Wednesday, October 6, 2021

පැන්ඩෝ‍රා

 


පැන්ඩෝ‍රා
මුදු කුසුමකි ඈ
බයියන් ගේ සරමේ ගැට ලිහනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි

මායාව මායාව ලොව රවටනා
දේශප්‍රේමය  සිහිනයකි අඳුරෙ පාවෙනා
රොබරියේ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
පොකට් එක​ට රස ගෙනෙන මදුවිත ඇයයි

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
සංවර්ධනය  සිතිජයකි ඉම නොපෙනෙනා
නිරූපමා  බිඟුකැලකි නෙත් සරය සුමුදුයි
තිරූගේ  ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

4 comments:

  1. දේශ ප්‍රේමය නම් හොඳ දෙයක් . මේක මේ වෙන මුතුමා එකක්නේ

    ReplyDelete
  2. කොහොමද ඩොක් සිංදුවක් හින්දා බළලා යන්න ආවා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook