Monday, August 23, 2021

ශ්‍රී ලංකාවේ පවත්නා බුද්ධාගමේ විකෘති ප්‍රභේධ

 




1) විච්චූර්ණ බුද්ධාගම ; චයිත්‍යට රෙදි පෙරවීම , පරිසරය විනාශ කරමින් අසූහාර දාහේ මල් පූජා , කෑම කඳු පූජා කිරීම විච්චූර්ණ බුද්ධාගම්කාරයෝ කරති.

2) මඥඥං බුද්ධාගම ; බුදුන් උපන්නේ හිරිවඩුන්නේය​. නේරංජනා ගඟ නම් මහවැළි ගඟය කියමින් අසන්නා මඥඥං කිරීම මඥඥං බුද්ධාගමෙන් සිදුවේ. 

3) ගේමට බර බුද්ධාගම ; නැවක සුක්කානමක් දුටුවත් එය ධර්ම චක්‍රයක් කියමින් ද , බුදුන් ගේ පච්චයක් දුටු විට භූමිතෙල් ගෑවුනු ඟැරඞි මෙන් හැසිරීමද , නිබඳවම තම්බියාගෙන් දෙමලාගෙන් ගේම ඉල්ලන්නෝ ගේමට බර බුද්ධාගංකාරයෝ වෙති. 

4) සාටක බුද්ධාගම ; පවත්නා දේශපාලකයන් ගෙන් යැපෙමින් බොරුවට ජනතාව අන්දවමින් අපි පාරට බහිනවා කියමින් මඩිය තර කර ගන්නෝ සාටක බුද්ධාගංකාරයෝ වෙති.

5) ඩෙන්ටල් බුද්ධාගම ; අපාය ගැන කියමින් දායකයන් ව භීතියට පත් කරවමින් නිතරම දානයේ අනුසස් කියමින් දායකයන් ගේ සාක්කුව බසිමින් දායකයන් ගේ දත් ගැලවීම ඩෙන්ටල් බුද්ධාගම මගින් කෙරේ. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook