Tuesday, November 15, 2022

ශ්‍රී ලාංකිකයෝ පසුගාමීත්වය කෙරෙහි ඇදී යාම




ශ්‍රී ලංකාව සමාජ හා ආර්ථික අතින් බංකොලොත් වූ අසමත් රාජ්‍යකි. ශ්‍රී ලංකාවේ අසමත් භාවය සඳහා හඳුනා නොගත් තවත්  හේතුකාරකයක් වන්නේ පසුගාමී චින්තනයන් සඳහා  ශ්‍රී ලාංකිකයා දක්වන ආශක්ත භාවයයි. උදාහරණයක් ලෙස බොහෝ ශ්‍රී ලාංකිකයෝ  තවමත් විජේවීර ගේ පසුගාමී චින්තනය වෙත බැඳී සිටිති. තාක්‍ෂණය සහ ආර්ථික දියුණුව මූලික කරගත් වර්තමාන ලෝකයට විජේවීර චින්තනය යනු හිතළුවකි. ක්සෙනෆෝබියාවෙන්   (විදේශිකයන් වෙත දක්වන බිය​) සහ ධනය උත්පාදනය කරන්නන් වෙත මුදා හරින ලද අගතිය මූලික කරගත් විජේවීර චින්තනය තවමත් බොහෝ ශ්‍රී ලාංකිකයෝ පිලිගනිති.   

නලීන් ද සිල්වා යනු බටහිර ලෝකය සහ බටහිර විද්‍යාව පිටු දකින චින්තකයෙකි. නලීන් ද සිල්වා ගේ චින්තනය  ප්‍රගාමී ලෝකය වෙත ලාංකික තරුණයන් ඇදී යාම වලක්වන විශාල බාධකයකි. ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල තරුණයන් සිලිකොන් වැලි වෙත ඇදී යන විට නලීන් ද සිල්වා චින්තනය කර තබාගත් තරුණයෝ කුඩා දිවයිනකට සිරවී ලිං මැඩියන් ලෙස ජීවත් වෙති.  

ගුණදාස අමරසේකර ගේ චින්තනය ග්‍රාමීය තරුණයන්ට බලපෑමක් කල අතර ගුණදාස අමරසේකර ගේ  “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු”  සහ සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලිනීගේ විරෝධතා ගී අසා ෆෝම් වූ කොල්ලන් ප්‍රේමදාස සමග ගේම ඉල්ලූහ.  ප්‍ර්‍රේමේ මොවුන් ටයර් සෑවල යැවීය. කොල්ලන් ෆෝම් කල ගුණදාස අමරසේකරලාගේ නන්දා මාලිනීලාගේ ලමයි අර කුමන්ත්‍රන්ණකාරී ලංකාවට කෙලවීමට දත කට මැදගෙන සිටින බටහිර රටවල සුවසේ ජීවිතය විඳිති. ටයර්සෑ වල අන්තිම ගමන ගිය කොල්ලන් ගේ දෙමාපියන් තවමත් අතුරුදහන් වූ සිය දරුවන් සොයති.

කාලයක් සමාජය සෝම හිමියන් ගේ චින්තනය වැළඳගෙන සිටියහ​. සෝම හිමියන් ගේ චින්තනය මූලිකව සමන්විතව තිබුනේ ආගම්වාදය සහ ජාතිවාදය හරහය​. පසුකාලීනව බොදුබල සේනා වැනි අන්තවාදී සංවිධාන බිහි වීමට සෝම චින්තනය ඉවහල් විය. 

පසුගිය කාලයේ රතනලා ගේ  සහ පාදෙනියලා  ගේ පසුගාමී චින්තනයන් සමග මුසුවූ කාබණික වගාව වැනි ෆැන්ටසියන් නිසා සමාජය දුර්භික්‍ෂයක් ආසන්නයට ගියේය​. 

පසුගාමී චින්තනයන්  නිසා ශ්‍රී ලංකා සමාජය ගෙවන ලද වන්දිය විශාලය​. මේ නිසා පසුගාමී චින්තනයන් මෙන්ම පසුගාමී චින්තකයන් හඳුනා ගැනීමට ශ්‍රී ලාංකිකයාට බුද්ධිය පහළ විය යුතුය​. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook