Sunday, August 4, 2024

මිතුරු සෙවනේ මිතුරා - මිත්‍ර කරුණානායක




මිත්‍ර කරුණානායක උසස් පෙළ කිරීමට ආවේ නාලන්දා විද්‍යාලයටය​. එහෙත් අප සිටියේ වෙනම සෙක්‍ෂන් වල නිසා අපට හමු වීමට ඉඩකඩක් නොවීය​. ඔහු ආවේ ඩී.එස් එකෙන් ය​. ඒ කාලේ ඩී.එස් සහ  රෝයල් එකේ මාගේ මිතුරන් වූ ගාල්ලගේ, සිසිල ඉන්දරරත්න යනාදීන්  ඔහුද දැන සිටියේය​. ඔහු කොලඹ කාක්කෙක් විය​. 

මිත්‍රව මට මුණ ගැසෙන්නේ පාසල් සමයෙන් පසු දිවයින පුවත් පතේ සමාජ විමර්ශකයෙකු ලෙසටය​. මහාචාර්‍ය නන්දසේන රත්නපාලටත් වඩා හොඳින් සහ ගැඹුරට ඔහු සමාජයේ අඳුරු මුළු වලට රිංගා ඒවා අධ්‍යනය කලේය​. 

දැන් සෑහන කාලයක්  පුරා මිත්‍ර ලොකු වැඩකට අත ගසා සිටියි. ඒ මත ලෝලින් පුනරත්ථාපනය කරන මිතුරු සෙවන රන් කිරීමෙනි. අවම පහසුකම් , බාධක , ආර්ථික ගැටළු හරහා වුවද ඔහු මේ කර්තව්‍ය සිදු කරයි. 

මා හට මත් ලෝලීන් හට ප්‍රතිකාරය  පිලිබඳ අධ්‍යනය මුලින්ම ලබා දුන්නේ මාගේ කල්‍යාණ මිත්‍ර වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සහ මහාචාර්‍ය දියනාත් සමරසිංහ විසිනි. කැනඩාවේදී මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පිලිබඳ අධ්‍යාපනය සහ පුහුණුව මට ලැබුනේ ලෝ පතළ විශේසඥයන් වන වෛද්‍ය ඊලාන් නහීම් , වෛද්‍ය ගබෝ මතේ සහ වෛද්‍ය අයිවන් පෙරුස්කෝ යන විද්වතුන් හරහාය​. එහෙත් මිත්‍ර වෙනස් වර්ගයේ විශේසඥයෙකි. ඔහු මත් ද්‍රව්‍ය පිලිබඳ Lived Experience තිබෙන පුද්ගලයෙකි. දියුණු රටවල මෙවැනි පුද්ගලයෝ Peer Supporters / Consumer Consultants ලෙස හඳුන්වති. එහෙත් අපගේ සමාජය බිම් මට්ටමේ අත් දැකීම් තිබෙන මෙවැනි පුද්ගලයෝ නොසලකා හරිති. 

මිත්‍ර ලොකු වැඩ කරන සරළ මිනිසෙකි. එහෙන් මෙහෙන් මිතුරන් ගේ ආධාර ලබා ගෙන ඔහු විසින් සිදු කරන මේ කාර්‍යට යම් අනුග්‍රහයක් ලැබිය යුතුය​. 


Ruwan M Jayatunge MD (Ukraine) BA Psych (Canada) MCP (USA) , ACCP (England) PhD in Psychology 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook