Monday, October 18, 2021

වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් අනගි කෘතියක් - විශේසඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්‍ෂ

 


වෛද්‍ය විද්‍යාවේ විවිධ ක්ෂේත්‍ර ගැන පලපුරුද්ද ,හැකියාව සහ අත්දැකීම් ඇති වෛද්‍යවරුන් අදදින සොයාගැනීම විරලය. මන්ද මූලික උපාධිය ලැබූ විගස නගරය ආශ්‍රිතව රැඳී සිටිමින්, යම් විශේෂ ක්ෂේත්‍රයකට සීමාවී එතැන් පටන් විශේෂඥ දැනුම ලබා ගෙන ඉක්මණින්ම වෘත්තිය තත්වයකට එළඹීමට බොහෝ වෛද්‍යවරුන් උත්සාහ කිරීම නිසාය.

වෛද්ය රුවන් ජයතුංග ගැන මා තුල ඇති ආකල්පය ඊට වෙනස්ය. මූලික උපාධියෙන් පසුව දුර බැහැර රෝහල්වල රැඳී සිටිමින්, විවිධ ක්ෂෙත්ර වල අත්දැකීම් ලබමින්, ඒවායේ හදවතින්ම සේවය ලබාදෙමින් ඔහු අත්දැකීම් සම්භාරයක් ලබාගත් බව මම නිසැකවම දනිමි.

ප්රසව හා නාරිවේද විශේෂඥ වරයෙකු ලෙස 1999 -2002 වසරවල මා සමග හලාවත මහ රෝහලේ සේවය කිරීමේදී ඔහු මාගේ සැත්කම් වලට නිර්වින්දන වෛද්ය වරයෙකු ලෙස සේවය ලබා දුන් කාලයේ මම එය හොඳින් අවබෝධ කර ගතිමි. තම සේවය උපරිම ලෙස ලබා දී රෝගියා ගැන මනා සැලකිල්ලකින් කටයුතු කිරීම මා දුටු ඔහුගේ විශේෂ ගුණාංගයකි.





සිය ගණනක් වෛද්යවරුන් මා අතින් පුහුණුව ලැබීය. වෛද්ය රුවන් මාගේ ක්ෂේත්රය තුල නොසිටියත් ඔහු කවදා හෝ රෝගීන්ට අත්යාවශ්ය ,දීප්තිමත් වෛද්ය වරයෙකු වන බව මම එදා ඔහුට අනාවැකියක් පැවසුවෙමි. අද එය ඉටුවී ඇති බව දැකීම සතුටකි.

අද මනෝවෛද්ය ක්ෂේත්රය තුල විවිධාකාරව සේවය ලබා දුන්නත් විවිධාකාර අත්දැකීම් සම්භාරයක් ලබා එම ක්ෂේත්රයේ පොත් රාශියක් ලියා ,තම අත්දැකීම් ගැන මෙවැනි පොතක්ද ලියූ ඔහු ගැන හැඳින්වීමක් ලිවීමට මා හටද අවස්ථාවක් ලැබීම සතුටකි.


වෛද්ය ආර්.එන්.ජී රාජපක්ෂ.
ප්රසව හා නාරිවේද විශේෂඥ.
රාගම

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook