Tuesday, March 24, 2026

කැසබියන්කා සහ අන්ධ කීකරුකම



ළමා කාලයේදී  විශේෂයෙන් පෙර පාසලේදී අපට වැඩිහිටියන්ට කීකරු වීම පිලිබඳව කියා දෙනු ලැබීය​. ඒ සඳහා ගුරුවරියන් බොහෝ විට යොදා ගත්තේ කැසබියන්කාගේ කතාවයි. 

කැසබියන්කා ගේ පියා නැව්පතියෙකු විය​. වරක් කැසබියන්කා පියා සමග සමුද්‍ර ගමනක  යෙදුනේය​. හදිසියේම නැවේ ගින්නක් හට ගත් අතර පියා ඔහුට නැවේ ඉහල ඩෙක් තට්ටුවේ රැඳී ඉන්නට නියෝග කොට ගින්න නිවීම සඳහා පහත මාලයට ගියේය​. නැවේ ගින්නෙන් පියා සහ කාර්‍යමණ්ඩලය මිය යන ලදි. ගින්න තව තවත් පැතිරුනි. පියාගේ නියෝගය නිසා නැවේ ඉහල ඩෙක් තට්ටුවෙන් කැසබියන්කා ඉවත් වූයේ නැත​. ගින්න නැවේ ඉහල ඩෙක් තට්ටුවටද ආවේය​. පියාගේ නියෝගය නිසා කැසබියන්කා පැන දිව්වේද නැත​. අවසානයේදී කැසබියන්කා ගින්නට ගොදුරු විය​. 

මේ කතාව වැඩිහිටියන් අපට කියන ලද්දේ කීකරුකම සඳහා උදාහරණක් ලෙසිනි . එසේම ඔවුන් කැසබියන්කා වීරත්වයට නං වන ලදි. එහෙත් මේ කතාව ඇසීමේදී මට කැසබියන්කා අන්ධ ලෙසින් වැඩිහිටි නියෝග පිලිපැද ඇති බවක් හැඟුනි. ගින්න වර්ධනය වෙත්ම කැසබියන්කා ජීවිතාරක්‍ෂක බෝට්ටුවක් කරා පලා නොගියේ මන්ද ? කියා මට ඒ කාලයේ සිතුනි. 

"Casabianca" is a poem by the English poet Felicia Dorothea Hemans, first published in The Monthly Magazine, Vol 2, August 1826

The poem starts:  
The boy stood on the burning deck 
Whence all but he had fled; 
The flame that lit the battle's wreck 
Shone round him o'er the dead.

The story takes place during the Battle of the Nile (1798), a naval conflict between the British and French fleets. A young boy (around 10–13 years old) named Giocante Casabianca is stationed at his post on the French flagship, L'Orient, by his father, the ship's commander. His father tells him not to leave his post until he is given permission. During the battle, the ship catches fire and the crew flees. Unbeknownst to the boy, his father has already been mortally wounded or killed below deck and cannot hear his calls. As the flames surround him, the boy repeatedly calls out, "Say, Father, say / If yet my task is done?". Receiving no answer but the sound of battle, he refuses to desert his post out of duty and love for his father. The fire eventually reaches the ship's powder magazine, causing a massive explosion that destroys the vessel and kills the boy. The poem was long used in schools to teach children the importance of following a parent's word, even in the face of death.



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook