Wednesday, March 11, 2026

ජර්මානු හෙදිය ලංකාවේ හෙද සේවය පිලිබඳ කියන කරුණු

  


      ඇයගේ කතාව LINK https://www.facebook.com/share/v/17EwKaNhqv/

මේ ජර්මානු හෙදිය ලංකාවේ හෙද සේවය පිලිබඳ කියන කරුණු සත්‍යයි.
හෙද සේවයේ නයිටිංගේල්ලා මෙන්ම මාර දූතිකාවන් ද සිටිති
ඇයගේ මේ කතාව සියළු වල අධ්‍යන ආරම්භ වන දින නවක හෙදියන්ට ඇසීමට සලස්වන්න
ශ්‍රී ලංකා හෙද පුහුනුවේ අඩුපාඩු මේ කතාවෙන් පේනවා. එම්පති වර්ධනය , , උපදේශනය වගේ විශයන් හෙද පුහුනුවේදී නවීකරණය කල යුතු බව පෙනී යනවා
........................................................හෙදියෝ ඉන්නේ මාර ප්‍රෙශර් එකක, මුලින්ම හෙදි විදුහලේ ගුරු සීනියර් හෙදියන් ඔවුන්ව ඉතා දරුනු පීඩනයකට ලක් කරවනවා ( මේවා පිලිබඳ කිසිවෙකු පබ්ලික් එකේ කතා කරන්නේ නැත) වාට්ටුවට ගිය ගමන් සීනියර් නර්ස් ලා , සිස්ටර් සහ මේට්‍රන් අනවශ්‍ය සහ උපරිම ප්‍රෙශර් එක දෙනවා. වරක් මේ ප්‍රෙශර් එක නිසා කාරාපිටිය රෝහලේ මේල් නර්ස් කෙනෙක් සිස්ටර්ට කෘමි නාශක අඩංගු සිරින්ජර් එකකින් විද මරා දැම්මා. අපේ කාලයෙත් සමහර ආතතියට ලක් වූ හෙදියෝ අපිට බැස්තිය දුන්නා. (සමහර හෙදියන් අපට බැස්තිය දීම සඳහා අනවතරේ රෑ දෙගොඩහරියේද රෝගියාට අසාධ්‍ය යැයි කියමින් බොරුවට අපට පණිවිඩ එවූහ. සැමියා සමග පවුල් ප්‍රශ්න තිබූ එක් හෙදියක් ගර්භිනී මව්වරු ප්‍රසූත කල විට ගර්භාෂය සංකෝචනය වීමට දෙන එර්ගොමැට්‍රීන් ඖෂධය ශිරා ගත නොකර වැදෑමහ ගර්භාෂය තුල හිර වීමට ඉඩදී පසුව වැදෑමහ හිරවෙලා කියමින් අපව ගෙන්වා ගැනීමට පුරුදුව සිටියාය. ...Read More : https://transyl2014.blogspot.com/2016/03/blog-post_17.html

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook