කීව් නගරයේ ඩීන් අයියා යන්නට ගොසිනි. එහෙත් ඔහු පිලිබඳ ආදරණීය මතකය අප අතර තවමත් තිබේ.
මට මුලින්ම ඩීන් අයියා මුණ ගැසෙන්නේ 1988 වසරේය. ඔහුගේ අවංක හිතවත්කමත් , නිර්ව්‍යාජ සිනහවත්, කාරුණික බවත් ඔහු හමුවූ මොහොතේම සිතේ රැඳුනි. ඔහුගේ නිවස ශ්‍රී ලාංකික සිසුන්ට නවාතැනක් විය. ඩීන් අයියා සහ ඔහුගේ රුසියානු බිරිඳ ආගන්තුක සත්කාරයේ නියමුවන් වූහ.
ඩීන් අයියා තුල තිබූ හාස්‍යය මට තවමත් මතකය. අප කීව් නගරය පුරා ඇවිද්දෙමු. එසේම ද්නේපර් නදියේ දූපතක දවස් තුන හතරක් රැඳී සිටියෙමු. ශ්‍රී ලාංකික සිසුන් සංවිධානය කල සාද වලදී විනෝද වූයෙමු. ඒවා සියල්ලම දැන් අයත් වන්නේ අතීතයටය.
ඩීන් අයියා කීව් නගරයට පැමිනි නවක සිසු සිසුවියන්ට උපකාර කලේය. එසේම ඇන්ටනෝව් යානා අලුත් වැඩියා කිරීමට කීව් නගරයට ආ ගුවන් හමුදාවේ නිලධාරීන් ද ආපසු ලංකාවට ගියේ ඩීන් අයියා ගේ නිවසේ සංග්‍රහ විඳීමෙන් පසුවය. ඩීන් අයියා ගේ ආගන්තුක සත්කාරය පිලිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවෙකු වූ මෙල්වින් කුරුකුලසූරිය වරක් මා සමග ප්‍රසාද මතකයන් සමග මා සමග කතා කලේය.
බිරිඳගේ මරණයත් සමග ඩීන් අයියා ගේ සෞඛ්‍යය පිරිහෙන්නට විය. එහෙත් ඩීන් අයියා මේතරම් ඉක්මනින් අප හැර යයි කියා අප නොසිතුවෙමු. ඩීන් අයියා ජීවිතයෙන් සමු ගත්තද ඔහු අපගේ හදවත් තුල තවමත් ජීවත් වෙයි.
මටත් සිංගප්පුරුවේදී හම්බ වුනා
ReplyDeleteAll who knew him had a great respect, highest regard and love. His presence and influence in the Sri Lankan community will be yearned for in the years to come. A true friend, loyal ally and a man of noble qualities. We shall never forget his kindness and fortitude. He will forever remain in our hearts.
ReplyDeleteMAY HE REST IN PEACE !