Monday, May 11, 2026

ලංකාවේ Biggest Problem එක



ලංකාව කියන්නේ සමාජ ආර්ථික සහ සංස්කෘතිකමය වශයෙන් පසුගාමී රටක්. මේ පසුගාමීත්වයට මූලික හේතුව ජනතාව ගේ ආකල්ප​. මිනිසුන් තුල විනයක් නෑ විනය හදන්න බලය තියන පක්‍ෂ වල දේශපාලකයන්ට විෂන් එකක් නෑ. 

ලංකාවෙ කියන්නේ ඝෝෂාකාරී අසහනයෙන් පිරුනු සමාජයක්. හේතුව මිනිසුන් තුල ඉනර් පීස් එකක් නෑ. මේ අර්ථයෙන් ලංකාවේ ෆංෂන් වන ප්‍රධාන පෙලේ ආගම් හතරම ෆේල්. මිනිසුන් ස්වභාව ධර්මයේ රිද්මයට සවන් දෙන්න හුරු පුරුදු කරලා නෑ. නිහඞතාව අගය කරන්න පුරුදු කරලා නෑ. ඔවුන්ව පුරුදු කරලා තියෙන්නේ ආගමික ඝෝෂා වලට 

සාම පාගමනට ආපු වියට්නාමයේ භික්‍ෂුවට ලංකාවේ ගැටළුව තේරුනා. ඔහු කියනවා "ශබ්ද කරන්න එපා""කරුනාවන්ත වෙන්න" "ඉවසන්න" කියලා.   ලංකාවේ ආගමික පූජකයන් තුල සතිමත් බවක් , ඉනර් පීස් එකක් නෑ. ඔවුන් තුල නැති දෙයක් ඔවුන්ට සමාජයට දෙන්න බෑ. ආලෝකා සහ වියට්නාම් භික්‍ෂුව ලංකාව ඉදිරියෙන් කැටපතක් අල්ලලා මේ සමාජයේ රිෆ්ලෙක්‍ෂන් එක පෙන්නුවා.   

ලංකාවේ බුදු දහම ( සමහරු මීට ථේරවාදය කියනවා; මම කියන්නේ හිංදු - ජයින අයිඩියාස් මික්ස් වෙච්ච පුද පූජා සහ ව්‍යාජය පෙරටු කරගත් බුදු දහම විකෘති කොට හදා ගත් කල්ට් එකක් කියලා) ෆේල්. අද පවත්නා හිංදු සහ ජයින අදහස් වලින් කවලං වූ බුද්ධාගම සහ සත්‍ය බුද්ධාගම අතර විශාල වෙනසක් තිබේ. විකෘති කරන ලද බුද්ධාගම නිසා දේශනාකරන්නන් මෙන්ම අනුගාමිකයන් ද පඹගාලක පැටලී බුද්ධාගම පුද පූජා කරන යාග හෝම කරන චයිත්‍ය වලට සිවුරු අන්දවන විකාරරූපී දහමක් බවට පත් කරගෙන ඇත. ඔවුන් ජීවිතය අමු දුකක් බව කියති. ( නමුත් බුදුන් කියූ දුක්ඛ යන සංකල්පය ඉතා ගැඹුරුය . ඉන් ජීවිතය හෝම්පොලක් දරා ගත හැකි නොහැකි දුකකින් යුක්ත බවත් යන්න ගාම්‍ය නොවෙයි) සත්‍ය බුදු දහම නොදත් පැවිද්දා හිංදු සහ ජයින අදහස් වලින් කවලං වූ බුද්ධාගමක් දේශනා කොට බුද්ධාංකාරයාගේ මෝටිවේශන් එක , ජීවිතය ජය ගැනීමේ විභවය විනාශ කොට දමයි. බුද්ධාංකාරයා මන්ද උත්සාහී අලස දුගියෙකු බවට පත් කරයි. එසේම යම් ධනයක් නිසා සැපක් විඳින විට ඔහු තුල ගිල්ට් එකක් නිශ්පානය කරයි. මේ නිසා බුද්ධාංකාරයා ආධ්‍යාත්මික ඩයිලේමාවක ගොදුරක් බවට පත් වෙයි. ඔහු ධනයක් නිශ්පාදනය කරන , ජීවිතය මෝටිවේශන් එකක් ඔස්සේ පවත්වාගෙන යමින් භෞතික ධනය ගොඩ නගා ගනිමින් ජීවිතය වින්දනය කරන අන්‍ය ආගමිකයාට ඉරිසියා කරති. තමන් පිලිබඳ වික්ටිමයිස්ඩ් මෙන්ටැලිටි එකක් ගොඩ නගාගනිති. තමාගේ දුගී භාවයට / අසාර්ථකභාවයට හේතුකාරකයා අන්‍යාගමිකයා / අන්‍ය ජාතිකයා බව සිතති. තමන් ගේ වාසියට මිනිසුන් ආගම් ජාතීන් වශයෙන් බෙදා පාලනය කරන දේශපාලකයාට සිවුරුකාරයෝ සහාය දෙති. මොවුන් බොහෝ දෙනෙකු එන්නේ පීඩිත සහ වින්දිත ළමා කාලයක් ගත කිරීම නිසා මොවුන් මැනිපුලේට් කිරීම ඉතා පහසුය. ජීවිතය දුකයි දුකයි කියා දේශනා කරන පැවිද්දන් ද ඉන්නේ කොන්ෆියුස් වෙලාය. ඔවුන් දේශනා කරන ධර්මය අල්පේචවාදී දහමක් වූවත් ඔවුන් බෙනිෆිට් සිස්ටම් හදාගෙන අසපු නිර්මානය කොට මහා මන්දිර වල අලි ඇතුන් ද තියා ගනිමින් හොරෙන් ජීවිතය වින්දනය කරති. ඔවුන් ද මේ ගිල්ට් එකෙන් පෙලෙති. වර්තමානයේ ශ්‍රී ලංකාව තුල දර්ද්‍රතාව , අසහනය , මත්ද්‍රව භාවිතය , දිවිනසාගැනීම් වලින් සැලකිය යුතු කොටසක් සඳහා මේ ආධ්‍යාත්මික ඩයිලේමාව හේතු කාරකයක් වෙයි. මේ ව්ශම චක්‍රකය අවබෝධ කර ගෙන් ඉන් මිදී සත්‍ය බුදු දහම එනම් සොබා දහමේ රිද්මය අවබෝධ කර ගන්නා තෙක් බුද්ධාංකාරයාට ගොඩ ඒමක් නැත.

අද කාලේ මිනිසුන් සොයා යන්නේ නොගැඹුරු කිසිදු බුද්ධිමය හෝ සාහිත්‍යමය උත්තේජයනයක් නොදෙන ලාමක දේවල්. ලාංකික සමාජය මිත්‍යාව වැළඳ ගත්තා . ඒ සමගම සමාජය තුල මුග්ධභාවය පැතිරී ගියා.මේවා පොලිටිකල් ගේම්. මුග්ධ සමාජයක් පාලනය කරන්න ලේසි බව මයිකල් මුවර් පවසනවා. ලංකාවේ මිනිසුන් තුල සාක්‍ෂරතාව තිබ්බට තාර්කික ඥාණය අඩුයි. 

ලංකාව දියුණු කරන්න හිතන්න එපා මේක පසුගාමී ෆේල්ඩ් ස්ටේට් එකක්. මේ වන විට ලංකාව කියන්නේ වෘත්තීය ජීවිත ගොඩ නඟා ගන්න ලමයින්ට උගන්ව ගන්න යන්න හොඳ දේශයක් නෙවෙයි. මම නම් නලීන් ද සිල්වා ගුණදාස අමරසේකර වගේ දේශීය චින්තන ගැන කියවලා තමන් ගේ ලමයි බටහිර රට වලට යවලා අනුන් ගේ ලමයි ලංකාවේ ලිඳ අස්සට කොටු කරවලා උන්ව ලිං මැඩියෝ කරවලා තමන් ගේ අසාර්ථකත්වයට අනුන්ට බනින පීඩන බුවාලා කරන එක අනුමත කරන්නේ නෑ. වෛද්‍ය ඉංජිනේරු වගේ වෘත්තිකයන්ට මම දෙන අවවාදය නම් යම් කාලයක් ලංකාවේ වැඩ කරලා, දුෂ්කර සේවයක් කරලා ඉන් පසු සංවර්ධිත රටක පුරවැසිභාවය ගන්න. (සංවර්ධිත රටක පාස්පෝට් එකක් ඔබගේ අතේ තියන විට ඔබට ලෝකයේ බොහෝ රට වලට නිදහසේ යන්න පුලුවන් වීසා නැතිව. ලංකාවේදි උනත් ඔබ සංවර්ධිත රටක පුරවැසියෙක් වුන ගමන් අදාල රට ඔබගේ ආරක්‍ෂාව ගැන බලනවා. පොලිසියට දේශපාලකයන්ට හිතුමතේ ඔබට හිරිහැර කරන්න බෑ). තමන් ගේ ලමයි ඒ සංවර්ධිත රටේ ඉහල රෑන්ක් එකක් තියන ලමයින්ට රැග් නැති ලෝකය පිලිගන්නා විශ්ව විද්‍යාල වලට යවන්න. වර්ල්ඩ ක්ලාස් අධ්‍යාපනයක් තමන් ගේ දරුවන්ට දෙන්න. (නමුත් වරින් වර මේකේ ඉන්න අසරණයන් වෙනුවෙන් $ එවන්න) ලංකාවේ ඉඳගෙන වෘත්තීය ජීවිත ගොඩ නඟා ගන්න ලමයින්ට උගන්ව ගන්න යන්න හොඳ දේශයක් නෙවෙයි. මේ රටවල් හදන්න බෑ. මේවා වරින් වර සමාජ ආර්ථික වශයෙන් කඩා ගෙන වැටෙන රටවල්.

මේ රටේ ඉන්න එවුන් ආර්ථිකය එක්ක පිස්සු කෙලලා ආර්ථිකය ඇණ ගන්නා විට USD 10,000 විතර කුරුණෑගල පැත්තෙන් පොල් අක්කර 50 විතර වත්තක් ගන්න. මේ සත්‍ය කිසිම කෙනෙක් කියන්නේ නෑ. ඔක්කොම බොරුවට ලෝකෙන් උතුම් රට ලංකාව කියාගෙන ඉන්නවා. 60% ඉන්නේ ලෝකෙන් උතුම් රට ලංකාව කියන මෝහය තුල. 30 % විතර ඉන්නවා මේක බොරුවක් නමුත් සාමූහිකය තරහා වෙයි කියලා මේ බොරුව රිපීට් කර කර ඉන්නවා. 10% එවුන් විතරයි මේ හෙණ ගහන ඇත්ත කෙලින්ම කියන්නේ.

ලංකාව හොඳ වැකේෂන් ස්පොට් එකක්, ඒ වගේම රිටෑයමන්ට් destination එකක්. ඊට අනුකූලව ජීවත් වෙන්න. වැකේශන් එකට ලංකාවට ඇවිත් වියදම් කරන්න. තමන් ගේ රිටෑයමන්ට් ප්ලෑන් එක ලංකාවේ හදා ගන්න. නිස්කලංක ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදන්න. ස්විමිං පූල් එකක් හදන්න. ගෙවතු වගා කරන්න, රෑට එලියේ වාඩි වෙලා නේච එක විඳින්න කබානා එකක් හදන්න. වින්ටර් එක ලංකාවේ ගත කරලා සමර් එක ලෝකේ අනික් රටවල ඇවිදින්න. ජීවිතය වින්දනය කරන්න.මේ රටවල් හදන්න පුලුවන් රටවල් නෙවෙයි. මේවා හදන්න උත්සහ කරලා තමන් ගේ ලේ සහ ආයුෂ පුච්ච ගන්න එපා.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook