Friday, March 3, 2023

විප්ලවයට සිතුවිල්ලක්




වෛද්රුවන් ජයතුංග ( වෛද්ය උපාධිය - යූක්රයීනයේ) මනෝ විද්යා උපාධි - කැනඩාවේ යෝක් විශ්ව විද්යාලයේ සහ ඇමරිකාවේ වොෂ්බන් විශ්ව විද්යාලයේ, ළමා මනෝ විද්යාව පිලිබඳ අධ්යනයන් එංගලන්තයේ බාන්ස්ලි විද්යාලයේ)" මගේ අදහස්වලට විරුද්ධ අයෙක්. මා ඔහු අජිත් පැරකුම් ජයසිංහ සමග කර ති සංවාදයකින් කොටසක් උපුටා දක්වනවා. පසු දවසක ගැන විවරණයක් සපයනවා. අප ඊනියා වාම අදහස්වලින් නොමග ගිය ආකාරය හා ඇතැමුන් ආධාර කරගෙන වෙනත් අය නොමග යවා ඇති ආකාරයත් ගැන සිතන්න මේ ඡෙදය අප යොමු කරනවා. දැන් රුසියාවත් මේ මග අත්හැරලා!

 

මා අජිත් පැරකුම් ජයසිංහවත් රුවන් ජයතුංගවත් හඳුනන්නේ නැහැමා උගතකුවත් බුද්ධිමතකුවත් නොවූ ගැරහීමට පමණක් ලක්වන මිථ්‍යා මතධාරියකු පසුගාමියකු ලෙස හැඳින්වෙන  සාමාන්‍ය පුද්ගලයෙක්.

 

"-      කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්

 

මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍යනො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්ගීත රචකයන්ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණානම් ලැයිස්තුවක් කියනවා නම්රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී, ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේතමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවාඅරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන්  අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැමා අදත් කැරැලිකරුවෙක් තමයිහැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්ග මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැහේතුවමා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.

මහාචාර්ය නලින් ද සිල්වා



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook