Wednesday, November 21, 2018

ජනතා සතුරා



ස්ටාලින් තම රූපයට වැඳීමට බලකල විට
මම ඔහුට පිටු පෑවෙමි
එවිට  ඔබ කඩාකප්පල් කාරයෙකි, ජනතා හතුරෙකි  පවසා
ඔහුගේ නිලධාරීන් ගේ අණ පරිදි
පස් වසරක වැඩකඳවුරක් මට නියම විය

හිට්ලර්, යුදෙව්වන් පිටුවහල් කල විට
ඔවුන්ට මුහුණට කෙළ ගැසීම​ට 
මම ප්‍රතික්ෂේප කලෙමි
ඔබ ද්‍රෝහියෙකි   යයි පැවසූ නාසිවරු
කසයෙන් මට පහර දුන්හ

සෑම තැනකදීම
මා නෙරපනු ලැබීමි
මා ඔවුන්ට නොගැලපුනේ
මගේම චින්තනයක් මා සතුවූ නිසාය

දේශපාලන  චරිතයන්ට වන්දනා කිරිම
මට වෙහෙසකර විය
අන් අය දේශපාලන  චරිතයන්ට
පුදපූජා පවත්වන විට
මම ගල්ගැසී, දොඩමළු වූයෙමි

දකුණට හැරෙන් ”, කී විට
මාහැර සියල්ලෝ දකූණට හැරුණාහ
වමට හැරෙන්    කී විට 
මාහැර සියල්ලෝ වමට හැරුණාහ

මට ප්‍රශ්නයක් ඇති බව දත් ඔවුහු
මා අධීක්ෂණය කළහ. මා හුදකලා කළහ
වසංගතයක් මෙන් සලකා මා ප්‍රතික්ෂේප කළහ
නිතරම මා දෙසට ඇඟිල්ල දික් කළහ

ඔවුහු මගේ නිදහසද
මා ආදරය කලවුන්ද පැහැර ගත්තත් 
මාගේ මිනිස් අභිමානය
පැහැර ගැනීමට ඔවුන්ට නොහැකි විය
 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook