Thursday, May 23, 2019

තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ කලේද ?


 

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ වෛද්‍යවරයෙකු පිලිබඳව දිවයින පුවත් පත වාර්තා කරයි. මේ පුවත සත්‍යද ? මෙය සිදු විය හැකිද ? 

සීසර් ශල්‍යකර්ම 723 ආසන්න ප්‍රමාණයක්ද එල්.ආර්.ටී ඔපරේශන් සිය ගනනක් කොට තිබෙන හිටපු නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ලෙස මම මගේ අදහස් ස්වෛරීව කියමි. 

සීසර් ශල්‍යකර්මයක් කිරීමේදී හෙදියක් සහ සහායක වෛද්‍යවරයෙකු ගේ සහභාගීත්වය තිබේ. අදාල මව එල්.ආර්.ටී කිරීමට අත්සන් කොට තිබේ නම් එය මතක් කරන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ හෙදියක විසිනි. සමහර විට සහායක ඉන්ටර්න් වෛද්‍යවරයාද එය මතක් කරයි. 

සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල මසන විට එය සහායක වෛද්‍යවරයාගේ සහ හෙදියගේ අවධානයට නිතැතින්ම ලක්  වෙති. සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල ගැට ගැසුවේ නම් ගැටය කැපිය යුත්තේ හෙදිය හෝ සහායක වෛද්‍යවරයාය. එය ඔවුන් ගේ ඇස් වසා කිරීම අපහසුය.  

සීසර් ශල්‍යකර්මයක් තුලදී එල්. ආර්.ටී සඳහා අනුමැතිය දී නොමැති මවක සීසර් ශල්‍යකර්මය තුලදී ඇයගේ පැලෝපීය නාල මැසීම නීති විරෝධී ක්‍රියාවකි. එම නිසා තම වෘත්තිය අණතුරට හෙලා වෛද්‍යවරයෙකු සීසර් ශල්‍යකර්මය තුලදී පැලෝපීය නාල මැසීම කලා යැයි කීම පිලිගැනීමට අමාරුය​. හෙදිය හෝ සහායක වෛද්‍යවරයාට නොපෙනෙන ලෙස පැලෝපීය නාල ගැට ගැසීම ඉතා අපහසු ක්‍රියාවකි. 

පැලෝපීය නාල ගැට නොගසා ක්ලෑම්ප් කිරීම හෙවත් පැලෝපීය නාල අඞුවකින් තද කිරීම මගින් වඳ කල හැකි බව වෛද්‍ය චන්න ජය සුමන ප්‍රකාශ කරයි. වෛද්‍ය චන්න ජයසුමන කියන පරිදි ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීමද ලේසි පහසු ක්‍රියාවක් නොවේ. ඊට හේතුව ශල්‍ය අඞුව ඉල්ලිය යුත්තේ හෙදිය ගෙනි . හෙදිය දෙන අඞුව පිලිබඳව සවිඥානකය.  ශල්‍යකර්මයේදී භාවිතා කල අඞු ඇය යලි ගනන් කල යුතුය. තවද බොහෝ ශල්‍ය හෙදියෝ සීසර් ශල්‍යකර්මය කරන පියවරවල් දනිති. එසේම ඒ ඒ පියවර සඳහා අවශ්‍ය කෙරෙන අඞු , කතුරු සහ ශල්‍ය සැත් ගැන ඇයට දැනුවත් කමක් තිබේ. ඒ නිසා ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීම සහායක වෛද්‍යවරයා හෝ හෙදිය ගේ ඇස් වසා කිරීම  පහසු ක්‍රියාවක් නොවේ.  මේ හැර ශල්‍යකර්ම 4000 ක දී නිරන්තරයෙන්ම ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කලේ නම් එය හෙදියට හෝ සහාය වෛද්‍යවරයාට නොපෙනෙන හෝ නොදැනෙන සේ කිරීම අසීරුය.  
මෙසේ ජාතිවාදී අදහසකින් සිංහල මව්වරු වඳ කලේ නම් ශල්‍යකර්මය කල වෛද්‍යවරයා , සහායකයා මෙන්ම හෙදියද  ඒ සඳහා සහාය දිය යුතුය.   එහෙත් ශල්‍යාගාරයක මෙසේ රහසින් ආචාර සම්පන්න නොවන වෘත්තීය ක්‍රියා කිරීම ලේසි නොමැත. 

සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් අගතිගාමීව ක්‍රියා කරන බව මම පිලිගනිමි.මා ලංකාවේ සේවය කල කාලයේදී සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් සිදු කල ක්‍රියා කිහිපයක්ද මට මතක් වේ. වරක් මාතලේ මූලික රෝහලේදී මුස්ලිම් ජාතික  නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ළමුන් අට දෙනෙකු ප්‍රසූත කොට තිබූ මුස්ලිම් මාතාවකට එල්. ආර්.ටී නොකර සීසර් ශල්‍යකර්මය අවසන් කලේය. සාමාන්‍යයෙන් ළමුන් හතර පස් දෙනා සිටින මවු වරුන්ට එල්. ආර්.ටී කර ගැනීමට උපදෙස් දෙන ඔහු මෙහිදී නිහඞව සිටියේ මන්ද කියා කුකුසක් මා තුල ඇති විය. තවද වරක් මුස්ලිම් ඉන්ටර්න් වෛද්‍යවරයෙකු උදේ හතරට ළමයා ප්‍රසූත කොට සිටි සිංහල මාතාවගේ එපිස් එක හෙවත් ප්‍රසූතය පහසු කරන උදෙසා කරන කැපුම නොමසා උදේ හතට ප්‍රසූතිය කල මුස්ලිම් මාතාවගේ එපිස් එක මුලින්ම මැසීම මාගේ අවධානයට ලක් විය. 

ශ්‍රී ලංකාවේ රෝහල් වල සමහර වෛද්‍යවරු ජාතිවාදීව ක්‍රියා කල සහ තවමත් ක්‍රියා කරන බව නොරහසකි. එහෙත් සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් සීසර් ශල්‍යකර්ම තුලදී වඳ භාවයට පත් කලා යන්න ප්‍රායෝගිකව පිලි ගැනීමට අපහසු කතාවකි. සිංහල සහ මුස්ලිම් වාර්ගික ගැටුම් උණුසුම මධ්‍යයේ මෙවැනි තාර්කික නොවන ප්‍රබන්ධ ප්‍රචාරය කිරීම සුදුසු ක්‍රියාවක් නොවේ. මෙම ප්‍රචාරය සම කල හැක්කේ ආහාර පාන වලට වඳ පෙති දමා මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කලා කීම වැනි අතාර්කික කතාවකටය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

9 comments:

  1. Enter your comment... නමුත් සිසේරියන් එක කරද්දි හැමෝම ඇතුලට අත දාන්නෙ නැහැ, බබාව එලියට ගන්න පුංචි කැපුමක් කරල ප්රදාන වෛද්යවරය තමා invasive දේවල් කරන්නෙ. එතකොට පොඩ්ඩක් හරි tube එකට damage එකක් කලොත් වද වෙනව, පොඩි හරි ගැටිත්තක් තිබුනොත් ගොඩක් වෙලාවට ඒ පැත්තෙන් ඩිම්බ පහලට එද්දි හිර වෙනව. එතකොට වද වෙනව. අනික් අතට නර්ස්ල නම් knot එකක් දානව දැක්කොත් ඒ කොහෙද දාන්නෙ කියල දන්නෙ නෑනෙ. නිර්වින්දන වෛද්යවරයත් සාමාන්යයෙන් ලෙඩාගෙ status monitor කරනව මිසක් කරන ශෛල්යකර්මය ගැන බලන්නෙ නෑ. Assist කරන වෛද්යවරය නම් හැබැයි දැනගන්න ඕනි! ඕක ඇත්තටම කරන්න බැරි දෙයක් නම් නෙමේ!

    ReplyDelete
    Replies
    1. සිසේරියන් සැත්කමකදී කැපුම ලොකුයි. ඔය ඔපරේශන් එකක් කල අයෙකුගෙන් අහලා බලන්න

      Delete
    2. /// අනික් අතට නර්ස්ල නම් knot එකක් දානව දැක්කොත් ඒ කොහෙද දාන්නෙ කියල දන්නෙ නෑනෙ. නිර්වින්දන වෛද්යවරයත් සාමාන්යයෙන් ලෙඩාගෙ status monitor කරනව මිසක් කරන ශෛල්යකර්මය ගැන බලන්නෙ නෑ. Assist කරන වෛද්යවරය නම් හැබැයි දැනගන්න ඕනි! ඕක ඇත්තටම කරන්න බැරි දෙයක් නම් නෙමේ! ///

      රුවන්, ඇත්තටම කැපුම ලොකුද පොඩිද කියන එකට වඩා මේ කියන එක නිවැරදිද කියන එක නේද වැදගත්, මේ උපුටාගෙන තියෙන කොටස ගැන පොඩි පැහැදිළි කිරීමක් කරන්න...

      Delete
  2. මේ සාකච්ඡාවේදී දුටු හොඳම ලිපිය.....

    ReplyDelete
  3. ඔය පත්තර කාරයො හරියටම විස්තර හොයලා දානවනම් හොඳයි. මොකො සැකය වපුරන්න හරිම ලේසියි.

    ReplyDelete
  4. සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    සිසේරියන් සැත්කම් වලින් සිංහල බෞද්ධ කාන්තාවන් විශාල පිරිසක් වඳ භාවයට පත් කළේ යැයිද චෝදනා ලැබා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව පොලීසිය කියයි.

    සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්විය .

    එම මැතිවරණයෙන් අනතුරුව නැවත වෛද්‍ය සේවයට එක්ව ඇති මොහු වෛද්‍යවරයකුට කළ ⁣නොහැකි ආකාරයට සැකකටයුතු ලෙස ඉතා ඉහළ වත්කම් රැසක් උපයාගෙන සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයකයට අනුව විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.‍

    මීට අමතරව ඔහුගේ සේවා කාලය තුළදී සිදුකර ඇති සිසේරියන් සැත්කම් 8000 කට අධික සංඛ්‍යාවක් සහ නාරිවේද සැත්කම් විශාල සංඛ්‍යාවක් සිංහල බෞද්ධ කාන්තාවක් විශාල පිරිසක් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බවද ජයලත් මහතා ප්‍රකාශ කළේය.

    මෙම චෝදනාවට අමතරව මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුළු වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් සිදුකරමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.

    මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

    සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බවද වාර්තා වේ .

    මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහුගේ ගිණුම් වලට කෝටි ගණනින් මුදල් ලැබී තිබෙන්නේ එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කටයුතු සඳහා දැයි විමර්ශනය කරමින් සිටින බවද නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පැවසීය.


    lankaadeepa link http://www.lankadeepa.lk/top_story/%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%92%E0%B6%AD-%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD-%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/10-551013

    ReplyDelete
  5. ඩොක්ටර් රුවන්,

    ඔබ මේ කියන්න උත්සහ කලේ මෙවනි දෙයක් සිදුවීමේ සම්බවිතාව අඩු බව නේද ?

    මට කියන්න

    https://www.facebook.com/suddiofficialpage/videos/579732685847428/

    https://www.facebook.com/lankaenews/videos/2476722229013248/

    විනිසුරන් මාරුකර තීන්දු ගන්නා රටක, තමා එසේ කල බව ප්‍රසිධ්දියේ කියන රටක, එසේ ප්‍රසිද්ධියේ කිව්වත් ඔහුට විරුද්දව නිතිය ක්‍රියාත්මක නොවන රටක

    https://www.youtube.com/watch?v=L3JGVhEF6Qo

    මෙවැනි දේ සිදු නොවන්නේ කොහොමද කියල කිව්වනම් වටිනවා.

    ReplyDelete
  6. ඇත්ත කතාව දැන් අරු කරපුවා කියපුවා ඔක්කොම මාට්ටු වෙලා තියෙන්නෙ..එතකොට මේ ඔක්කොම කතා බොරු වෙනවා

    ReplyDelete
  7. මුස්ලිම් උන්ට සිංහල එවුන් බුරැතු පිටින් මරන්න පටන් අරොඩක් කල් තාම සිංහල එවුන්ට ොන්ද පන නැ උන්ට විරැද්දව සටන් කරන්න එකා එකා ොටා ගන්නවා ekathu weyan eka mathekata echharai kiyanna thiyenne muslim unta eka aramunai thiyenne lokem muslim karana eka

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook