කිරීම සඳහා එංගලන්තයට යා යුතු බව කීවද ඔහු ඒ සඳහා සූදානම් නොවීය​. මේ අතරවාරයේ ඔහු ප්‍රථම වරට මනෝව්‍යාධික රෝග ලක්‍ෂණයක් අත් වින්දේය​. ඔහුට ශ්‍රෝතේන්ඳ්‍රික මනෝ භ්‍රාන්තියක් හෙවත් auditory hallucination නොහොත් මායාකාරී ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය​. මේ නිසා ඔහුගේ චර්‍යාව අසාමාන්‍ය විය​. තම පුතාගේ අසාමාන්‍ය චර්‍යාවන් නිසා දෙමාපියන් ඔහුව විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා වෙත ගෙන යන ලදි. එහිදී ඔහුගේ කංසා භාවිතය ගැන ඉතිහාසය හෙලි විය​. 

නොකඩවා ලබා දුන් ප්‍රති මනෝව්‍යාධික ඖෂධ මෙන්ම විශාදය යාමනය කරන ඖෂධ නිසා ඔහුගේ තත්වය මඳක් යහපත් විය​. ඊට සමගාමීව මනෝ ප්‍රතිකාරයන් ඇරඹිනි. මෙම සංයුක්ත ප්‍රතිකාර හමුවේ ඔහුගේ තත්වය යහපත් විය​. මේ නිසා යළිත් අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීම සඳහා ඔහු එංගලන්තයට ගියේය​. එංගලන්තයේදී මාස හයක් පමණ නියමිත පරිදි  අධ්‍යාපනයේ  යෙදුනු මුත් යළිත් පැරණි මිතුරන් ගේ සමාගමට එක්වී ඔහු ගංජා පානය ආරම්භ කලේය​. මෙසේ ක්‍රමක් ක්‍රමයෙන් ඔහුගේ මානසික තත්වය අසතුටුදායක වූයෙන් දෙමාපියන් ඔහුව විශ්ව විද්‍යාලයෙන් අස් කරගෙන ලංකාවට ගෙන ආවේය​. දෙවන වරටද අප වෙත ආ මෙම සිසුවා තුල බරපතල ලෙසින් වර්ධනය වූ සයිකෝසීය  තත්වය දැක ගන්නට හැකි විය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, June 15, 2016

දහ අට වංගුව




මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී සහ මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල කාලයේදී කොලඹ ඒම යාම සඳහා මා වැඩිපුරම භාවිතා කලේ දහ අට වංගුවයි. ඉතා කලාතුරකින් මම රන්දෙනිගල රජ මාවතින් නුවර හරහා කොලඹ ගියද දහ අට වංගුව මාර්ගයට මම ප්‍රිය කලෙමි. 

ඒ කාලයේ අද මෙන් දහ අට වංගුව නවීකරණය කොට තිබුනේ නැත . මම මේ කියන්නේ 1995 වැනි කාලයකය​. වාහන දෙකක් මාරු වීමට පවා අසීරු වන අන්දමේ පටු පාරවල් තිබූ අතර දහ අට වංගුවේ සිට පහලට වැටුනු වාහන , විශේෂයෙන් බස් , ලොරි නිබඳවම දක්නට තිබුනි. එම නිසා දහ අට වංගුව මාර්ගයේ වාහන ධාවනය කලේ ඉතා සෙමෙනි. 

වරක් කොලඹ තිබෙන රැස්වීමකට යාම සඳහා හසලකින් මධ්‍යම රාත්‍රී දොලහට මම පිටත් වූයෙමි. දහ අට වංගුව මාර්ගය ආසන්න වෙත්ම දැඩි මීදුමක් තිබූ හෙයින් අඩි දෙක තුනකට වඩා ඉදිරිය පෙනුනේ නැත​. මගේ මෝටර් රථය පසුපසින් ලොරියක් ආවෙන් මම අසීරුවෙන් මගේ වාහනය පාරේ අද්දරට ගෙන ලොරියට යාමට ඉඩ දුන්නෙමි. මට අවශ්‍ය වූයේ ලොරිය යන පාරේ පසුපස සුරක්‍ෂිව  පසුපසින් යාමටය​. එහෙත් ලොරි රියැදුරාද කට්ටයෙකු වූයෙන් ඔහුට අවශ්‍ය වූයේ මාව බිලිබෝයි කොට මා පසුපසින් ඒමටය​. එම නිසා ලොරි රියැදුරාට දොස් දෙවොල් තියමින් මම  දහ අට වංගුව මාර්ගය මතකයට නඟා ගනිමින් සුපරික්‍ෂාකාරීව වාහනය ධාවනය කලෙමි. ලොරි රියැදුරා දිගන දක්වා මා පසු පස පැමින පසුව ඔල්ලොක්කුවට මෙන් ලොකු හෝන් එකක් ගසා මා පසු කොට ඉදිරියට ගියේය​. 

මේ සිදුවීමෙන් පසු මම  දහ අට වංගුව මාර්ගය මතකයේ රඳවාගෙන වාහනය එලවීමට පුරුදු වූයෙමි. මෙසේ ටික කාලයක් යන විට දහ අට වංගුව මාර්ගය කෙටි කාලයකින් නිමා කිරීමට මම සමත් වූයෙමි. 

දහ අට වංගුව මාර්ගයේ යන විට හුන්නස්ගිරිය රොටී කඩය අමතක කල නොහැක​. මා කොලඹ යන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි ඉන්ජිනේරු බැසිල් දසනායක මහතා මා සමග නුවර දක්වා යාමට පුරුදුව සිටි අතර අප බොහෝ විට හුන්නස්ගිරිය රොටී කඩය අසල වාහනය නවතා උනු රොටී කා කිතුල් හකුරු සමග කහට තේ බීවෙමු. කෙසේ හෝ මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බව දැනගත් හුන්නස්ගිරිය රොටී කඩ මුදලාලි මා එන විට කඩයේ පවිත්‍රතාව පෙන්වීමට අමතර වෑයමක් ගත්තේය​. එහෙත් මේ රොටී කඩය තිබුනේ මගේ වැයික්කයේ නොව මැද මහනුවර සෞඛ්‍යය වෛද්‍ය වැයික්කයේය​. 

දහ අට වංගුව මාර්ගයේ යන විට ස්වභාව ධර්මයා ඉතා අලංකාර ලෙස දිස්වේ. මැදමහනුවර , හුන්නස්ගිරිය , ගුරුළුපොත යන ප්‍රදේශ වල විචිත්‍ර බව මට තවමත් මතකය​. එහෙත් අහේතුවකට මෙන් මේ ප්‍රදේශ වල නූගත් චන්ඩීන් ප්‍රාදේශීය සභා මෙන්ම පළාත් සභා වලට පත් වූ අතර ඔවුන් ඉවක් බවක් නොමැතිව ගස් කපා දැමූහ​. එසේම දඩයම් කිරීම සඳහා කඳු බෑවුම් ගිනි තැබූහ​. මේ නිසා අනාගතයේ දහ අට වංගුවේ ස්වභාවික සෞන්දර්‍ය්‍ය රස විඳීමට මතු පරපුරට හැකිවේද කියා බලවත් කුකුසක් මා තුල තිබේ. 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Survival Guilt





Dr Ruwan M Jayatunge 

There is a higher incidence of depression in veterans who had been in combat and lost a friend. Survival guilt is an especially guilt invoking symptom. “Survivor guilt” is the term used to describe the feelings of those who, fortunately, emerge from a disaster, which mortally engulfs others. On an irrational level, these individuals wince at their privileged escape from death’s clutches(Harvery, 2007).

Private K is a soldier who was severely troubled by the survival guilt. He joined the Army in 1992 and served in the North. While serving in the combat his buddy was shot in front of his eyes near the Punani station. He fell down and lost his consciousness. Although Private K wanted to help his friend, he could not reach the friend due to heavy fire. Along with the other soldiers, he attacked the enemy and eventually went near his friend. But he was dead. This incident made him so upset. He felt guilty that he could not help the buddy.

By 1997, he often experienced headaches, intrusions about his dead friend and showed a marked depression. He became irritable and gave a startling reaction to any slightest sound. Private K felt uneasy with the military duties and wanted to avoid military situations. In 2003, he was referred to the Military Hospital Colombo and diagnosed as having PTSD.   Private K’s condition improved following drug therapy (SSRI) and psychotherapy (CBT and EMDR). By 2005, he was free of most of the PTSD symptoms. After cognitive restructuring, he got the insight and now Private K knows that he was not responsible for the death of his friend.


Did I bury him alive?
Private Lx26 became pitiful when he witnessed the death of his fellow soldier who got killed by a sniper shot. The troops had no means to bring the body back. After confirmation of death, Private Lx26 was ordered to bury the body. When he touched his friend’s body, he could feel the body warmth may be due to the hot Northern climate. Private Lx26 dug a pit and buried his friend’s body in the mist of sorrow. Then they advanced towards Omanthai. After a several days, Private Lx26 had an irrational and guilty feeling that he had buried his friend alive. He suppressed this painful feeling for a long time. Gradually it became a distressing thought, which he could not bear anymore. In 2003, he experienced a severe depressive reaction following survival guilt. He had full-blown symptoms of clinical depression. He was treated with Rational Emotive Therapy in which his irrational and illogical ideas were confronted via a friendly and therapeutic mediation. After the therapeutic intervention, Private Lx26 was free from devastating psychological burden that he had carried for long years.


My Sergeant died in my arms: says Private RS
I was born in a small village in Pollonarwa and often our village became the LTTE target. Several times the LTTE attacked our village slaughtering men women and little children. We had mass funerals after these attacks and most of the villagers felt utterly sad and insecure.  As a child, I saw these horrendous things around me. At night, we did not sleep in houses, for security we slept in the jungle. I did not see a way out for these tremendous problems except joining the military. So I was determined to join the Army. Our family had to face many financial hardships and that affected my education. I could not study further and I joined the Army. After my basic training, I served in Welioya and Vavunia.

In 1997, I participated in Jayasikuru (Victory Assured) operation and we were given a task to capture the Mankulam highway. We fought the enemy face to face. The gunfire lasted for nearly 3 hours. A commando unit came for our support and we were able to advance further. Sergeant L who was my senor NCO and my mentor was behind me. He taught me many combat skills. We always fought the enemy together. He used to cover me and I used to cover him. Both were lucky for many years. However in Mankulam he was hit by a bullet. Sergeant L was bleeding profusely. I helped to evacuate him. I carried him while praying for his life. His breathing became shallow. I could not reach the medics, half way he died in my arms.

After his death, my conscience blamed me for not saving him. I felt guilty. I wish I could have taken him to the Medical Point on time. If I had done that, it could have saved his life. But I was late and Sergeant L died. I was troubled by this guilty feeling and combat related nightmares and various intrusions. My life became to a standstill. I was filled with sorrow and repulsion of combat events. I was disgusted with all these issues and once I wanted to shoot myself and end the suffering. Somebody or some power saved me from self-harm and showed the way towards life. Again, I saw light.

(Private RS was found with PTSD comorbid with depression.  Following intensive treatment, he was able to recover. He became free of survival guilt that had troubled him for a long time. Now he is serving in his unit without firearms and doing light duty. )

Tuesday, June 14, 2016

සරසාලේ මහා සටන


2005 වසරේ මම ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ සාජන්වරයෙකු සමග මම හමුදා ඩබල් කැබ් රථයකින් යාපනයේ ගමන් කරමින් සිටියෙමි. 

"සර් මෙන්න මෙතනදී තමයි  2000 දී අපේ කොල්ලෝ එල්.ටී.ටී.ඊ එකේ ඇටෑක් එක රිවස් කලේ . එදා එල්.ටී.ටී.ඊ එකේ ඇටෑක් එක සාර්ථක උනා නම් යාපනේ වැටෙනවා හමුදාවේ 40,000 කගේ ජීවිත අණතුරේ  "

සරසාලේ එක් ප්‍රදේශයක් පෙන්වා සාජන්ට්වරයා මට කීවේය​. 

සරසාලේ මහා සටන සිදුවූ ස්ථානය දෙස මම බැලුවෙමි. මෙම සටන ඊලාම් යුද්දයේ තීරණාත්මක වූ සටනකි.මට මොස්කව් නගරය ආසන්නයේ තිබෙන ජර්මන් හමුදාවේ යුද ටැංකි නවත්වන ලද ස්ථානය සිහිපත් විය​. එම ස්ථානය පසු කොට ජර්මන් හමුදාවට මොස්කව් නගරයට ඒමට රතු හමුදා භටයෝ ඉඩ දුන්නේ නැත​. 

සරසාලේ  යුද්දයේදී හමුදාවේ සොල්දාදුවන් ජීවිත පුදා සටන් කලහ​. හමුදා සොල්දාදුවන් වැටුපට සේවය කරන්නන් කියන පුද්ගලයන් මට හමුවී තිබේ. එහෙත් ඔවුන් සරසාලේ සටන දුටුවේ නම් මේ අදහස වෙනස් කර ගනු නියතය​. 

සරසාලේ සටන පරාජය වූවානම් හමුදාවන්ට සිදුවනුයේ යාපන අර්ධද්වීපයේ හමුදා ඉවත් කිරීම යටතේ පැමිණෙන ඉන්දියානු නැව් වලට නගින්නය.  නැතහොත්  කොටි අතින් මැරුම් කෑමටය. 

අලිමංකඩ කඳවුර වැටීමෙන් පසු  ප්‍රභාකරන් යාපනයට මහා ප්‍රහාරයක් එල්ල කලේය​. ඒ වන විට ජනධිපතිනී චන්ද්‍රිකා යාපනයෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා ඉන්දියාවට කතා කර තිබුනි. මෙම අවස්ථාවේදී කොපමණ වැරදි සහ චෝදනා තිබුනද ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ එයට විරුද්ධව වී හෙලිකොප්ටරයකින් යාපනයට ගොස් හමුදාවට කතා කොට ඉදිරියේ එන කොටින් ගේ ප්‍රහාරයට මුහුණ දීමට ඔවුන්ව සූදානම් කලේය​.  ඊට ජෙනරාල් ජානක පෙරේරා සහ ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාවට නායකත්වය දුන්හ​. එසේම ජෙනරාල් සීවලී වනිගසේකරගේ සේනාංකයන්ද ප්‍රභාකරන් ගේ නොනවතින රැල්ල යාපනය දෙසට ඇදී ඒම ප්‍රමාද කලේය​. 

මේ කාලයේදී පලාලි රෝහලේ තත්වය දරුණු විය . දිනපතා තුවාලකරුවන් රෝහලට ගෙන එනු ලැබීය​. පලාලි රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය කර්නල් රන්ජන සෙනෙවිරත්න මහතා  තමා පලාලි රෝහලේ ශල්‍යකර්මයක් කරමින් සිටියදී කොටින් ගේ අර්ටිලරි වැටුණු ශබ්ද ඇසුනු බවත් ඒ මහා අර්ටිලරි හඞ නිසා එක් හෙදියක් ශල්‍යකර්මය අවස්ථාවේදී සිහි නැතිව ඇද වැටුනු අයුරුත් පසුව මා සමග කීවේය​. 

මලිත් ජයතිලක ලියූ ‘අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව‘ නමැති කෘතියේ මෙම අවස්ථා ගැන වඩාත් හොඳින් විස්තර කරයි. මේ අවස්ථාවේදී හිටපු හමුදාපති ජෙරී ද සිල්වා මහතා පකිස්ථානයෙන් මල්ටි බැරල් යන්ත්‍රයක් ගෙන්වීමට උපකාරී විය​. එය යාපනයේ ටයර් හංදියේ තබා ක්‍රියාත්මක කරනු ලැබීය​. එමගින් හමුදාවේ මොරාල් එක ඉහල ගියේය​. අවසානයේදී සෙබළුන් ගේ ධෛර්‍යය සහ චෙක්‌ රාජ්‍යයේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මගින් ප්‍රභාකරන් ගේ නොනවතින රැල්ල පරාජය කරනු ලැබීය​.
 

සරසාලේ මහා සටන ගන්නෝරුව සටන මුල්ලේරියාව සටන මෙන් ඉතිහාසයට එක් විය යුතු මහා සටනකි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook