Monday, June 28, 2021

ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු



ඒ කාලයේ ගුණදාස අමරසේකරගේ “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” කියවා සහ සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලිනීගේ විරෝධතා ගී අසා ෆෝම් වූ කොල්ලන් ප්‍රේමදාස සමග ගේම ඉල්ලූහ.

ප්‍ර්‍රේමේ මොවුන් ටයර් සෑවල යැවීය. කොල්ලන් ෆෝම් කල ගුණදාස අමරසේකරලාගේ නන්දා මාලිනීලාගේ ලමයි අර කුමන්ත්‍රන්ණකාරී ලංකාවට කෙලවීමට දත කට මැදගෙන සිටින බටහිර රටවල සුවසේ ජීවිතය විඳිති. ටයර්සෑ වල අන්තිම ගමන ගිය කොල්ලන් ගේ දෙමාපියන් තවමත් අතුරුදහන් වූ සිය දරුවන් සොයති.

ලක්බිමේ මිහිරි ෆොන්සේකා ගේ පැණයකට අතුරලියේ රතන දෙන පිලිතුර බලන්න

මිහිරි ෆොන්සේකා : පාඨලි චම්පික රණවක ඔබට හමුවුණේ කොහොමද?

අතුරලියේ රතන : ශිෂ්‍ය ව්‍යාපාරයේදී තමයි ඔහු මට හමුවුණේ. ඒ කාලයේ චිනුවාචිබේගේ අප්‍රිකානු ජාතික විමුක්ති ව්‍යාපාරය ගැන ඔහු උනන්දු වුණා. ගුණදාස අමරසේකර “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” ‍පොත ලීවේ ඔය කා‍ලේ. ඒ ‍පොත ශිෂ්‍යයන්ගේ ‘බයිබලය’ වුණා. තරුණ පරපුරේ ජීවිතයට උත්තේජනයක් දීපු ‍පොතක්. චම්පික ඔය කාරණා ගැන තමයි මා සමග කතා කළේ.

ශිෂ්‍යයන්ගේ ‘බයිබලය වූ “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” ‍ලියූ සහ ජාතික චින්තනය පිලිබඳ මොරගෑ බටහිට රටවල් වලට හිටු කියා බැන වැදුනු ගුණදාස අමරසේකර සිළුමිණ පුවත් පතේ සුනිල් මිහිඳුකුලට දෙන්නේ මෙවැනි පිලිතුරකි.

සුනිල් මිහිඳුකුල: ඔබේ බිරිඳ කවුද?

ගුණදාස අමරසේකර :චන්ද්‍රා සෙනෙවිරත්න. සබරගමු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි අංශයේ මහාචාර්යවරියක් විදියට කටයුතු කළා.

සුනිල් මිහිඳුකුල:දරුවන්?

ගුණදාස අමරසේකර : එක පුතයි. නම සුමේධ. එයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.

(මේ කතාවේ මොරල් එක : කියන්නා මොන බයිලයක් කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ඔවුන්ගේ දරුවන් නොයන තැන් වලට ඔවුන් අපගේ දරුවන් යැවීමට සෙට් කරති. අප යා යුත්තේ ඔවුන් අපට දෙන ඉලක්ක වලට නොව ඔවුන් තමන් ගේ දරුවන්ට දෙන ඉලක්ක වලටය)

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook