ගාමිණී කියන්නේ ඕවරේටඩ් නළුවෙක්. අධි රංගනයක් බොහෝ විට දකින්න පුලුවන් ඔහුගේ රඟපෑම් වලින්. ලෝක සිනමාව ගැන එතරම් දැණුමක් එක්ස්පෝෂර් එකෙක් නොතිබූ ලංකාවේ මෝඩ සිනමා විචාරකයෝ ගාමිණීව මාලන් බ්‍රැන්ඩෝට සම කලා. මේ විචාරකයයෝ බ්‍රැන්ඩෝ ගේ The Godfather (1972), On the Waterfront (1954), A Streetcar Named Desire (1951), and Last Tango in Paris (1972) චිත්‍රපට බලලා තිබුනේද කියා සැක සහිතයි. ගාමිණීත් අර මෝඩ විචාරකයන් දුන්න මාලන් බ්‍රැන්ඩෝ අං තට්ටුව දාගෙන අඩි 2 උඩින් ගියා. ගොඩක් දෙනෙක් කියනවා ගාමිණී අහංකාරයි කියලා. ඊට එක් හේතුවක් උනේ අර මෝඩ විචාරකයෝ දාපු බ්‍රැන්ඩෝ අං තට්ටුව. මැරන තුරු ගාමිණීට තමන් ගේ නියම හැකියාව ගැන තක්සේරුවක් තිබුනේ නෑ. මෝඩ විචාරකයෝ ගාමිනීව සිනමා සක්විති කලා ( ගස් නැති රටක ගාමිනී සිනමා සක්විති වීමා සාධාරණයි) ගාමිණී ප්‍රතිභා සම්පන්න නළුවෙක් නෙවෙයි. ඔහුගේ නිධානය සරුංගලේ වගේ චිත්‍රපට හැරුනු කොට ගාමිනී ගේ බොහෝ චිත්‍රපට අධි රංගන. නළුවෙකු ලෙස ඔහුට හොලිවුඩ් නොව යටත් පිරිසෙන් බොලිවුඩ් මට්ටමේ දක්‍ෂතාවක් තිබුනේද කියා සැක සහිතය.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments