Friday, July 9, 2021

පොලෝසි අට්ඨකථා ජාතකය


එකල්හි රාජපුරුෂයන් උන් වහන්සේට මෙසේ කියන්නහුය​. "ආයුෂ්මතුන් වහන්ස නුඹ වහන්සේට අහසින් වැඩම කිරීමට නොහැකි හෙයින් අප විසින් තොප වහන්සේව කුදලාගෙන යන්නෙමුයි "කීහ​. එවිට මහණතෙම  දණ්ඩෙන් පහර ලත් නයෙකු සේ කිපී රාජ පුරුෂයිනි මා අතහැරපියා දමව් කීහ​. එවිට නායකාදී රාජපුරුෂයා මෙසේ කීය​. "  "බුඬොත්පාදකාලයනම් ඉතා නොලදහැක්කේය. මනුෂ්‍යාත්මභාවයද එසේ ලද නොහැක්කේය. චක්‍ෂුරාදී පංචන්‍ද්‍රියන්ගේ සම්පූර්‍ණතාවය ලැබ ගැන්මත් එසේම දුර්ලභ වන්නේය. එම නිසා මහණ නොපමාව බවුන් වඩා සසරින් එතරවීම යෝග්‍ය වන්නේය​".

 නායක රාජපුරුෂතෙමගේ මේ වචන අසා පුහුදුන් ජනයා සාධුකාර දුන්හ​.

4 comments:

  1. මෙකලත් එකල මෙන්ම සට්ටඹියෝ බොහෝ වූහයි මෙයින් දත යුතු....

    ReplyDelete
  2. මේ සදහා ලන්කාවේ නීති මගින්න කටයුතු කිරීම දැනටමත් ආරම්බ කර ඇත. නීතිවේදී නාගහනන්ද කොඩිතුවක්කු මහතා සහ සේපාල් අමරසින්හ මහතාගෙ youtube සාකච්චාව නරබන්න. වරදට දඩුවම් තිබිය යුතුය.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook