වරක් මම ලෙනින් ග්රෑඩ් නගරයේ ( වර්තමාන සෙන් පීටස්බර්ග්) අති දැවැත්ත ලෙනින් ගේ ප්‍රතිමාවක් දැක්කා. ඒකේ පාමුල මම පොඩියි. මේ දැවැත්ත ලෙනින් පිලිරුව වයිට්ස් නයිට්ස් චිත්‍රපටයේත් තියනවා............................... කීව් නගරයේ දුම්රියපොළ අවන්හලක මාත් වර්තමානයේ ලන්ඩන් වල ජීවත් වන බන්දුල පට්ටියගේත් පිල්මේනී කමින් හිටියා. එතකොට සමර් හොලිඩේ එක. ලංකාවට යන්න ප්ලේන් ටිකට් නෑ. එතන තිබ්බා ලෙනින් ගේ පිලිරුවක්. මම විහිලුවට බන්දුලට කිව්වා උඹ මේ ලෙනින් ගේ ප්‍රතිමාවට නැග්ගොත් පැය 24 ක් ඇතුලත ලංකාවට යන්න පුලුවන් කියලා. ඒ තරමට ඒ කාලේ රාජ්‍යය ලෙනින්ට ගෞරව කලා. කෙනෙක් ලෙනින් ගේ ප්‍රතිමාවට නැග්ගොත් ඒක සැක්රිලේජ් එකක් තරම්. ...............විනිට්සා නගරයේ මාත් ලංකාවේ යාලුවෙකුත් ඇවිදිමින් යන කොට ලෙනින් ගේ විශාල ප්‍රතිමාවක් බවුසර් ගෙනල්ලා හෝදනවා. මගේ යාලුවා කිව්වා " යම් දවසක මේ ප්‍රතිමා හදපු මිනිස්සුම මේ ප්‍රතිමා ගලවලා දමයි කියලා. මට ඒ වෙලාවේ හිතුනේ ඒක මොන අතාර්කික කතාවක් ද කියලා. ඒ වෙනෙ කොටත් ලෙනින් සුරුවමක්. ලංකාවේ බුදු කාමර වගේ ලෙනින් කාමර රාජ්‍ය කාර්යාල වලත් තිබ්බා..................... සෝවියට් දේශය බිඳ වැටිලා මිනිසුන් ලෙනින් ප්‍රතිමා ගලවන කොට මට මගේ මිතුරාගේ කතාව මතක් උනා. අපේ ජීවිත කාලය තුලදී මිනිසුන් ගේ චින්තනය වෙනස් වීම දැක්කා. ........................මීට වසර පහකට උඩදී රුසියන් මූලයන් තියන කැනේඩියානු නීතීඥයෙක් රුසියාවේ වැකේෂන් ගිහින් ආවා. ඔහු මට කිව්වා වර්තමාන රුසියානු තරුණ පරපුරේ බොහෝ දෙනෙක් ලෙනින්ව දන්නේ නෑ කියලා. එහි සත්‍ය අසත්‍යතාව මම දන්නේ නෑ නමුත් මිනිස්සු අද ඊයේ වන්දනා කල දේවල් අද බිඳ දමනවා.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments