1985 අපොස උසස් පෙළ විභාගය ලිවීමෙන් පසු ප්‍රතිඑල එන තෙක් මා තාවකාලික පදනම මත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස සේවය කලෙමි. මෙලෙස සේවය කරන විට බීබීසීයේ කීර්තිමත් නිවේදකයෙකු වු ස්ටුවර්ට් වේවල් මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබු පුහුණු වැඩසටහනට මාව තෝරාගෙන ඇති බව වීරමන් මහතා ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්ෂක සරත් ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් මට දැනුම් දුන්නේය. එය සෑම මාධ්‍යවේදියෙකුගේ සිහිනයකි. මෙම පුහුණු වැඩසටහනට බර්ටි ගලහිටියාව වැනි ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි ශිල්පින් ද පැමිණ සිටියහ. එහි සිටි ලාබාලම තැනැත්තා වුයේ පාසල් අධ්‍යාපනය නිම කොට මාස හයක්වත් නොඉක්මවූ මා ය.
අපගේ පුහුණුව පැවත් වු ස්ටුවර්ට් වේවල් මහතා සහ එච් එම් ගුණසේකර මහතා අපට අසන්නන් ගේ සිත් ඇදගන්නා ලෙස දේශන කරන අයුරු ඉගැන්විය. පුහුණුව නිම කිරීමෙන් පසු වේවල් මහතා මට ඔහු විසින් ලියූ Art of Radio පොත තෑගි කල අතර එහි ඔහුගේ අත්සන සහිතව සටහනක් ද කලේය.
BBC පුහුණුවේ වටිනාකම මට වැටහුනේ පසු කාලයකදී ය. 2006 වසරේදී මම ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හි වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේ යුද ආතතිය පිළිබඳව ආරාධිත දේශනයක් කලෙමි. එසේම 2008 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොළඹ පවත්වන ලද මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වාර්ෂික සම්මේලනයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රජා මානසික සෞඛ්‍ය ගැටළු පිලිබඳ දේශනයක් කලෙමි. මෙම දේශනයෙන් පසු සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය පිලිබඳ උපදේශක වෛද්‍ය ජෝන් මැහෝනි මගේ දේශනය පිළිබඳව මට ප්‍රසංසා කළේය. එම දේශන සාර්ථකව කිරීමට මට පදනම මම ලබා ගත්තේ 1985 වසරේ ස්ටුවර්ට් වේවල් සහ එච් එම් ගුණසේකර යන මහතුන් ගෙන් ලැබුණු මගපෙන්වීම මගිනි. එම නිසා මම ඔවුනට අද පවා කෘතඥ වෙමි.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments