Wednesday, October 2, 2024

සුනන්ද දේශප්‍රිය සහ 71 කැරැල්ල

 




අනුර කුරුකුලසූරිය මහතාගෙන් සමුගත් මා ඊළඟට හමුවීමට ගියේ මහ නඩුවේ පස්වන විත්තිකරුවූ සුනන්ද දේශප්‍රිය මහතා ළගටයි ඔහු ජ්‍යෙAෂAඨ පුවත්පත් කලාවේදියෙකි. මේ දැක්වෙන්නේ ඔහුගේ ප්‍රකාශයයි.

71 කැරැල්ල කාලේ මගේ වයස අවුරුදු 18යි. ඒ කාලේ තරුණයෝ අද කාලේ තරුණයන්ට වඩා වෙනස්. පොතපත කියෙව්වා. සමාජ අසාධාරණ ගැන කථා කළා. ඒ පිළිබඳව සංවාදයක් තිබුණා. අන්තර්ජාතික වශයෙන් කියුබාව, වියට්නාම් යුද්ධය වගේ දේවල් නිසා මිනිසුන් තුළ දේශීය හා විදේශීය දේශපාලනය ගැන තිබුණේ දැනුවත් බවක්. ඒ වගේම අද කාලයේ දක්නට තියෙන හරසුන් ටෙලිවිෂන්, ටෙලිනාට්‍යවලට මිනිසුන් ඇලී ගැලී සිටින ගතියක් නොවෙයි තිබුණේ. මිනිසුන්ගේ විචාර බුද්ධිය මොටවෙලා තිබුනේ නැහැ. ඒ නිසා නිරායාසයෙන්ම අප ජනතා ව්‍යාපාරවලට ඇදිල ගියා.

විෙජ්වීර, සනත් බොරළුකැටිය හරහා තමයි අපේ ගෙදරට යාම්ඊම් කළේ. විෙජ්වීරට අපේ ගෙදර බූරු ඇඳක් පවා තබලා තිබ්බා, නිදාගන්න. අපේ ගෙදර සැර බල්ලෙක් හිටියා. හැමෝම හපන්න පනින ඒ බල්ලත් විෙජ්වීරව අඳුරනවා. ඒ නිසා විෙජ්වීර එනකොට බල්ලා නගුට වනනවා. 

විෙජ්වීර ආකර්ශනීය නායකයෙක්. පැය 12 ක් උනත් එකදිගට කථා කරන්න පුළුවන්. ඉතිහාසය වගේ විෂයයන් හොඳින් දැන සිටියා. විෙජ්වීරට ගැඹුරු මාක්ස්වාද පිලිබඳ අවබෝධයක් නොතිබුනාට මාක්ස්වාදයේ මූලික කොටස් ගැන දැනුමක් හා ඒක වෙනත් කෙනෙකුට පහදලා දිය හැකි කුසලතාවක් තිබුණා. 

71 සමයේදී විෙජ්වීර හොඳ ආදර්ශවත් නායකයෙකුගේ නායකත්ව ගුණාංග තිබුණා. දුෂ්කර ජීවිතයක් ගත කළා. සමහර විට මම හා විෙජ්වීර සැතැප්ම 10-12 පයින් ඇවිදලා තියෙනවා. මට මතකයි අක්මීමන කරපු පන්තියක විෙජ්වීර කෑම කාලා දෙවන වර ඛෙදාගන්න යද්දී කෑම අනිත් අයට මදිවෙයි කියලා පිඟාන පැත්තක තියලා අත සෝදාගත්තා. ලොකු අතුල මාසිකව විෙජ්වීරට රු. 50 ක් දුන්නා, ව්‍යාපාරයේ වැඩ කරගෙන යන්න කියලා. 

මම උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබමින් සිටියදී පක්ෂයේ වැඩවලට ගියා. මම ඒ කාලේ හොඳට අඳිනවා. කොන්ඩේ ක්‍රේල් කරලා හිටියේ. මට ඉස්කෝලෙදි කිව්වේ ජැන්ඩි සිංඤො කියලා. පක්ෂේ වැඩවලට ආවාම මට කිව්වා කොන්ඩේ ක්‍රේල් කරන එක නවත්තලා පිටිපස්සට පීරන්න කියලා. මම තීරණය කළා පූර්ණකාලීනව වැඩ කරන්න 1970 පෙබරවාරි 25 දා මම බදුල්ලට ගියා, ගෙදරට ලියුමක් ලියලා තියලා.

තාත්තා එදා පඩි අරගන මට  ඇනිමල් බයලොජි  පොත ඒ කාලේ ඒ පොත රු. 20 විතර වෙනවා. තාත්තා පොත අරගන ගෙදර එනකොට මම ගෙදරින් ගිහිල්ලා. මම බදුල්ලේදී ගතකළේ දුෂ්කර ජීවිතයක්. ඒත් හරියට වැඩ කළා. බදුල්ල මහජන පුස්තකාලයට පත්තර බලන්න එන අයට කොකු ගහනවා. පන්ති පවත්වනවා. සන්නද්ධ වෙනවා.

1971 මම හදිසියේ ගෙදර ආවා. මගේ කොණ්ඩෙ පස්සට පීරලා ඉස්සර වගේ ජැන්ඩි ගතිය නැහැ. මම සරමක් ඇඳලා හිටියේ. මගේ ගෙවල් ළඟ කාටවත් මාව අඳුනාගන්න බැරි උනා.  මම ගෙදර ආ වෙලාවේ අයියගේ ටෙට්‍රන් කොට්න් අළුත් ෂර්ට් එක එයාට කියන්නේ නැතුව ඇඳගන ගියා. පස්සේ ඒක විෙජ්වීර මගෙන් ඉල්ලා ගත්තා. 1971 අම්පාරේදී විෙජ්වීර අත්අඩංගුවට ගන්නකොට ඇඳගන හිටියේ ඒ කමීසේ.

විෙජ්වීර අත්අඩංගුවට පත්උනාම අපේ ව්‍යාපාරයේ පහළ ස්ථරවල හිටපු අය නොසන්සුන් බවකින් හිටියේ. ප්‍රහාරය ඉක්මන් කරන්න අපට නිතරම කිව්වා. ඒ නිසා ඉක්මනින් ප්‍රහාරයට යන්න අවශ්‍ය උනා. 1971 අප්‍රේල් 2 දින අපි සංඝරාමයට රැස්උනා. මම, සනත්, ලොකු අතුල, කරුණාරත්න, පියතිලක, අනුර කුරුකුලසූරිය, ලයනල් බෝපගේ, උයන්ගොඩ ප්‍රහාරය ගැන සාකච්ඡා කළා. අපි අප්‍රේල් 5 දින ප්‍රහාරය එල්ල කරන්න තීරණයකට ආවා. බලය අල්ලා ගත්පසු විෙජ්වීර කරන කථාව උයන්ගොඩ ලිව්වා. ඒක දේව බණ්ඩාරගේ හ`ඩින් පටිගත කළා. අපි සැලසුම් කළේ අප්‍රේල් 6 දා ඒක උදේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න. සාකච්ඡාවෙන් පස්සේ ලංකාවෙ බලය අල්ලලා 8 දා හමුවෙමු කියලා එකඟතාවෙන් විසිරිලා ගියා.

1971 අප්‍රේල් 5 දා බදුල්ලේ කණ්ඩායම වැලිමඩ පොලිසියට ගැහැව්වා. මම හපුතලේ තේ වත්තක හිටියේ. හපුතලේ පොලිසියට පහර දෙන්න සූදානම්. ඒත් ඇඳිරි නීතිය දාලා පොලිසිය සූදානමින් සිටි නිසා අපට ප්‍රහාරය එල්ල කරන්න බැරිඋනා. 8 දා උදේ විෙජ්වීරගේ කථාව ගුවන්විදුලියේ ගියේ නෑ. මම දැනගත්තා කැරැල්ල අසාර්ථකයි කියලා. මගේ තදබල විශ්වාසයක් තිබුණා අපි ජයග්‍රහණය කරයි කියලා. අපි 6 දා වැලිමඩට ගියා. උඩපුස්සැල්ලාව හරහා වලපනේට ගියා. අප්‍රේල් 15 වෙනකම් කැලේ හැංගිලා හිටියේ. කන්න දෙයක් නැහැ. හේන්වල තිබ්බ වට්ටක්කා, කතුරුමුරුංගා කෑවා. අපේ පිරිස 80 විතර හිටියා. කට්ටිය ටිකෙන් ටික පලායන්න ගත්තා. අන්තිමට ඉතුරු උනේ 14 දෙනෙක් විතරයි. අපි හොරෙන් රෑ පානේ හැංගිලා හුන්නස්ගිරියට ගියා. අපේ 6 දෙනෙක් නකල්ස් වලට ගියා. 

මම මේසන් වැඩකරන කොල්ලෙක් වගේ වෙස්වලාගෙන බටපොලට ගියා. ඒ වෙනකොට අපේ අය බටපොල තාවකාලිකව අල්ලගෙන හිටියේ. මම ගිය බස්එක අම්බලන්ගොඩ පොලිසිය ළඟදී චෙක්කළා. මගේ පවුලේ අය හඳුනන පොලිස්කාරයෝ හිටියා. මම බයෙන් හිටියේ ඒ නිසා. මාව හඳුනගනීද කියලා. මිනිහා මාව දැක්ක හැටියේම අයිඩෙන්ටිෆයි කරා. ඒත් මාව අල්ල ගත්තේ නැහැ. මට යන්න දුන්නා.

මම බටපොල පිරිසට එකතු උනා. අපේ මූලස්ථානය විලියම් සිල්වාගේ ගෙදර පිහිටුවාගෙන තිබුණේ. අපි කොට කපලා පාර හරහට දැම්මා. අප්‍රේල් 23 දා උදේ ආමි එකෙන් අපිව වට කරලා ගැහැව්වා. අපි සීසීකඩ විසිරුණා. මම තවත් කීප දෙනෙක් එක්ක ඔරුවක නැගලා ගඟ හරහා අම්බලන්ගොඩට එන්න හදන කොට මෙහා ඉවුරේ හිටපු ගැමියෝ මාව අල්ලලා පොලිසියට බාර දුන්නා.

අපිව අම්බලන්ගොඩ පොලිසියට ගෙනිච්චා. අපිට හොඳටම බැටන් වලින් ගැහුවා. අපි එක්ක ෙජ්වීපී යුනිෆෝම් ඇඳගන හිටි දෙදෙනෙක් අල්ලගන හිටියේ. ඒ දෙන්නයි ඇල්බට් සිල්වාගේ බෑනා කෙනෙකුටයි මගේ ඇස් ඉදිරියේ පහර දුන්නා. ඒ අයට ගහනවා මට බලන්න කිව්වා. මෙහෙම අමානුෂික විදිහට ගහලා ඒ තුන්දෙනා මරලා දැම්මා. ඊට පස්සේ වෙරළ අද්දර වල හාරලා වලදාන්න පොලිසිය වැඩ කරපු මිනිහෙකුට නියම කළා. 

මාවත් මරන්න නියම කරගන හිටියේ. පොලිසියේ කට්ටිය ඇවිල්ලා වරින්වර කියනවා අද රෑට උඹව මරනවා කියලා. එක පොලිස්කාරයෙක් මම ළඟටම ඇවිල්ලා කිව්වා අද මුන් උඹව මරයි. මම උඹේ අයියවත් දන්නවා. මට කරන්න දෙයක් නැහැ. පණිවිඩ මොකුත් තියෙනව නම් මම අයියට කියන්නම් කීවා. මාව අම්බලන්ගොඩ පොලිසියේ මරන්න තියාගන ඉන්නවා කියලා ගෙදරට ආරංචි උනා. තාත්තා වහාම අම්බලන්ගොඩ මහේස්ත්‍රාත්ව හමුවෙන්න ගියා. මහේස්ත්‍රාත් පොලිසියට ඇවිල්ලා මාවයි තව රඳවාගන හිටපු දෙන්නෙකු පිළිබඳව වාර්තාවක් දාලා ගියා. ඒ නිසා අපේ ජීවිත බේරුණා. 

අපිව බලපිටියේ උසාවියට දැම්මා. එතනින් නියෝග දුන්නා ගාල්ලේ බන්ධනාගාරයට ගෙනියන්න කියලා. ගාල්ල බන්ධනාගාරයේදි අපට ආපසු  යටිපතුල්වලට බැටන් පොලූවලින් ගැහැව්වා. අපේ කකුල් පැලිලා ලේ ගැලූවා. දවල් කෑමට පෙර බන්ධනාගාරය ඇතුළු භූමිය වටා රවුම් 3 ක් යන්න අපට බල කළා. අපි ගිනිගහන අව්වේ තුවාල වෙච්ච දෙපා එක්ක අමාරුවෙන් ඇවිද්දා. වේදනාව නිසා අත් ඉහළට යනවා.. එතකොට තොපි ඉගිල්ලෙන්න හදනවද කියලා පහර දෙනවා.

ටික කාලයක් ගාල්ලේ බන්ධනාගාරයේ අපිව තියාගන ඉන් පස්සේ විද්‍යෝදයේ ජයතිස්ස හෝල් එකේ රැඳවුම් කඳවුරට ගෙනිච්චා. අපි ඔක්කොම 1000 ක් විතර හිටියා. ඊට පස්සෙ වීරවිල දැම්මා අන්තිමට වැලිකඩට ගෙනාවා.

මගේ නඩුව 1973-1975 දක්වා ඇහැව්වා. මට ආයුධ සන්නද්ධව පහරදීමේ චෝදනාවක් තිබූ නිසා අවුරුදු 15 බැගින් අවුරුදු 45ක් දුන්නා. ඒත් ලැබුණේ අවුරුදු 12 යි. මාත් සමඟ විෙජ්වීර, කෙලී, උයන්ගොඩ යනාදී අය හිටියා. අපි පොත් කියවනවා. ප්‍රන්ස, රුසියන් සාහිත්‍ය දිගටම කියවන්න පටන්ගත්තා. දවසකට පොත් 2ක් හෝ කියවනවා. මම සැබෑ මිනිසෙකුගේ කථාව එක රැයකින්ම කියවලා ඉවර කළා. අපි ක්‍රිකට් ගැහුවා. කෙලී, ඔස්මන් හා කලූ ලකීට හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්. විෙජ්වීරට ක්‍රිකට් බැරි උනාට අපි ගහනවා බලන් හිටියා. 

මම හිරේදි 71 සම්බන්ධව ස්වයං විවේචනයක් කරා. ඒක නිසා විෙජ්වීර සමඟ මතවාදීව ගැටුනා. 1977 ඔක්තෝබර්වල මම නිදහස් වෙලා ඇවිල්ලා පුවත්පත් කලාවට යොමු උනා. 88/89 කාලේ මට මරණ තර්ජන පවා ආවා. විෙජ්වීර තමන්ගේ වැරැද්දක් පිළිගත්ත කෙනෙක් නොවෙයි. ඒ වගේම තමන් සමඟ ඉතා හිතවත්ව සිටි නන්දන මාරසිංහ වගේ අය මරන්න පවා නියෝග දුන්නා. ඒ නිසා විෙජ්වීරගේ මානසික ස්ථාවරභාවය ගැන මට තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්.

71 අතීත සිද්ධි ගැන මට පසුතැවිල්ලක් නැහැ. එදා අපි සන්නද්ධව නැගී සිටියේ සමාජ අසාධාරණයට විරුද්ධව. වර්තමාන සමාජ ආර්ථීක තත්වය, ලෝක දේශපාලන ප්‍රවණතාව ගැන බලන කොට ආයුධ සන්නද්ධව නැගිටීමකට වඩා ප්‍රජාතන්ත්‍ර ක්‍රමවේදය මගින් විරෝධතා හා ප්‍රකශ කිරීම සුදුසුය කියා මා හිතනවා.


( වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි )

Monday, September 9, 2024

විප්ලවය





වැඩක් නොකරන අලස මිනිසෙක්  විප්ලවයෙන් පසු නොමිලේ කන්නට ලැබෙයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.   

ගමේ ඉන්න අවස්ථාවාදී පීඩිතයෝ  විප්ලවයෙන් පසු සල්ලිකාරයන් ගේ දේපළ කොල්ල කන්න ලැබෙයි කියා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

අල්ලපු ගෙදර මිනිහාට වාහන දෙකක් තියන නිසා විප්ලවයෙන් පසු ඔහුගේ එක් වාහනයක් මට පවරා ගන්න පුලුවන් වෙයි කියා හිතලා මෙහා ගෙදර මිනිහා  විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

අක්කර පහක සරු ගොවිපලක් කරගෙන යන මිනිහාගේ ඉඩමෙන් කොටසක් අල්ල ගන්න ලැබෙයි කියා බෝක්කුව උඩ ඉන්න මිනිහෙක් විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

විශ්ව විද්‍යාලයේ උපකුලපති කම මට ලැබෙයි කියා හිතාගෙන කථිකාචාර්‍යවරයෙක් විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

විප්ලවයෙන් පස්සේ මට ආරක්‍ෂක ලේකම් ධූරය ලැබෙයි සිතා හිටපු හමුදා නිලධාරියෙක් විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

තමන් කරපු දූෂණ වංචා වලට  පොදු සමාවක් ලැබෙයි සිතා රාජ්‍ය නිලධාරීන් පිරිසක්  විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

තමන්ට සංස්කෘතික අමාත්‍යාංශයේ උසස් තනතුරක් චිත්‍රපට සංස්ථාවේ සභාපතිකමක් ලැබෙයි සිතා කලාකාරයන් පිරිසක්   විප්ලවයට එකතු වෙලා ඉන්නවා.


මේ ඔක්කොම විප්ලයව කියවා ගන්නේ තමන් ගේ අවශ්‍යතාවන් අනුව 

Friday, September 6, 2024

ජනාධිපති අපේක්‍ෂක ASP ලියනගේ

 



ASP ලියනගේ මහතා මගේ ගුරුවරයෙකි 1981 දී පමණ මම ඒ මහතාගේ සාමාන්‍ය පෙළ විද්‍යාව පන්තියට ගියෙමි. මෙම පන්තියට මාව කැඳවාගෙන ගියේ මාගේ පාසල් මිත්‍ර සෙනරත් විජේසුරියය. වර්තමානයේ ඔහු විශ්‍රාමික නාවික නිලධාරියෙකි. ASP ලියනගේ මහතා හොඳ ගුරුවරයෙකු සේම නියම කතා කියන්නෙකි. ඔහු කියූ එක් කතාවක් මට මතකය​.

වරක් එක්තරා වනයක් දැඩි නියඟයක් තිබූ අතර සතුන් ආහාර හිඟයෙනි පීඩා වින්දහ​. මේ නිසා කැලේ සතුන් තමන් ගේ ප්‍රජනක අවයවය කැලේ රජු සිංහයාට භාර දී ටෝකන් එකක් ලබා ගත්තෝය​. මෙමගින් උපත් අඩු කිරීම මොවුන් ගේ වෑයම විය​. එහෙත් නියඟය තවත් දුරට තිබූ අතර කැලේ සත්තු මිය යන්නට විය​. මෙසේ වසර දෙක තුනක් පුරා නියඟය තිබූ අතර කැලේ සතුන් ගෙන් 50 % මරු දුටුහ​. නියඟය අවසන් වීමත් සමග කැලේ සත්ව ජනගහනය අඩු බව සිංහයා තේරුම් ගත්තේය​. මේ නිසා තමන් ගේ ප්‍රජනක අවයව යලි භාර ගන්නා ලෙස සිංහයා අනෙක් සතුන්ට දැණුම් දුන්නේය​. ප්‍රජනක අවයව යලි භාර දෙන දිනයේදී ලොකු පෝලිමක් තිබූ අතර කෙට්ටු නරියෙක් "අද දෙන්නං වැඩේ " අද දෙන්නං වැඩේ " කියමින් පෝලිම පනින්නට උත්සහ ගත්තේය​. අනෙක් සතුන් නරියාගේ ක්‍රියාව වලකා ඔහුගේ ටෝකන් එක පරික්‍ෂා කලෝය​. නරියා අතේ තිබුනේ මිය ගිය අලියෙකුගේ ටෝකන් එකකි. 

නාලන්දාවේ ඉගැනුම ලැබූ ලියනගේ මහතා පිලිබඳ මතකය වරක් අපගේ විද්‍යාගාරයේ ලැබ් බෝයි කෙනෙකු වූ දසා ( හෙනහුරාගේ මහ දසා) වරක් අපිට කීවේය​. එකල ලියනගේ මහතා නාලන්දාවට පැමිණි විට දසා හමු වීමට අමතක නොකලේය​. පසු කාලීනව ඒ මහතා ටියුෂන් වලින් ඉවත් වී ඉඩම් වියාපාරයට අත ගැසුවේය​. එතුමාගේ පන්තිය දුන්නේ තම මිත්‍රයෙකු වූ රංජිත් බටුවත්ත මහතාටය​.

 රංජිත් බටුවත්ත මහතාද වරක් ASP ලියනගේ මහතා ගැන මතකයක් අවධි කලේය​. නාලන්දාවේ ඉගෙනුම ලැබූ කාලයේ ඔවුන් ස්කූල් කට් කොට මාලිගාකන්ද ප්‍රදේශයේ රස්තියාදුවකට ගියහ​. එහිදී ඔවුන් මාලිගාකන්ද උසාවියේ වාඩිවී නඩුවකට සවන් දුන්නෝය​. විත්තියේ නීතීඥයා අත පය සොලවමින් කල රංගනය දැක ASP ලියනගේ මහතාට මහ හඞින් සිනහවක් ගිය අතර නඩුකාරයා උසාවිය නවත්වා සිසුන්ව ඉදිරියට කැඳවා උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දඞුවම් නියම කිරීමට යන බව කීවේය​. මෙහිදී බියට පත් ASP ලියනගේ මහතා අඞන්නට විය​. එහිදී එතැන සිටි වෘධ නීතීඥ මහතෙක් නැගිට මෙම සිසුන් ලාබාල අය නිසා නිදහස් කරන ලෙස ඉල්ලීය​. ඊට සවන් දුන් විනිසුරු මෙම සිසුන් නිදහස් කලේය​.

 ASP ලියනගේ මහතා මෙවර 2024 ජනාධිපති මැතිවරණයේ අපේක්‍ෂකයෙකි.  ලංකාවේ මට චන්ද බලයක් තිබුනේ නම් මගේ චන්දය ඔහුටය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග   

Monday, August 5, 2024

Paradise Lost

  



Prasanna Withanage's newest movie, "Paradise," is based on several elements. The movie discusses racial relations in a multiethnic country. 

An Indian couple (Amritha and Kasav ) visits Sri Lanka during the height of the socio-economic drawbacks and encounters a nightmare. Their main aim is to see the places associated with the Ramayana legend. The Ramayana is a mythical story about a great war between Prince Rama and King Ravana. After the total defeat, Ravana is in a great slumber, and one day he will wake up and save the islanders. Until such time, the people have to undergo hardships. 

The Indian tourists are skeptical about the Ravana myth. The local guides try to convince them, showing them the places where Princess Sitha was forcibly kept.  However, we can see a sardonic smile on their faces, and it gives a clue that the Indian tourists did not buy the story.  However, it's very important to maintain such stories in order to attract tourists from India.

Their first night at the hotel was amorous. They experience a romantic candlelight dinner (mainly due to the islandwide power cuts). But at midnight, they were robbed by a gang of thieves who broke into the hotel. Amritha and Kasav were physically and emotionally shattered following the dreadful incident. Kasav becomes highly wretched as a result of losing his laptop. His future job depends on the data that he saved on his personal computer. Therefore, his main aim is to recover his laptop.  

When they went to the police station, the police did not pay much attention to them because they were not white tourists. Kasav was adamant and insisted the police sergeant find his stolen goods. He specifically mentions that if the police do not oblige, he will contact the Indian High Commissioner. 

The police sergeant is now in a dilemma situation, and he has to safeguard his skin. Therefore, he uses age-old, unprofessional Sri Lankan police tactics; arresting three vagabonds in his area and forcing them to admit the theft. During the interrogation process, one suspect dies, and the police officers show their apathy. For them, it was a bad day at the office. Such events are not rare. However, Amirtha witnessed the injustice, and she became discontent. She knows that blood is in their hands, and now she has to live with it. 

Amirtha is trapped between police brutality, the death of a suspect, and her husband's non-repenting attitude troubles her.  Paradise reminds us Paul Haggis's 2004 movie Crash. It's about racial relations, racial chauvinism and heedlessness towards racial minorities. We all are trapped in our dark past. As we try to repress it, things come to the surface. As a nation, we have not processed our past collective traumas. 

We cannot disregard the possibility that this movie might create unsubstantiated fear among Indian tourists who visit Sri Lanka. A similar event occurred when Alan Parker's Midnight Express was released.  Turkey's tourism industry suffered heavily soon after the movie that narrated prison brutality in Istanbul. Western tourists feared going to Turkey for vacation. 

In the end, things get much more complicated. Public unrest and riots are causing a domino effect. We don't know how Kasav died. It could be due to a stray bullet or  Amritha accidentally firing her weapon which caused the death of her husband. Things end drastically. The inconclusive ending leaves many unanswered questions. We can recall the words of John Milton in his Paradise Lost “Abashed the devil stood and felt how awful goodness is and saw Virtue in her shape, how lovely: and pined his loss”

Ruwan M Jayatunge M.D. 



Sunday, August 4, 2024

මිතුරු සෙවනේ මිතුරා - මිත්‍ර කරුණානායක




මිත්‍ර කරුණානායක උසස් පෙළ කිරීමට ආවේ නාලන්දා විද්‍යාලයටය​. එහෙත් අප සිටියේ වෙනම සෙක්‍ෂන් වල නිසා අපට හමු වීමට ඉඩකඩක් නොවීය​. ඔහු ආවේ ඩී.එස් එකෙන් ය​. ඒ කාලේ ඩී.එස් සහ  රෝයල් එකේ මාගේ මිතුරන් වූ ගාල්ලගේ, සිසිල ඉන්දරරත්න යනාදීන්  ඔහුද දැන සිටියේය​. ඔහු කොලඹ කාක්කෙක් විය​. 

මිත්‍රව මට මුණ ගැසෙන්නේ පාසල් සමයෙන් පසු දිවයින පුවත් පතේ සමාජ විමර්ශකයෙකු ලෙසටය​. මහාචාර්‍ය නන්දසේන රත්නපාලටත් වඩා හොඳින් සහ ගැඹුරට ඔහු සමාජයේ අඳුරු මුළු වලට රිංගා ඒවා අධ්‍යනය කලේය​. 

දැන් සෑහන කාලයක්  පුරා මිත්‍ර ලොකු වැඩකට අත ගසා සිටියි. ඒ මත ලෝලින් පුනරත්ථාපනය කරන මිතුරු සෙවන රන් කිරීමෙනි. අවම පහසුකම් , බාධක , ආර්ථික ගැටළු හරහා වුවද ඔහු මේ කර්තව්‍ය සිදු කරයි. 

මා හට මත් ලෝලීන් හට ප්‍රතිකාරය  පිලිබඳ අධ්‍යනය මුලින්ම ලබා දුන්නේ මාගේ කල්‍යාණ මිත්‍ර වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සහ මහාචාර්‍ය දියනාත් සමරසිංහ විසිනි. කැනඩාවේදී මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පිලිබඳ අධ්‍යාපනය සහ පුහුණුව මට ලැබුනේ ලෝ පතළ විශේසඥයන් වන වෛද්‍ය ඊලාන් නහීම් , වෛද්‍ය ගබෝ මතේ සහ වෛද්‍ය අයිවන් පෙරුස්කෝ යන විද්වතුන් හරහාය​. එහෙත් මිත්‍ර වෙනස් වර්ගයේ විශේසඥයෙකි. ඔහු මත් ද්‍රව්‍ය පිලිබඳ Lived Experience තිබෙන පුද්ගලයෙකි. දියුණු රටවල මෙවැනි පුද්ගලයෝ Peer Supporters / Consumer Consultants ලෙස හඳුන්වති. එහෙත් අපගේ සමාජය බිම් මට්ටමේ අත් දැකීම් තිබෙන මෙවැනි පුද්ගලයෝ නොසලකා හරිති. 

මිත්‍ර ලොකු වැඩ කරන සරළ මිනිසෙකි. එහෙන් මෙහෙන් මිතුරන් ගේ ආධාර ලබා ගෙන ඔහු විසින් සිදු කරන මේ කාර්‍යට යම් අනුග්‍රහයක් ලැබිය යුතුය​. 


Ruwan M Jayatunge MD (Ukraine) BA Psych (Canada) MCP (USA) , ACCP (England) PhD in Psychology 

Find Us On Facebook